(නාඋල ඉන්දික අරුණ කුමාර සහ දඹුල්ල කාංචන ආරියදාස)
අතුරුදන් පිරිස් සොයා ලග්ගල තෙල්ගමු ඔයේ සිදුකර මෙහෙයුම් කටයුතු වලට වර්ෂාවෙන් බාධා එල්ලවී ඇතැයි ආරක්ෂක අංශ සඳහන් කරයි.
ප්‍රදේශයට ඇදහැළෙන අධික වර්ෂාව හා තෙල්ගමු ඔයේ ජලය බොරවී තිබීම මෙහෙයුම් කටයුතු වලට බාධාවක් වී තිබේ.
මේ වනවිට මෙහෙයුම සඳහා ශ්‍රී ලංකා යුධහමුදාව, නාවික හමුදාව, පොලිසිය සහ ප්‍රදේශවාසින් එක්ව සිටිති.
තෙල්ගමු ඔයේ දිය නෑමට ගොස් ඊයේ (04) අතුරුදන් වු පිරිස අතරින් තවත් සිව්ි හැවිරිදි කුඩා කුඩා දැරියක් අද උදෑසන සොයාගනු ලැබීය.
තෙල්ගමු ඔයේ වැද්දාපැණි ඇල්ල ප්‍රදේශයේ දී අතුරුදන් වු මෙම පිරිස අතරින් අද (05) සොයාගත් මෙම දැරියගේ සිරුර හමුවී ඇත්තේ දියේ ගිලුණු ස්ථානයේ සිට කිලෝමීටර් 04 ක පමණ දුරකින් පිහිටි ප්‍රදේශයක රැදි තිබියදීය.
ඊයේ (04) දියනෑම සඳහා පැමිණි 12 දෙනෙකුගෙන් යුත් පිරිසෙන් දිය පහරට අසුවී 8 දෙනෙකු අතුරුදන් වූ අතර සිවි දෙනෙකු දිවි ගලවා ගෙන තිබේ.
ඊයේ සවස් වන විට මල සිරුරු 5 ක් සොයාගත් අතර අද හමුවූ මල සිරුරත් සමඟ එම සංඛ්‍යාව 6 දක්වා ඉහළ යන අතර සෙවීමට ඉතිරිව ඇත්තතේ තවත් පුද්ගලයින් දෙදෙනෙක් පමණක් බව මෙහෙයුමට එක්වී සිටින ආරක්ෂක අංශ සඳහන් කළේය.


(ඡායාරූප - නාඋල ඉන්දික අරුණ කුමාර)

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අපේ රටේ මිනිස්සු මෙහෙම තමයි
දිය නෑමට ආරක්ෂිතම ස්ථාන තමයි නාන කාමර හා නාන ළිං.කොහේ ගියත් දියනෑමට මේ දෙකෙන් එකක් භාවිතා කරන්න අනුන්ගේ වැරදි වලින් තමන් පාඩම් ඉගෙනගන්න.
මෙවැනි දුක්ඛ දායක සිද්ධීන් අසන්නට නොලැබේවා !!! මේ මිය ගිය අයට අපි නිවන්සුව පතමු.