(රංජන් කස්තුරි)
පළාත් පාලන ඡන්ද විමසීම ලබන ජනවාරි මාසය ඇතුළත ස්ථිර වශයෙන්ම පැවැත්වීමට මැතිවරණ කොමිෂන් සභාව අද(1) තීරණය කළේය.
එහි සභාපති මහින්ද දේශප්‍රිය මහතාගේ ප්‍රධානත්වයෙන් රාජගිරිය මැතිවරණ කොමිෂන් සභාවේ දී අද රැස්වූ මැතිවරණ කොමිෂන් සභාව එම තීන්දුව ගෙන ඇත.
කිසියම් පළාත් පාලන ආයතනයක් සම්බන්ධයෙන් නීතිමය බාධාවක් පැවතියහොත් එවැනි ආයතන අතහැර අනෙකුත් පළාත් පාලන ආයතන සඳහා මැතිවරණ පැවැත්වීමටද එහිදී තීරණය කොට ඇත.
ඒ අනුව පළාත් පාලන ඡන්දය ජනවාරි 20 සිට 31 දක්වා කාල සීමාව ඇතුළත ඉරිදා සහ රජයේ නිවාඩු දිනයක් නොවන දිනක පැවැත්වෙන බවත් ඒ සඳහා නාම යෝජනා බාර ගැනීම දෙසැම්බර් 11 සිට 20 දක්වා සිදුකෙරෙනු ඇති බවත් මැතිවරණ කොමිෂන් සභාව ප්‍රකාශ කර සිටී.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මැතිවරණ නීතිය උපරිමයෙන්ම ක්‍රියාත්මක කරන්න මෙම ඡන්දය තුළදී. මේක ස්වාධීන මැතිවරණ කොමිසම පිහිටුවා තබන පළමු ඡන්දය. 19 වන සංශෝධනයේ අන්තර්කාලින විධිවිධාන යටතේ මහමැතිවරණයේදී කොමිසමට ලැබිය යුතු සියලු බලතල මැතිවරණ කොමසාරිස්වරයාට දුන්නා. ඔහු එම කටයුත්ත හොඳින් කලා. මෙවර මුළු කොමිසමම තිබෙන නිසා ඊටත් වඩා සාර්ථකව වැඩ කරයි කියලා අපි බලාපොරොත්තු වෙනවා
මැතිවරණ නාම යොජණා දිමෙන් පසු මැතිවරණය අවසන් වන තුරු නීතිය අකුරටම ක්‍රියාවේ යෙදී මටත්,මැතිවරණ අක්‍රමිකතා හා දූෂණ කිසිසේත්ම ඇතිවීමට ඉඩ නොතැබීමටත් බලධාරීන් වග බලා ගත යුතුවේ. එමෙන්ම ජිවිත හානි , දේපළ හානි ආදිය ඇති නොවන පරිදි ජනතාවගේ ආරක්ෂාවද තහවුරු කලයුතු වේ.. මෙවර මැතිවරණය යහපත් මැතිවරණයක් වනු ඇතැයි බලාපොරොත්තු වෙමු .
එහෙනම් තියමු. මිනිස්සු පුන පුනා බලාගෙන ඉන්නේ ඔය මැතිවරණය එනකන් තමයි.
ම්ම්ම්ම් අපි දැන ගත්තා කස කාරයෝ එනකොට ......
ඇති යාන්තං, බාලගිරි හොඳ වෙලාවත්ද ? හැබැයි ඕක තියනකන් අපිට විශ්වාස නැහැ.
දෙයියන්ගෙ නාමෙන් පොලිතින් එපා මහත්තයෝ
ඡන්දෙන් පස්සේ, ලංකාවේ දේශපාලන ස්වරුපය සම්පුර්ණයෙන්ම වෙනස් වීමට ඉඩ ඇත.