(ජයන්ත සමරකෝන්,ඡායාරූපය ඉෂාන් සංජිව)
නව මැතිවරණ ක‍්‍රමය අනුව පළාත් පාලන ආයතන සංඛ්‍යාව 336 සිට 341 දක්වා ද සභිකයන්ගේ සංඛ්‍යාව 4,486 සිට 8,356 දක්වා ද වැඩිවෙයි. පළාත් පාලන ආයතන සංඛ්‍යාව පහකින් වැඩිවන්නේ මහ නගර සභාවක් සහ ප‍්‍රාදේශීය සභා 4ක් අලූතින් පිහිටුවීම නිසාය.
තමන්කඩුව ප‍්‍රාදේශීය සභාව පොලොන්නරුව මහ නගර සභාව වශයෙන් උසස් කර ඇති අතර නුවරඑළිය ප‍්‍රාදේශීය සභා බලප‍්‍රදේශයෙහි නෝර්වුඞ් සහ මස්කෙළිය යනුවෙන් ප‍්‍රාදේශීය සභා දෙකක්ද අඹගමුව ප‍්‍රාදේශීය සභා බල ප‍්‍රදේශයෙහි ආගරපතන සහ කොටගල යනුවෙන් ප‍්‍රාදේශීය සභා දෙකක්ද අලූතින් පිහිටුවනු ලැබේ.
පළාත් පාලන ආයතනවලට තෝරාපත් කෙරෙන සභික සංඛ්‍යාව දැක්වෙන සංස්ථාපන ගැසට් පත්‍රයට පළාත් සභා සහ පළාත් පාලන ඇමැති ෆයිසර් මුස්තාපා මහතා ඊයේ අත්සන් තැබූ අතර එය මුද්‍රණය සඳහා ඊයේම රජයේ මුද්‍රණාලයට යවනු ලැබීය.
ගැසට් පත‍්‍රයට අත්සන් තැබීමෙන් පසුව සිය අමාත්‍යාංශයේදී පැවැති මාධ්‍ය හමුවකදී අදහස් දැක් වූ ඇමැති ෆයිසර් මුස්තාපා මහතා පළාත් පාලන ඡන්දය පැවැත්වීම සඳහා මැතිවරණ කොමිසමට අවශ්‍ය යැයි කී ‘‘පිච්එක’’ දැන් සකස් කර දී ඇති බවත් ඔවුන් කළ යුත්තේ ‘‘මැච්එක’’ ගැසීම පමණක් බවත් කීය.
ඡන්ද කල්දමන ඇමැති ලෙස ගත වූ වසර දෙක තුළදී තමාට චෝදනාවලට මෙන්ම අපහාසවලටද මුහුණදීමට සිදු වූ බව කී ඇමැතිවරයා ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා විසින් තමන්ට පවරන ලද වගකීම කුමන චෝදනා එල්ලවුවත් කාටත් සාධාරණ ලෙස ඉටුකිරීමට හැකිවීම ගැන තමාට විශාල සතුටක් ඇති වන බවද කීය.
ඡන්දය කල්යෑම ගැන මැතිවරණ කොමිසමේ සභාපතිවරයා පවා තමන්ට විවිධ චෝදනා එල්ල කළද, අපක්‍ෂපාතී මැතිවරණ සභාපතිවරයෙකු ලෙස ඔහු ඉටුකරන සේවය ඉහළින්ම අගය කරන බවද ඇමැතිවරයා පැවසීය.
පක්‍ෂයේ කීපදෙනෙකුගේ කොන්ත‍්‍රාත්තුවක් ඉටුකිරීමට තමන් සූදානම් වන බවට පක්‍ෂය තුළින් පවා තමන්ට කොතරම් අභූත චෝදනා අපහාස එල්ලවුවද තමා සිටිනුයේ ශ්‍රීලනිපය සමඟ යැයිද බෙදී වෙන්වී සිටින පක්‍ෂයේ කණ්ඩායම් එකට මැතිවරණයකට රැගෙන යාම තම එකම අභිලාෂය බවද අමාත්‍යවරයා කියා සිටියේය.
‘‘මම මේක අතගගා හිටියේ නැහැ. හැමදේම කළේ රට වෙනුවෙන්’’ පිච් එක දැන් හදලා ඉවරයි. බෝලය කොහාට ගැහැව්වත් මට කමන් නැතැයිද අමාත්‍යවරයා පැවසීය.


COMMENTS
නව නීති ක්‍රියාත්මක වීමෙන් මහජන ආරක්ෂාව වැඩි වන බව ඉතා පැහැදිලිව පෙන්වන ලිපියක්.
තවත් අදහස් හා දත්ත සමඟ මෙම විශ්ලේෂණය යාවත්කාලීන කරලා නම් හොඳයි.