පාර්ලිමේන්තු මන්ත්‍රී රවී කරුණානායක මහතා අද(07දා) පාර්ලිමේන්තුවේදී වරප්‍රසාද ප්‍රශ්නයක් මතුකරමින් අතිරේක සොලිසිටර් ජනරාල් යසන්ත කෝදාගොඩ මහතාට අභියෝගයක් කළේය.
අනිකා විජේසුරිය මහත්මියට තර්ජනය කළ බව කියන ශනිල් නෙත්ති කුමාර නැමැති පුද්ගලයා තමාගේ ඥාතියකු නොවන බවත්, ඔහු ඥාතියකු බව අතිරේක සොලිස්ටර් ජනරාල් යසන්ත කෝදාගොඩ මහතා ඔප්පු කළහොත් තමා පාර්ලිමේන්තු මන්ත්‍රී ධූරයෙන් ඉල්ලා අස්වන බවෙත් රවී කරුණානායක මහතා පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළේය.
එසේ ඔප්පුකිරීමට නොහැකි වුවහොත් අතිරේක සොලිස්ටර් ජනරාල් යසන්ත කෝදාගොඩ මහතා බැදුම්කර කොමිසමින් සමාව ගතයුතු බවද රවී කරුණානායක මහතා ප්‍රකාශ කර සිටියේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මෙන්න වැඩක් මේ තක්කඩියා ආපහු කට අරිනවා.මේ හිගන්න වස්ත්‍ර ඇතුවද නැතුවද කටමැද දොඩවන්නේ ????
මේ ශ්‍රී ලංකාවේ ඥාතියන් නොවෙන දෙදෙනෙක් සොයා ගැනීම අපහසුයි නොමළ ගෙයකින් අබ ඇටක් සොයාගැනීමට වඩා.
තර්ජනය ගැන කතා නොකර ඥාතිකම් ගැන කතා කිරීමත් ලැජ්ජාවට කරුණකි. තර්ජනයක් සිදු වී නොමැති බවට අභියෝග කළ හැකි නම් වඩා සුදුසුය.
තමුන් දැන් දුෂිතයෙක් බව රටට ඔප්පුවී අවසානයි. ලංකාවේ නීතියේ හිල් නිසා අද එළියේ සිට කටමැත දොඩවනවා. වෙනත් රටකනම් ඔහේ අද ඉන්නේ මහඋළු ගෙදර.ලැජ්ජාවක් නැති මිනිස්සු. ලුසේනා
ඔය රවි කරුණානායගම් කියන මන්ත්‍රීවරයා හොඳටම සවුත්තු වෙලා නේද ඉන්නේ බැඳුම්කර කොමිසමේ. තවත් සවුත්තු වෙන්නේ නැතුව ඉන්නවානං හොඳයි නේද .
නිකන් බොරු ලාබ ටෝක් දානේ නැතිව ඉන්න රවී. ඥාතියකු උනත් එකයි නැතත් එකයි. දුන්නනේ වැඩේ ඇටි හැලෙන්නම.
අනේ යන්න රවී යන්න! මිලියන 169ක් අල්ලස් අරගෙන ඔප්පුවෙලා තියෙද්දී රෙදි ඇදන් පාර්ලිමේන්තු යන ඔයා ඉල්ලලා අස්වෙයිද?
ඔය වගේ සුළු දේකට ඉල්ලා අස්වෙන්න එපා ................ එහෙම ඕනමනම් ඔය කප්පරක් හේතු තියෙන්නෙ
අහා!!!!!! පිවිතුරු මැතිතුමෙනි, එම දුෂ්ඨයා නීතිය ඉදිරියට ගෙන එන්ට..... ඔවුහු ඔබගේ සම්පත් දැක මහත් වූ ඉරිසියාවෙන් පසුවෙති....
ඔක්කොම එළිවෙලා තියෙද්දේ මෙයා බයිලා ගහනවා රෙදි ඇඳන්ද මෙයා කතාකරන්නේ
නරකද දෙන්න අමුඩ දෙකක් ගහ ගෙන ප්‍රසිද්ධියේ මල්ලව පොරයකට ඉදිරිපත් උනොත්? වීරයා
ඥාතියකු නොවන බව කිවුවත් යහළුවෙකු නොවන බව නොපවසයි ..ඥාතියකු බව ඔප්පු කර පෙන්වන්න කිවුවත් යාළුවෙකු බව ඔප්පු කර පෙන්වන්න නොකියයි ..
බැදුම්කර වංචාවට අනුබල දීමෙන් අනිසි වරදාන ලබා ගනිමින් බිලියන 59 ක් රජයට පාඩු සිදුකරලා මොනවාද කරන අභියෝග,.නිතිය හරියට ක්‍රියාත්මක වෙනවනම් රවී ඉන්න ඕන වැලිකඩ බන්නාධගාරයේ,
ඔයාගේ ඥාතියකුම වෙන්න ඕනෙම නෑනේ ඔයාට කඩේ යන්න. අනික අපි ඈත අතීතයේ සිට දන්නවා ඔබ කොහොම කෙනෙක්ද කියා....
අතිරේක සොලිසිටර් ජනරාල් යසන්ත කෝදාගොඩ රවීට එරෙහිව එල්ල කර තිබෙන බරපතල එමෙන්ම බොරු චෝදනාව සැහැල්ලුවට බාර ගත යුතු නැත. සොලිසිටර් ජනරාල් වරයාගේ තත්වයේ කෙනෙකුට මෙවැනි අසත්‍ය ප්‍රචාරයක් කිරීමට බලයක් නැතිවා මෙන්ම එමගින් ඔහුගේ වෘත්තියටත් බලපෑමක් ඇති වෙනවා නොවේද ? වැරදිලාවත් කෝදාගොඩට මෙම චෝදනාව ඔප්පු කරගැනීමට බැරි වුවහොත් ඔහුගේ වෘත්තියට ඇතිවන කළු පැල්ලම සුදු කරගන්නේ කෙසේද ? සිය කිර්ති නාමයට ඇතිවූ අපහාසය වෙනුවෙන් රවී විසින් කෝදාගොඩට එරෙහිව ගන්නා නීතිමය කටයුතු හෝ වන්දි මුදලක් ගැන හෝ කතා නොකළේ මන්දැයි ප්‍රශ්නයකුත් මින් මතු වෙනවා !!!!
මාමලා බැනලා ගෙදරදී කතා නොකරන ,නෝනගේ වැඩ ස්වාමි පුරුෂයා නොදන්නා, දේශ පාලකයන් වන්දනා කරන පිරිස් සිටින දකුණු ආසියාතික රටවල් අතරින් එකක් වූ ශ්‍රී ලංකාවේ බත් කන බුද්ධිමතුන් පිරිසකුත් සිටිනවා
අතේ මාට්ටු වෙලා තියෙද්දී තව එක එක දේවල් වලින් විහිළු සපයනවා. සෙට්එකම හිරගෙට යවන එක තමා හොඳ. කෝදාගොඩ මහතා සමග මොවුන්ගේ මයිල් ගසක් සම කල හැකිද...........??????
මම හිතන්නේ මෙතන වැදගත් කාරණය වන්නේ තර්ජනය කරපු පුද්ගලයා කාගෙවත් ඥාතියෙක්ද නැද්ද නොව ඔහු තර්ජනය කලේ කා වෙනුවෙන්ද කියන එකයි.
මහජන මුදල ගසා කාල ලජ්ජා නැතුව කයිවාරු ගහන හැටි.
පලමුව හොරා කාපු සල්ලි ගෙවලා හිටපන් . අපිට ගොනට අන්දන්නෙ නෙතුව
හොඳ අභියෝගයක්.
බොසා අායෙත් නාගන්න යන්නේ.
මහත්තයෝ වෙන රටක නම් ඔබතුමාට විරුද්ධව අල්ලස් නඩු දාලා ගොඩක් කල්...
නෑදෑයෙක්ද නැද්ද දන්නේ නැහැ, නමුත් ඉතා ළඟ සම්බන්ධකම් නම් තිබෙනවා. ශනිල්ගේ සහෝදරිය සහ එස් බී දිසානායකගේ පුතා නාරදගේ විවාහයේ පින්තුරවල රවීගේ පවුලම ඉන්න පින්තුර පත්තර වලත් තිබුණා. ශනිල්ගේ අම්මා එක්ක රවී සහ පවුල පිටරට යන බව මම දන්නවා.
මෙච්චර හොර වැඩ අහු වෙලත් තාමත් පාර්ලිමේන්තුවේ ඉන්න පුළුවන් එකම රට මයේ අප්පච්චි.
තවත් විහිළු සපයන්නෙක්....
අපි ඔක්කොම රජ හොරු, ඔක්කොම පල් හොරු , රට විකුණන් කන නෑදෑයෝ...
හොරෙක් යන්න හදන උඩ.....
ඔබ තුමා ගැන රටේ පවතින මතය එතරම් හොඳ නැත. එහෙත් නිලධාරීන්ගේ අපක්ෂපාතී බව ගැන සැහීමකට පත් නොවේ නම්, එය ප්‍රශ්න කිරීමට ඔබට අයිතියක් ඇත.
යසන්ත....හම්මේ ඔයා... නන්දදාස මහත්තය වලෙන් නැගිට්යි වගේ..
කිසිම කෙනකුට අභියෝග කිරීමට ඹබට බෑ. තමුන් නිකම්ම නිකම් අවලංතු කාසියක්.
රවී ගැන මිනුස්සු හොදින් දන්නවා දැන් ....මෙයා හරිනං ඉන්න ඕන වැලිකඩ කුඩුවේ
කම්බ හොරත් දැන් අභියෝග කරනවනේ පගාවට ගත්ත ගෙදර ඉන්නව ලජ්ජා නැතුව. ඉන්න ඕනේ වැලිකඩ ගෙදර නෙමෙයි.
යසන්ත කෝදාගොඩ මහතා ලංකාවට පමණක් නොව මුළු විශ්වයටම අගනාසේවයක් කල උත්තරීතර පුද්ගලයෙකුගේ පුත්‍රයකු බව ඔහු නොදන්නවා උවද මුළු විශ්වයම දන්නා කරුණකි .
අනේ මේ රවී වගේ අය ...තවත් කට අරිනවනේ ...මුන් කරපු දේවල හැටියට එල්ලුම් ගස් යවන්න ඕනේ .
බැදුම්කර කොමිසමේ නිලදාරීන් මෙයට පිළිතුරු දිය යුතුව ඇත
මෙයා කරලා තියෙන දේවල් වල හැටියට යසන්ත කියූ දේ ඒ තරම් දෙයක් නොවෙයි.
ලජ්ජා නැතිකම මුදල් ඇමති කමටත් වඩා ලොකුයි
එහමනං, ඇයි ශනිල් නෙත්ති කුමාර අනිකා විජේසුරියට මරණ තර්ජනය කරන්නොන? අැයි ඇමතිවරු මාර්ගයෙන් පොලීසියට පරීක්ෂණ නොකරන්නැයි කියමින් බලපෑම් කරන්න ඕනා? ඇයි තමන් අත්අධංගුවට නොගන්නැයි කියමන් නඩුවක් පවරන්න ඕනා? අවසානයේ ඔයා මේ චෝදනාවලින් පිරිසිදු වෙන්නද? දඟලන්නේ......
හොරා කෑවේ නෑ කියලද කියන්නේ...........
මෙම බැඳුම්කර වංචාව චීනයේ උනා නම් මෙලහකට ප්‍රසිද්ධියේම හොරුන්ගෙ ඔළුවට වෙඩි තියල මරා දාල .
රවී පට්ට හොර.. තවමත් පාර්ලිමේන්තුවට ගේන්නේ අැයි ..
ඔය උඩින් අදහස් දාල තියෙන ප්‍රංශයේ ඉන්න මහත්මයාටය් කියන්නේ. අතිරේක සොලිසිටර් ජනරාල් යසන්ත කෝදාගොඩ මහත්මයා කොමිසමට කියන්නේ අනිකා විජේසුරිය මහත්මිය කරපු පැමිණිල්ල ගැන මිසක් ඥාතියකු ගැන නෙවෙයි. මරණ තර්ජන කිරීමේදී ඥාතියකු බව දන්වමින් මරණ තර්ජන කල හැකිය. ඔබතුමාගේ රවී ට මේකෙන් ගැලවීමක් නැත ආණ්ඩුවේ උදව් නැත්නම්. රවී එනවා තව කට කියාගෙන නිර්දෝෂී වෙන්න හොරකම් කරලා.
හත්පොලේ ගාගෙන අනුන්ට තර්ජනය කරන්න හදනවා වගේ වැඩක්...
ඇත්තටම දැන් නම් ඉන්න වෙන්නේ කූඩුවේ තමයි ....
කෝදාගොඩ කියා ඇත්තේ මාමා කියා අමතන අයෙක් කියා මිස නෑයෙක් කියා නොවෙයි