ඩයනා උදයංගනී
ලංකා ඉන්දියන් තෙල් සමාගම (එල්.අයි.ඕ.සී) අසත්‍ය ප්‍රචාර හරහා තෙල් අර්බුදයක් නිර්මාණය කර ප්‍රතික්ෂේපිත තෙල් නැව ගොඩබෑමේ උත්සාහයක නිරත වන්නේ ද යන්න ගැන සැකයක් පවතින බව ලංකා ඛණිජතෙල් පොදු සේවක සංගමය පවසයි.
එම නැව තවමත් ත්‍රිකුණාමල මුහුදේ නවතා තිබීම නිසා මෙම සැකය මතුවන බව සංගමය සඳහන් කරයි.
ලංකා ඛණිජ තෙල් සංස්ථාව ඇනවුම් කර ඇති තෙල් නැව ප්‍රමාද වීමට හේතු සොයාබලා එම ප්‍රමාදයෙන් සිදුවන හානි පූරණයට ද පියවර ගත යුතු බව සංගමයේ ලේකම් ඩී.ජේ රාජකරුණා මහතා පැවසීය.
සියයට 20ක පමණ කොටසක් හිමි ලංකා ඉන්දියන් තෙල් සමාගම මෙලෙස බලපෑම් ඇති කරන්නේ නම් ත්‍රිකුණාමලය තෙල් ටැංකි සම්පූර්ණයෙන්ම ඔවුන්ට ලබාදුනහොත් අනිටු පළවිපාක ඇති විය හැකි බවත්, මේ සියලූ කරුණු දක්වා ඛණිජ තෙල් සම්පත් සංවර්ධන අමාත්‍යවරයාට තම සංගමය ලිපියක් යොමු කළ බවත් ඔහු සඳහන් කළේය.



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
එතකොට 80% තියෙන සී.පී.සී මොකද කරන්නේ?
ලංකාවේ තියෙන වෘත්තීය සංගම්වලට පින් සිද්ධ වෙන්න තමයි ලංකාවේ ආයතන ටිකවත් රැකිලා තියෙන්නේ. නැත්නම් පාලකයෝ අපි වත් විකුණගෙන ඒ සල්ලි වලින් ජෝඟි නටලා ඉවරයි.
අයි.ඕ.සී. ඉන්ධන බාල බැවින් ඒවා මිලදී ගැනීමෙන් වලකිමු.
වෘත්තීය සමිතියට නොතේරෙන දේ:- වෘත්තිය සමිතිය දන්නේ නැහැ. නැව් සමාගම් නැව් හසුරවන්නේ කොහොමද කියලා තෙල් වලට මොකද කරන්නේ කියලා තෙල් අයිති සමාගම කියනතුරු නැව් සමගම එන්න ඕනේ. එ්කට ඉන්දියා සමාගම් සම්බන්ධයි කියලා කොහොමද කියන්නේ? මේ ගොල්ලො තේ කෝප්පෙ කිඹුල්ලුත් දකිනවා. සයිටම් එවර වුණාම රට කලඹන්න ප්‍රශ්නයකුත් ඕනනේ. තෙල් ප්‍රශ්නේ ප්‍රචාරය කලේ එ්ගොල්ලගේම සාමාජිකයෝ.
IOC සෙල්ලම් පෙන්නන්නේ CPC අකාර්යක්ෂමතාව නිසයි
තෙල් රැගෙන එන නෙවර්ස්කා ලේඩි නැව ආරාබි මුහුදේ ඕමානයට නුදුරින් කොළඹ වරාය බලා එමින් තිබේ. සැටලයිට් වාර්තාව අනුව එම නැව කොළඹට ලඟා වීමට නියමිතව ඇත්තේ ලබන 09 වෙනිදා පාන්දර 12.30 ට ය. වරායට තෙල් නැවක් පැමිණි පසු එම තෙල් ඉන්ධන පිරවුම් හල් කරා ලඟා වීමට අවම වශයෙන් දින දෙකක් ගත වනු ඇත. ඒ අනුව ඉන්ධන සැපයුම යථා තත්ත්වයට පත්වනු ඇත්තේ ලබන 11 වෙනිදා වන විට ය. මේ පිළිබඳව අදාළ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරීවරයා මාධ්‍යයට පවසා ඇත්තේ බොරුවකි. ඔහු කියන්නේ සඳුදා එනම් 06 වෙනිදා වන විට තෙල් නැවක් පැමිණෙන බවයි.
තෙල් ටික හරියට කරගන්න බැරි මේ ආණ්ඩු මොන කෙන්ගෙඩියකටද? අයවැය එනකල් ව්‍යාපාරයකට අතගහන්න. වාහනයක් ගෙන්නගන්න. මුදල් ආයෝජනයක් කරන්න බැරි රටක ආණ්ඩුවකින් මොනවා කරන්නද? බලාගෙන ගියාම මේ රටේ මිනිස්සු හරි පව්...
20% කොටස් තියෙන ඉන්දියන් ඔයිල් එක බලපෑම් කරද්දී 80% ක කොටස් තියෙන ආණ්ඩුවේ තෙල් මෝල පොල් ගානවද? මේවා මහාපරිමාණ ගේම් ... අනිවාර්යෙන්ම රජයේ තෙල් මෝලේ ලොකු ලොක්කෝ කවුරු හරි කීපදෙනෙකුත් මේ වැඩේට ඉන්දියන් ඔයිල් එකට උදව් කරනවා .. නැත්නම් ආණ්ඩුවේ තෙල් මෝලට එන නැව මේ ජරමර අස්සේ ප්‍රමාද වෙන්න කිසිම හේතුවක් නැහැ.. අනික තමයි එක නැවක් ප්‍රමාද වුණොත්, එක නැවක් හිර වුණොත් මුළු රටම ඉඳගන්න තත්වෙට අපේ රටේ ආර්ථිකය පත්වෙලා ... මේ වගේ පුවත් අහද්දී අපේ රටේ ආර්ථිකය ගැනයි, ආණ්ඩුවේ තෙල් මෝල ගැනයි, එ්කේ ලොක්කොයි සේවකයෝයි ගැනයි අපිටම ලැජ්ජයි .. මේකට වෙනම අමාත්‍යාංශයක් වෙන් කරලා තියෙන එක ගැනත් ලැජ්ජයි..
රටේ ජනතාවට උවමනා කරන තෙල් සදහා ආරක්‍ෂිත සංචිත නිසි අයුරින් පවත්වාගෙන යාම ඛනිජ තෙල් ඇමතිගේ වගකීමකි. මේ අර්බුදය සැලකිල්ලට ගැනීමෙන් පෙනී යන්නේ ඔහු තම වගකීම් හරි හැටි ඉටුකර නොමැති බවයි. අර්බුදයක් ඇති වුනාට පසුව අන් අයට ඇගිලි දිගු කරමින් නිදහසට කරුණු ඉදිරිපත් කිරීමත්, මහජනතාවට තෙල් අර පරිස්සමෙන් භාවිතා කරන්න කියා උපදෙස් දීමත් කිසිදු තේරුමක් නැති බොරු කතා පමණකි. තෙල් හිගය නිසා රට පුරා ජනතාව මහත් අර්බුදකාරී තත්වයට පත් වී ඇත. අව්වේ වේලෙමින්, වැස්සට තෙමෙමින් පෙට්රෝල් ටිකක් ලබාගැනීමට බැරුව ජනතාව මහත් ගැටලුවකට මුහුණ දෙමින් සිටී. ජීවිතේ ගැට ගහගන්න ත්‍රී වීලරයක් ගත්ත අහිංසකයින් හයර් එකක් දුවා කීයක් හරි හොයාගන්නවා වෙනුවට තෙල් ටිකක් ලබාගන්න පෙට්රෝල් ෂෙඩ් අසල දිගු පෝලිම් වල රස්තියාදු වෙන හැටි දකින්න රජයේ කිසිදු වගකිය යුතු නිලධාරියෙක් සිටීද යන්න අපිට ප්‍රශ්නයක්.
රිවස් ගියර් එක වැඩ නැතුව ඇති
මෙම ඉන්දියන් ඔයිල් සමාගම හිතාමතාම තෙල් අර්බුදයක් ඇතිකරනවානම් මේ ඛනිජ තෙල් පොදු සේවක සංගමයට පුළුවන් ඔයිල් සමාගමට හොඳ පාඩමක් උගන්වන්න. වර්ජන වලින් තොරව සංස්ථාව මගින් තෙල් නිසියාකාරව ලබාදෙමින් වාහන හිමියන් දැනුවත්කරනවා.. IOC තෙල් ගහන්න එපා කියයි. එහෙම කොලොත් නැවත කඩාකප්පල් වැඩ කරනෙකක් නැහැ.