(ආරියරත්න රණබාහු සහ සුජිත් හේවාජුලිගේ)
පළාත් පාලන මැතිවරණය කඩිනමින් පවත්වන ලෙස ඉල්ලන යෝජනාවක් පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක බහුතරයකින් සම්මත කර ගැනීමට පක්ෂ නායකයින් අතර නිල නොවන මට්ටමේ සාකච්ඡාවක් පවත්වා තිබේ.
එවැනි යෝජනාවක් ගෙන එන්නේ නම් ඊට සහාය දීමට සියලූ පක්‍ෂවල එකඟතාව ලැබී ඇති බවද වාර්තා වේ.
එක්සත් ජාතික පෙරමුණ, එක්සත් ජනතා නිදහස් සන්ධානය, ඒකාබද්ධ විපක්‍ෂය, ජනතා විමුක්ති පෙරමුණ සහ දෙමළ ජාතික සන්ධානය යන පක්‍ෂ ඊට සහාය පළකර ඇතැයි දැනගන්නට තිබේමැතිවරණය ඉක්මනින් පැවැත්වීම සඳහා ගත හැකි නීතිමය ක‍්‍රියාපටිපාටිය වහාම දැනුම් දෙන ලෙස අගමැති රනිල් වික‍්‍රමසිංහ මහතා නවදිල්ලි නුවර සිට නීතිඥ කණ්ඩායමකට දන්වා ඇති අතර ඉන් පසුව මෙම සාකච්ඡාව නිල නොවන මට්ටමින් පවත්වා ඇත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේක මුට්ටිය දාලා බලන වැඩක් . ඊටපස්සේ ව්‍යවස්ථාවත් ඔය විදියටම වෙනස් කරයි .
ඒජාපයටත් ඕන ඡන්දයක්, ජේවීපෙ ට ඕන ඡන්දයක්, එකාබද්ධයටත් ඕන ඡන්දයක්, මේකට පස්ස ගහන්නේ මෛත්‍රී පිල බව කාටත් ඉතා පැහැදිලියි , මෙයට හේතුව මෛත්‍රී පිල එකබද්ධයට පස්සේ ගිහින් නැවත එකතු වෙන්න උත්සහකරන බවත් එය හරියනකම් ඡන්දය කල් දමමින් කාලය මරණ බව රටම ඉතාමත් පැහැදිලියි
ඡන්දෙ එනකම් බලන් ඉන්න අයට කියන්නේ හොඳේ අඩුකරලා දෙන බියර් එක බිල මොකුත් ඇහුනේ නැහැ. දැක්කේ නැහැ වගේ... වෙරි මතේ සද්ද නැතිව හිටපල්ලා. කවදා හරි මෛත්‍රීපාල සිරිසේන මහින්ද රාජපක්ෂ එකතු වෙනකම් ඡන්දේ තියන්න...
ජනාධිපතිතුමන් සහ ෆයිසර් ඇමැතිතුමා ඡන්දය ඉක්මනින් තියන්න විශාල උත්සාහයක් ගන්නවා. එහෙත් තාක්ෂණික ගැටළු නිසා 2020 පමණ වනතුරු ඡන්දය තියන්න වෙන්නෙ නැහැ... ඡන්දය පරක්කු වුණා කියලා කිසිම බලපෑමක් කාටවත් නැහැ.
මේක යහපාලනේ තවත් එක්තරා නාට්‍යයක් අපි දන්නවා නිෂ්පාදනයත් කාගෙද කියලා.. කතාව සහ තිර රචනයත් කාගේද කියලා. කවදාහරි විකාශනය කරන්නත් එපායැ... එතකොට බලමු ප්‍රේක්ෂක ප්‍රතිචාර...
ඡන්දෙ අපි ප්‍රකාශ කරන දෙයක් මිසක් කාගෙන්වත් ඉල්ලන දෙයක් නොවේනේද? වෙලාවට එ්ක ජනතාවට ලැබෙන්න ඕනි. එ්ක තමා ප්‍රජාතන්ත්‍රවාදය කියන්නේ. ඡන්දෙ කාගේ, කාගේත් ගිවිසුම් ගහගන්න ගන්න ඕනෑ වෙනකොට හරි, ඒවා ගහගන්න කල් හරි කල් දමන දෙයක් නොවේ.
අගමැතිතුමාට දුර්ගා දේවිය කියන්න ඇති... හනික තිබ්බේ නැත්නම් බඩු බනිස් වේවි කියලා.