(රංජන් කස්තුරි)
‘‘මහ බැංකුවට හොඳ කාර්ය මණ්ඩලයක් ඉන්නවා. ඔවුන්ගේ දැනුම ඉතා ඉහළයි. වැඩකට නැති ප‍්‍රකාශවලට පිළිතුරු දීමට මා කාලය නාස්ති කරන්නේ නැතැ’’ යි ශ්‍රී ලංකා මහ බැංකුවේ අධිපති ආචාර්ය ඉන්ද්‍රජිත් කුමාරස්වාමි මහතා කොළඹ මහ බැංකු ශ‍්‍රවණාගාරයේදී ඊයේ (26) පැවැති ප‍්‍රවෘත්ති සාකච්ඡාවකදී පැවසීය.
මහ බැංකු අධිපතිවරයා එසේ පැවසුවේ, එම ප‍්‍රවෘත්ති සාකච්ඡාවේදී මාධ්‍යවේදියකු ඇසූ ප‍්‍රශ්නයකට පිළිතුරු දෙමිනි.
එහිදී මාධ්‍යවේදියා මහ බැංකු අධිපතිවරයාගෙන්විමසා සිටියේ, ශ්‍රී ලංකා මහ බැංකුවේ සිටින අදක්ෂ හොරුන් නිසා උද්ධමනය ඉහළ යන බවට රවි කරුණානායක මන්ත‍්‍රීවරයා ඉකුත් දා කළ චෝදනාව පිළිගන්නේ ද යන්නය. එම ප‍්‍රශ්නයට පිළිතුරු දෙමින් මහ බැංකු අධිපතිවරයා මෙසේ කීය.
ඔය වගේ වැඩකට නැති ප‍්‍රකාශවලට පිළිතුරු දෙන්න මම කාලය නාස්ති කරන්නේ නැහැ. මහ බැංකුවට හොඳ විශිෂ්ඨ කාර්යමණ්ඩලයක් ඉන්නවා. ඔවුන්ගේ දැනුම, අවබෝධය, තාක්ෂණික ඥානය ඉතාම ඉහළයි. කිසි ප‍්‍රශ්නයක් නැහැ. කළ යුත්තේ කුමක්ද කියා අපේ නිලධාරීන් හොඳින් දන්නවා. මුදල් අමාත්‍යාංශය වැට් බදු සංශෝධනය කළා. වැට් බද්ද ඉහළ යාම නිසා උද්ධමනයත් වැඩිවුණා. මුදල් අමාත්‍යාංශය තමයි වැට් බදු ඉහළ නැංවූයේ. එය මහ බැංකු තීරණයක් නොවේ යැයි ද අධිපතිවරයා කීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කතාවනම් හරියට හරි
සම්පුර්ණ ඇත්ත රවී වගේ දුෂිතයෙකුට උත්තර දෙන්න කාලය නාස්ති කරන එක අපරාදේ ,,,,,,,,
ඉතා නිර්භීත පිළිතුරක්. කෙලින් කතා කිරීම ගැන ස්තුතියි .
හා හා එහෙම කියන්න එපා. එතුමාට ඔයා මතක නැති වුණොත් ඇරෙන්නේ නැත්නම් බොරු කියන්නේ නැහැ. රවී තමයි දකුණු ආසියාවේ හොඳම මුදල් ඇමති වුණේ. ඒක අමතක කරන්න එපා.
ශ්‍රී ලංකා මහ බැංකුවේ සිටින අදක්ෂ හොරුන් නිසා උද්ධමනය ඉහළ යන බවට රවී කරුණානායක කළ ප්‍රකාශය ගැන සඳහන් කරන්න තිබෙන්නේ... රවී කරුණානායකට හොරුන් ගැන කතා කිරීමට අයිතියක් නැති බව... ඔහු ඇමැතිකමත් නැතිකරගත් පුද්ගලයෙක් නිසා...
මුදල් අමාත්‍යාංශය තමයි වැට් බදු ඉහළ නැංවූයේ. එය මහ බැංකු තීරණයක් නොවේ යැයි ද අධිපතිවරයා කීය. පට්ට පට පට ලොක්ක ඕකම ඇවිත් බැදුම්කර කොමිසමට කියන්නකෝ... අපරාදෙන එකට මුදල් ඇමතිය ඇල්ලුවේ... මහා බැංකුවේ වැඩ වලට මුදල් අමාත්‍යාංශය හවුල් නැහැ කියන්නකෝ...
රවී කොහොමද? මහා බැංකුවට ඇඟිල්ල දික් කරන්නේ එයා තමයි බැදුම්කර විභාගයේදි මතක නැහැ කියලා හොරකම පිළිගත්තෙ මුලු රටෙම ජනතාව එය හොදින් දන්නවා
නියම ආකාරයේ පිළිතුරක් මේකයි. රවී කියනවා එයා උද්ධමනය අඩු කරලාලු. VAT වැඩි කරලා කොහොමද උද්ධමනය අඩු කරන්නේ ඇත්තෙන්ම. මේ වගේ බොරු කියල මහජනතාව රවට්ටන්ට තවත් හිරිකිත නැද්ද.?
හොඳ දක්ෂ කට්ටිය හිටියා නම්, අවංක නම් හිටපු අය වනසනකම් ඉන්නේ නැතුව මංකොල්ලය නවත්වන්න තිබුණා නේද?
දැන් තමයි යථාර්තය පොඩ්ඩ පොඩ්ඩ එළිවෙන්නේ... සත්‍ය කවදාහරි එලිවේවී. එ්ත් අපි දුම්රියපළට එනකොෙට කෝච්චිය ගිහිල්ලා තියේවි..
ඔබතුමා වැනි කොන්ද පන ඇති බැංකු අධිපති කෙනෙකු සිටීම ගැන ලක් පුර වැසියන් වන අපි සතුටට පත්වෙමු . ඔබතුමාට දිගාසිරි පතමි!
දේශපාලකයන්ගේ මෝඩ ප්‍රකාශ නොබලා රට පෙරට ගෙනයාමට මහා බැංකු අධිපති ලෙසට ඔබට ශක්තිය සහ දැනුම ඇත. එයට යහපාලන රජයෙන් ඔබට ලැබෙන සහයද ඉතා වැදගත්. රවී වගේ කෙනෙක් කියන ප්‍රකාශ එතරම් ගණන් ගත යුතු නොවන්නේ ඔහුගේ ඇති පටු මතවාද නිසාමය. පසුගිය අයවැයේදී මෛත්‍රී නොසිටින්නට ඔහු විදුලි රථවලට විශාල බද්දක් ගැසීමට තරම් නුගත් බව ඔප්පු කර පෙන්වන ලදී. මෙවර එය නිවැරදි කරගැනීමට යහපාලන රජයට අවස්ථාවක් ඇත නිවැරදි මුදල් ඇමති කෙනෙකුගේ ආශීර්වාදය මත.
මහ බැංකු අධිපති හොඳ උත්තරයක් දී තිබෙනවා, මහ බැංකු අධිපති දෙශපාලඥයන්ට යටත් වියයුතු නෑ.
මහජන මුදල් කොල්ලකාපු අයට ලැජ්ජාවක් කියල එකකුත් නැද්ද? එහෙම එවුන් රට රවටන්න කියන විකාර වලට මිනිස්සු කන්දෙයි කියල තවමත් හිතන එකනේ පුදුමේ.
දේශපාලකයන්ගේ කීම් වලට තවත් රැවටෙන්න එපා.
මේ උන්දැ කල් ඉකුත්වෙලත් තවමත් අනිත් අයට අදක්ෂයෝ කියන්නේ කෙසේද ??? මේහාදය දක්ෂයෙක් නම් ලැගල හිටිය තැන හොදින් ගොඩ ගන්න තිබුන නේද ?? ඔබ අප කවුරුත් දන්නා සතොසට මොකද වුනේ ??? එතනත් අදක්ෂයෝ ඉන්න ඇත්තේ. නොදකින් මෙහෙමත් හිගන්නන්ටනේ රට පාලනය කරන්න දීල තියෙන්නේ.
ඒකාබද්ද විපක්ෂය හරි දේ කරන්නේ නැහැ, දැන් අර රවී බාප්පට විරුද්දව නඩු දැම්මද අල්ලස් ගත්තට, නෝනට දැම්මද