(රොමේෂ් මධුෂංඛ)
දෙමළ ජනතාවගේ අනාගත සුබ සිද්ධිය වෙනුවෙන් බිහි කළ දෙමළ ජනතා සංසදය කිසි සේත් දේශපාලන පක්ෂයක් බවට පරිවර්තනය නොකරන බවටත් සියලු දේශපාලන කටයුතු වලදී සංසදයක් ලෙස ඊට මැදිහත් වන බවට උතුරු පළාත් ප්‍රධාන අමාත්‍ය සී.වී.විග්නේස්වරන් මහතා පැවසීය.
ඉදිරි මැතිවරණයන් වලදී දෙමළ ජනතා සංසදය පක්ෂයක් වශයෙන් ලියාපදිංචි කොට මැතිවරණයක් සඳහා ඉදිරිපත් වන්නේ දැයි මාධ්‍යවේදීන් ඇසූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් ඇමැතිවරයා මෙසේ කීය.
දෙමළ ජනතා සංසදය ඇතිකර ගත්තේ දෙමළ ජනතාව වෙනුවෙන් පෙනී සිටීමට. මේ සංසදය පක්ෂයක් වශයෙන් මැතිවරණයකට කිසිසේත් ඉදිරිපත් වෙන්නේ නැහැ. සංසදය තුළ දෙමළ ජාතික සන්ධානයේ එක් එක් පක්ෂවල ක්‍රියාකාරීනුත් ඉන්නවා පක්ෂයක් වශයෙන් මැතවරණවලට ඉදිරිපත් නොවුණත් ඉදිරියේදී ඇතිවන දේශපාලන කටයුතු වලදී මැදිහත් වී කටයුතු කරන්න අපි තීරණය කරලා තියනවා යනුවෙනි.
‘රජය විසින් ඉදිරිපත් කර ඇති නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ අතුරු වාර්තාවෙන් දෙමළ ජනතාවගේ සිතුම් පැතුම් බොඳවෙලා යන විදිහේ එකක්. ඒ නිසා අපි අතුරු වාර්තාවට විරෝධය පළ කළ යුතුයි. දෙමළ ජාතික සන්ධානයේ ප්‍රධාන පක්ෂයක් වූ ඉලංගෙයි තමිල් අරුසකච්චි පක්ෂය අද වෙනකම් දෙමළ ජනතාව වෙනුවෙන් විශේෂයෙන් කරපු දෙයක් නැහැ. ඒ නිසා ඉදිරියේදී පැවත්වෙන පළාත් පාලන මැතිවරණයන් වෙනුවෙන් අපේ පක්ෂයත් දෙමළ ජාතික පෙරමුණ ඇතුළු පක්ෂ කීපයක් එක් වී පොදු ලකුණකින් තරග කරන්න බොහෝ දුරට ඉඩ තියනවා’ යැයි දෙමළ ජාතික සන්ධානයෙන් ඉවත්වූ ඊ.පී.ආර්.එල්.එෆ් පක්ෂ නායක සුරේස් ප්‍රේමචන්ද්‍රන් මහතා කීවේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
එතකොට මෙවුන් නේද ජාතිවාදයෝ. ආණ්ඩුවේ ඉලව් සංහිඳියාවනේ...
ජාතිවාදය කියන්නේ මේක තමයි....
උතුරේ ජාතිවාදය අවුස්සන මෙයාටත්, දකුණේ ජාතිවාදය අවුස්සන අනෙකුත් ජාතිවදීන්ටත්, එරෙහිව පෙළගැසීමට කාලය එලබී ඇත..
විග්නේශ්වරන් කියන්නේ වාසුදේව නානායක්කාරගේ මස්සිනා. විග්නේශ්වරන් නටන්නේ වාසුදේව නානායක්කාර කියන විදිහට, වාසුදේව නානායක්කාර වැඩ කරන්නේ මහින්ද රාජපක්ෂ මහත්තයා කියන විදිහටනේ, අන්තිමට විග්නේශ්වරන් ජාතිවාදය අවුස්සන්නේ ඒ කියන විදිහටනේ....
විග්නේශ්වරන් සියයට අනූවක් සිංහල. එයාගේ ලඟම නෑයෝ, බිරිඳ, බෑනා, ලේලි ඔක්කොම සිංහල තමයි.
හොඳම ලකුණ තමයි ගොනා සලකුණ. මේ අය දෙමළ ජනතාව හොඳට ගොනාට අන්දවලා තියෙන්නේ...
පොදු ලකුණ මොකක්ද? කොටියෙකුගේ මූණක්ද?
ජාතිවාදයක් නැති වෙන්න නම් ජාති නැති වෙන්න ඕන. ජාති හදන්නෙ අපිද? රජය නේ? උප්පැන්න සහතිකේ හදනකොටම ජාතිය දාන්න ඕන. ඉස්කෝලෙට දානකොට ආගම දාන්න ඕන. ඉතින් කොහොමද ආගම්වාදෙයි ජාතිවාදෙයි නැති වෙන්නේ? ජාතිවාදය නැති වෙන්න නම් හැමොගෙම ජාතිය "ශ්‍රී ලාංකික" කියල මාරු කරන්න ඕන. එතකොට ලංකාවේ සිංහල අයත් නෑ. දෙමළ අයත් නෑ. මුස්ලිම් අයත් නෑ. එහෙම ඉන්නව කියල ඔප්පුකරන්න ක්‍රමේකුත් නෑ. ඉන්නේ ශ්‍රි ලාංකිකයෝ විතරයි. එතකොට එක එක්කෙනාට එක එක නීති නැතුව හැමෝටම එක නීතියක් ක්‍රියාත්මක කරන්නත් පුලුවන්.