සයිනොපෙක් තෙල් පිරිපහදුව ගිවිසුමට සීමාවෙයි? අවබෝධතා ගිවිසුම අත්සන් තබා මාස නවයකට ආසන්න කාලයක් ගතවී ඇතත් ඇමෙරිකානු ඩොලර් බිලියන 3.7 ක වටිනාකමින් යුත් සයිනොපෙක් තෙල් පිරිපහදුව සම්බන්ධයෙන් ශ්‍රී ලංකාව සැලකිය යුතු ප්‍රගතියක් තවමත් අත්කර ගෙන නැතැයි ආරංචි මාර්ග ඊයේ (10) ප්‍රකාශ කළේය. 11 October 2025
මෙන්න වෙනස් වූ අමාත්‍යවරු නව කැබිනට් සංශෝධනයට අනුව නව අමාත්‍යවරු තිදෙනකු හා නියෝජ්‍ය අමාත්‍යවරුන් දස දෙනකු ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අද පෙරවරුවේ ඉදිරියේ දිවුරුම් දුන්නේය. 10 October 2025
මිරිහාන පිහිණුම් තටාක සිද්දියට හතක් අත්අඩංගුවට මිරිහාන ස්ටැන්ලි මාවත හෝටලයක පිහිනුම් තටාකයක ගිලී මිය පස් හැවිරිදි දරුවාගේ මරණය සම්බන්ධයෙන් දරුවා ඉගෙනුම ලබන පෙර පාසලේ සහකාර විදුහල්පතිවරයා ඇතුළු හත් දෙනකු අත්අඩංගුවට ගත් බව මිරිහාන මූලස්ථාන පොලිසිය කියයි. 10 October 2025
’’පාතාලේ අක්මුල් නවතින්නෙ කාල්ටන් එකේ’’ පාතාලේ අග මුල හොයන කොට අක්මුල් ගිහින් නවතින්නෙ කාල්ටන් එකේ බව වැවිලි හා ප්‍රජා යටිතල පහසුකම් අමාත්‍ය සමන්ත විද්‍යාරත්න මහතා පාර්ලිමේන්තුවේදී පැවසීය. 09 October 2025
බැකෝ සමන්ගේ බිරිඳගේ - ඥාතීන්ගේ බැංකු ගිණුම් තහනම් කරයි ප්‍රකට මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් සහ අපරාධ කල්ලි සාමාජිකයින් සමඟ සිටියදී ඉන්දුනීසියාවේදී අත්අඩංගුවට ගෙන රඳවා ප්‍රශ්න කිරීමෙන් අනතුරුව රක්ෂිත බන්ධනාගාර ගතකළ සංවිධානාත්මක අපරාධ කල්ලි සාමාජික බැකෝ සමන්ගේ බිරිඳගේ සහ ඥාතීන්ගේ බැංකු ගිණුම් 13 ක් කොළඹ මහාධිකරණය මගින් අද දිනයේදී තහනම් කළ බව කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අසංක එස් බෝදරගම මහතා හමුවේ කරුණු දැක්වූ නීතිපතිවරයා අද පැවසීය. 09 October 2025
ශෂීන්ද්‍රට උදවු කළ හානිපූර්ණ කාර්යාලයේ හිටපු ලොක්කියක් අත්අඩංගුවට අරගල කරුවන් විසින් 2022 දී ගිනිබත් කර විනාශයට පත් කළ කිරිඉබ්බන්වැව , මහවැලි අධිකාරියට අයත් ඉඩමේ දේපළ සඳහා වන්දි නියම කිරීමේ දී හිටපු රාජ්‍ය අමාත්‍ය ශෂීන්ද්‍ර රාජපක්ෂ මහතා සමග කුමන්ත්‍රණය කළේ යැයි කියන හානිපූර්ණ කාර්යාලයේ එවකට වැඩ බලන අධ්යක්ෂ ජනරාල්වරිය අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිසම සභාව මගින් අද අත්අඩංගුවට ගැනිණි. 08 October 2025
රසායනික ද්‍රව්‍යක් දඹුල්ලේ විදුහලක සිසුන් 7ක් රෝහලට යවයි විද්‍යාගාරයක තිබූ රසායනික ද්‍රව්‍යයක් දිවේ ගෑවීමෙන් දඹුල්ල ප්‍රදේශයේ විදුහලක හත්වැනි වසරේ ඉගෙනුම ලබන සිසු සිසුවියන් හත් දෙනෙකු (07) දින දඹුල්ල මූලික රෝහලට ඇතුළත් කළ බව දඹුල්ල පොලිසිය කියයි. 07 October 2025
බ්‍රෙික් පැටලය මාරු වී තුනක් මරු තුරුලට ගම්පොළ දොළුව විහාරස්ථානයක් ඉදිරිපිටදී සිදු වු රිය අනතුරින් තිදෙනකු මියගොස් තවත් දෙදෙනකු තුවාල ලබා ඇතැයි ගම්පොල පොලීසිය කියයි. 06 October 2025
ලෝක කුසලානය අතරේ ක්‍රිකට් තරුදෙකක් ගල්කිස්ස හෝටලයේදි අතිනත ගනිති ශ්‍රී ලංකාවේදී මේ දිනවල පැවැත්වෙන 2025 ලෝක ගෘහස්ත ක්‍රිකට් තරගාවලියට සහභාගී වීම සඳහා පැමිණ සිටින අතරතුරේදී එංගලන්ත ගෘහස්ථ පිරිමි ක්‍රිකට් කණ්ඩායමේ නායක නාව් පටෙල් සහ එරට ගෘහස්ත කාන්තා ක්‍රිකට් කණ්ඩායම් සාමාජිකා මැලෝරි බාර්ටොෂ් අද විවාහ ගිවිස ගත්හ. 05 October 2025
මනම්පේරි මගේ ලේකම් කෙනෙක් නෙමෙයි සම්පත් මනම්පේරි තමන්ගේ සම්බන්ධීකරණ ලේකම්වරයෙක් නොවන බව හිටපු අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා අද (5) පැවැසීය. 05 October 2025
‘‘ආණ්ඩුව හොඳ ගමනක් යනවා‘‘ ජාතික ජන බලවේග ආණ්ඩුව ඉතාම හොඳින් ලෝකය දිනාගෙන ඉදිරියට යමින් සිටින බව හිටපු අමාත්‍ය එස්.බී. දිසානායක පැවසීය. 04 October 2025
මහින්දගේ බංගලාවට කඹ ඇදිල්ලක් බඩු බාහිරාදිය භාර ගැනීම සම්බන්ධයෙන් දෙපාර්ශවය අතර ඇති වී තිබෙන කඹ ඇදීමක් හේතුවෙන් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පදිංචිව සිටි කොළඹ විජේරාම මාවතේ බංගලාව රජයේ භාරයට ගැනීම තවදුරටත් ප්‍රමාද වෙමින් තිබෙන බව වාර්තාවේ. 04 October 2025
මහීපාල බිරියගේ වැව් රක්ෂිතයේ හෝටලය කඩා දමයි උතුරු මැද පළාතේ හිටපු ආණ්ඩුකාර මහීපාල හේරත් මහතා සිය බලතල නීති විරෝධී ආකාරයට භාවිත කරමින් සිය බිරිය නමට හෝටලයක් පවත්වා ගෙන යාම සදහා පෙරමියන්කුලම වැව් රක්ෂිතයේ පර්චස් හැටක භුමි භාගයක අනවසරයෙන් ඉදි කරන ලද ගොඩනැගිලි කඩා ඉවත් කරගෙන ඇතැයි මධ්‍යම නුවරගම් පළාත් ප්‍රාදේශීය ලේකම් සුදර්ශන දිසානායක මහතා අද පැවැසීය. 03 October 2025
මහින්දගේ ප්‍රධාන ආරක්ෂක නිලධාරියා රිමාන්ඩ් උපයාගත් ආකාරය හෙළිකළ නොහැකි අන්දමේ වත්කම් රැසකට උරුමකම් කියමින් වත්කම් බැරකම් නිසිපරිදි ඉදිරිපත් නොකළේ යැයි අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කළ ශ්‍රී ලංකා යුධ හමුදාවේ විශ්‍රාමික ලුතිනන් කර්නල්වරයෙකු වූ වන්නිආරච්චි නෙවිල් නොහොත් නෙවිල් වන්නිආරච්චි ලබන 17 දින දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අසංග එස් බෝදරගම මහතා අද නියෝග කළේය 02 October 2025
මහින්දගේ ප්‍රධාන ආරක්ෂක නිලධාරියා අත්අඩංගුවට හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධාන ආරක්ෂ නිලධාරී මේජර් නෙවිල් වන්නිආරච්චි මහතා මීට සුළු මොහොතකට පෙර අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගනු ලැබීය. 02 October 2025
ඇමැති බංගලාවල තවමත් වවුල්ලු ඇමැති බංගලා වසා දමා වසරකට ආසන්න කාලයක් ගතවී ඇතත් ඒ සම්බන්ධයෙන් රජය තවමත් ස්ථිර තීරණයකට පැමිණ 02 October 2025
ලංගම ’’යුනියන්’’ ලොක්කන්ට අවසර පත්‍ර දී කෝටි අටක පාඩුවෙලා ලංකා ගමනාගමන මණ්ඩලයේ වෘත්තීය සමිති අටක නියෝජිතයන් සඳහා විවෘත නිදහස් ගමන් අවසර පත්‍ර 138ක් නිකුත් කිරීමෙන් රුපියල් කෝටි හතරකට වැඩි පාඩුවක් සිදුව ඇතැයි ජාතික විගණන කාර්යාලය නිකුත් කළ වාර්තාවක සඳහන්වේ 01 October 2025
ළමා -වැඩිහිටි අයිතිය රකින්න කැපවෙනවා ළමා සහ වැඩිහිටි අයිතිවාසිකම් සහ සුබසිද්ධිය වෙනුවෙන් රජය පූර්ණ වශයෙන් කැප වී සිටින බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ලෝක ළමා දිනය සහ වැඩිහිටි දිනය වෙනුවෙන් සුබ පැතුම් පණිවිඩයක් නිකුත් කරමින් පවසයි. 01 October 2025
’’මට වැරදුණා’’ ජපානයේ වෙන්දේසියකදී මෙරට තේ කිලෝවක් සඳහා වාර්තාගත මුදලක් නියමවීමට අදාළව නොබෙල් තෑග්ග ලැබුණු බවට කෙරුණු ප්‍රකාශය වැරැද්දකින් සිදුවූවක් බව කර්මාන්ත අමාත්‍ය සුනිල් හඳුන්නෙත්ති මහතා සඳහන් කරයි. 30 September 2025
බබාලා 47ක් අම්මලා සමග කූඩු වෙලා මෙම වසර මුල සිට ගතවූ මාස 9 ක කාලය තුළ විවිධ වැරැදි සම්බන්ධයෙන් බන්ධනාගාර ගත කළ කාන්තාවන් සමග කුඩා දරුවන් 47 දෙනකු බන්ධනාගාරයේ රැදී සිටින බව බන්ධනාගාර මූලස්ථානය පවසයි. 30 September 2025
මාවනැල්ල පස් කන්දට යට වූ තිදෙනාම මරුට මාවනැල්ල මානික්කාවේ ඉඩමක ආරක්ෂක බැම්මක් කප්පද්දි පස් කන්දට යටවූ සේවකයන් තිදෙනාගේ සිරුරු ගොඩ ගත් බව පොලිසිය කියයි. 29 September 2025
ලබන අයවැයෙන් අලුත් බදු ගහන්නේ නෑ මෙවර අයවැය ලේඛනයෙන් අලුත් කිසිදු බද්දක් හඳුන්වා නොදී ඉන්නට උත්සාහ කරන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ජපානයේ දී අද (28)පැවසීය. 28 September 2025
මහින්ද බලන්න රනිල් යයි හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ සුව දුක් විමසීම සඳහා හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අද පෙරවරුවේ කාල්ටන් නිවසට ගියේය. 28 September 2025
තැපෑලේ කෝටි සීයක ඕටී හොරෙන් අරන් ඇඟිලි සලකුණු යන්ත්‍ර සවිකර නොතිබියදීත් කොළඹ මධ්‍යම තැපැල් හුවමාරුවේ සේවකයන් 28403කට නීතියට පටහැනිව රුපියල් කෝටි 65 කට වැඩි අතිකාල දීමනා ගෙවා ඇතැයි ජාතික විගණන කාර්යාලය නිකුත් කළ අලුත්ම වාර්තාවක සඳහන් වේ. 27 September 2025
‘‘වේරහැර R.M.V. සේවාවලට අල්ලස් ගන්නවා‘‘ වේරහැර මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තු කාර්යාලයේ සේවා ලබාදීමේදී ඇතැම් රජයේ නිලධාරීන් අල්ලස් ලබා ගන්නා බවට පැමිණිලි ලැබී ඇති බව කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අසංක එස් බෝදරගම මහතා හමුවේ කරුණු දක්වමින් අල්ලස් කොමිසම අද(26) පැවසීය. 26 September 2025
උසාවි නියෝග මායිම් නොකළ සමාගමට එරෙහිව පියවර ගන්න එක්ස්ප්‍රස් පර්ල් නෞකාව මෙරට මුහුදු වෙරළේ ගිනි ගැනීමේ සිද්ධිය සම්බන්ධයෙන් වන්දි ලබාදීමට අධිකරණය කළ හැකි උපරිම දේ සිදු කළ බවත් වන්දි අයකර ගැනීමට පියවර ගැනීම විධායකයේ කටයුත්තක් බවත් ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු අචල වෙන්ගප්පුලි මහතා විවෘත අධිකරණයේදී අද 25 පැවසීය. 25 September 2025
කේබල් ඩක්කුවක් කඩා වැටි හිමිවරු හත් නමක් අපවත් වෙති කුරුණෑගල පන්සියගම නා උයන. ආරණ්‍ය සේනාසනයේ වැඩ වාසය කරන හිමිවරුන් වැඩම කරන කේබල් මතින් ගමන් ගන්නා ඩක්කුවක් කඩා වැටී සිදුවූ අනතුරකින් හිමිවරුන් හත් දෙනකු අපවත් වී ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක සහකාර පොලිස් අධිකාරී නීතිවේදී උදය කුමාර වුට්ලර් මහතා පැවසීය. 25 September 2025
අනුර -ට්‍රම්ප් හමුවේ ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සහ ඇමරිකා ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් මහතා අතර හමුවක් ඇමරිකාවේදී සිදුව තිබේ. 24 September 2025
එක්ස්ප්‍රස් පර්ල් ඩොලර් කෝටි සීයේ වන්දි නොගෙවයි එක්ස්ප්‍රස් පර්ල් නෞකාව මෙරට මුහුදු තිරයේදී ගිනිබත් වීම හේතුවෙන් සමුද්‍රිය පරිසර පද්ධතියට හා ආර්ථිකයට සිදුවූ හානිය වෙනුවෙන් එම නෞකාව අයත් එක්ස්ප්‍රස් ෆීඩර්ස් සමාගමට වසරක් තුළ ගෙවීමට ශ්‍රේෂ්ඨාධිකරණය නියෝග කළ ඇමෙරිකානු ඩොලර් කෝටි 100 ක මූලික වන්දි මුදල එම සමාගම නොගෙවන බව එම සමාගමේ ප්‍රධාන විධායක නිලධාරී ෂ්මුවෙල් යොස්කොවිට්ස් ඒ.එෆ්.පී පුවත් සේවය සමග විශේෂ සම්මුඛ සාකච්ඡුාවකට එක් වෙමින් ප්‍රකාශ කර තිබිණි. 24 September 2025
ආගමන විගමන පාලක හර්ෂ ඉලුක්පිටිය වසර තුනක් හිරගෙට|වීඩියෝ ශ්‍රේෂ්ඨාධිකරණ නියෝගයට අවනත නොවීමෙන් ශ්රේෂ්ඨාධිකයට අපහාසයක් සිදු කරන ලදැයි චෝදනාවට වරද පිළිගත් තා ආගමන විගමන පාලක හර්ෂ ඉලුක්පිටිය මහතාට වසර දෙකක සිර දඬුවම් ශ්‍රේෂ්ඨාධිකරණය මගින් නියම කළේය. 23 September 2025
ඉබ්බන් කටුව වැවේ පාවෙන විදුලි බලාගාරය විවෘත කරයි පුනර්ජනනීය බලශක්තිය උපයෝගීකර ගනිමින් විදුලිය උත්පාදනය කිරීමේ රජයේ ජාතික වැඩසටහන යටතේ දඹුල්ල, ඉබ්බන්කටුව වැව මත ඉදිකරන ලද මෙගාවොට් 05ක ධාරිතාවකින් යුත් “දිය ජනනි” පාවෙන සූර්ය විදුලි බලාගා.. 18 September 2026