මහින්දගේ නිල නිවෙස සීඅයිඩියට හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා දැනට පදිංචිව සිටින කොළඹ විජේරාම පාරේ නිල නිවෙස අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට (C.I.D) ලබා දීමට රජයේ අවධානය යොමුව ඇතැයි වාර්තාවේ. 03 September 2025
බසයෙන් වැටුණු වෛද්‍යවරිය දින 14කට පසු මරුට රත්නපුර ශික්ෂණ රෝහලේ සේවය කරන වෛද්‍යවරියක පෞද්ගලික මගි ප්‍රවාහන සේවා බස් රථයක දොරටුවෙන් ඇද වැටී රත්නපුර ශික්ෂණ රෝහලේ දැඩිසත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටියදී එම අනතුර සිදුවී දින 14 කටපසු පෙරේදා(1) මියගිය බව පැල්මඩුල්ල පොලිසිය සඳහන් කරයි. 03 September 2025
බැකෝ සමන් - තැඹිලි ලහිරු වමාරද්දී දකුණේ පාතාලයෝ පැන යති ඉන්දුනීසියාවේ ජකර්තා නුවරදී අත්අඩංගුවට ගැනුණු පාතාල ප්‍රබලයින් ලෙස සැලකෙන බැකෝ සමන්ත සහ තැඹිලි ලහිරු නැමැත්තා බස්නාහිර උතුරු අපරාධ කොට්ඨාශයේ නිලධාරීන් මෙතෙක් කරන ලද ප්‍රශ්න කිරීම් වලදී මත්ද්‍රව්‍ය ජාවාරම් සහ අවි ආයුධ ජාවාරම්වලට සම්බන්ධ බවට පැවසෙන දකුණේ පාතාලයට සම්බන්ධ හත් දෙනකු සම්බන්ධයෙන් තොරතුරු හෙළි වී ඇතැයි පොලිස් ආරංචි මාර්ගවලින් දැනගැනීමට ඇත. 02 September 2025
විපක්ෂයේ ලොක්කෙකුත් ළඟදීම අත්අඩංගුවට? දූෂණ සිද්ධියක් සම්බන්ධයෙන් විපක්ෂයේ ප්‍රබල නායකයෙකුද ළගදීම අත්අඩංගුවට ගැනීමේ සූදානමක් පවතින බව ආරංචි මාර්ග සඳහන් කළේය. 01 September 2025
කෙහෙල්බද්දර පද්මේ ඇතුළු පිරිස රැගෙන එයි ඉන්දුනීසියාවේ දී අත්අඩංගුවට ගත් ප්‍රබල සංවිධානාත්මක අපරාධකරුවන් මෙන්ම ජාත්‍යන්තර මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් බව කියන කෙහෙල්බද්දර පද්මෙ ඇතුළු පිරිස අද සවස දිවයිනට රැගෙන ආවේය. 30 August 2025
රට සවාරි පෝලිමට ගිය ලොක්කන් දහයකටත් දැල එලයි අයථා ආකාරයට විදෙස් සංචාරවල යෙදෙමින් රුපියල් කෝටි ගණනින් මුදල් නාස්ති කළේ යැයි කියන රජයේ ආයතනවල හිටපු ප්‍රධානීන් දස දෙනෙකු සම්බන්ධයෙන්ද විමර්ශන ආරම්භ කර ඇතැයි රජයේ ආරංචි මාර්ග සඳහන් කළේය. 30 August 2025
නිමල් ලංසා රිමාන්ඩ් ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ පක්ෂයේ ප්‍රබල ක්‍රියාකාරියකු මෙන්ම හිටපු ඇමතිවරයකු වන නිමල් ලන්සා සහ මීගමුව මහ නඟර සභාවේ හිටපු නාගරික මන්ත්‍රීවරයකු ලබන මස 12 දින දක්වා රිමාන්ඩ් බාරයේ තබන ලෙස මීගමුව මහේස්ත්‍රාත් අධිකරණය අද (29) නියෝග කළේය. 29 August 2025
නිමල් ලංසා අල්ලයි හිටපු අමාත්‍යවරයකු වන නිමල් ලන්සා මහතා කොච්චිකඩේ පොලිසිය විසින් අද දහවල් අත්අඩංගුවට ගනු ලැබීය. 29 August 2025
රාජිත මහේස්ත්‍රාත් අධිකරණයට රැගෙන එයි මහාධිකරණය මගින් රිමාන්ඩ් බාරයට පත් කළ හිටපු අමාත්‍ය රාජිත සේනාරත් බන්ධනාගාර බසයෙන් කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයට රැගෙන ආ අතර මේ වන විට ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයේ සිර මැදිරියේ රඳවා ඇත. 29 August 2025
රාජිත රිමාන්ඩ් අල්ලස් කොමිසම විසින් ගොනුකර තිබූ නඩුවකට පෙනී සිටීමට කොළඹ මහාධිකරණය හමුවේ පෙනී සිටි හිටපු අමාත්‍ය රාජිත සේනාරත්න රිමාන්ඩ් බාරයේ තැබීමට මහාධිකරණ විනිසුරු ලංකා ජයරත්න මෙනෙවිය නියෝග කළාය. 29 August 2025
රාජිත සේනාරත්න අධිකරණය හමුවට කිරින්ද ධීවර වරායේ වැලි කැණීමේ ව්‍යාපෘතියක් කොරියානු සමාගමකට ලබාදී රජයට රුපියල් කෝටි දෙකකට අධික පාඩුවක් කළැයි කියන සිද්ධියට අදාළව මාස තුනක පමණ කාලයක් තිස්සේ සැඟව සිටින හිටපු අමාත්‍ය රාජිත සේනාරත්න මහතා අද (29) කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණයේ පෙනී සිටීමට සුදානම් බව ඔහුගේ නීතීඥවරයා කොළඹ මහාධිකරණ විනිසුරු ඉන්ද්‍රිකා කාලිංග වංශ මහත්මියට ඊයේ (28) දැනුම් දුන්නේය. 29 August 2025
කෙහෙල්බද්දර පද්මේ ඇතුළු අපරාධකරුවන් පිරිසක් අත්අඩංගුවට සංවිධානාත්මක අපරාධකරුවෙකු වන මන්දිනු පද්මසිරි පෙරේරා හෙවත් කෙහෙල්බද්දර පද්මේ, කොමන්ඩෝ සලින්ත ඇතුළු අපරාධකරුවන් පිරිසක් ඉන්දුනීසියාවේ දී මෙරට පොලිස් නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක සහකාර පොලිස් අධිකාරියේ නීතිවේදී උදය කුමාර වුට්ලර් මහතා පැවසීය. 28 August 2025
පාසල් වෑන් රිය-ටිපරය ගැටී ළමුන් දෙදෙනකු ඇතුළු 3ක් මරුට කුලියාපිටිය විල පළ පාලම අසලදී පාසල් වෑන් රථයක් සහා වැලි පිරවූ ටිපරයක් මුහුණට මුහුණ ගැටීමෙන් පාසල් දරුවන් දෙදෙනෙක් ඇතුළු තිදෙනකු මරුමුවට පත්ව ඇතැයි කුලියාපිටිය පොලිසිය කියයි. 27 August 2025
රනිල් රිමාන්ඩ් කරද්දී වීඩියෝ කළ අය අධිකරණයට ගේන්න මුදල් අවභාවිතා කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් සැකපිට අත්අඩංගුවට ගත් හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අධිකරණයට ඉදිරිපත් කළ දින රාත්‍රීයේ අධිකරණය තුළ සිදුවු යම් යම් දේ වීඩීයෝ කර සමාජ මාධ්‍ය වල පළ කළ පුද්ගලයින් සොයා වහාම ඔවුන් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙස කොටුව මහේස්ත්‍රාත් නිලුපුලී ලංකාපුර මෙනවිය රහස් පොලිසියට අද නියම කළාය. 26 August 2025
රනිල්ට ඇප එංගලන්තයේ පුද්ගලික විශ්ව විද්‍යාලයක පැවති උපාධි ප්‍රධානෝත්සවයක් සඳහා පුද්ගලික සංචාරයකට ගොස් දවස් එකහමාරක කාලයක් සඳහා රුපියල් කෝටි 1 1/2කට අධික මුදලක් වැය කර රජයට පාඩු කළැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් සැකපිට අත්අඩංගුවට ගෙන රිමාන්ඩ් බාරයට පත් කරනු ලැබ සිටි අටවැනි විධායක ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඇප මත මුදාහැරීමට කොටුව මහේස්ත්‍රාත් නිලුපුලී ලංකාපුර මෙනවිය අද නියම කළාය. 26 August 2025
කොළඹ අවට අලුත්ම තත්වය රක්ෂිත බන්ධනාගාරගත කර සිටින හිටපු ජනපති රනිල්වික්‍රමසිංහ මහතා අද (26) දහවල් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත බැවින් මේ වන විට අධිකරණ භූමිය අවට ආරක්ෂාව තර කර තිබේ. 26 August 2025
දිලීප පිරිස්ට ඩුබායි පාතාලයෙන් තර්ජන ඩුබායි රාජ්‍යයේ සැඟව සිටින සංවිධානාත්මක අපරාධකරුවන් පිරිසක් විසින් අතිරේක සොලිසිටර් ජනරාල් ජනාධිපති නීතීඥ දිලීප පීරීස් මහතාගේ ජීවීතයට හානියක් කිරීමට සැළසුම් සකස් කරන බවට ලැබුණු බුද්ධි තොරතුරකට අනුව ඔහුගේ ජීවීත ආරක්ෂාව සඳහා විශේෂ පොලිස් කණ්ඩායමක් යෙදවීමට පියවර ගෙන ඇතැයි වාර්තාවේ. 25 August 2025
ලක් තරුණියක් වෙල්සයේ දී ඝාතනය කරලා එක්සත් රාජධානියේ පදිංචිව සිටි ශ්‍රී ලාංකික තරුණියක වේල්සයේ අගනුවර වන කාර්ඩීෆ් නගරයේදී පසුගිය 21 වැනිදා ඝාතනය කර ඇත. 24 August 2025
ප්රජාතන්ත්රවාදය වළ දාන්න පෙට්ටියේ ලෑලි යතු ගාමින් ඉන්නවා ආණ්ඩුව ප්රජාතන්ත්රවාදය වළ දැමීම සඳහා මිනී පෙට්ටියේ ලෑලි යතුගාමින් සිටින බව හිටපු ජනාධිපති මෛත්‍රීපා සිරිසේන මහතා විපක්ෂයේ පක්ෂ නායකයන්ගේ ඒකාබද්ධ මාධ්‍ය හමුව අරඹමින් පැවසීය. 24 August 2025
හිටපු ජනපති රනිල් බන්ධනාගාර රෝහලෙන් ජාතික රෝහලට රුපියල් ලක්ෂ 166ක් අවභාවිත කළැයි කියන චෝදනාවක් සම්බන්දයෙන් දැනට රිමාන්ඩ් බාරයට පත් කර සිටින හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා රෝගී තත්වයක් හේතවෙන් කොළඹ ජාතික රෝහලට ඇතුළත් කිරීමට වෛද්‍යවරු නිර්දේශ කර ඇතැයි බන්ධනාගාර ආරංචි මාර්ග කියයි. 23 August 2025
හිටපු ජනපති රනිල් රිමාන්ඩ් රජයේ වැය ශීර්ෂය මගින් වෙන් කළ රුපියල් කෝටි එක හමාරකට අධික මුදලක් අවභාවිත කළැයි කියන සිද්ධියක් සම්බන්දයෙන් හිටප ජනපි රනිල් වික්‍රමසිංහ මහතා ලබන 26 වැනි දා දක්වා රිමාන්ඩ් බාරයේ තැබිමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් නිලුපුලි ලංකාපුර මෙනවිය මීට සුළු වේලාවකට පෙර නියෝග කළාය. 22 August 2025
රනිල් අත්අඩංගුවට ගනියි හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ ප්‍රකාශයක් ලබාදීමෙන් අනතුරුව අත්අඩංගුවට ගෙන තිබේ. 22 August 2025
රනිල් සී.අයි.ඩී යට එයි හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අද (22) පෙරවරුවේ 9ට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණියේය. 22 August 2025
දේශබන්දු රිමාන්ඩ් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගත් පොලිස්පති ධූරයෙන් පහකල දේශබන්දු තෙන්නකෝන් මහතා ලබන 27 දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට කොටුව මහේස්ත්‍රාත් නිලපුලී ලංකාපුර මෙනවිය අද (21) නියෝග කළාය. 21 August 2025
ඩයනාට වරෙන්තු ආගාමික හා විගාමික පනත උල්ලංඝනය කරමින් ව්‍යාජ තොරතුරු ඉදිරිපත් කර විදෙස් ගමන් බලපත්‍ර ලබා ගැනීම හා වලංගු වීසා බලපත්‍ර නොමැතිව ශ්‍රී ලංකාව තුළ රැඳී සිටීයේ යැයි චෝදනා ළද හිටපු අමාත්‍යවරියක වන ඩයනා ගමගේ මහත්මිය අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන්නැයි දන්වමින් කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් තනුජා ලක්මාලී ජයතුංග මහත්මිය අද(21) වරෙන්තු නිකුත් කළාය. 21 August 2025
දේශබන්දු අත්අඩංගුවට 2022 වසරේ පැවැති ‘ගෝඨා ගෝ ගම’ ජනතා අරගලයට පහර දීමේ සිද්ධියට අදාළව කරන විමර්ශනවලට අදාලව සේවයෙන් පහකළ හිටපු පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මීට සුළු මොහොතකට පෙර අත්අඩංගුවට ගත් බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව කියයි 20 August 2025
දේශපාලකයන්ට ක්‍රීඩා සංගම් නිලතල තහනම් කරයි කිසිම ක්‍රීඩා සංගමයක නිලතල සඳහා මින් ඉදිරියට ප්‍රාදේශීය සභා,පළාත් සභා සහ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට මැති ඇමතිවරුන්ට ඉදිරිපත් විය නොහැකි බව මාතලේ දිස්ත්‍රික් මන්ත්‍රී දිනේෂ් හේමන්ත මහතා:-(ජා.ජ.බ) පාර්ලිමේන්තුවේදී පැවසීය. 20 August 2025
ජනපති තැපෑල ගැන කතා කරයි තැපැල් සේවාව වර්තමානයට ගැලපෙන අන්දමින් යාවත්කාලීන කළ යුතු බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පැවසීය. 20 August 2025
නියෝජ්‍ය පොලිස්පති බිරියට නිදන් ගන්න කුකුලාත් පොලිසියෙන්ම දෙයි පුරාවස්තු වටිනාකමින් යුත් දේවාලක් පිහිටි නිවසක් තුළ ඇතැයි කියන නිදන් වස්තු සොයා කැණීම් කරමින් සිටියදී අත්අඩංගුවට ගෙන රිමාන්ඩ් බාරයට පත් කර සිටින කොළඹ ප්‍රදේශයේ නියෝජ්‍ය පොලිස්පතිවරයාගේ බිරිඳට එම පුද පූජා කටයුතු සඳහා කුකුලකු සහ අනෙකුත් බඩු භාණ්ඩ සපයා ඇත්තේ කොළඹට ආසන්න පොලිසියකින් බව පොලිස් ආරංචි මාර්ග සඳහන් කරයි. 17 August 2025
ව්‍යවස්ථාවේ හිලක්: වරද හදන්න මැකෝ ජනපති ලේකම්ට දන්වයි ජනාධිපති ධූරයේ සහ පාර්ලිමේන්තුවේ කාලය සම්බන්ධයෙන් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 83 (ආ) වගන්තියේ ඇති කාරණයක් ඉංග්‍රීසි පරිවර්තනයේ (83 B) වැරදි ආකාරයට සටහන්වී ඇති හෙයින් ජනාධිපතිවරයා වහා දැනුවත් කර එම වරද නිවැරදි කරන ලෙස මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති ආනන්ද රත්නායක මහතා ජනාධිපති ලේකම්වරයාට ලිපියක් යවමින් දැනුම්දී ඇත. 17 August 2025
ඉබ්බන් කටුව වැවේ පාවෙන විදුලි බලාගාරය විවෘත කරයි පුනර්ජනනීය බලශක්තිය උපයෝගීකර ගනිමින් විදුලිය උත්පාදනය කිරීමේ රජයේ ජාතික වැඩසටහන යටතේ දඹුල්ල, ඉබ්බන්කටුව වැව මත ඉදිකරන ලද මෙගාවොට් 05ක ධාරිතාවකින් යුත් “දිය ජනනි” පාවෙන සූර්ය විදුලි බලාගා.. 18 September 2026