ඩයනා උදයංගනී
ලංකා ඉන්දියන් තෙල් සමාගම (එල්.අයි. ඕ.සී) මගින් ගෙන්වා ප‍්‍රමිතියෙන් තොරවීම නිසා ප‍්‍රතික්‍ෂේප කළ තෙල් නැව ගොඩබෑමට අවසර දෙන ලෙසට දේශපාලනඥයින්ගෙන් මෙන්ම ව්‍යාපාරිකයින්ගෙන් ද බලපෑම් එල්ල වන බව ඛණිජ තෙල් සම්පත් සංවර්ධන අමාත්‍ය අර්ජුන රණතුංග මහතා පැවසීය.
එම නැවෙහි ඇති තෙල් වෙළඳපළට නිකුත් කළේ නම් දැනට ඇති වී තිබෙන අර්බුදයට වඩා වැඩි අර්බුදයක් ඇති වන බවත් අර්ජුන රණතුංග මහතා ප්‍රකාශ කළේය.
ප‍්‍රමිතියෙන් තොර ඉන්ධන සහිත නෞකාව මේ වන විට දින 16ක් තිස්සේ ත‍්‍රිකුණාමල මුහුදේ නවත්වාගෙන එහි තෙල් ශ්‍රී ලංකාවට ලබාදීමේ උත්සාහයක ක‍්‍රියාත්මක වෙමින් පවතින බව කී අමාත්‍යවරයා කුමන බලපෑම් පැමිණියත් එම තෙල් ලබාගැනීමට සූදානම් නැතැයිද සඳහන් කළේය.
නිවැරදි තීරණ පමණක් ගන්නා ලෙස තමන්ට ජනාධිපතිවරයා මෙන්ම අගමැතිවරයාද උපදෙස් දී ඇතැයි කී අමාත්‍ය අර්ජුන රණතුංග මහතා කෙසේ වෙතත් ඇති වූ අර්බුදය හේතුවෙන් ජනතාවට ඇති වූ පීඩාව සම්බන්ධයෙන් තමා අමාත්‍යවරයා ලෙස සමාව ඉල්ලා සිටින බව ද කීවේය.

COMMENTS
නව නීති ක්රියාත්මක වීමෙන් මහජන ආරක්ෂාව වැඩි වන බව ඉතා පැහැදිලිව පෙන්වන ලිපියක්.
තවත් අදහස් හා දත්ත සමඟ මෙම විශ්ලේෂණය යාවත්කාලීන කරලා නම් හොඳයි.