ඩයනා උදයංගනී
ලංකා ඉන්දියන් තෙල් සමාගම (එල්.අයි. ඕ.සී) මගින් ගෙන්වා ප‍්‍රමිතියෙන් තොරවීම නිසා ප‍්‍රතික්‍ෂේප කළ තෙල් නැව ගොඩබෑමට අවසර දෙන ලෙසට දේශපාලනඥයින්ගෙන් මෙන්ම ව්‍යාපාරිකයින්ගෙන් ද බලපෑම් එල්ල වන බව ඛණිජ තෙල් සම්පත් සංවර්ධන අමාත්‍ය අර්ජුන රණතුංග මහතා පැවසීය.
එම නැවෙහි ඇති තෙල් වෙළඳපළට නිකුත් කළේ නම් දැනට ඇති වී තිබෙන අර්බුදයට වඩා වැඩි අර්බුදයක් ඇති වන බවත් අර්ජුන රණතුංග මහතා ප්‍රකාශ කළේය.
ප‍්‍රමිතියෙන් තොර ඉන්ධන සහිත නෞකාව මේ වන විට දින 16ක් තිස්සේ ත‍්‍රිකුණාමල මුහුදේ නවත්වාගෙන එහි තෙල් ශ්‍රී ලංකාවට ලබාදීමේ උත්සාහයක ක‍්‍රියාත්මක වෙමින් පවතින බව කී අමාත්‍යවරයා කුමන බලපෑම් පැමිණියත් එම තෙල් ලබාගැනීමට සූදානම් නැතැයිද සඳහන් කළේය.
නිවැරදි තීරණ පමණක් ගන්නා ලෙස තමන්ට ජනාධිපතිවරයා මෙන්ම අගමැතිවරයාද උපදෙස් දී ඇතැයි කී අමාත්‍ය අර්ජුන රණතුංග මහතා කෙසේ වෙතත් ඇති වූ අර්බුදය හේතුවෙන් ජනතාවට ඇති වූ පීඩාව සම්බන්ධයෙන් තමා අමාත්‍යවරයා ලෙස සමාව ඉල්ලා සිටින බව ද කීවේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ බලපෑම් කරන දේශපාලනඥයින්ගේ මෙන්ම ව්‍යාපාරිකයින්ගේත් නම් එලි කිරීමත් කල යුතු දෙයක්.
වහාම එම තෙල් නැව අත්අඩංගුවට ගත යුතුයි.
ගිනිතියලා දාන්න ඕනේ නැව මුහුදේදීම. ඉන්දියාවේ හොර හැත්තටම..., ඒ් අයට තෙල් ටැංකි දුන්නොත් අපිට හොඳටම වැඩේ දෙයි. අපේ ඉන්න හොර දේශපාලකයෝ වගකිව යුතුයි.
මොනවා වුණත් අර්ජුනව සල්ලි වලට ගන්න බැහැ. නමුත් ආණ්ඩුව මේ ගැටලුව ආයිමත් ඇති නොවෙන්න වැඩ කරන්න ඕනෑ... නැතුව ඉතුරු තෙල් ටැංකි ඉන්දියාවට විකුණන්න හැදුවොත් මිනිස්සු පාරට බහින්න ඕනෑ මේ අයව පන්නන්න.
ඔබතුමාට ජයවේවා ඇමැතිතුමනි,..
ඉතුරු ටිකත් ඉන්දියවට දුන්නොත් කොහොමද?
ජනාධිපතිවරයා හා අගමැතිවරයා නැත්නම් ඔබට බලපෑම් කරන මේ ඇමතිවරයා හෙලිකරන්න බැරිද?
අවංක ලෙස කටයුතු කරන ඇමති අර්ජුනටත්, එය පළකිරීම ගැන ලංකාදීපයටත් අපේ ස්තුතිය. ඇමතිතුමෝ, මත්තල ඉන්දියාවට විකුණන්න අදහස් විමසන විටත්, මෙම අවස්ථාව මතකයේ තබාගනිමින් ඔබ අවංකව එය පාවිච්චි කරන්න.
රටට යහපතක්ම වේවා. !!!
පහුගිය අවුරුදු දශක කීපයේම, දේශපාලනකාරයෝ කියන කතා අහල එපාවටම එපා වෙලා තියෙන්නේ...
වැලේ වැල් නැතුව ඉන්න රණතුංග සහෝදරයෝ බොරු ෂෝ දානවා.
මේ කියන්නේ අපේ රටේ තෙල් භාවිතය විකිණීම යනාදියට ඉන්දියන් ඔයිල් කොම්පැනියට බලපෑම් කරන්න පුළුවන් කියලද? රටේ මිනිස්සු පෙට්රෝල් ටිකක් ගන්න අද දිග තෙල් පෝලිම් වල දුක්විදින්නේ ඉන්දියන් ඔයිල් කොම්පැනියේ වැඩ හින්දද. එහෙනම් මොකටද මේ රටට ආණ්ඩුවක්?
අපේ රටට අයිති මුහුදේ වහාම රටින් පිට වියයුතු නැවක් නවත්වාගෙන ඉන්නවා කියන්නේ කවුරු හරි එහෙම නවත්වාගෙන ඉන්න අවසර දීල කියන එක නොවෙයිද? කවුද අවසර දුන්නේ? මට නම් පෙනෙන්නේ මේක හරි සුරංගනා කතාවක එක කොටසක් කියලයි.
ආණ්ඩුවේ කයිවාරු රෙද්ද පල්ලේ බේරෙනවා... නායකයින් කියන අයත් යනයන තැන බේගල් අැදබානවා. රටේ සම්පත් විකුණනවා. තෙල් ඇමති කියනවා එස්.එම්.එස්. ගහන අය හොයන්න ඕනෙලු ..!!! ඕවා හොයන්න කලින් හෙළි කරන්න ඔබට කවුද අල්ලස් දෙන්න හෝ බලපෑම් කල පුද්ගලයන් ගැනයි.... නැතිනම් ඔබ නොහැකියාව වසා ගැනීමට බොරු කියනවා වියහැකියි..... මේ රජය ජනතාවට බොරු කර බලයට පැමිණීමේ ඵල විපාක අද ජනතාව විඳවනවා ...... මෙහෙව් නායකයින් මොකටද....? දේශීය සිට විදේශීය දක්වා බැංකු මකොල්ලකරුවන් සිටින රටක, මොන ආර්ථික වර්ධනයක්ද..? රටට දළදා හමුදුරුවන්ගේම පිහිටයි ...!!!
ඉන්දියන් තෙල් නැවකට පුළුවන් අපේ රටේ එදිනෙදා වැඩ කටයුතු අඩපණ කරන්න. මේක භයානක තත්වයක්. ඉන්දියාවට බාරදෙන්න යන තෙල් ටැංකි, මත්තල ආදී අනෙකුත් ආයතන ගැන නැවත සලකා බැලීමට රජය වගබලා ගතයුතුයි.
අර කලින් වගේ හමුදාව දාලා ප්‍රශ්නේ විසදන්න බැරිද? දැන්වත් තේරෙනවද මන්දා අපේ මෝඩ මිනිස්සුන්ට ඉන්දියාවට අපේ තෙල් පාලනය කරන්න දෙන එකේ තියෙන අවදානම.
අයි ඉතින් ත්රිකුනාමල වාරායේ තියන් ඉන්නේ.?
විජයදාස රාජපක්ෂ හිටපු ඇමතිතුමා නවත්වපු තැනින් අර්ජුන ඇමතිතුමා පටන් අරන් වගෙයි . දුෂණ, ඥාති සංග්‍රහ නිසා වරායෙන් ඉවත් කරපු මුළු පවුල් සංස්ථාව එහෙම පිටින්ම කොලොන්නාවට ගෙනාවා මදිවාට පරණ පුරුදු පක්ෂ මාරුවකට ආයිමත් සුදානම් වෙනවා වගෙයි . කවුරුහරි බලපෑම් කලානම් කලයුත්තේ අල්ලස් කොමිසමට හරි පොලිසියට හරි පැමිණිලි කර තමන් නීතිගරුක පුද්ගලයෙක් බව පෙන්නුම් කිරීම මිසක් දන දැනම වරදක් සඟවා සිටින්නෙකු බව මාධ්‍ය වලින් ප්‍රසිද්ධ කිරීම නොවේ .
හෝරකමටම හුරු වුන දේශපාලකයෝ ඉන්න ජරාම රටක්.
අපේ රටේ ඇමති ගොල්ලෝ තමන්ට ඇති වැඩ කොටස හැර අනිත් හැම වැඩේම කරනවා. අන්තිමට රට බල්ලට , අපි පාරට
මොන ප්‍රශ්නයකදී වුවද පිඩාවට පත් වන්නේ මේ රටේ සමාන්‍ය මහා ජනතාව මිස, ඔය දියවන්න වට රිංගන අය සහ ඔවුන්ගේ සමීපතම බලයන් නොවේ. මෙය හරි මිනිහෙක් නම් ,එයාට බලපෑම් කරන හොර තක්කඩියන් ගැන කියන්න බැරිද. නැතිනම් මහා ජනතාවට කියන්න බැරිද. සේරටම වඩා ලොකුනේ ඇමති පට්ටම
මේවා මහ පිස්සු කතානේ..පොලිසිය කියනවා තමන්ට දේශපාලකයන්ගෙන් බලපෑම් තියනවා අපරාධ කරුවන් අත්අඩංගුවට ගන්න එපා කියලා.. රජයේ ඇමතිවරුන් කියනවා තමන්ට වැරදි වැඩ කරන්න අනෙකුත් අයගෙන් බලපෑම් තියෙනවලු. හැබැයි ඒවා කරන්නේ කව්ද ලියල කියන්න බයයි.වරදකරුවන්ට නීතියක් ක්‍රියාත්මක වෙන්නෙත් නෑ.. අනේ මෙහෙව් රටක් !!
අපේ තෙල් ටැංකි ටික ඉන්දියාවට දුන්නාම අපිට දැං තෙල් ගබඩා කරන්න තැනක් නෑ. ඒ නිසා එක නැවක් හරවල යැව්වොත් රටටම පෝලිමේ ඉන්න වෙනවා. කොහොමද අපේ යහපාලන ආර්ථික ඔස්තාර්ලගෙ වැඩ. ඒ වෙලාවට හම්බවෙන සල්ලිකුට්ටිය ගැන හිතුව මිසක් අනාගතේ අභියොග ගැන හිතුවෙ නෑ.
බලපෑම්කල උන් කවුද කියා රටට හෙලිකල යුතුමයි. එහෙම හෙළි නොකරනවානම් අර්ජුනගේ වැරදි වහගන්න අනිත් උන්ට බෝලෙ පාස්කිරීමක් කරනවා විය යුතුයි. පාක්ෂිකව බැලුවොත් මේ බලපෑම් කරන්නෙ එජාප පාර්ශවයෙන් නම් ඉදිරි දේශපාලනය සඳහා නම් හෙළි කිරීම අර්ජුනලට වාසියි (නිදහස් පක්ෂයට) එහෙම නැතිව බලපෑම් කරන්නෙ නිදහස් පක්ෂ ඇමති කෙනෙක් නම් බලපෑම් කළ උන් හෙළිවීමෙන් වන හානිය වලක්වා ගැනීම සදහා නම් හෙලි නොකරනවා විය යුතුයි.
ඇමතිතුමනි ඔබ බලපෑම් කළ අයගේ නම් හෙළි කරන්න .ඔබ කෙරහි ජනතාව තරමක හෝ විශ්වාසයක් පවතිනවා එක නැතිකර ගන්න එපා.... ඔබට ඇමති කම නැති උනත් ජනතාව ඔබට ආදරෙයි. මේ සියළුම දේ බලපාන්නේ පොඩි ම්නිස්සු වන අපිට
ඇමැති තුමා හිතන්නේ මේ රටේ ඉන්නේ බත් කන හරක් කියලා. එතුමාට තෙල් නැව සම්බන්ධව බලපෑම් තියෙනවා නම් පරීක්ෂණයක් පැවැත්වීමට පොලීසියට හෝ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේනතුවට බාර දෙන්න. අසාර්ථක වැඩ බැරි ඇමතිවරු මාධ්‍යය ඉදිරියේ වීරයෝ වෙනවා. අපි සියලු වැඩ පැත්තකට දමා තෙල් පෝලිම්වල. රටකට ගිය කලක්!.
මේ වගේ ආණ්ඩු තියෙනකන් ඕව නවත්තන්න බැහැ ......ගිය අවුරුදු 15 ටම ඔහොම දේවල් උනේ නැහැ.....රටට අවශ්‍ය කොන්ද පන ඇති ජනාධිපති කෙනෙක් සහ අගමැති කෙනෙක් ...
ජනතාව පාලකයෝ බලයට පත්කළේ රටේ ආර්ථිකය පිට රටවලට විකුණා දාන්න කැමැත්තෙන්ද ?
තෙල් ටැංකි තොග මිලට විකුණන කොට ඔය අපේ මහජනයා ඔහේ උන්නා.
80% වැඩි අධිකාරය තියාගෙන තමන්ට කරන්න බැරිනම් මැතිතුමෝ ..ඕක ioc එකට දීල ගෙදරට වෙලා ඉන්න පව් නොදී ...අපි පෙන්ශන් එක ගෙවන්නම් ...
තමුන් දන්නේ නැතිව මේ තෙල් නැව අවේ කොහොමද ?.....අර නත්තල් ගහ හදල යටි මඩි ගහපු ක්‍රමයේ තවත් ජවනිකවක්ද ?....බලපෑම් කරන පිරිසගේ නම් හෙළිකරන්නේ නැත්තේ ඒකයි....
කවුද? එහෙම කියන්න කිව්වේ?
ජනතාවට බොරු බයිලා වැඩක් නැහැ. හරියට සැලසුම් කරල තෙල් සැපයුම කරන්න බැරි ඇමති, ලේකම්, සංස්ථා සභාපති ඇතුලු අධ්‍යක්ෂ මණ්ඩලය ඉල්ලා අස්විය යුතුයි.
පසුගිය කාලයෙ බාල ඉන්දන ගෙන ආව සහ ඒවා යින් මුදල් ඉපයු මහත්වරැත් නඩෙි ඉන්නවද නේද . එිවායෙ රස මතක් වෙන කොට නලියනව ඇති...
ආණ්ඩුවට තව ඇත්තේ ටික කාලයයි.වෙන රටක මෙය වුනානම් ඇමතිතුමා ඉල්ලා අස්වෙනවා.