(මනෝප‍්‍රිය ගුණසේකර සහ රන්ජන් කටුගම්පොළ)
තමා අත්අඩංගුවට ගැනීම වළක්වන නියෝගයක් නිකුත් කරන්නැයි ඉල්ලා හිටපු ජනපති මහින්ද රාජපක්‍ෂ මහතාගේ කාර්ය මණ්ඩල ප‍්‍රධානී ගාමිණි සෙනරත් මහතා ශ්‍රේෂ්ඨාධිකරණයට මුලික අයිතිවාසිකම් පෙත්සමක් ඉදිරිපත් කළේය.
රුපියල් කෝටි හතරක රාජ්‍ය මුදල් අවභාවිතා කළැයි ඔහුට එරෙහිව ඇති චෝදනාව වේ.
එලෙස නියෝගයක් නිකුත් කරනු ලැබුවහොත් තමන් රටින් පිටව නොයන බවද ගාමිණි සෙනරත් මහතා මෙම මුලික අයිතිවාසිකම් පෙත්සම ඉදිරිපත් කොට ඇත.
පෙත්සමේ වගඋත්තරකරුවන් වශයෙන් පොලිස් මුල්‍ය අපරාධ විමර්ශණ කොට්ඨාසයේ ස්ථානාධිපති සහ නීතීපති නම් කොට ඇත.
පොලිස් මුල්‍ය අපරාධ විමර්ශණ කොට්ඨාසය කළ ඉල්ලීමකට අනුව ගාමිණි සෙනරත් මහතාට රටින් පිටවීම තහනම් කර නියෝගයක්ද පනවා ඇත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
එහෙම නම් ඕනෑම වැරදිකරුවෙකු වශයෙන් අත් අඩංගුවට ගන්න කෙනෙකුට මුලික අයිතිවාසිකම් යටතේ ඒකට විරුද්ධව උසාවි යන්න පුළුවන් නේ.
අපිටත් එහෙම කරන්න නීතියෙන් අවසර දෙනවද? නොදන්නා නිසයි මේ අහන්නේ.
සාධාරණ පරීක්ෂණයකින් කරුණු ඔප්පු නොවී දේසපාලන හෝ පුද්ගලික පළිගැනීමට හෝ එහෙම අත්අඩංගුවට ගත් අය පොලිසියට විරුද්ධව නඩු දාල වන්දි ගෙවන්න සිදු වුනු අවස්ථා ඉතිහාසයේ තියෙනවා.
වැරදි කලානම් දඬුවම හම්බවන විත්තිය දැනගත යුතුය. නුගත් ගැමියන් නොවේනේ. කරන්න තියන එකමදේ ඇත්ත ඇතිසැටියෙන් ඉදිරිපත් කරන එක විතරයි. අධිකරණයේදී වුවත් ඇත්තට දඬුවම ලිහිල් කරගත හැකිය.
"කරන කලට පව් මිහිරිය මීසේ විදින කලට දුක් දැඩිවෙයි ගිනිසේ"
දේශපාලනිකව හෝ පෞද්ගලිකව පළිගැනීමකට ලක්වෙනවා නම් කෙනෙකුට හේතු ඇතුව උසාවියෙන් ඉල්ලන්න පුළුවන් තමන් අත් අඩංගුවට ගන්න අවසර දෙන්න එපා කියල. හොරෙකුට ඉල්ලන්න පුලුවන්ද අපොයි, මාව අත් අඩංගුවට ගන්න දෙන්න එපා කියල? හැබැයි, ඔක්කොම තීරණය වෙන්නේ නඩු කාර උන්නාන්සේලා මේක වටහා ගන්න ආකාරය අනුවයි. කොහොම වෙයිද බලමු.
මේවා පොලිසියේ දුර්වලතා, සාධාරණ සැකයක් තිබෙනවා නම් සැකකරු අත්අඩංගුවට අරන් අධිකරණයට ඉදිරිපත් කරන්න පොලිසියට පුළුවන්. නමුත් මෙතැනදී සිදු වෙන්නේ සිදු කෙරෙන පරීක්ෂණ පිළිබඳව විස්තර සැකකරුට අයථා මාර්ගවලින් ලැබීම සහ දේශපාලනයට සම්බන්ධ සැකකරුවන් පිලිබඳ පරීක්ෂණ වලදී පොලිසිය ක්‍රියාත්මක වන මන්දගාමී ස්වරුපය
මීට වධා හොඳයි නේද පොදුවෙන් කාටත් පොදුවෙන් වලංගුවෙන පරිදි, පොලීසිය, අධිකරණ, නීතිපති දෙපාර්තුමේන්තුව සහ බන්ධනාගාර සේරම වහන්න කියල පනතක් ගෙනෙල්ල සම්මත කලානං.
ගාමිණී සෙනරත් නෙවෙයි. නිමල් මඩවල හරි කමක් නැහැ වැරදි කරලා තියනවා නම්, මහජන මුදල් හොරකම් කර තිබේ නම්, ඔහුගේ තරාතිරම වැඩක් නැහැ. නීතිය කාටත් සමාන විය යුතුය. රජයේ නිලධාරියා දැනගන්න ඕන රාජකාරියේ වගකීම් පමණක් කරන්න. පුද්ගල වන්දනාවේ ගියාම වෙන දේ පේනවා නේද? කරන්න පෙර හිතන්න තිබුණා. දැන් ගරු අධිකරණයේ අනුකම්පාව ඉල්ලනවා. මහත්තයෝ, ගිලිනවට වඩා අමාරුයි වමාරන එක.. ඒ නිසා දැන් දුක් වෙලා වැඩක් නැහැ. මොනවා වුණත් අධිකරණයට බලපෑම් කරන පුරුද්ද තවම ඇත හැර නැහැ නේද?
ඒ සාධාරණ අයට, මේ මහජන ධනය එළිපිට නාස්ති කරපු අයට එ්ක අදාළ නැහැ. හැබැයි ඉතින් නඩු අහලා දඬුවම් නියම කළාට පස්සේ සුමානෙන් ගෙදර යවන එකේ ඔය වගේ බොරු වැඩ වලට වියදම් නොකරම ඉන්න...
ලොකු මහත්තයා නම් කතා කරන්නේ රත් වෙලා වගේ.. ඕනෑම ලොකු වරදක් කරපු මිනිහෙක්ට මේ විදිහට නිදහස ඉල්ලා උසාවි ගිය හැකියිද?
ඉස්කෝලේ ගාස්තු ගෙවන්න පොල්ගෙඩි 4ක් අල්ලපු වත්තෙන් අවසරයක් නැතිව ගත්තු දැරිවිටත් ඔහොම එකක් කරන්න බැරිවුණාද?
මේ ගොල්ලෝ හිතුවේ නැහැනේ මෙහෙමත් දවසක් උදා වේවි කියලා. අපි කවදාකවත් ජෝරි නොබසින රාජ්‍යයක රජ්ජුරුවරු කියලා හිතන්න ඇති.
අපෝ ඔව්.... මෙයාලට ඉඩ දෙනවා ඕනෑ දෙයක් ඉල්ලන්න. අසනීප වෙන්න එහෙම ඕනෑ වෙලාවක. එ්කටම ගැලපෙන දොස්තරවරු ඉන්නවා නීති මහත්වරු උසාවියේ අය එහෙම. අන්ත අසරණ, දුප්පත් අයට නොකෙරූ වැරදිවලටත් කිසිම සමාවක් නැහැ. ඇතුලේ තමයි (හොඳ සැලකුම් එක්කම) කතාවට ගියාම සැමට නීතිය පොදුයිලු .....
කෝටි හතරට වඩා වැඩි අවභාවිතාවට නඩු නැහැ. එම නිසා පිටරට හෝටල්, භාණ්ඩාගාර බිල් අදාල නැහැ. නිදොස් කොට නිදහස්..., පාස්පෝර්ට් ගන්නේ නැහැ. රට යන්න පුළුවන් කෝටි හතර සහ ඊට වඩා අඩු නම්... සිරගතවීම, අත්අඩංගුවට ගැනීම වළක්වන්න බැහැ. මේ කමෙන්ට් දාන මිනිස්සු නීතිය ගැන අවබෝධයක් නැහැ. ඉතාම පහළ මට්ටමක ඉන්නේ...
සරත්, සේදර, සෙනරත්... මේ පවුලේ එක්කෙනෙක් මගේ එකම පන්තියේ රාහුලයේ සිටියා. ඔහු ඉතාම අවංක, සුහදශීලී මිතුරෙක්... මෙතුමා මම හිතන්නේ නරක මිතුරන් වෙත ගොස් තිබෙනවා කියලයි.
මොකද මේ? හොර තක්කඩින්ට විතරක් වෙනම නීතියක්.. අර අහිංසක මවක්ද අවුරුද් 2ක් හිරේ දැම්මා. මෙවැනි අයට අරාබි නීතිය ක්‍රියාත්මක කරන්න ඕනෑ.
මේ සෙනරත් මහතා, 2002 දී ආගමන හා විගමන දෙපාර්තුමේන්තුවේ සහකාර පාලකවරයෙක් හෝ ඊට සමාන තනතුරක් දැරුවා. මාගේ පාස්පෝර්ට් අයදුම්පතේ යම් ප්‍රශ්නයක් මතුවී, කවුන්ටරයේ සිටි නිලධාරියා, මාව ඔහුට යොමු කළා. රජයේ බොහෝ නිලධාරීන් ක්‍රියාකරන ආකාරය අප දන්නා නිසා... ඔහු, එම අවස්ථාවේදී, රජයේ නිලධාරියෙක් ලෙස ක්‍රියා කල ආකාරය ගැන මම ඉතාමත් පුදුමයට පත් වුණා. ඔහු මට විශේෂ සැලකීමක් දැක්වුයේ නැත. සාධාරණය ඉෂ්ට කළා පමණි. ඒ මගේ ඔහු සමග පළමු සහ අවසාන හමුවීමයි. නමුත් ඔහු අද ඉන්නා තත්වය ගැන අප කවුරුත් දුක් විය යුතුය. ඔහු වරදක් කලානම්, නඩුවක් අවසානයේ ඕනෑම දඬුවමක් දෙන්න. අවිශ්වාස සියලු පුද්ගලයන් අත් අඩංගුවට ගන්නවා නම්, "මොනාක්" නිවාස ගත්තු හොරු, පාර්ලිමේන්තුවේද ඉන්න ඕනේ? ඒවාට නඩුත් නැහැ. එපමණක් නොව, සාක්කිකරුවන් මරණ තර්ජන වලට බයේ, රටෙනුත් පැනලා ගිහින්. එ්වා ගැනවත් පරීක්ෂණයක් නැහැ.
මේ ගැන සත්‍යයා නොහොත් සත්‍යපාල නොහොත් කලින් බන්දුල පෙරේරාගේ අදහස කුමක්ද?
මෙයා ලොකුම හොරුන්ගෙන් කෙනෙක්. මදැයි නෑදැයෝ ටික එකතු වෙලා කරපු දේ. හිටි ගමන් පිටරට වලිනුත් ආවා වේගෙන් නෑයො.
පිටිගල, යුද්ධයට බයේ රට පැනපු නෑයොත් ආවලු නේද?
වැට මායිමේ අඹ ගෙඩි 3 කැඩුව කෙනා වහාම සිර භාරයට. ගමක හොරකම් කල කෙනා ඉන්න හදන්නේ ගෙදර. මාර සමාජ වාදයක්නේ මේක නම්..
මැදමුල්ලන නම් හොරකන් නොකරපු එක ගෝලයෙක් වත් නැහැ. රටේ දේපල මේ අයනේ අරන් තියෙන්නේ, දැන් මල් පොහොට්ටුව පුප්පන්න එන්නේ මේ අයද? ලැජ්ජයි.... අපේ ගමේ අපි ඉරිඟු කරලක්වත් අල්ලපු වත්තෙන් කඩන්නේ නැහැ. අපේ රටේ මේ වලව් පැලැන්තියේ අය අවුරුදු 70ක් ම රට කනවා.