(මුදිතා දයානන්ද / ඡායාරූප - ජයමාල් චන්ද්‍රසිරි)
මහ බැංකු බැඳුම්කර සිදුවීම සොයා බැලීමට ජනාධිපති කොමිසමක් පත් කළ නිසා මට ආණ්ඩුවේම අය දැන් පහරදෙනවා යැයි ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා අද(8) මාදුළුවාවේ සෝභිත හිමි දෙවර්ෂ පූර්ණ ගුණ සමරු උළෙලදී පැවසීය.
බත්තරමුල්ල අපේ ගම පරිශ‍්‍රයේදී පැවති මෙම ගුණ සමරු උත්සවයේදී වැඩිදුරටත් අදහස් දැක්වු ජනාධිපතිවරයා මෙසේද කීවේය.
‘‘වැරදි දූෂිත පාලනයක් පෙරළලා අපි ආණ්ඩුවක් පිහිටෙව්වේ ඇයි? වැරදි කරපු මිනිසුන්ට ඇගිල්ල දිගු කරනවා වගේම, දඬුවම් දෙනවා වගේම අපේ වැඬේ අපි හරියට කරනවා. මහබැංකු බැඳුම්කර සිදුවීම සම්බන්ධයෙන් මම ජනාධිපති කොමිසමක් පත් කිරිම ගැන ඉතාමත් සුළු පිරිසක් මාධ්‍යවලින් වැරදි විග‍්‍රහ කරනවා. ආණ්ඩුවේ ඉතා සුළු පිරිසක් ෆේස්බුක්, වෙබ් සයිට් හරහා කැම්පේන් කරමින් මට චෝදනා කරනවා. සති අග පුවත්පත්ෙවල පිටු ගණන් වෙන්කර ගෙන, ඇතැම් මාධ්‍ය ආයතනවලට සල්ලි වියදම් කරලා මට පහර දෙනවා. විපක්ෂයෙන් ගහන ඒවාට වගේම ආණ්ඩුවෙන් ගහන ඒවටත් මට මුහුණ දෙන්න පුළුවන්. නමුත් ආණ්ඩුවේ අය මට පහර දෙනවා නම් එයින් අදහස් වන්නේ සෝභිත හාමුදුරුවන් බලාපොරොත්තු වු සාධාරණ සමාජයක් වෙනුවෙන් කටයුතු කරන නිසයි. උන් වහන්සේ ජීවතුන් අතර සිටියා නම් මට උපහාරයක් කරනවා‘‘
‘‘ජනතාව අපිව පත්කළේ මොකටද? අපි ආවේ හොරකම් කරන්නද? ආණ්ඩුව පත් වෙලා මාස තුනකින් තමයි මේ විනාශය කළේ. බැඳුම්කර සිදුවිම ඇති වුණ වෙලාවේ ආණ්ඩුවේත් විපක්ෂයේත් කිසිම බේදයක් නැතිව හැමදෙනාම මෙහි වැරදිකරුවන්ට දඬුවම් දිය යුතු බව කියා සිටියා. මේ ගැන සොයන්න කොමිසමක් පත් කරන ලෙස ඉල්ලීම් ආවා. මම ඒ ඉල්ලීම ඉටුකළා. කවුරු කළත් වරදක් නම් වරදක් මයි. ඒ වැරදි වලට අදාල පුද්ගලයන් ඒවාට වගකිව යුතුයි.‘‘ යැයි ද ජනපති කීය.





COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඒක නම් මසුරන් කතාවක් තමයි..
කවුරු මොනවා කිව්වත් ඔබතුමා විශේෂ කොමිසමක් පිහිටුවීමට ගත්ත තීරණය නිසා තමයි රජයේ ලොක්කො ගොඩක් අයගේ හොර එළිවුනේ,.. අපි ඒකට ගරු කරනවා
වැරදිවලට දඬුවම් දෙන්නේ නැතිව කොච්චර කියෙව්වත් වැඩක් නැහැ. අපි ක්‍රියාවෙන්ම පටන් ගනිමුද? ජනාධිපති තුමනි සද්දේ ටිකක් නවත්වලා..
ඔබතුමා කිව්වා නේද? මම ජනාධිපති ධුරයට පත්වුණු ගමන් එයාපෝට් වහනවා කියලා. ඒ කතාව වගේද මේකත්?
මෙහෙමත් ජනාධිපති කෙනෙක් ගැන ඇහුවමයි
ඕව කියල ඡන්දේ ගන්නවා බොරු මෙදා පාර. දැන් මේවා කියන්නේ ඒ ගොල්ලන්ගෙන් පිටින් ඉදල මෙයාල ඡන්දෙ ගන්න වගේ. අපිට සල්ලිත් නැති උනා බැදුම්කර මංකොල්ලය නිසා, ඒ මදිවට සංහිදියාවක් අල්ලාගෙන අර වීරෝදාර කොල්ලෝ ටික බෙර ගත්ත රටත් බෙදන්න දැන් සුදානම. දෙන්නම් මෙදා පාර ඡන්දෙදි
නැත්ද? මඩුවලිගයක් , නැත්නම් ඉලපතක්
හොරු රජයන රටේ ඔබතුමා කොහොමද යහ පාලනයක මගක යන්නේ? එක්කෝ පුටින් වගේ වෙන්න එහෙම නැතිනම් ලී කුවංන් යු වගේ වෙන්න.
දැනුවත් උනා
ජනාධිපතිතුමනි,මිනිසුන්ගේ කටවල් වහන්න...., අප අගය කරන පුරවැසියෙකු වශයෙන්.ඔබ ඉතා අගනා කාර්යභාරයක් ඉටුකළ යුතුයි...
ගරු ජනාධිපති තුමනි . ඔබට රට බාරයි . දැන්ඉන්න ඒවගෙම හිටපු ලෝක හොරු ටික පන්නා දමන්න ශක්තිය ලැබේවා . තෙරුවන් සරණයි.....
හොරු කවුද කියලා දන්නේ නෑ......
අතිගරු සිරිසේන උතුමාණනි ,,,කරුණාකර සෛටෙම් උදෙසාත් කොමිසමක් පත්කර ,,රාජිත ,,එස්බී කිරිඇල්ල යන අය මෙතරම් සෛටෙම් රැකගැනීමේ රහස මොකක්ද ?,,,සොයා බලන්න ,,,ඔබතුමාත් තම හදවතට තට්ටුවක් දාල බලන්න සෛටෙම් නොවහන්නේ මොකද කියා ,,,පරක්කු කරන්න එපා හොදේ ,,,,
ඔබතුමා මෙතනදී ඉතාමත් නිවැරදි තීන්දුවක් අරගෙන කටයුතු කරන්නේ ... ඔබතුමා නිවැරදි දේම කරන්න ...
නිවටකම ප්‍රදර්ශනය කරන්න එපා. හරි දේ හරි විදියට කරන්න. කරනදේ හරියට කරන්න. නිවැරදි දේ නිවැරදිව කරන්න කාටවත් බයවෙන්න ඕනැ නැහැ. නමුත් දැන්නම් රටට වැඩක් වෙන්නේම නැහැ. වෙදිකාවල කියන දේවල් නිල ප්‍රකාශ නොවෙයි. හරියට වැඩ කරන්න දන්න පොරක් වෙන්න.
ඔබතුමාගේ දින 100 සැලැස්මයි. පඩි රු-10,000 වැඩි කිරීමේ පොරොන්දුවයි ඉෂ්ට කරන්න නේද හදිසියේ සල්ලි හොයන්න වුනේ? පව් නේද අනික් කට්ටිය විතරක් කන්ඩෙම් කරන එක. ඒ ගොල්ලෝ බිලියන 10 ඔහොම හරි සොයා ගත්තේ නැතිනම් ඔය ආණ්ඩුව 2015 ජනවාරියේම හාන්සි තමයි …
ජනපතිතුමනි, අල්ලස් කොමිසමේ දක්ෂ දිල්රුක්ෂි ට බැන අස්වෙන තැනට වැඩ කලේ ඇයි? එසේ කලේ ලොක්කන් බේරීමටද? යටින් මිතුරු, උඩින් හතුරු. අපි කොන්ඩ බැඳපු චින්නු නොවේ.
ඔහේ මේ රට ආඬි හත් දෙනාගේ කැඳ හැලිය කරපු එකට නොගහන්නේ කවුද? කරුණාකරලා පෙට්ට්‍රල් ෂෙඩ් එකක් ලඟට යාපනේ ශිවාජිලින්ගම්ගේ ලඟට ගිහින් ප්‍රශ්නේ ගැන ඇහුවා වගේ පොඩ්ඩක් අහන්න බලන්න මොකද වෙන්නේ කියලා. මගේ හිතේ තියෙන දේවල් ලිව්වට වැඩක් නැහැ.
බල තන්හාවට ජනාධිපතිවරණයට තරග කිරීමෙන් අද මුළු ලංකාවම අයාලේ යනවා..
මට මේ ගැන දිග විවේචනයක් තියෙනවා නමුත් - නිදාගෙන ඉන්න කෙනා නැගිට්ට වන්න පුළුවන්ලු... බොරුවට නිදාගෙන ඉන්න කෙනා නැගිට්ටවන්න බැරිලු - එ්ක නිසා නිකන් ඉන්නවා.
වැට උඩ ඉඳගෙන ඉන්න එපා. තීරණ අරගන්න බැරිනම් ඉල්ලා අස්වෙන්න.
කොන්ද කෙළින් නැහැයි කියලා මිනිස්සු කියන්නේ නිකන් නෙමෙයිනේ. රනිල්ටයි, එයාගේ හෙන්චයියන්ටයි, ටීඑන්ඒ, මුස්ලිම් අන්තවාදීන්ටයි, දෙමළ ඩයස්පෝරාවට සහ බටහිර රටවල පදේට නටන රූකඩයක් වුණාම මෙහෙම දේවල් වෙනවා.
ඒක තමයි විධායක බලතල සහිත ජනාධිපතිකමක් ලැබිල තිබෙන්නේ. ඕක තියෙන්නේ පාවිච්චි කරන්න මිසක් දරු නැළවිලි ගීත කියන්න නොවේ.
හරි තීරණයක් ගන්න බැරි ඇයි?
තුන්වැනි පින්තූරෙ චෝදනා එල්ල වූ මලික් සමරවික්‍රමත් හිනාවෙමින් හොඳ කෙනෙක් වගේ ඉන්නවා.
ගරු ජනාධිපතිතුමනි ඔබගේ හැගීම් උදාරයි. නමුත් ඔබට වෙනත් පාර්ශවයක් විසින් නාස්ලනුවක් දමා ඇතිබව නොරහසකි.. ඔබ කොච්චර හරිතැනක හිටියත් එහෙම ඉන්න බැහැ. හේතුව ඔබ ඔය තැනට ආපු මාර්ගය හොඳ නැහැ එහි ප්‍රති විපාක තමයි දැන් ඔබ විඳින්නේ.. හරි කණගාටුයි. නමුත් රට හොඳ මාර්ගයකට ගෙනයන්න ඔබට ශක්තිය ලැබේවා ! අත්තේ ඉඳන් අත්ත කැපුවොත් බිම වැටෙන බව ඔබට දැන්වත් තේරෙනවද දන්නේ නැහැ.
ඔබ තම හරි දේ කරන්න. ඔබේ මරණින් පසු හෝ ඒ විරුද්ධවාදීන් ඔබේ හොඳ කියාවි. ඔබතුමාටත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයටත් ජයවේවා !!!
ඔබතුමාට බැහැ. පුළුවන් වුණත් හවුල් අවුල් හින්දා කරගෙන යන්නත් බෑ. හොඳම වැඩේ පුළුවන් කෙනෙකුට බාරදීලා වැදගත් විදියට අයින් වෙන එක....
හෆීල් මහතා, චෝදනා කියන්නේ ලංකාවේ දේශපාලනය තුල සාමාන්‍ය දෙයක්නේ. රාජපක්ෂ රේජීමයට චෝදනා බාරගනු ඇත.
ප්‍රංශයේ පැරිස් වලත් මාදුළුවාවේ සෝභිත හිමියන්ගේ පින්කමට දෙවනවරටත් සියලු ආගමික පූජක තුමන්ලා දායකත්වය අක්වනවා..
වහෙන් ඔරෝ කියලා කියන්නේ රනිල කුලයේ බෝග කන්න එපා කියල නේද? අපිට නම් හොඳට තේරෙනවා. ඔබතුමා දැන් පක්ෂයක් බදාගෙන ඉන්න එක තමයි වරද. පක්ෂයද, රටද කියලා හිතුවොත් නැවත ජය ලැබේවි. නැත්නම් ඉතින් හිටපු ජනාධිපති කියන පදවිය තමා ලැබෙන්නේ...
විරුද්දවාදීන් මොනවා කිවත් ලංකාව හොඳ මගට ගන්න ඔබට හැකියාව ලැබේවි. කුඩු සහා අපරාධ ඉක්මනින් මැඩලන්න.නඩු ඉක්මනින් විසදාලීමේ ක්‍රමවේදයක් හදන්ඩ. කිරිපිටි ගෙන්වීම ක්‍රමානුකුලව නවතන්ඩ. හමුදාව තවත් වැඩිකර රටේ සංවර්ධනයට යොදවන්ද. අපට අපනයනය සඳහා බඩු නිපදවන කර්මාන්ත ශාලා එක ගමකට එක බැගින් ඇතිකරන්ඩ.