(මනෝප්‍රිය ගුණසේකර)

බැඳුම්කර ගනුදෙනුව පිළිබඳ සොයා බැලීමට පත් කළ කෝප් කමිටුවේ සාමාජිකයින් 28 දෙනාගෙන් 5 දෙනකුම පර්පෙචුවල් ට්‍රෙෂරීස් සමාගමේ හිටපු අධ්‍යක්ෂ අර්ජුන් ඇලෝසියස් සමග දුරකථන සම්බන්ධතා පවත්වා ඇතැයි අද(16) බැඳුම්කර කොමිසමේදී හෙළිවිය.

ප්‍රශ්නගත භාණ්ඩාගාර බැඳුම්කර නිකුත් කිරීම සම්බන්ධයෙන් කෝප් කමිටුවේ පරීක්ෂණ කටයුතු සිදු කරන අතරතුර ඔවුන් අතර මෙලෙස දුරකථන සම්බන්ධතා පවත්වා ඇතැයි ද බැඳුම්කර නිකුත් කිරීම සිදුවන අවස්ථාවේදී අර්ජුන් ඇලෝසියස් හිටපු මුදල් ඇමැති රවී කරුණානායක සහ ඔහුගේ පවුලේ අය සමග අවස්ථා 476කදී  දුරකථන සම්බන්ධතා පවත්වා ඇතැයි අද බැඳුම්කර කොමිසමේ දී හෙළි විය.

අද හෙළිවූ තොරතුරු අනුව අමාත්‍ය දයාසිරි ජයසේකර 2වතාවක්, රාජ්‍ය ඇමැති සුජීව සේනසිංහ 62වතාවක්,  නියෝජ්‍ය ඇමැති අජිත් පෙරේරා 2වතාවක්, හෙක්ටර් අප්පුහාමි 23වතාවක් සහ මන්ත්‍රී හර්ෂණ රාජකරුණා  23වතාවක් එසේ ඇලෝසියස් සමග දුරකථන සංවාද සිදුකර ඇතැයි වාර්තා වේ.