(නිමල කොඩිතුවක්කු සහ ඉන්දිකා රාමනායක)
ජනාධිපති මෛත‍්‍රිපාල සිරිසේන මහතා සම්බන්ධයෙන් තමන් දැඩි කළකිරීමකින් පසුවන බව රාජ්‍ය අමාත්‍ය සුජීව සේනසිංහ මහතා පවසයි.
ඇතැම් පිරිස්වල උවමනාවට එක්සත් ජාතික පක්ෂයේ තරුණ දේශපාලනය විනාශ කිරීමට ජනාධිපතිවරයා පංගු කාරයෙක් නොවිය යුතු බවද ඒ මහතා කියයි.
පිටකෝට්ටේ පිහිටි සිරිකොත එක්සත් ජාතික පක්ෂ මූලස්ථානයේ දී අද(21) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඒ මහතා මේ බව කීය.
“මම ඇත්තටම ජනාධිපතිතුමන් ගැන ඉන්නේ විශාල කළකිරීමක. අපි එතුමන්ව පත්කළේ ජීවිතය කැප කරලා. එතුමන්ට දීලා තියෙනවා රාජපක්ෂලත් විනාශ කරලා එක්සත් ජාතික පක්ෂයකත් විනාශ කරලා එතුමන් 2020 විශාල බලයක් එයි කියලා එක ආයතනයක්. මම එතුමන්ට කතා කරලා කිවුවා මාසයකට කලින්. මේ කොමිසම දික් කරලා මොකක්ද කළේ. දික් කරගෙන දික් කරගෙන අපිට මඩ ගහනවා.
මිග් ගණුදෙනුවට කෝ ජනාධිපති කොමිසමක්. කෝ නැවු ගනුදෙනු වලට ජනාධිපති කොමිසම් කෝ අඞ්වර්ටයිසින් කොම්පැනිවලට කෝ ජනාධිපති කොමිසම්.
ජනාධිපතිතුමාට මම කියනවා එතුමගේ දරුවො වයසේ තමයි අපිත්. එතමා දරුවෝ ආරක්ෂා කරනවනම් එතුමට ඊ නිව්ස් එකෙන් ගහනවනම් අපිට ගහන එකත් හොද නැහැ යම් මාධ්‍යයක්.
පොදු අපේක්ෂකයා විදියට එතුමා විසි දෙනෙක් අරන් එනවා කියලා 04ක් අරන් එනකොට කට්ටිය කිව්වා දෙන්න එපා කියලා. එතනදි රෝසි සේනානායක මහත්මියත් මමත් කිව්වා එතුමා තීන්දුවක් අරන් ආවා කීයක් එක්ක ආවත් මේ සටන පටන් ගමු කියලා. වරදක් තියෙනවනම් නීතිය ක‍්‍රියාත්මක කරන්න. එතුමා ජනාධිපතිතුමා එතකොට අපිට ඇගිලි දික්කරන්න බැහැ හොරු අල්ලන්නේ නැහැ කියලා. එතුමන්ට පුළුවන් නම් බැදුම්කර කොමිසම දාලා ඒ සම්බන්ධයෙන් නීතිය ක‍්‍රියාත්මක කරන්න ඇයි අනිත් ඒවට බැරි.
මම ජනාධිපතිතුමාට කියන්නේ. ජනාධිපතිතුමා හිතා මතාම 2008 ඉදන් හොයන්නේ නැතුව 2015 ඉදන් පටන් ගත්තා. ගහක පැළ වුණ තැන හොයන්න බැහැ මුල නැතුව. ඉතා ලේසියෙන් කරන්න තිබුණා 2008 ඉදලා මේ බැදුම්කර කොහොමද ඇතිවුනේ කියලා හොයලා බලන්න කියලා. ඇයි මේක කරන්න බැරි අපි මේ ගැන එතුමන්ගෙන් ඉල්ලූව. මෙතන තිබුණේ දේශපාලන වශයෙන් එක්සත් ජාතික පක්ෂය එරෙහි කුමන්ත‍්‍රණයයි. මම එක්සත් ජාතික පක්ෂයේ ඉන්නකම් ඒ පක්ෂය ආරක්ෂා කරන්න මම බැඳිලා ඉන්නවා.
එමෙන්ම හදුන්නෙත්ති මහත්තයට සදාචාරාත්මකව ඉදගන්න අයිතියක් නැහැ ඔය කෝප් කමිටුවේ. මොකද පළමුවෙන්ම බැදුම්කරයට එරෙහිව කථා කරේ එතුමන්. .මන් යම් දෙයක් සම්බන්ධයෙන් අදහසක් දරනවනම් ඒකේ සභාපති වෙන්න එතුමන්ට සදාචාරාත්මක අයිතියක් නැහැ. අපිට පුළුවන් මතයක් දරලා සාමාජිකයකු ලෙස ඉඳගන්න. අපි අර්ජුන් ඇලෝෂියස්වත් රත්වත්තේවත් කවුරුත් ආරක්ෂා කරන්නේ නැහැ“ යැයි ඒ මහතා පැවසීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පොදු ජනතාව නම් ඔය ඔක්කෝමල ගැන කළකිරීමෙන් ඉන්නෙ
වැරදි මුලින් කරත් පස්සේ කලත් වැරදි.
මේ මුදල් සියල්ලම ආපසු ලබා ගැන ජනතාවට දිය යුතුයි. හොරු සියල්ල නීතියෙන් දඬුවම් දීම කල යුතුමයි.
ඇත්තටම කවුද මේ ?
ඒ කියන්නේ ඔයා දැන් පිලිගන්නවා බැඳුම්කර වංචාවක් 2008 ඉඳලා වෙලා තියනවා. එහෙමනන් මොන එකටද පොත් ලිව්වෙ? නඩු දැමිමෙ?
2015 න් පටන්ගත්තත් 1015 න් පටන්ගත්තත් තමන් වැරද්දක් කරලා නැත්නම් මොකටද බය වෙන්නේ?
කොමිසමේ වාර්තාව එනකන් ඉන්න. වෙච්චදේ දැනගැනීමට හැමෝටම අයිතියක් තියනවා.
ඇමතිතුමෝ ඒ කාලේ වැරදි බව හැගුනු නිසා තමයි අපි මහින්ද මහතා අයින්කරලා සිරිසේන මහතා ඡනාධිපති කරේ, ඒ විශ්වාසය එතුමා රැකිය යුතුයි. ඒ නිසා විශ්වාසය නොරැකි අය පලමුව සෙවිය යුතුයි ඡනපතිතුමා හරි
සුජීවලගේ කේන්තිය සාධාරණයි තමා.
අපි නම් සුජිව සේනසිංග ගැන හරිම පැහැදීමෙන් ඉන්නෙ.
සුජීව සේරසිංහ ඇමතිතුමාගේ තර්කයට මම එකගයි .
එතුමා කියන එක සම්පූර්ණ කතාව හරි. හොරුන් අල්ලනවා කියල අද වෙනකන් කිසිම කෙනෙක් ගියේ නැහැ. අධිකරණයට යනවා එනවා නිදහසේ එළියේ ඉන්නවා මදිවට ආණ්ඩුවට දොස් කියනවා
සේනසිංහ අපේ ගමේ කොල්ලට ජයවේවා! ජයවේවා !! ජයවේවා!!!.
රටේ මිනිසුන් මේ හොරු රකින චීප් එවුන් ගැන හිතන්නේ මොකටද ?
ඇයි? මුන් තමයි හොද කියා බලේට පත් කරපු එවුන් මොකුන්ද ? ලංකාවේ තොපිම තමා මුන්ව බලේට පත් කරගත්තේ ! ඕයි....
එක්සත් ජාතික පාක්ෂිකයාගේ ඡන්ද ගෙඩිය පිටින් දුන්නා ජනාධිපතිවරණයේදී අද මේ මොකද වෙන්න යන්නේ සුජීව සේරසිංහ ඇමති තුමනි...............
2005 ජනාධිපති වරණයේදී එක්සත් ජාතික පාක්ෂිකයාගේ ඡන්ද ගෙඩිය පිටින් දුන්නා .. සුලුජාතින් ගෙඩිය පිටින් දුන්නා.... හෙළ උරුමය 90%ක් දුන්නා...ජනතා විමුක්ති පෙරමුණ ගෙඩිය පිටින් දුන්නා ...ශ්‍රී ලංකා නිදහස් පක්ෂය 01 % ක් වත් දුන්නේ නැත .... දුන්නා නම් මහින්ද රාජපක්ෂ මැතිතුමාට ලක්ෂ 58 ඡන්ද ගත්තේ කොහොමද .... අද මේ මොකද වෙන්න යන්නේ සුජීව සේරසිංහ ඇමති තුමනි .මේකටද කියන්නේ.....දේශපාලනේ .
කලකිරෙනවා හැබැයි යන්නේ නෑ, බැඳුම්කර කොමිසම වැරදි කියනවා හැබැයි ඉල්ලා අස්වෙන්නේ නෑ. අපිට ඕවකියන්නේ මොකටද.
ඇත්තනෙ ඇයිමේ හොරුන්ට විධි දෙකකට සලකන්නෙ ?
අනේ අම්මප නානවා කියල මෙහෙම නැමක්නම් අම්ම මුත්තා කාලේවත් දැකල නැහැ.
හොරැ අල්ලන්න කියලා ඇවිත් හොරකම් කරන එක හොදයි ඒවා හොයන්න ගත්තාම කළකිරෙනවලු. මතක තියාගන්න මෛත්‍රී මහත්තයා මහින්ද මහත්තයාටත් ගේම දුන් එකේ රනිල් මහත්තයාටත් දෙන එක සුළු දෙයක්.
සුජීවගේ තර්කය හරියටම හරි. කව්රු කලත් වැරද්ද වැරැද්ද මයි. එත් මහින්ද ජනපති අවුරුදු 10 ක කාලයක මොන තරම් බැඳුම් කර විකුණලා පාඩු සිදුකරලා තියෙනවද. මොනතරම් මහජන මුදල් කොල්ල කාල කාබාසිනියා කරලා තියෙනවද ? ඒවා ගැන කතා කරන්න තරම් ආණ්ඩුවට පණක් නැත්තේ ඇයි කියන එක ප්‍රස්නයක්. මම හිතන්නේ මීට වැඩ 100 ගුණයකින් විතර මහින්ද අර අජිත් නිවාර් කියන හොර තක්කඩියා එක්ක එකතු වෙලා බන්දුක් කර විකුණා දැම්ම . මේකට කෑ ගහන එක අර කක්කුස්සි ගිලපු එවුන් කාට හරි වාතයක් ගිහාම ගඳයි කියනවා වගේ වැඩක්.
එතුමාට ඇහැකිනේ ස්වෙච්ඡාවෙන්ම ඉදිරිපත්ගේ වෙලා පොත පරිවේෂණීය සාක්ෂියක් විධියට බැදුම්කර කොමිසමට පිලිගන්වන්න.
ඔබතුමාගේ කතාව සියයට සියයක් හරි.
සුජීව හරිම දක්ෂයි. මොකද කුඩා කාලේ මම දන්නවා ඔහු ගැන. අපි ජනතාවට උවමනා විදිහට හදා ගන්න පුළුවන්. පක්ෂ දේශපාලනය නැතිව රටට ජාත්‍යන්තර සම්බන්දතා ගෙනියන්න හැකි කෙනෙක්. මගේ දේශපාලන හිතීම් වෙනස්. නමුත් සුජීව දක්ෂය බව දන්නවා තව ගොඩක් කල් යන්න පුළුවන් කෙනෙක්.
කේන්තිය සාධාරණයි , හිස් වෙච්ච භාණ්ඩාගාරයක් , බිල් පත් වල ආයෝජකයින් වැඩි හරියක් කලින් ආණ්ඩුවේ හිතවත්තු . සල්ලි බ්ලොක් කරන්න සෙට් වෙලා හිටියේ. එතුමා ගේ දින සීයට සල්ලි වහාම හොයල දුන්නේ නැත් නම් එතුමයි ආණ්ඩුවයි දෙකම ඉවරයි .. එහෙම තත්වයක් තිබුනේ . ගොඩ දාල දුන්නට පස්සේ දෙනවා ඇට්ටි හැලෙන්න … කලින් උන්ගේ වංචාවන් ඔක්කොම වහල ඒ ගොල්ලන්ගේ ඡන්ද හිඟා කන්න ඕන හින්දා … ශ්‍රී ලංකා කාරයෝ එදා ඡන්දෙ දුන්නේ නැහැ එතුමාට ..
විලිලැජ්ජයි !. මේ කතා කරන්නේ විකාරෙන් වගේ. වැරැද්ද කරලා අනුන්ගේ පිටේ එක දාන්ඩ හදනවා. නඩු කිව්වේ, පොත් ලිව්වේ, බැදුම්කර හොරකම වහන්ඩ, තව මොනවද රෙද්දක් ඇදගෙන කියන්ට තියෙන්නේ. ඇදගෙන නානවා.
මේ කට්ටිය ඔක්කොම එකතුවෙලා කඩේ යවන්නේ මහජනතාව. ඔක්කොම චෝදනාවලින් එයාල නිදහස්. මහජනයාගේ බදු මුදල් ඉවරයි. එයාල බෙදාගෙන. මෙයාලට ඡන්දෙ දෙන අය බත් කන හරක්............
සුජීව සේනසිංහ ඇමති තුමා ඊයේ මාධ්‍ය හමුවක් තියලා ඉතුරු වෙලා තිබ්බ ටිකත් නාගත්තා. එතුමාගේ කතාව සහා හැසිරීම නිරීක්ෂණය කරන ඕනෑම කෙනෙකුට තේරෙනවා වසන් කරන්න හදන්නේ මොකක්ද කියලා. කොහොමත් පාර්ලිමේන්තුවේ ඉන්න හැම දෙනෙක්ම දුෂිතයි. අවංක පිරිසිදු කියලා කියන්න කෙනෙක් හොයා ගන්න නැහැ.
මහත්තයෝ ඔයා මොන කයිවාරු ගැහුවත්. සිරිසේන මහත්තයා. අාවේ නැත්තන් ඔබතුමන්ලා තාමත් විපක්ෂයේ. රාජපක්ෂ අාණ්ඩුව එයාලගේ තෙවෙනි ඉනිම දියත් කරලා. ඔබලට හරිහමන් නායකයෙක් නැතිකම නිසානේ එතුමා. පොදු අපේක්ෂකයා කරේ. දැන් වැඩක් කරගන්න බැරි වුනත් අශාවට හරි ඔබලට අාණ්ඩුවක් තියෙන්නෙ එතුමට පින්සිද්ධ වෙන්න. දේශපාලනය කියන්නේ බල අරගලයක්. අරමුණ බලය ලබා ගැනීම. එ්ක එතුමා කරනවා. ඔබ තුමාලා පුට් නෝට් කල්ලියනේ. ඔබලා මොනවා කීවත් අපිට තේරුනා ඔබලා අැලෝසියස් රකින්න උත්සාහා කරනවා කියලා. ඔබලමනේ කියන්නේ අැලෝසියස් ඔබලගේ මිතුරෙක් කියලා. මහත්තයො ඔබලා දැන් හෝරු සමග හෙලුවෙන්. පරණ හොරුගැන අපට කියලා වැඩක් නෑ ඔබලගේ අාණ්ඩුවනේ බලයේ ඉන්නේ. අබ කාපු මිනිසුනගේ තමා ඔලු රත්වෙන්නේ.............
බැදුම්කර පරීක්ෂණ හා නීතිය ක්‍රියාත්මකවිම ප්‍රමාද කිරීමට බොරු කයි කතන්දර හින්දා උදව්වක් වෙනවා කියලා හිතෙනවා. මහජන මුදල් වැරදි පරිහරණයට ගත්ත අයට දඩුවම් දෙන්න තවත් බල බලා ඉන්න ඕනැ නෑ. මහජනයා අසරණ කිරීම හෝ ප්‍රකෝප කරන එක දේශපාලනය නොවේ. හරි දේ කරලා පිරිසිදු විය යුතු චරිත ගොඩක් ඉන්නේ. දේශපාලනයේ දිගටම රැදෙන්න ඕනෑනම් නිවැරදි බව ඔප්පු කල යුතුයි. තරුණ අය තව කාලයක් දේශපාලනය කරන්න ඉන්න අය මෙයිට වඩා බුද්ධිමත් විය යුතුය.
මුළු රටම කලකිරීමෙන් ඉන්නේ හොරුන්ව ආරක්ෂා කිරීම ගැන.
ලබන සැරේ මෙයා නේනසිංහ.............
එතුමාට බලයට එන්න උදෞකලේ අව්‍යජවද ? නැත . බින් මහත්තයට බලයට එන්න වක්‍ර ක්‍රමයක් ලැබෙන නිසා එහෙම කලේ. බලය ඉල්ලුවේ තිබුණු රජය හොරකම් කලබවට ඔබත් ඇතුළු කථිකයෝ ෆෛල් ගොනු පිටි පෙන්වමින්. පාරවල් වලින් 80% ක් හොරකම්කල බවට කියා පාමින්. ඒවායෙන් වැඩිහරිය බොරු බව මේ රජය පාරවල් වලට කොන්ත්‍රාත් කරුවන් තේරීමේදී පෙන්වා ඇත. දැන් පාරවල් කරන්නේ එයටත් වඩා වැඩිමුදලට. එත් පාර හැදෙන්නෙත් නැහැ. ජනපතිතුමා හොරුන්ට විරුද්ධව වැඩකරනවා කියල බලයට ආවේ. දැන් එතුමාට වෙලා තියෙන්නේ මේ උදවිය කියන විදියට මහබැංකු හොරු රකින්න. රටේ කිසිම සංවර්දන වැඩක් කෙරෙන්නේත් නැහැ. එ්ත් ගන්න ණය මුදල නම් කලින් රජය ගත්තාටත් වැඩි. අඩුම තරමේ වැඩකරලා කොමිස් ගත්තනම් ජනතාවට හිත හදාගන්න තිබුන, එහෙනම් ආයෝජකයෝ අපේ රටට එනවා. මහබැංකු හොරකම නිසා ඒවිද ? කාටද විස්වාස කරන්න පුළුවන් මේ රජය ?
දඩුවම් කරන්න හදනකොට හොද නෑ.
පහුගිය රජයේ ප්‍රකෝටි ගනම් හොරාකාපු හොරුන් අල්ලනවා කියල අද වෙනකන් කිසිම නඩුවක් අහල දඩුවම් කලේ නැහැ.සුජීව ඇමති තුමාගේ තර්කයට මම එකඟයි. අපිට හොඳට පේනවා බැදුම්කර කොමිසම මෙහෙයවන්නේ ඒකාබද්ධ විපක්ෂේ මහා රජා කියල.මොකද ජනාධිපති තුමාගේ කනෙන් මේ අය රිංගල ඉන්නේ.මොකද 2008 ඉදන් බැදුම්කර ටෙන්ඩර් නැහැ,ටෙලිෆොනේ කෝල් එකෙන් බැදුම්කර දුන්නේ.දෙනවත් බැදුම්කර හොයනවනම්,2008 ඉදන් හොයන්න කොමිසමට වහාම කියන්න.මහජතාව මේ ගැන කුපිත වෙලා ඉන්නේ.
බැඳුම්කර මගඩිය ඔප්පුකරන එක හරියට ගැහැණියක් ගැබ් ගත්ත කියල ඔප්පුකරනවා වගේ වැඩක්. මුලදී හැංගුවත් පස්සේ කොහොමටත් එළිවෙනවා. නමුත් පරණ ආණ්ඩුව කාලෙ ගැබ්ගත් ගැහැණු කාටහරි බැඳලා දුන්න.
මමනම් හිතුවා ඔබ හොද කෙනක් කියලා බලපුවාම ඔක්කොම ඩිඑල් කාරයෝ. අහිංසක ජනතාවට දෙවියන්ගේම පිහිටයි . ඔබ ඊයේ මාධ්‍ය ඉදිරියේ හැසිරුණ විදිහට ඔබත් මේ ගනු දෙණුවේෙ කොටස් කරුවකු බව හොදටම පේනවා.................
රටේ පුරවැසියන් හැටියට අපට අවශ්‍ය මෙම බැදුම්කර ගණුදෙනුවේ වංචාව කෙරුණේ කොහොමද? එය සිදුකළ අය කවුද , කොපමන මුදලක් වංචා කර තිබෙනවාද? නමුත් කොමිසමේ කාලය තුළ අපට මේ කිසිවක් ගැන පැහැදිලි අවබෝධයක් මාධ්‍ය තුළින් ලබා ගන්න බැරිවුණා. කොමිසමේ කතා කල කරුණු මාධ්‍ය ආයතන වලට අවශ්‍ය විදිහට සංස්කරණය කරන ලද ප්‍රචාරක ව්‍යාපාරයක් පමණි අප දුටුවේ . මම හිතන්නේ කොමිසමේ ගරු විනිසුරුතුමන්ලා අපට අවශ්‍ය කරුණු එතුමනලාගේ වාරතාව මගින් අපට පැහැදිලි කර දෙයි.
බැඳුම්කර සිද්ධිය ගැන කට මැත දොඩවන දේශපාලුවොවත් නිශ්චිත අදහසක නෑ. මෙතන අලාභය කියලා එක එක අය එක එක ගණන් කියන්නේ තමන්ගේ තියෙන නොදැනුවත්කම පෙන්වමින්. නීතිය ඉදිරියේ කවුරුවත් තාම වැරදිකරුවන් වෙලා නෑ. මේ කියන සුරැකුම්පත් ආයතනය ලියාපදිංචි වුනේ වසර ගණනාවකට කලින්. ඒ වගේම මීට කලිනුත් ප්‍රකාශිත මුදලට වඩා වැඩි ප්‍රමාණයකට බැඳුම්කර නිකුත් කරලා තියෙනවා. කලින් තිබුණු කේවල් කිරීමේ ක්‍රමයෙදි තෝරාගත් ප්‍රාථමික ගැණුම්කරුවන් පිරිසක් එක්ක කේවල් කිරීමක් වුනේ. එතකොට වෙන්දේසි ක්‍රමයට නොගිය ඒ යුගයේ වෙච්ච දේ ගැනත් හොයන්න ඕන. ඒ වගේම අනික් ප්‍රාථමික අලෙවිකරුවන් ගැනත් මෙහෙමම හොයන්න ඕන. මෙතන වෙන්න පුළුවන් දේ, අභ්‍යන්තර වෙළෙඳාම කියන වැරැද්ද. ඒකෙන් පාඩු වෙන්නේ තවත් ප්‍රාථමික ගැණුම්කරුවෙක්ටම තමයි.
පොදු ජන අපි නම් මේ රජය දකින්නේ හොඳ විතරමයි. රජයක් විදියට ජනාධිපතිවරු අගමැතිවරු සංචාර වලදී පොදු ගුවන් සේවා භාවිත කිරීම, සංචාර වලදී අවම ප්‍රමාණයක් සහභාගි කරවිවිම, විවෘත කිරීම වලට අදාළ ඇමතිවරයාට ප්‍රමුකත්වය දී ජනාධිපති සහභාගි නොවීම, පොලිතින් භාවිතය නැවතීම, නිදහසේ කතාවට අවසර දීම, උද්ඝෝෂණ කිරීමට ඇති නිදහස, සිනි ප්‍රමාණය අනුව සංකේත බිම සඳහා භාවිත කිරීම, රජයේ මැති ඇමතිවරුන්ට විරුද්ධව පියවර ගැනීම........... මේ අනුව මේ රජය තව වසර 8-10 ක් යනවිට නියම මාවතට එනු නියතයි. එවිට අපගේ දුවා දරුවන්ට ඉතා හොඳ රටක ජිවත් වීමට හැකියාව ලැබෙනු ඇති.
සුජීව දැන් නිකම් තොත්ත බබා පාට් එක දානවා. කෝල් තුන්සිය ගණනක් දෙන්න නම් ලොකු හේතුවක් තියෙන්න ඕනෑ. එහෙම නැත්නම් පෙම් යුවලක් වගේ මල් කැඩුවාද!! එයා කියන කතා විස්වාස කරයි කොන්ඩේ බැඳපු චීන්නු!!!
බැංකු පොලි අහස උස්සට.රට විනාශයි හොරකම් කරලම. මෙයා යනවා පක්ෂය බේරගන්න. ජනතාව විදවනවා.කෝ මෙයාලගේ දින 100 සංවර්ධනය? නික්කම්ජනතා මුදලින් කකා දොඩවන්නේ නැතුවහොරු ඔක්කොම අල්ලනවද? නැත්නම්රට විනාශ නොකර ගෙදර යනවද? මේ වගේ පිනට කන හොරුන්ට වැඩිය පාරේ වැඩකරන කම්කරුවා, විදේශ ගතව සිටින ගෘහ සේවිකාවන් රටට වැඩ සේවයක්කරනවා!!! නික්කමෝ රැල එම සල්ලි කකා පොත්ලියනවා,පපුවට ගහගන්නවා, දන්නේ නැහැ කියනවා,මතක නැහැ කියන්නව,අවරුදු 5 පෙන්ෂන්ගන්නවා ,
ඔබ පමණක් නොවේ, නිර්පාක්ෂික කියා එකධිපති පාලනයට විරුද්ධව අපේ ඡන්දය වංචා කර අරගෙන දැන් ඒ අන්දමටම පාලනය ගෙන යනව. බැදුම්කරය ඉස්සරහට ගෙන රාජපක්ෂලා රැක ගන්නවා, දැන් නම් පෙන්නේන්නේ " වදුරට දැලි පිහිය ලැබුන වගෙයි" කියා
සුජීව ජනාධිපතිගේ හැටි දන්නේ නැතිව තප්පු ලා ඉල්ලන් කන්නයි යන්නේ.................
ඕකට තමා කියන්නෙය් නරි වදන රෙද්ද පල්ලෙන් පෙරනවා කියල. මෙයාටත් රවී කල්ලියට එකතු වී බායි කියල යන්න වෙනවා...............
තවටික දවසකින් මෛත්‍රී ජනාධිපති ඒකාබද්ද හොර නඩය සමග එකුතුවෙලා තමාව ජනාධිපති කරපු ඒජාප කට්ටියටම කොකා පෙන්නන කොට රටටම දැඩි කළකිරීමක් ඇතිවේවි...... අර අඩි හයේ කතාව දැන් එයාට මතක නෑ............
අර කෝල් කරලා කරුණු හොයාගන පොතක් ලිව්වනේ, මේගැනත් පොතක් ලියමුද? ඔහොම තමා සාමාන්‍යෙයන් වැරදිකරන අය ඒක වහගන්න කාගේ හරි ඕපාදුපයක් රසට ගොතනවා.
බැඳුම්කර කොමිසම ගැන ජනදිපතිට දොස් කියන්නේ මෙයාල තම.බලාගෙන ගියහම කම්බහොරු කියන්නේ මෙන්න මෙයාලට.
අර්ජුන මහේන්ද්‍රන් බිලියන් 59 සොරකම් නොකලානම් ඔබට කලකිරීමට හේතුවක් නැත
බිලියන 1 ක නිකුතුවට ම තවත් බිලියන 9 ක් එකතු කිරීම සිදුව ඇත . විකල්පය වන ටෙන්ඩර 2 වෙන වෙනම නිකුත් කිරීම සම්මත පටිපාටියයි . එහෙත් පළමු ක්‍රමය අනුගමනය කිරීම නිසා ඇත්ත වශයෙන්ම පාඩුවක් සිදු වුනාද එය කොපමණද යන්න අපක්ෂපාත ආයතනයකින් නිවැරදිව තාක්ෂණිකව ගණනය කර පෙන්නා දිය යුතුය . දේශපාලකයින් හා නිලධාරීන් පාඩුව බිලියන 1000 යි ට්‍රිලියන 100 යි ආදී වශයෙන් දෙන ලණු ජනතාව ගිල ඇති බවක් පෙනේ .
අනේ දෙවියනේ ඔය කෝල් වල වොයිස් ටික අපට ලබා දෙන්න........ හෙහේ...
පළමුව මේ සිදුව ඇත්තේ 'මගඩියක්' බව සක්සුදක් සේ පැහැදිලියි. එසේ නොවේ නම් පීටීඑල් එක පෙර වසර වලට සාපේක්ෂව මේ සා විශාල අසාමාන්‍ය ලාභයක් ලබන්නේ කෙසේද? සීඊඕ කසුන්ට කෝටි දහයක ප්‍රසාද දීමනා ලැබෙන්නේ කෙසේද? දෙවනුව, මාස තුනක කාලයක් තුළ මේ පිළිබඳ තොරතුරු අනාවරණය වූ සැනින්, නිශ්චිත පිළිගත් ක්‍රියාමාර්ග අනුගමනය කලානම් මේ විනාශය වලක්වා ගත හැකිව තිබූබව පැහැදිලියි. මෙහිදී අග්‍රාමාත්‍ය ජ්‍යෙෂ්ඨ ආර්ථික උපදේශක ආර්. පාස්කරලිංගම්, ඔහු වෙත කරුණු වාර්තා වී තිබියදීත් 'බකන්නිලන්' සිටියේ ඇයි? ඔහුව ප්‍රශ්න කල යුතු නොවේද? අග්‍රාමාත්‍යවරයාම පත්කළ පක්ෂග්‍රාහී කමිටුවේ නිර්දේශ පවා නොතකා හැරියේ ඇයි? අප මෙය දකින්නේ, රට 'ෆෙඩරල්' වෙත ගෙනයාමේ කුමන්ත්‍රණයක් ලෙසයි. ආර්ථිකය දුර්වල කොට ජනතාව ජීවන බරින් මිරිකෙන විට, තමන් රිසි සේ ෆෙඩරල් යෝජනා සම්මත කර ගැනුමට එයින් මග පෑදෙයි. බොහෝ සෙයින්ම ගොවි ජනතාව විශාල ආර්ථික අර්බුදයකට මැදිව සිටින බව නොරහසකි. මේ අතර ආයෝජන සඳහා අවදානම් රටවල් අතර තවත් ස්ථාන කිහිපයක් ඉහලට යාමටද මේ තත්වය හේතුවී ඇත. මේ සියල්ලක් ඔස්සේ රට දුර්වල වී අස්ථාවර වීම නොවැලක්විය හැකිය. මේ සියල්ලක අවසානය, 'ෆෙඩරල්' 'අනාගමික'....
සුජීව දේශපාලනයට කළ එළි බැස්සෙත් බොරුවෙන් වංචාවෙන්. 2001 චන්ද්‍රිකාගේ රජයට එරෙහිව නඩු දැම්ම මධ්‍යස්ථ පුරවැසියෝ කියල සෙට් එකක්. සුජීවත් එ්කේ කෙනෙක්. 2002 ඡන්දෙට සුජීව නාමයෝජනා දෙනවා එජාපෙ එකෙන්. තඹ සිද්ධිය හැමෝම දන්නවනේ. මේ වගේ බොරුකාරයෙකුට බැඳුම්කරේ වගේ හොද්දක් ලැබුණොත් බොරු නොකරයිද?
පිස්සන් කොටුවේ ඉන්න ඕනේ අය පාර්ලිමේන්තු යවපුවාම ඔහොම තමයි.
රාජපක්ෂලා ඉදිරියට, බැඳුම්කර පස්සට... ඒක යල් පැන ගිය යකාගේ නීතියක්ම තමයි.
ඔයා කළකිරුණට වැඩක් නෑ. ඔයාලගේ ලොක්කා පිළිඅරගෙන තියෙනවා.. බරපතල වරදක් කරලා තියෙන බවට...
මෙයාට හිතේ අමාරුව තියන්නේ එයාලගේ හොරකම් විතරක් අල්ලෙන්නේ ඇයි කියලනේ. පරණ හොරුන්න්වත් අල්ලා දඬුවම් ඉක්මන් කල යුතුවෙනවා. මේ ආණ්ඩුවට මෙතරම් කල් ගිහිල්ලත් තාම පරණ හොරකම්ව්ලට දඬුවම් දෙන්න බැරිඋනා. ජනතාව මේ හැමදෙයක්ම බලාගෙන ඉන්නේ.
මෙයා ඡන්දෙට කලින් කිව්වේ පොඩි කාලේ අශ්වයො පිට ගියා. ස්කෝලේ ගියේ මර්සිඩීස් බෙන්ස් කාර් එකෙන්... අපිට සල්ලි තියෙනවා කියලා. නමුත් බැලුවම, මෙයා දේශපාලනයට අැවිත් තියෙන්න එ්කෙන් මගඩි ගහලා සොරකම් කරලා අශ්වයෝ පිටේ යන්න සහ මර්සිඩීස් බෙන්ස් ගන්න.
2005 ජනාධිපති වරණයේදී එක්සත් ජාතික පාක්ෂිකයාගේ ඡන්ද ගෙඩිය පිටින් දුන්නා. සුලුජාතින් ගෙඩිය පිටින් දුන්නා. හෙළ උරුමය 90%ක් දුන්නා. ජනතා විමුක්ති පෙරමුණ ගෙඩිය පිටින් දුන්නා. ශ්‍රී ලංකා නිදහස් පක්ෂය 01 % ක් වත් දුන්නේ නැත. දුන්නා නම් මහින්ද රාජපක්ෂ මැතිතුමාට ලක්ෂ 58 ඡන්ද ගත්තේ කොහොමද. අද මේ මොකද වෙන්න යන්නේ සුජීව සේරසිංහ ඇමති තුමනි .මේකටද කියන්නේ දේශපාලනේ. හැබැයි මහජනතාව අවදියෙන් අපි ඡන්දෙදි බලමු .
දයා මහතාණෙනි, ඔබතුමා හරියටම හරි.. 2005 ජනාධිපතිවරණයේදී එක්සත් ජාතික පාක්ෂිකයාගේ ඡන්ද ගෙඩිය පිටින් දුන්නා. සුලුජාතින් ගෙඩිය පිටින් දුන්නා. හෙළ උරුමය 90%ක් දුන්නා. ජනතා විමුක්ති පෙරමුණ ගෙඩිය පිටින් දුන්නා. ශ්‍රී ලංකා නිදහස් පක්ෂය 01 % ක් වත් දුන්නේ නැත. දුන්නා නම් මහින්ද රාජපක්ෂ මැතිතුමාට ලක්ෂ 58 ඡන්ද ගත්තේ කොහොමද?
සුජීව සේරසිංහ ඇමතිතුමනි, මේකටද කියන්නේ දේශපාලනේ කියලා? හැබැයි මහජනතාව අවදියෙන් අපි ඡන්දෙදි බලමු. අැයි මේ මිනිස්සු කියද්දී කියද්දී නිකමට හරි 2005 සිට බැඳුම්කර පිළිබඳව විමර්ශනයක් කරන්න ජනාධිපතිතුමා කොමිසමක් පත් නොකරන්නේ ...?
සුජීව සේරසිංහ මැතිඳුනි,. අැයි මේ මිනිස්සු කියද්දී කියද්දී නිකමට හරි 2005 සිට බැඳුම්කර පිළිබඳව විමර්ශනයක් කරන්න ජනාධිපතිතුමා කොමිසමක් පත් නොකරන්නේ ...? ඒ දවස්වල මෙයාලත් කොනකද කියලා අපිට සැකයි.
2005 සිට බැඳුම්කර විමර්ශනයක් කරන්න කොමිසමක් පත් නොකරන්න හේතුව කුමක්ද?
2005 සිට බැඳුම්කර පිළිබඳව විමර්ශනයක් කරන්න ජනාධිපතිතුමා කොමිසමක් පත් නොකරන්නේ ඇයි? 2005 සිට බැදුම්කර ගනුදෙනු විමර්ශනයට ජනාධිපති කොමිසමක් පත්කරන්න!!!
2005 සිට බැදුම්කර ගනුදෙනු විමර්ශනයට ජනාධිපති කොමිසමක් පත්කරන්න !!!
ඇත්ත තමයි 2005 සිට බැදුම්කර ගනුදෙනු විමර්ශනයට ජනාධිපති කොමිසමක් පත්කරන්න....!!!
අපි පාරට බහින්න කලින් ජනාධිපති කොමිසමක් පත්කරන්න ජනාධිපතිතුමනි .
2005 සිට බැදුම්කර ගනුදෙනු විමර්ශනයට ජනාධිපති කොමිසමක් පත්කරන්න.. නැත්නම් අපි පාරට බහිනවා 2005 සිට බැදුම්කර පිළිබද තොරතුරු සොයන්න කොමිසමක් පත්කරන්න ඒ තෙරතුරු දැනගැනීමේ අයිතිය අපිට ඇත .
මොනවා උනත් තම යු එන් පි එකට කඩේ යන මෝඩ හරක් ඉන්නව .ඒ වගේම ඔය හොරු නඩේම පාර්ලිමේන්තු යවන ගොන් වස්සෝත් තාම ලංකාවේ ඉන්නව .ගොන් යක්කු සුජිවල ඇලෝසියස්ල හොදට හම්බු කරන ඉන්නේ ගිය ආණ්ඩුවේ හිටපු උනුත් එහම්මයි උන් ඔක්කොම හොරු දැන් ඉන්න උනුත් හොරු .දැන්වත් මෙවුන්ට කඩේ යන්නේ නැතුව තමන්ට දෙයක් කරගනින් .
ගරු ජනාධිපති තුමනි 2005 සිට මේ දක්වාම බදුම්කර ගණුදෙනු හා මහා බැංකුවේ ගණුදෙනු සහ රත්තරන් සංචිත වල සියලු තොරතුරු සොයන්න දැන් මේ කටයුතු කරන කොමිසමම පත්කරන්න . රටම අවදියෙන් ....!!!
ජනාධිපති කොමිසමක් පත්කරන්න ජනාධිපතිතුමනි. 2005 සිට මහා බැංකුවේ සියලු ගිණුම් පරික්ෂා කරන්න.
මේ නඩේ වක්‍රව කියන්නේ අපි මේ කොමිසමට අකමැතී කියානේ.
ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නායකයන්ට හැමදාම මුළු මතක නෑ. මැතිවරණයකදී ජනතාව මතක්කරයි .
ඕක තමයි කියන්නේ එකට කෑවත් බොක්ක වෙනස් කියලා.
හිතං ඇති එකතුවෙලා දිනන්න හොරු බේරගන්න .
ඒක සහතික ඇත්ත.. රිස්ක් එක ගන්නේ කීපදෙනෙක් වැඩේ ගොඩගත්තාම.. මුලින්ම ගහන්නේ උදව් කරලා ඒ අයට හැම දේශපාලන පක්ෂයක කණ්ඩායමකම වගේම ආයතනවලත්, පවුල්වලත් එහෙමයි. දෙවැනි කාරණේ මේ මුදල ඇත්තටම කව්ද? මොකටද? වියදම් කළේ... එක පුද්ගලයෙක් ගත්තා වෙන්න බැහැ.. ඒක පැහැදිලියි. මොකද නිලධාරියෙක් කරපු දෙයක් කවුරුවත් ආරක්ෂා කරන්නේ නැහැ. සාමාන්‍යෙයන් තුන්වන එකකට අවසාන බෙදුමකට පඩිවත්, කොමිසමේ වියදමවත් දරන්නේ ජනතාවමයි.
රාජ්‍ය අමාත්‍ය සුජීව සේනසිංහ මහතා කල කිරෙන්න ඕනේ ජනාධිපති ගැන නෙමෙයි තමන් ඇතුළු පක්ෂයේ අනාගතයක් තිබුණු තරුණ නායකත්වපෙළ දේශපාලන වශයෙන් විනාශකර දැමූ තමන්ගේම පක්ෂයේ නායකයා ගැන. මේක කාලයක් තිස්සේ පක්ෂ අභ්‍යන්තරයේ පැසවමින් තිබුණු ප්‍රශ්නයක්. එය වරින් වර විධාරණය වෙමින් හා නැවතෙමින් තිබී දැන් අළු යට ගිනිසේ නිහඬව තබුණත් ගිනි කන්ද නැවත පුපුරා යන දවස වැඩි ඈතක නොවේ. අන්න එදාට කලකිරීම ගැන කතා කරන්න ඔබ ඔතන නැහැ ඇමතිතුමනි !
හොරාට කලින්ම කෙහෙල් කැනනේ වැට පැනලා තියෙන්නේ !