(ටෝනි කරුණානායක)
මීනී මැරීමට තැත් කිරීමේ චෝදනාවකට වසර පහක බරපතල සිරඳඩුවමක් ලැබුණු වැරදිකරුවකු අද (10) ගම්පහ මහාධිකරණයේ සිර මැදිරියේදී වස පානය කළේය.
සපුගස්කන්ද හෙයියන්තුඩුවේදී රාජකාරියේ නියුතු උප පොලිස් පරීක්ෂකවරයකුට පිහියෙන් ඇන ඝාතනය කිරීමට තැත් කළැයි ඔහුට වසර පහක බරපතල සිරඳඩුවමක් නියම කිරීමට ගම්පහ මහාධිකරණ විනිසුරු ප්‍රියන්ත ප්‍රනාන්දු මහතා නියෝග කළ අතර ඉන්පසු අදාළ පුද්ගලයා වස පානය කළේය.
ඔහු මේ වන විට ගම්පහ මහ රෝහලට ඇතුළත් කර තිබේ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
වස බොන්න හිතෙන්න ඕනේ නඩු අහන වෙලාවට නෙවෙයි වැරදි කරන වෙලාවටයි.
වස කොයින්ද? හිර ගෙදරක හිරකරුවන්ට. අනික මහා අධිකරණ සිරමැදිරියේදී. අධිකරණය වග කියන්න ඕනෑ මේ මරණයට...
පිටිගල මිලානෝ හරිද වැරදිද? කියන එක ඔපීනියන් එකක් පමණයි. එ්ක පුද්ගලයා අනුව වෙනස් වෙනවා.
සාමාන්‍ය රථ වාහන වැරැද්දකට රීමාන්ඩ් කරත්, බෙල්ට්, වොලට්, සහ සියලුම පළඳනා ගලවා ගන්නවා, ඒකට එක හේතුවක් තමයි අදාල පුද්ගලයා තම ජීවිතේට හානියක් කරගනියි කියන එක, ඉතින් එහෙම තියෙද්දී, කාලයක් හිරේ හිටපු මනුස්සයෙක් ගාව වස බෝතලයක් තිබුන කියන එක, සමස්ත පද්දතියටම විශාල කැළලක්, අනිවාර්යයෙන්ම බන්දනාගාර නිලදාරියකු සම්බන්ද ඇති වැඩේට, මොකද කවදාවත් තමන්ගේ කෙනෙක් වස ගෙනත් දෙන්නේ නෑ
අද රටේ වෙන දේවල් බැලුවහම ජීවිත කාලයටම අහපු නොදැකපු දේ තමයි සිදුවෙන්නේ. පොලිස් අත්අඩංගුවෙන් හෝ රිමාන්ඩ් එකෙන් ගෙනත් අධිකරණයට ඉදිරිපත් කොට අච්චු කල පසු, එහි සිට වස පානය කිරීමට තරම් අධිකරණය සැහැල්ලුද? සාක්කිකරුවන්ට හෝ විත්තිකරුවන් හට ආරක්ෂාවක් නොමැතිකමද මෙයින් පේනේනේ. කෙසේද ඔහුට වස බෝතලය ලැබුනේ? කෝ බන්ධනාගාර ආරක්ෂකයන් කෝ පොලිස් නිලධාරීන්? මෙසේ බැලුවිට බන්ධනාගාර ආරක්ෂකයින් හා සිරකරුවන් අතර ඇති සම්බන්ධතා මැනවින් ඔප්පු වේ. මේ ගැන පරීක්ෂණ පවත්වා අදාල අයට දඬුවම් කල යුතුය.
රොහාන් මහත්මයා, මිනිස්සු මැරුණට කමක් නැහැ. ඔය තව ඉන්නේ. අධිකරණයට අපහාස කරන්න එපා...