(ජයන්ත සමරකෝන්,ඡායාරූපය ඉෂාන් සංජිව)
නව මැතිවරණ ක‍්‍රමය අනුව පළාත් පාලන ආයතන සංඛ්‍යාව 336 සිට 341 දක්වා ද සභිකයන්ගේ සංඛ්‍යාව 4,486 සිට 8,356 දක්වා ද වැඩිවෙයි. පළාත් පාලන ආයතන සංඛ්‍යාව පහකින් වැඩිවන්නේ මහ නගර සභාවක් සහ ප‍්‍රාදේශීය සභා 4ක් අලූතින් පිහිටුවීම නිසාය.
තමන්කඩුව ප‍්‍රාදේශීය සභාව පොලොන්නරුව මහ නගර සභාව වශයෙන් උසස් කර ඇති අතර නුවරඑළිය ප‍්‍රාදේශීය සභා බලප‍්‍රදේශයෙහි නෝර්වුඞ් සහ මස්කෙළිය යනුවෙන් ප‍්‍රාදේශීය සභා දෙකක්ද අඹගමුව ප‍්‍රාදේශීය සභා බල ප‍්‍රදේශයෙහි ආගරපතන සහ කොටගල යනුවෙන් ප‍්‍රාදේශීය සභා දෙකක්ද අලූතින් පිහිටුවනු ලැබේ.
පළාත් පාලන ආයතනවලට තෝරාපත් කෙරෙන සභික සංඛ්‍යාව දැක්වෙන සංස්ථාපන ගැසට් පත්‍රයට පළාත් සභා සහ පළාත් පාලන ඇමැති ෆයිසර් මුස්තාපා මහතා ඊයේ අත්සන් තැබූ අතර එය මුද්‍රණය සඳහා ඊයේම රජයේ මුද්‍රණාලයට යවනු ලැබීය.
ගැසට් පත‍්‍රයට අත්සන් තැබීමෙන් පසුව සිය අමාත්‍යාංශයේදී පැවැති මාධ්‍ය හමුවකදී අදහස් දැක් වූ ඇමැති ෆයිසර් මුස්තාපා මහතා පළාත් පාලන ඡන්දය පැවැත්වීම සඳහා මැතිවරණ කොමිසමට අවශ්‍ය යැයි කී ‘‘පිච්එක’’ දැන් සකස් කර දී ඇති බවත් ඔවුන් කළ යුත්තේ ‘‘මැච්එක’’ ගැසීම පමණක් බවත් කීය.
ඡන්ද කල්දමන ඇමැති ලෙස ගත වූ වසර දෙක තුළදී තමාට චෝදනාවලට මෙන්ම අපහාසවලටද මුහුණදීමට සිදු වූ බව කී ඇමැතිවරයා ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා විසින් තමන්ට පවරන ලද වගකීම කුමන චෝදනා එල්ලවුවත් කාටත් සාධාරණ ලෙස ඉටුකිරීමට හැකිවීම ගැන තමාට විශාල සතුටක් ඇති වන බවද කීය.
ඡන්දය කල්යෑම ගැන මැතිවරණ කොමිසමේ සභාපතිවරයා පවා තමන්ට විවිධ චෝදනා එල්ල කළද, අපක්‍ෂපාතී මැතිවරණ සභාපතිවරයෙකු ලෙස ඔහු ඉටුකරන සේවය ඉහළින්ම අගය කරන බවද ඇමැතිවරයා පැවසීය.
පක්‍ෂයේ කීපදෙනෙකුගේ කොන්ත‍්‍රාත්තුවක් ඉටුකිරීමට තමන් සූදානම් වන බවට පක්‍ෂය තුළින් පවා තමන්ට කොතරම් අභූත චෝදනා අපහාස එල්ලවුවද තමා සිටිනුයේ ශ්‍රීලනිපය සමඟ යැයිද බෙදී වෙන්වී සිටින පක්‍ෂයේ කණ්ඩායම් එකට මැතිවරණයකට රැගෙන යාම තම එකම අභිලාෂය බවද අමාත්‍යවරයා කියා සිටියේය.
‘‘මම මේක අතගගා හිටියේ නැහැ. හැමදේම කළේ රට වෙනුවෙන්’’ පිච් එක දැන් හදලා ඉවරයි. බෝලය කොහාට ගැහැව්වත් මට කමන් නැතැයිද අමාත්‍යවරයා පැවසීය.


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
රටට කිසිම ඵලදායිතාවක් නැති තවත් කොටසක් මහජන බදු මුදලින් නඩත්තු කරන්න වෙයි.
ඒ කියන්නේ කට්ටිය දෙගුණයක් විතර වෙලා, මේවට ගෙවන්නේ කොහොමද ? බදු ගැහෙයි නියමට, කෝ මේවට කෑගහන්න කවුරුත් නැද්දෝ ??
විශ්ව විද්‍යාල උපාධියක් හෝ අවම වශයෙන් උසස් පෙළ සමත් පමණක් ඡන්දය සදහා සියලුම පක්ෂ ඉදිරිපත් කරනු ඇති බවට විශ්වාස කරමි.
අලි මදිවට හරක් කිව්වලු, එහෙමනම් අද හරක්ගෙ බර අදින්න වෙන්නෙ මහජන අපිටයි.
තවත් හාරදාස් ගානකට රජයේ තාවකාලික රැකියා, ඔය සභාවලට කී දෙනෙක් පත්වුනත් මහජනයාට වන සෙතක් නෑ. තව තවත් බදු මුදලින් නඩත්තු වන පිරිස වැඩිවීම පමණයි. 1987න් පස්සේ පළාත් සභාවලත් දුසිම් ගණන් ආණ්ඩුකාරවරු, මන්ත්‍රීලා, ඇමතිලා මේ සේරම නඩත්තු වෙන්නේ මහජන මුදලින්. පළාත් සභාවලට අයිති පාරවල් මහජන පහසුකම් නඩත්තු කරන්නේ නෑ. ප්‍රාදේශීය, නගර සභාත් එහෙමයි.
මට තේරෙන්නේ නෑ කාටද පිස්සු කියල. ඉන්න අය මදිවට තවත්. මෙහෙමත් ලංකාවක්.
විශිෂ්ට තීන්දුවක් ඇමැතිතුමා. දැන් මහජනයාට දෙගුණයක සේවාවක් ලබා දෙන්න පුළුවන්. අපි යහපාලනය පත්කර ගත්තේ මෙවැනි තීරණ ගන්න .
සියලුම මැතිවරණවලට නාම යෝජනා ඉදිරිපත් කරන අපේක්ෂකයන් හට අවම අධ්‍යාපන සුදුසුකමක් , චරිත සහතිකයක් , තමන්ගේ වත්කම් විස්තර අවශ්‍ය බව ගැසට් කල යුතුයි .
කාලෙකට ඇයි මෙච්චර ඡන්ද, මේවට සල්ලි වැය කරනවා කියලා කෑ ගහනවා. පස්සේ ඡන්ද නෑ කියලා, දැන් සභිකයො වැඩියි කියලා. මේ සභිකයො පත් වෙන්නේ මහජනතාව අතරින්. පිටසක්වලින් නෙවෙයි. ජනතාව දැන ගන්න ඕන තමන්ට සුදුසු කෙනා පත් කර ගන්න.
රටක මිනිස්සුන්ට පෙනෙන්න ඕන තමන් ගෙවන බදු මුදල් තමන්ගේ යහපතට යෙදවෙනවද නැද්ද කියල. දැන් පේන්නෙම අපේ සල්ලි කන මකර කටවල් එන්න එන්නම වැඩිවෙන එක විතරයි. ඉන්න කට්ටිය හිටු කියල වැඩේ දෙනවා. කාර් බාර්, නිල නිවාස, අර දීමනා මේ දීමනා. ඒ ගොඩට තවත් 4000 ක්. ප්‍රජාතන්ත්‍රවාදය රකින්නද? අනේ මෙහෙම පාලකයෝ.
තවතව හොරු බිහි කරන ක්‍රමයක්. රාජ්‍ය සම්පත් වලට දෙවියන්ගේම පිහිටයි!
මේ ණය බරින් කඩා හැලෙන අපේ පොඩි රට පාලනය කරන්න මෙච්චර පාලකයෝ මොකටද? මිනිසුන් ගෙවන බදු මුදල් මේ අයගේ පඩි සහ දීමනා ගෙවන්ට විතරක් ඇති වෙයි. පළාතට වැඩක් කරන්න කිසි මුදලක් ඉතිරි වෙන එකක් නැහැ.
පසුගිය අවුරුදු 2 මේ කිසිම නියෝජිතයෙක් නැතුව ඉදල දැන් මොනවටද දෙගුණයක් කරන්නේ ? දෙගුණයක් කරන්නේ සේවය වැඩි කරන්න නම් පසුගිය අවුරුදු 2 කිසිම සේවයක් නොවුනා කියන එක පිළිගන්න වෙනවා. මේ රජය කරන්නේ මොනවද කියල කිසිම කෙනෙකුට තේරෙන්නේ නැහැ. අහිංසක ජනතාවට බදු ගහල , කිසිම තේරුමක් නැතිව මේවට අනවශ්‍ය විදියට වියදම් කරනවා . සියයට 10 කින් 20 කින් වැඩි උනා නම් පිළිගන්න පුළුවන්.
මොනවාද මේ කරන්නේ
මෙහෙම පින් පඩි ගන්න අය තව වැඩි කලහම ජනතාව නේද අමාරුවේ වැටෙන්නේ?