(මනෝප්‍රිය ගුණසේකර)
බැඳුම්කර ගනුදෙනුව පිළිබඳ සොයා බැලීමට පත් කළ කෝප් කමිටුවේ සාමාජිකයින් 28 දෙනාගෙන් 5 දෙනකුම පර්පෙචුවල් ට්‍රෙෂරීස් සමාගමේ හිටපු අධ්‍යක්ෂ අර්ජුන් ඇලෝසියස් සමග දුරකථන සම්බන්ධතා පවත්වා ඇතැයි අද(16) බැඳුම්කර කොමිසමේදී හෙළිවිය.
ප්‍රශ්නගත භාණ්ඩාගාර බැඳුම්කර නිකුත් කිරීම සම්බන්ධයෙන් කෝප් කමිටුවේ පරීක්ෂණ කටයුතු සිදු කරන අතරතුර ඔවුන් අතර මෙලෙස දුරකථන සම්බන්ධතා පවත්වා ඇතැයි ද බැඳුම්කර නිකුත් කිරීම සිදුවන අවස්ථාවේදී අර්ජුන් ඇලෝසියස් හිටපු මුදල් ඇමැති රවී කරුණානායක සහ ඔහුගේ පවුලේ අය සමග අවස්ථා 476කදී දුරකථන සම්බන්ධතා පවත්වා ඇතැයි අද බැඳුම්කර කොමිසමේ දී හෙළි විය.
අද හෙළිවූ තොරතුරු අනුව අමාත්‍ය දයාසිරි ජයසේකර 2වතාවක්, රාජ්‍ය ඇමැති සුජීව සේනසිංහ 62වතාවක්, නියෝජ්‍ය ඇමැති අජිත් පෙරේරා 2වතාවක්, හෙක්ටර් අප්පුහාමි 23වතාවක් සහ මන්ත්‍රී හර්ෂණ රාජකරුණා 23වතාවක් එසේ ඇලෝසියස් සමග දුරකථන සංවාද සිදුකර ඇතැයි වාර්තා වේ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
එළිවෙන ජාමේ හොඳ හොඳ සෙල්ලම්. ජනතාව බලා ඉන්නේ මේ රජය හැම දූෂිතයකුටම දඬුවම් කරන තුරු...
ඔය එන්නේ අනික් අයගේ ඒවා නම් ... නමුත් මේක...
නියමයි. හොරාගේ අම්මගෙන් තමයි පේන බලලා තියෙන්නේ. හොරාගෙන් ගෙවල් කීයක් මේ අයට ලැබුණාද? රවිට වගේ අමතකද දන්නේ නෑ!
ඔන්න බොලේ ඔන්න බොලේ. එළිවෙන ජාමෙට හොඳ හොඳ සෙල්ලම්. අර අජිත් පෙරේරා කියන පුද්ගලයා කතා කරන්නේ දෙවි කෙනෙක් වගේ. බබා වගේ...
476 වතාවක් කතා කරපු කෙනා තාම මොකක්වත් දන්නේ නෑ කිව්වේ.......? අහෝ පුදුමයකි.
අමාත්‍ය දයාසිරි ජයසේකර, රාජ්‍ය ඇමැති සුජීව සේනසිංහ, නියෝජ්‍ය ඇමැති අජිත් පෙරේරා, හෙක්ටර් අප්පුහාමි සහ මන්ත්‍රී හර්ෂණ රාජකරුණා යන අය ඉවත් වුණොත් හොඳයිනේ....
මෙතන හෙළිවුණු වාර්තාව අනුව රවී කරුණානායක සමග 476 කදී දුරකථන සම්බන්ධතා පවත්වා ඇතැයි කියමින්. ඉතින් එයා කොහොමද ඔය සේරම මතක තියං ඉන්නේ? ආසියාවේ හොඳම මුදල් ඇමතිනේ....
හැකි ඉක්මණින් මේ අයට දඬුවම් දෙන්න. නැවත ඡන්දයක් ඉල්ලන්න බැරිවෙන්න නීති සකස් කරන්න. යහපාලනය නියම අර්ථවත් වෙන්නේ මේවා තුළින් පමණි.
කට්ටියම එකතුවෙලා තමන්ගේ මනුස්සයාට උදව් කරනවා වගේ, නැත්නම් ඔක්කොම අමරුවේනේ....
කට්ටියටම හොඳහැටි සලකලා තියෙන්නේ....
මේක නිකන් ගලේ මළපහ කළ බළලාගේ වැඩේ වගේ. වහන්න වහන්න එළියට එනවා. හත්පොලේ ගාගත්තා වගේ.
මේක විශාල ලෙස ඔඩු දුවපු කුණු වී ගඳ ගහන හොරියක් වගෙයි බලාගෙන යනකොට ! මේකට සම්බන්ධ ලොකු පොඩි හැම කෙනාම කූඩූ කර, පිල්ලි ගැහුවා කියන රටේ අති විශාල ධනස්කන්ධය රජයේ භාණ්ඩාගාරයට (ගොන් කරත්තවලින් හෝ ) ගෙන එන දිනය තමා, යහපාලන රජයට කැමැත්ත පල කරපු ලක්ෂ 62ක ඡන්ද දායකයන් නොඉවසිල්ලෙන් බලා ඉන්නේ ! කාලය ඉතා වේගයෙන් ඉගිලී යනවා ... ඉබි ගමනින් නොයා යුතුය !!!
මේවා නිකම් හොරකම් නෙමෙයි. සැලසුම් සහගත සහ කල්ලි ගැහිලා කරපු හොරකම් තමයි.
සුජී නම් පොතට තොරතුරු අහගන්ට වෙන්නට ඇති ....
හොරකම හොයන කට්ටිය, හොරාත් එක්ක සම්බන්ධකම් පැවැත්වීම කොච්චර අපරාදයක්ද? මේ ෆූට්නොට් කල්ලිය නේද? මෙයාලා එළිපිට යහපාලනේ රෙදි ගලවා ඉවරයි.
අනේ මේ අය හීනෙකින්වත් වරදක් කරන අයද? කතා කරන්න ඇත්තේ අර්ජුන් ගේ සැප දුක් අහන්න වෙන්නැති.
මම ඔබට ස්තුති කරන්න කැමැතියි, ජනපති නීතීඥ කොමිසමට... ඔවුන් ඉතා හොඳ දෙයක් කර තිබෙන්නේ...
අදින අදින කොලේ අනාගන්න මේ වගේ යහපාලනයක් නම් ආයේ හීනෙකින්වත් ඕනේ නැහැ. ෆුට් නෝට් කල්ලියම මෙච්චර කාලයක් කල් මැරුවේ ඕක නිසා තමයි. මහා අයගේ වැඩ නිසා වැඩිපුර බදු ගෙවන ලැජ්ජා නැති ඡන්දදායකයින්ගේ රටක අපි ජීවත් වෙන නිසා ඔය ඔක්කොම ටික දවසකින් අමතක වෙලාම යාවි.
මේවා පුවත් මගින් පල වීම නිසා හොරුන්ව හදුනාගන්න ලැබෙනවා. කලින් නම් ජනතාව මේ හොරකම් ගැන හාන්කවිසියක් දන්නෙත් නැහැ.