රංජන් කස්තුරි
අන්තර්ජාලය ඔස්සේ ඉතා පහත් හා අසභ්‍ය ලෙස ආණ්ඩුව විවේචනය කරන්නන් අත්අඩංගුවට ගතහොත් රට තුළ යහපත් මාධ්‍ය සංස්කෘතියක් ස්ථාපිත කළ හැකි වනු ඇතැයි කැබිනට් සම මාධ්‍ය ප්‍රකාශක ඇමැති රාජිත සේනාරත්න මහතා පැවසීය.
එවැනි දේ කරන තුන් හතර දෙනෙකු අත්අඩංගුවට ගෙන නීතිය හමුවට පමුණුවන්නැයි තමා ජනාධිපතිවරයාට යෝජනා කළ බවද රාජිත සේනාරත්න මහතා කීවේය.
ඔහු මේ බව පැවසුවේ කොළඹ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේදී අද පැවැති කැබිනට් තීරණ දැනුම් දෙන මාධ්‍ය සාකච්ඡාවේදීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කාට විරුද්ධව වුණත් මෙවැනි ප්‍රකාශ පල කරනවාට නම් දඩයක් ගහන්න ඕනෑ. නැත්නම් මේවා සාමාන්‍යකරණය වෙනවා.
විකාරද? විවේචනය කරන්න නැති වෙන්න වැඩ කරන්න..
ගිය ආණ්ඩුවේ හිටිය හොරුයි.. දැන් ආණ්ඩුවේ ඉන්න හොරුයි අත්අඩංගුවට අරන් රටෙන් පිටුවහල් කරලා දැම්මනං රට හොඳට ඉදිරියට කරගෙන යන්න පුළුවන්..!
අනිවාර්යයෙන්ම කරන්න ඕනේ දෙයක්, දැන් බයක් නැහැනේ! නිදහස ඕන විදිහට තියනවනේ! විවේචනය කරන්න නිදහස තිබෙනවා. නමුත් සීමාවෙන් ඉක්මයන්න එපා.
වැඩබැරි දාසලා ටිකක් පත් කරගෙන මේ වගේ කතා අහගෙන ඉන්න තමයි වෙලා තියෙන්නේ.
මෙයා කරන කියන දේ අනිවාර්යයෙන්ම විවේචනය වෙනවා. වරද දුෂ්ඨ හදවතයි.
අන්තර්ජාලය ඔස්සේ ඉතා පහත් ලෙස ආණ්ඩුව විවේචනය කරන්නේ ආණ්ඩුව කරන පහත් වැඩ මිනිසුන්ට ඉවසා ගන්න බැරි නිසායි. අන්තර්ජාලය ඔස්සේ බෝම්බ දාන්න පුලුවන් නම් දැනටමත් එය කරලා. ඔය පලකරන්නේ මිනිසුන්ගේ බුර බුරා නැගෙන පිළිකුල, අප්‍රසාදය,කේන්තිය, වෛරයයි.
ඔව් ඔව් කරන දේවල් විවේචනය කරන්න එපා. එතකොට තමයි දූෂණයේ ආචාර්ය උපාධිය දේශපාලකයන්ට ලබාගන්න පුළුවන් වෙන්නේ.
අනර්ඝයි. අතීතයට බලපාන පරිදි...
ඇයි දෙයියනේ ඔය හැම දෙයක්ම ඉවසනවා කියලා නේද යහපාලනය ආවේ...දැන් මොකද මේ .... ?
මේ වැඩ වලින් වෙන්නේ හිටපු කට්ටියයි, ඉන්න කට්ටියයි අතරේ වෙනසක් නැතිවෙන එක විතරයි.
විශිෂ්ඨ තීන්දුවක් මැතිතුමනි, යහපාලන රජය විවේචනය කරන සියලුදෙනාම අත්අඩංගුවට ගත යුතුය. මෙවැනි වැඩ එවිට නතර වෙයි.
ඔහෙලා මේ වනතුරු මොනවද මේ රටට දැනෙන ආකාරයට යහාපත් යමක් කලේ? මේ තාක් කරපු දේවලටයි, කරන්නයන දේවලටයි අනුව ඒ ආකාරයට ආණ්ඩුව විවේචනය කිරීම අසාධාරණ නැහැනේ....
ගරූ,.. අපි යහපාලනය හැදුවේ ප්‍රජාතන්ත්‍රවාදී විදිහට.. ඕනෑම කෙනකුට විවේචන කරන්න පුළුවනි. හැබැයි බොහොම සංවර විදිහට, නමුත් විවේචන කියලා රටේ නායකයන්ට බොහොම පහත් ආකාරයට මඩ ගහනවා අපි මේවා තරයේ හෙලාදකින්න ඕනෑ මතක තියාගන්න. අනුන්ට මඩ ගහන කෙනාට පළමුව මඩ ගෑවෙන්නේ තමුන්ගේ දෙඅත් වලටම බව...
ඔක්කොටම කලින් ඔබතුමාගේ පුත්‍ර රත්නය තමයි දාන්න වෙන්නේ.
රටේ සිංහල මිනිස්සු ගොනාට අන්දන්න උදේ, හවස කෙප්ප කෙලින දේශපාලකයෝ කීප දෙනෙකුත් අල්ලලා හිරේ දැම්මා නම් හරි....
මේවා හොඳට ප්‍රයෝජන අරගෙන බලයට ඇවිල්ලා දැන් කියන කතා.. තමයි
මහජනතාවට අපමණ සේවයක් කරන මේ ආණ්ඩුවේ ඇමති මණ්ඩලයට ස්තුති කරන්න ක්‍රමයක් කියලා දෙන්නකෝ ඇමතිතුමෝ... වැරදි දෙයක් ඇහුවද මන්ද?
කලකදි රසවේය.... කලකදි වසවේය. තරු පහේ ප්‍රජාතාන්ත්‍රවාදය මෙයයි..
එතකොට කියපු බොරු නිසා පළමුව හිරේට ගිහින් ආදර්ශමත් වුණා නම් හොඳයි නේද?
තමන් හරි නම් මොක විවේචනය කළත් මොකටද බයවෙන්නේ? හොරකම් විවේචනය කරන කොට රිදෙනවා නම් හොරකම් නොකර ඉන්න ඕනේ.. ජාතික ධනය විනාශ කරන අය හොරුම තමයි.
පරාජයට බයේ වියරුවෙන් කියන කතා....
විවේචනය කරන අයව අත්අඩංගුවට ගත්තහම ව්‍යවස්තානුකුලව අදහස් ප්‍රකාශ කිරීමේ අයිතියට මොකද වෙන්නේ. මේක මර්ධනය කියන ගණයට වැටෙන්නේ නැත්ද?