(රංජන් කස්තුරි)
ගීතා කුමාරසිංහ මහත්මියට පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරය අහිමිවීම නිසා ඇය මන්ත්‍රීවරියක ලෙස ලබාගත් වැටුප් හා දීමනා සියල්ල නැවත ආණ්ඩුවට ගෙවීමට සිදුවන බව පාර්ලිමේන්තු ආරංචි මාර්ග පවසයි.
ඒ අනුව වසර දෙකකට අධික කාලයක් තිස්සේ ගීතා කුමාරසිංහ මහත්මිය ලබාගෙන තිබෙන මන්ත්‍රී වැටුප හා ඊට අමතරව ගෙවල් කුලී දිමනාව,දුරකථන දීමනාව, කාර්යාල දීමනාව ආදී වශයෙන් රුපියල් මිලියන ගණනාවක් නැවත ආණ්ඩුවට ගෙවීමට සිදුවනු ඇතැයි ද පැවසේ.
ගීතා කුමාරසිංහ මහත්මියගෙන් එම මුදල් අයකර ගැනීම සඳහා නිතිපතිවරයා මාර්ගයෙන් කටයුතු සැලසිය යුතු බවද ඇයගේ මන්ත්‍රී ධුරය අහිමි කරමින් අභියාචනාධිකරණය ලබාදුන් තින්දුවේ සඳහන් කර ඇත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඇයි දීපු වාහන පර්මිට් ආපසු ලබාගන්නේ නැද්ද?
නීතිය නොදැන සිටීම නිදහසට කරුණක් නොවේ. එහෙත් මෙහිදී සානුකම්පිකව සලකා බැලීම වටී.
මේ නීතියම බැසිල්, ගෝඨාභය රාජපක්ෂ දෙපළටත් බලපානවා. එහෙනම් දැන් ඒ යටත් ගත්ත ඔක්කොම ආපහු දෙන්න වෙයි.
ඒවා අය කරගත යුතුයි. හැබැයි අනිකුත් ද්විත්ව පුරවැසි බව ඇති මන්ත්‍රීවරු හා ඇමතිවරු ගැනත් පියවර ගත යුතුයි. හංසයා ලකුණ ඇති දේශපාලන පක්ෂයේ සභාපති වරයාට මේ රටේ ද්විත්ව පුරවැසි බවද නැත. ඒ අනුව එම පක්ෂය ද වලංගු නැත. පසුගිය ජනාධිපතිවරණයද වලංගු නැත.
ගීතා කුමාරසිංහ මහත්මිය..., මොකාව ඔළුව උඩ තියන් හිටියත් වැඩක් නෑ. මිටි තැනින්ම තමයි වතුර බහින්නේ. ඔබගේ විදේශ පුරවැසිභාවය රටේ හැමටම ප්‍රශ්නයක් වුණා. එහෙත් රාජපක්ෂ පවුලේ අයගේ විදේශ පුරවැසිභාවය ගැන ප්‍රශ්න කරන්න නීතියට පනත් නෑ. හැම දේකටම කයිවාරු ගහන දේශපාලුවන්ටත් නැහැ.
එ්ක එහෙම වුණාට, මහ බැංකුවෙන් හොරකම් කරපුවා නම් අායෙමත් රජයට ගෙවන්න ඕනෙම නෑ..
වැඩේ හොඳයි. එ්ත් ඔය තව ඇමෙරිකානු පුරවැසිකම තියෙන අයත් සිටියා නේද? පසුගිය කාලේ එයාලටත් ඔය දේම කරන්න ඕනෑ. නැත්නම් සාධාරණ නැහැ නේද?
මට මතක් වෙන්නේ මෙතුමිය කලකට පෙර එක්තරා උගත්, රජයේ නිලධාරිනියකට තමන්ට මැඩම් කියලා කතා කලේ නැහැ කියා සිදුකල කලබැගෑනිය. සිදුවූ දෙය ගැන කණගාටු වෙන නමුත් කාන්තාවක් සැම කල්හිම තමාගේ තනතුරු, ලාභ ගැන නිහතමානී වීම කොච්චර වැදගත්ද? තවත් තරුණ නිළියක් හිටියා පසුගිය කාලයේ රටේ මිනිස්සුන්ගේ උගත්කම මහා ලොකු දෙයක් නෙවෙයි කියා දේශපාලන රැස්වීම් වල උඩ පැනපු. ඔක්කොටම හොඳ පාඩම් මේවා.
අනේ කලින් හිටපු ඇමතිවරු එහෙම කලේ නැහැ නේද?
එතකොට මේකටත් පිණ්ඩපාතේ යමින් පාරට බහියිද?
අායෙත් පිඬු සිඟා වැඩීමක් ළඟදීම බලාපොරොත්තු වන්න.
මට හිතෙන විදියට නම් දහනවවන සංශෝධනය බල සහිත වුණු දවසෙන් පසුව ගත්ත රාජ්‍ය පහසුකම් හා ගාස්තු පමණක් නැවත ගෙවිය යුතුවේ. නිරූපිත වශයෙන් සඳහන් නොකලොත් නීතියක් බල පවත්වන්නේ එම නීතිය සම්මත වූ දින සිටයි.
මේ නීතිය නොසලකා අැගේ අපේක්ෂකත්වය අනුමත කළ ඡන්ද කොමසාරිස් ඇතුළු වගකිව යුත්තන්ට මොකද වෙන්නේ?
සිම්පල් නේ. බොස් එක චෙක් එකකින් ගෙවලා දමාවි.
මුදල් අයකරගෙන විතරක් මදි... ඔය නීති සම්මත කර ගන්නකොට ගීතාත් පාර්ලිමේන්තුවේ හිටියා. වැරදි බව දැන දැනම නාමයෝජනා අත්සන්කළ, මැයගේ ක්‍රියාකලාපය නිසා පියසේන ගමගේට අගතියක් වෙලා තිබෙනවා. සිර දඬුවමකුත් ලබා දිය යුතුය. යමෙක් යම්කිසි හොරකමක් වංචාවක් කරලා වංචාව අහුවුණාට පස්සේ, එම මුදල නැවත අයිතිකාරයට බාරදුන්නාම ප්‍රශ්නය එතනින් ඉවර වෙනවද?
රාජපක්ෂ පවුල යුද්ධයෙන් පස්සේ යුද්ධය ඉස්සරහට දමාගෙන කරපු වැරදි වැඩ ගැන මගේ කිසිම පැහැදීමක් නැත. නමුත් එක දෙයක් සඳහන් කලයුතුය. ඝෝඨාභය පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු වෙලා හිටියේ නැහැ. ඔහු කලේ ආරක්ෂක ලේකම් කමයි. මොන පුරවැසිභාවය තිබුණත් ඔහුගේ කාර්ය භාරය ඔහු හරියට කළා. ඉතිහාසයේ හිටපු කිසිම ආරක්ෂක ලේකම් වරයෙකුට බැරි වුණුදේ ඔහු කළා. ඔහුගේ කාලේ එහෙම නීතියක් තිබුණා නම් මට 100% විශ්වාසයි ඔහු ගීතා වගේ කොලේ වහලා වැරදි වැඩ කරන එකකක් නැහැ කියලා. විදේශ පුරවැසියන් වන අර්ජුන මහේන්ද්‍රන්, හිටපු ලිට්රෝ සභාපති ශාලිල මුනසිංහ වැනි පුද්ගලයන් ඔහුගේ අසලකින්වත් තැබිය නොහැකිය.
මෙතන අදාල හරි කමෙන්ට්ස් දෙකක් විතරමයි තියෙන්නේ. හරිම සරල දෙයක්. සිසිර, මාධව ගේ කමෙන්ට්ස් බලන්න.
අනේ නෝනේ ,මොනා කරන්නද උන දේට කමක් නැහැ ,දැන් ටිකක් විවේක ගන්න මොකද මේක හොද අවස්ථාවක් ඔයාට ,දැන් ටියුසන් පන්තියකට ගිහින් ගණන් ටිකක් ඉගෙන ගන්න ,මොකද ඔයාට ගනන් බැහැ කියල රටේ හැමෝම කියනවා අනේ මගේ සුදු නෝනේ ලබන සැරේ හොදට ගණන් ඉගෙනගන එන්න
ශික් කන්න දීල දිරවුනාට පස්සේ ඉල්ලන එක හරි නෑ නේද?
මම මේ කල්පනා කලේ මේ නීතියේ අනික් පැත්ත ගැන. ඒ කියන්නේ සමහර චුදිතයන් වැරදිකරු බවට තීරණය කරලා දඬුවමුත් වින්දට පස්සේ, සමහරවිට මරණ දඬුවමත් ලැබුවට පස්සේ, අනාවරණය වෙලා තියෙනවා ඔවුන් නිවැරදි කරුවන් බව. එහෙම නඩු තීන්දු මහ ගොඩක් තියෙනවා. රණසිංහ එරෙහිව අල්ලස් කොමසාරිස් නඩුවේදී රණසිංහ නිවැරදි බව තීරණය වුනේ ඔහු හිර දඬුවම් ලබල ඉවර වුනාට පස්සේ. ඒ නීතිමය ප්‍රශ්නයක් උඩ. ඉතින් මුල් නඩුව අහපු විනිසුරු හිරේ යවන්නද? රණසිංහට වන්දි ගෙවන්නද? නිරපරාදේ එල්ලුම් ගස් ගිය අයට පණ දෙන්නද? ඒ හින්ද වෙන්න ඕන කියමනක් තියෙන්නේ වැරදිකරුවන් දහයක් ක් බේරිලා යනවට වඩා අසාධාරණයි එක නිවරදිකරුවෙක් වැරදිකරු කරන එක කියල.
ලංකාවේ නිතිය ක්‍රියාත්මක වෙන්නේ අඹ හොරට එක විදිහකට , මහා බැංකු හොරට තව විදිහකට ,එකම වරද කරපු නාමල්ට සහ , ප්‍රසන්න රණවීරට දෙවිදිහකට , ගීතට සල්ලි ගෙවුවොත් නිදහස් වෙන්න පුළුවන් , එක්කෝ මට මේ ක්‍රමය තේරුම් ගන්න මගේ දැනුම මදි , කොහොම නමුත් මට හිතෙන්නේ "වන් ෂොට් " කියපු කතාව හරියටම හරි , 2015 දී අපිට පොරොන්දු වුන යහ පාලනය තවම ලංකාවට ළඟාවී නොමැත
මෙතුමියට එහෙනම් විමල් වීරවංස මන්ත්‍රී තුමා පාර්ලිමේන්තුවට බෝම්බ දැම්මත් ජීවිතය බේරාගෙන ගෙදරට වෙලා ඉන්න පුළුවන්. සල්ලි ටික ගෙවල දැම්මත් ජීවිතය බේරාගෙන ඉන්න පුළුවන් වීම ලොකු දෙයක්.
ඔච්චර පොහොසත් ජනප්‍රිය නිලියක් මොකටද මන්ත්‍රී වැටුප් - දීමනා ලබාගත්තේ. ගරු සේවයක් කරන්න තිබුනනේ !
දැන් ඉතින් පාරවල් ගානේ ගිහින් සල්ලි එකතු කරන්න පුළුවං. හාමුදුරුවෝ ටික ඉස්සරහට ආවනම් වැඩේ හරි. හැමදේටම උන්වහන්සේලා එනවනේ. හොරු ටික බේරගන්නත් ඉස්සරහට ආවනේ. අනේ පවු කියල කියන්නත් දුකයි.
දිවිත්ව පුරවැසිබාවය ගැන මතක් කරද්දී ,මට මතක් උනේ ,අර්ජුන් මහේන්ද්‍රන්ව.
චීවරධාරීන් ඔන්න ආයෙත් වැඩක් පටන් ගන්නයි යන්නේ... ගීතා වෙනුවෙන් පිණ්ඩපාතේ යන්න.
මෙවැනි අය රටේ කොච්චර ඉන්නවද? රටේ මහජන මුදල්නේ... මේ පුංචි රටේ පාර්ලිමේන්තුවේ ඉන්න මැති, ඇමැති, මන්ත්‍රී සංඛ්‍යාව මේ රටට ඔරොත්තු දෙන්නේ නැහැ. ඒ වගේම ඔවුන්ට ඉන්න ලේකම්වරුන්ට ලබාදෙන පහසුකම් මිනිසුන්ට පේන්නේ නැත. මෙරට දියුණු කරන්න අවංක 10ක් හොඳටම ඇති.... ඒ අය ඉන්නේ කොහේද? ලැබෙන්නේ කවදාද?
ගීතාට විතරද රටවල් 2 පුරවැසි භාවය තියෙන්නේ. ඔය මුස්ලිම්..දෙමල පක්ෂවල වැඩි දෙනෙකුට රටවල් 2..3 පුරවැසි භාවය තියෙනවා.. දැනට ඉන්න විපක්ෂ නායකයාටත් රටවල් 2ක පුරවැසි භාවය තියෙනවා...
ගීතාගේ විතරක් නොව වැඩකට නැති සියලු දෙනාගේ වැටුප් දීමනා නැවත ගන්න ක්‍රමයක් හැදිය යුතුය.
මෙන්න තවත් ඇනවුමක්. වැඩ පටන්ගන්න ඉක්මණින්. වස් කාලේ ඉවර නිසා ශාසනෙන් අවුලක් නැහැ.
මට තියන ගැටලුව මෙකයි. ගීතා මහජනතාවගේ මනාපයෙන් නිවැරදි විධිහට පාර්ලිමේන්තු අවා. නමුත් ද්විත්ව පුරවැසි බව නිසා අධිකරණය මන්ත්‍රීකම අහෝසි කලා. එස් බී දිසානායක , විජයමුණි සොය්ස වගේ අය මහජනතාව පරද්දල ගෙදර යැව්වා. නමුත් මේ අධිකරණයම කියනවා ඔවුන්ගේ මන්ත්‍රීකම නීත්‍යනුකුල බව.මම කියන්නේ නම් මැතිවරණ තියන්න අපරාදේ කාලය මුදල් වියදම් කරන්නේ නැතුව මන්ත්රීවරු තේරීමේ අභිමතානුසාරී බලය ව්‍යවස්ථාවෙන් පක්ෂ නායකයන්ට සහ අධිකරණයට ලබාදෙමු.
මව්බිමට ඔච්චර ආදරයක් තිබෙනවා නම්, ජනතාවට සේවය කරන්න ඔච්චර වුවමනාවක් තිබෙනවා නම්, ඡන්දය ප්‍රකාශයට පත්කළ දිනම ලංකාවේ ස්විස් තානාපති කාර්යාලයට වහාම ක්‍රියාත්මක වන පරිදි ස්විස් පුරවැසි බව ඉවත් කරන්න කියලා ලිපියක් තමාගේ ස්විස් ගමන් බලපත්‍රය තනියම හෝ මාධ්‍යවේදීන් පිරිවරාගෙන ගොස් බාරදුන්නා නම් කිසිම ප්‍රශ්නයක් නැහැනේ? එතකොට හොඳ පබ්ලිසිටි එකකුත් ලැබෙනවා. ස්විස් පුරවැසියකු කසාද බැන්ඳා කියලා අනිවාර්යයෙන් එහි පුරවැසිභාවය ගන්න අවශ්‍ය නැහැ. එතකොට වීසා එකක් ගන්න පුළුවන්... ඕනේ වෙලාවක ස්විට්සර්ලන්තයට යන්න එහි ජීවත් වෙන්න.