(රංජන් කස්තුරි)
ගීතා කුමාරසිංහ මහත්මියට පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරය අහිමිවීම නිසා ඇය මන්ත්‍රීවරියක ලෙස ලබාගත් වැටුප් හා දීමනා සියල්ල නැවත ආණ්ඩුවට ගෙවීමට සිදුවන බව පාර්ලිමේන්තු ආරංචි මාර්ග පවසයි.
ඒ අනුව වසර දෙකකට අධික කාලයක් තිස්සේ ගීතා කුමාරසිංහ මහත්මිය ලබාගෙන තිබෙන මන්ත්‍රී වැටුප හා ඊට අමතරව ගෙවල් කුලී දිමනාව,දුරකථන දීමනාව, කාර්යාල දීමනාව ආදී වශයෙන් රුපියල් මිලියන ගණනාවක් නැවත ආණ්ඩුවට ගෙවීමට සිදුවනු ඇතැයි ද පැවසේ.
ගීතා කුමාරසිංහ මහත්මියගෙන් එම මුදල් අයකර ගැනීම සඳහා නිතිපතිවරයා මාර්ගයෙන් කටයුතු සැලසිය යුතු බවද ඇයගේ මන්ත්‍රී ධුරය අහිමි කරමින් අභියාචනාධිකරණය ලබාදුන් තින්දුවේ සඳහන් කර ඇත.

COMMENTS
නව නීති ක්‍රියාත්මක වීමෙන් මහජන ආරක්ෂාව වැඩි වන බව ඉතා පැහැදිලිව පෙන්වන ලිපියක්.
තවත් අදහස් හා දත්ත සමඟ මෙම විශ්ලේෂණය යාවත්කාලීන කරලා නම් හොඳයි.