(මනෝප‍්‍රිය ගුණසේකර සහ රන්ජන් කටුගම්පොළ)
අග‍්‍රාමාත්‍ය රනිල් වික්රමසිංහ මහතා බැඳුම්කර කොමිසමට කැඳවීමට පියවර ගන්නා බව කොමිසමේ සභාපති විනිසුරු කේ.ටී.චිත‍්‍රසිරි මහතා අද (2) දැනුම් දුන්නේය.
ප‍්‍රශ්නගත බැඳුම්කර සිද්ධිය සම්බන්ධයෙන් කොමිසම රනිල් වික‍්‍රමසිංහ මහතාට යොමු කළ ප‍්‍රශ්නාවලියට පිළිතුරු ලබා දෙමින් ඉදිරිපත් කළ දිව්රුම් ප‍්‍රකාශයේ සඳහන් ඇතැම් කරුණු පැහැදිලි කර ගැනීම සඳහා අග්‍රාමාත්‍යවරයා කැඳවීමට කොමිසම පියවර ගන්නා බව දැනුම් දුන්නේය.
මෙම තත්ත්වයන් පැහැදිලි කර කොමිසම විශේෂ නිවේදනයක් ද නිකුත් කළ අතර කොමිසමේ සභාපති විනිසුරු කේ.ටී. චිත‍්‍රසිරි මහතා එම නිවේදනය කොමිසමේ කටයුතු ආරම්භ කළ අවස්ථාවේදී කොමිසමට දැනුම් දුන්නේය.
ප‍්‍රශ්නගත බැඳුම්කර සිද්ධිය සෙවීම සඳහා පත් කළ මෙම කොමිසම හමුවට සාක්කිකරුවන් 70 දෙනෙකු කැඳවනු ලැබු බවත් ඔවුන් අතුරින් කිහිපදෙනෙකු ඉතා දීර්ඝ සාක්කි ලබා දුන් බවත් ඊට අමතරව ලේඛණ 450කට අධික ප‍්‍රමාණයක් ඉදිරිපත් කළ බවත් ඒවායේ විශාල පිටු සංඛ්‍යාවක් අඩංගු බවත් සඳහන් කළ විනිසුරුවරයා මෙම කාර්ය නිසි ලෙස පුර්ණය කිරීමට කැපවන බවත් සඳහන් කළේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ තරම් නිදහසක් ලංකාවේ දැන් ඇති බව අහන්නත් සතුටුයි. ඉස්සර නම් කොහොමද?
සහතික ඇත්ත පිටිගල.
පිටිගල මිලානෝ, බයිලා කියන්න එපා බොරුවට !
මට පේන හැටියටනම් මේක නිකන් ඇස්බැන්දුමක් වගේ! කලින් මලික්වයි කබිර්වයි කොම්සමට ගෙන්නේපු වෙලාවේ අපේ වීර සොලිසිටර් ජෙනරාල්ලා මුකුත් ඇහුවේ නැහැනේ. අගමැති මේකේ මහා මොළ කාරය කියල කවුරුත් දන්නා හින්ද ලිස්සලා යවයි. හැබැයි ලඟදි ආණ්ඩුව මාරුවුනොත් රනිල්ට බඩුම තමා!
එජාපය මේක යට ගහන්න හැදුව බව අමතක වෙලා වගේ නිදහසක් ගැන කතා කරන්නේ.
මෙම පුවත බැලුවෝ 2891. පිටිගල මිලානෝගේ අදහසට 3616ක් විරුද්ධයි. කොහොමද එ්?
හොරු, නිවට, තක්කඩි තමයි යහපාලකයින් යයි කියන්නේ.
මේ කොම්සමේ ඉන්න නීතිපති දෙපාර්තමේන්තුවේ නිලධාරින් ගැන මුළු ජාතියම ආඩම්බරයි. රනිල් මහත්තයාගෙන් භය නැතිව ප්‍රශ්න අහන්න. ඔබ එය අභිමානයෙන් කරනු දැකීමට අපි පුල පුලා බලා සිටිමු...
කලින් උත්තර කියලා දීලා ප්‍රශ්න අහන්න එපා.