(රොමේෂ් මධුෂංඛ)
කිලිනොච්චිය, විශ්වමඩු තේරාවිල් මහාවිරු සොහොන් පිහිටි ප්‍රදේශය පිරිසිදු කිරීමට ගිය දෙමළ ජාතික සන්ධානයේ කිලිනොච්චිය පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්, පළාත් සභා මන්ත්‍රීවරුන් හා ප්‍රදේශවාසීන් යුද හමුදා කඳවුරකට අයත් ප්‍රදේශයට ඇතුළත් වීමට යාම නිසා උණුසුම් වචන හුවමාරුවක් ඇතිවී තිබේ.
යුද හමුදා අනුඛණ්ඩයකට අයත් සීමාවක අදාළ සොහොන් ගැබ පිහිටා ඇති අතර ප්‍රදේශවාසීන් ඊට ඇතුළු වීමට අවසර ඉල්ලීමේදී එහි සිටි නිලධාරින් කියා ඇත්තේ ඉහළ නිලධාරීන්ගේ අවසරය නැති බැවින් ඒ සඳහා අවසරය ලබාදිය නොහැකි බවටයි.
පසුව එම ස්ථානයට ගිය කිලිනොච්චිය දිස්ත්‍රික් උතුරු පළාත් සභාවේ ටී.කුරුකුලරාජා හා එස්.පසුපතිපිල්ලේ යන මන්ත්‍රීවරු ඊට විරුද්ධත්වය පළකොට ඇත.
මහවිරු සොහොන් පවතින ප්‍රදේශයෙන් යුද හමුදා කඳවුරු ඉවත් කළ යුතු බවට ඔවුහු ප්‍රකාශ කළ අතර මන්ත්‍රීවරුන් යුද හමුදා නිලධාරීන්ට දෝෂාරෝපණය කොට ඇති බවද වාර්තා වෙයි.
එම ස්ථානයට දෙමළ ජාතික සන්ධානයේ කිලිනොච්චිය දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ශිවඥානම් ශ්‍රිධරන් මහතා පැමිණ ගැටලුව සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවේදී සාකච්ඡා කරන බවත් ඒ සම්බන්ධයෙන් එක්සත් ජාතීන්ගේ සංවිධානය දැනුවත් කරන බවත් පැවසුවේය. පසුව පැමිණි පිරිස හමුදා අනුඛණ්ඩය ඉදිරිපස පහන් දල්වා පොල් ගසා පිටව ගියහ.






COMMENTS
නව නීති ක්රියාත්මක වීමෙන් මහජන ආරක්ෂාව වැඩි වන බව ඉතා පැහැදිලිව පෙන්වන ලිපියක්.
තවත් අදහස් හා දත්ත සමඟ මෙම විශ්ලේෂණය යාවත්කාලීන කරලා නම් හොඳයි.