(ඩයනා උදයංගනී)
මිහින් ලංකා ආයතනයේ ආරම්භක අධ්‍යක්‍ෂ මණ්ඩලය ලෙස හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ, හිටපු ආරක්‍ෂක ලේකම් ගෝඨාභය රාජපක්‍ෂ හා හිටපු පාර්ලිමේන්තු මන්ත‍්‍රී සජින් වාස් ගුණවර්ධන යන මහත්වරුන් කටයුතු කර ඇති බව අනාවරණය වූ බවත් ඒ පිළිබඳ සොයා බැලීමට ජනාධිපති කොමිසමක් පත් කිරීමටත් කැබිනට් රැස්වීමේදී සාකච්ඡා කළ බව සම කැබිනට් ප‍්‍රකාශක, අමාත්‍ය රාජිත සේනාරත්න මහතා පැවසීය.
මිහින් ලංකා ආයතනය පාඩු ලබන්නට ද ප‍්‍රධානතම හේතුවක් වී ඇත්තේ ගුවන් යානා සම්බන්ධයෙන් කිසිත් නොදන්නා මෙවන් පිරිසක් අධ්‍යක්‍ෂ මණ්ඩලය ලෙස කටයුතු කිරීම වන්නට ඇතැයි අමාත්‍යවරයා කීවේය.
ශක්‍යතා වාර්තා ආදිය නොමැතිව මෙයට ගුවන් යානා ආදිය මිලදී ගැනීමත් දේශපාලන ගැත්තන් අධ්‍යක්‍ෂ මණ්ඩලයට පත්කරගැනීමත් මෙහි අධික ණය බරක් පැවතීමට හේතුව බව ද ඇමතිවරයා කීවේය.
ඇමැතිවරයා මේ බව පැවසුවේ රජයේ ප‍්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේදී අද (1) පැවති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවේදී ය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ ආණ්ඩුව ආපුදා ඉඳල ශ්‍රී ලන්කන් පාඩු වැඩි වෙන එක ගැන. ඒ ගැනත් කොමිසමක් ඉක්මනින්ම දාන්නේ නැතෙයි?
මොන පාඩු සිදුවුනත් මිහින් ලංකා නිසා පිටරටවල ඉන්න කට්ටිය ඉතා අඩු මුදලට ලංකාවට අවා ගියා.
එත් ඉතින් ඒ පාඩු ගෙවන්න අපි මහජනතාව ඉන්නවානේ? ඒ බව නොදැන නොවෙයිනේද ඕක පටන්ගත්තේ කට්ටිය?
පියල්, පිටරටවල ඉන්න අය අඩුවට යයි එයි. ඒත් ලංකාවෙ ඉන්න අසරණ මිනිස්සු සදහටම මේ ණය ගෙව ගෙව ඉන්න වෙයි. මුළු රටක් ණය බරෙන් පීඩිත උනත් තමන්ට වාසියක් ලැබුනොත් ඇති කියල හිතන මිනිස්සු ඉන්න රටක්
මිහින් ලංකා කියන්නේ මොකක්ද කියල රටම දන්නවා.තවත් එක හරි කියන්න ඉදිරිපත් වෙන අයත් ඉන්නවා .පාට කන්නාඩි ගලවල ප්‍රවෘත්තියට අදාලව පමණක් ලියන්න.
පාඩු ලබනවනම් ඕක වහල දැම්ම නම් හරිනෙ.
පිට රටවල වැඩකරන සියලුම දෙනාට ටිකට් එක වැඩකරන කොම්පැනියෙන් හෝ ගෙදරකින් හරි දෙනවා. ඒක ගණන් වැඩි හෝ අඩු ප්‍රශ්නයක් නැහැ. ප්‍රශ්නේ තියෙන්නේ මේ රටේ ජනතාවට බර පටවල ටික දෙනෙකුගේ ගොඩ පුරවන නිසා.