(මනෝප‍්‍රිය ගුණසේකර සහ රන්ජන් කටුගම්පොළ)
 
තමා අත්අඩංගුවට ගැනීම වළක්වන නියෝගයක් නිකුත් කරන්නැයි ඉල්ලා හිටපු ජනපති මහින්ද රාජපක්‍ෂ මහතාගේ කාර්ය මණ්ඩල ප‍්‍රධානී ගාමිණි සෙනරත් මහතා ශ්‍රේෂ්ඨාධිකරණයට මුලික අයිතිවාසිකම් පෙත්සමක් ඉදිරිපත් කළේය.

රුපියල් කෝටි හතරක රාජ්‍ය මුදල් අවභාවිතා කළැයි  ඔහුට එරෙහිව ඇති චෝදනාව වේ.

එලෙස නියෝගයක් නිකුත් කරනු ලැබුවහොත් තමන් රටින් පිටව නොයන බවද ගාමිණි සෙනරත් මහතා මෙම මුලික අයිතිවාසිකම් පෙත්සම ඉදිරිපත් කොට ඇත.

පෙත්සමේ වගඋත්තරකරුවන් වශයෙන් පොලිස් මුල්‍ය අපරාධ විමර්ශණ කොට්ඨාසයේ ස්ථානාධිපති සහ නීතීපති නම් කොට ඇත.

පොලිස් මුල්‍ය අපරාධ විමර්ශණ කොට්ඨාසය කළ ඉල්ලීමකට අනුව ගාමිණි සෙනරත් මහතාට රටින් පිටවීම තහනම් කර නියෝගයක්ද පනවා ඇත.