
(යොහාන් භාසුර)
ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ප්‍රමුඛ ආණ්ඩුව බොරුව නවතා ජනතාවට වැඩකළ යුතු බවත් එසේ නොවුණහොත් ලැබෙන පළමු අවස්ථාවාදීම ආණ්ඩුව පෙරළන බවත් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක, පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්‍ෂ මහතා අද (21) පැවැසීය.
‘වංචනික මාලිමා ආණ්ඩුවේ මුග්ධ පාලනයට එරෙහි මහා ජන හඩ’ යන තේමාව යටතේ නුගේගොඩ ආනන්ද සමරකෝන් එළිමහන් රංග පීඨයේදී අද (21) පස්වරුවේ පැවැති ජන රැළිය අමතමින් නාමල් රාජපක්‍ෂ මහතා එසේ පැවසීය.
විපක්‍ෂය මහා දැවැන්ත බලවේගයක් ලෙස ගොඩනැගුනේ බොරුව නවතා ජනාතවට දුන් පොරොන්දු ඉටුකරන ලෙස පණිවුඩය දීමට යන අර්ථය නිවැරදිව කියවා ගන්නා හැටියට ජනාධිපතිවරයාට පවසන බවත් නැවක් හදන්නේ වරායේ නැව්ගුංම් දා තැබීමට නොවන බව මතකයේ තබාගත යුතු බවත් ඒ මහතා කීය.
නැවක් මුහුදේ යාත්‍රා කරන විට කුණාටුවලට, සුළිසුංවලට මෙන්ම අභියෝගවලට මුහුණ දීමට සිදුවන්නේ යැයි ජනාධිපතිවරයා මතකයේ තබාගත යුතු යැයි කී නාමල් රාජපක්‍ෂ මහතා වර්තාමාන වන විට ආණ්ඩුවට එරෙහිව ගොඩනැගී ඇති ජනබලය සමඟ පළමු අවස්ථාවේදීම ආණ්ඩුව පෙරළන පණ්වුඩය ජනාධිපතිවරයාට දෙන බව ද සඳහන් කළේය.
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක නාමල් රාජපක්‍ෂ මහතා එහිදී මෙසේ පැවසීය.
වර්තමාන ආණ්ඩුව සිරගෙවල් පෙන්නද්දී, ආණ්ඩුවේ මර්ධනය සැළකිල්ලට නොගෙන දේශපාන පක්‍ෂයක් මෙන්ම සැබෑ විපක්‍ෂයේ වගකීම ඉටුකිරීම ඉදිරිපත්ව සිටින බවත් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ, ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂය, එක්සත් ජාතික පක්‍ෂය ආදි විපක්‍ෂයේ සියලුම පක්‍ෂවල දෙවැනි පෙළ නායකයන් සිටින බවත් ඒ මහතා කීය.
අසීමිත බාධා මධ්‍යයේ ආණ්ඩුවේ මර්ධනයට සහ බියවැද්දීමට නොබියම විශාල ජනතාවක් මෙම රැළියට පැමිණ සිටීමෙන් ජන මතය පිළිඹිබු වන බව කී නාමල් රාජපක්‍ෂ මහතා පෞද්ගලික අරමුණක් නොව ජනතාවගේ අවශ්‍යතා ඉටුකිරීමට ජනතාවාදි අරගයක නායකත්වය දීමට දේශපාලන කඳවුරක් ලෙස ඉදිරිපත් වීම මෙම රැළියේ අරමුණ බව ද සඳහන් කළේය.
අසීමිතව බොරුවෙන් ජනතාව මුලාකර බලයට පැමිණි වර්තමාන ආණ්ඩුව අයි.එම්.එෆ්. එළවනවා කියා බලය ගෙන ආ විගසින් අයි.එම්.එෆ්. බාදාගෙන ජනතාව මත අසීමිත බදු බරක් පැටවූ බවත් කුඩා ව්‍යපාරිකයාගේ සිට සියලුම දෙනාට අසාධාරණ බදු ගසා ඇති බවත් රාජපක්‍ෂ මහතා කීය.
දිනෙන් දින කර්මාන්ත වැහෙනවා පමණක් නොව, අධ්‍යාපන කඩා වැටීම නිසා ඒවා මතක් කිරීමේ වගකීම විපක්‍ෂයට ඇති බවත් පච ගමන නවතා දැන්වත් පොරොන්න්දු ඉටු කරන ලෙස ආණ්ඩුවට මතක් කරන බවත් ඒ මහතා කීය.
දේශපාලන උවමනාවට රාජ්‍ය සේවයා පාවිච්චි කර සමස්ත රාජ්‍ය සේවය වට්ටන අතරම එක පැත්තකින් අධිකරණ පද්ධතියට බලපෑම් කිරීමට උත්සහ කරන බව කී නාමල් රාජපක්‍ෂ මහතා පැවසුවේ විපක්‍ෂය දේශපාලන ප්‍රශ්නය ආණ්ඩුව සමඟ විසදා ගන්නා බව පොලිස්පතිවරයා ඇතුළු අසීමිත විදියට ආණ්ඩුවට කඩේ යන රාජ්‍ය සේවකයවන්ට සහ සමහර නිලධාරීන්ට මතක් කරන බවයි.
දේශපාලනයට පොලිසි, ත්‍රිවිධ හමුදාව සහ රාජ්‍ය සේවකයන් පටවා ගන්න එපා යැයි ආණ්ඩුව මතක් කරන අතර එදා අමුඩේ ගහගෙන කුඹුරට බැස්ස මහත්වරු අද ටයි දමා කොළඹට වෙලා සිටින බවත් වර්තමාන ආණ්ඩුව ගොවියන් අසරණ කර ඇති බවත් ඔහු කීය.
මෙරට ඉතිසහයේ පළමු වරට අපේ රටේ වවනාවට වඩා පිටින් ගෙනල්ලා කන එන වාසි කියන ආණ්ඩුව වර්තමාන ආණ්ඩුව බවත් සහල් මාෆියාව එක පෑන් පහරින් අයින් කරන බව කී ආණ්ඩුව කැබ් 1700 ක් ගෙන්වන්නේ ගමේ ගියාම කෙසෙල් කැන දාන්න ඒමට දැයි ගැටලුවක් ඇති බවත් ඔහු වැඩි දුරටත් සඳහන් කළේය.
ආණ්ඩුව ජනතාවට දුන් පොරොන්දු ඉටුකරන ලෙස මතක් කිරීමට විපක්‍ෂයේ පක්‍ෂ රැසක් මෙසේ එකතු වූ බවත් මහින්ද මහත්තයා උගන්ඩාවේ ඩොලර් මිලියන 15 ක් හංගලා තියනවා යැයි, නාමල් රාජපක්‍ෂ නමට ගෙනාපු ලැම්බෝගිනි තියනවා යැයි ආණ්ඩුඅබලය ගැනීමට බොරු කිව්වත් දැන් ඒවා ඔප්පු කිරීමේ වගගකීම ආණ්ඩුවට ඇති බවත් පිවිතුරු හෙළ උරුමයේ නායක උදය ගම්මන්පිල මහතා එහිදී පැවසීය.
වර්තමාන ආණ්ඩුවේ පාලන කාලයෙන් මාස 14 ක් ගෙවී ඇති අතර පොරොන්දු ඉටුකිරීමට තවත් මාස 14 ක් දියහැකි බව කී ගම්මන්පිල මහතා බලය ගැනීමට සමස්ත ජාතික රැවැට්වීම ගැන ආණ්ඩුව සමස්ත ජාතියෙන්ම සමාව ගතයුතු බව ද සඳහන් කළේය.
ශ්‍රී ලංකා ඉතිහාසායේ මෙතෙක් බිහිවූ දූෂිතම ආණ්ඩුව අනුර කුමාර දිසනායක මහතා ප්‍රමුඛ ආන්ඩුව බවත් බොරුකාර වැඩ බැරි, හොරු පිරි ආණ්ඩුව ගෙදර යවන තෙක් සටන ක්‍රියාත්මක කරන බවත් ඔහු කීය.
මහ වැසි මැද නුගේගොඩ ජනතාවගෙන් පිරී ඇති ආකාරය පැල්වත්ත වහලට නැග බලන ලෙස ජනාධිපතිවරයාට කියන බවත් මේ ආකාරයට 10 ගුණයක් සෙන ගෙන්න නම් ටිල්වින් සිල්වාට අලුත් පිට්ටනියක් හැදීමට සිදුවන බවත් ඔහු පැවසීය.
ජනාධිපතිවරයා සහභාගි වූ තංගල්ලේ රැස්වීට සෙනග ඇද්ද පොලිසිය මෙම රැස්වීම කඩාකප්පල් කිරීමට යොදාගත් බව කී ගම්මන්පිල මහතා හිට්ටර්ගේ පොලිසිය බවට මෙරට පොලිසිය පත්කළාට පොලිසියේ අය කේන්තියෙන් සිටින බව ද වැඩි දුරටත් සඳහන් කළේය.
එක්සත් ජාතික පක්‍ෂයේ නායන රනිල් වික්‍රමසිංහ මහතා මෙම අවස්ථාවට සහභාගි නොවුණ ද ඒ මහතා විපක්‍ෂ එකතුවට ආශීර්වාද කරන බවත් අවුරුදු 76 ක් රට විනාශ කළේ වික්‍ෂයේ සිටින පක්‍ෂ නොව ජේවීපී එක බවත් එක්සත් ජාතික පක්‍ෂය නියෝජනය කළ හිටපු අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතා එහිදී පැවසීය.
1947 න් සිට අවුරුදු 1965 දක්වා රට හොඳට ගිය ද 1965 වසරේ සාපය ඇති වූ අතර විජේවීරට ඇමතිකමක් නොදුන් නිසා රට විනාශ කළ අතර විවෘත ආර්ථිකය ශාපයක් කළේ ජවිපේ කියන එක මතකයේ තබාලත යුතු බව කී හරීන් ප්‍රනාන්දු මහතා ආණ්ඩුවට එරෙහිව කොන්දේසි විරහිතව සමඟි ජනබලව්ගයටත් සටනට එකතු වන ලෙස ආරාධනා කරවන බව ද ඒ මහතා කීය.
අනුර කුමාර ජනාධධිපතිවරයා අයවැය ඉදිරිපත්කරමින් පැයක් නාමල්ට බැනිමෙන් පැය හතරාහමාරක් අයවැය කියවීමෙන් ඇවැය නැරඹීමට පැමිණි විදේශ තානාපතිලා කලන්තේ දමා වැටෙන තත්වයක් තිබූ බවත් තමන් නාමල් රාජපක්‍ෂ මහතා ඒ අවස්ථාවේදී පිටත්කර නොහැරියේ නම් ජනාධිපතිවරයා රාත්‍රී 10 වන තෙක් නාමල්ට බනින බවත් නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී චාමර සම්පත් දසනායක මහතා කීය.
නව ජනතා පෙරමුණේ ප්‍රධාන අනුශාසක පැපිලියාන සුනේද්‍රාදේවි රජමහා විහාරයේ විහාරාධිපති වැල්ලම්පිටියේ සුමනධම්ම නාහිමියන්ට පැමිණ සිටි සියලු දෙනා පංචශිලයේ පිහිටුවූහ. හින්දු සහ ඉස්ලාම් අගමික ජූජකවරු ද එම ආගම් සිහිකළහ.
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ තරුණ සංවිධානයේ උප සභාපති සාවින්ද්‍රා එදිරිමාන්න මෙනෙවිය රැළිය ආරම්භ කරමින් ඇමතුවාය.
ශ්‍රී ලංකා මහජන පක්‍ෂයේ නායක අසංක නවරත්න, නව ජනාතා පෙරමුණේ නායක සුගීෂ්වර බණ්ඩාර, ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රේමනාත් සී. දොළවත්ත සහ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ යාපනේ දිස්ත්‍රික්ක සංවිධායක කාසලිංගම් යන මහත්වරු ද රැළිය ඇමතූහ.
ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ සභාපති නිමල් සිරිපාල ද සිල්වා, ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නායක සාගර කාරියවසම්, මහාචාර්ය ජී. එල්. පීරිස්, එක්සත් ජාතික පක්‍ෂයේ මහ ලේකම් තාලතා අතුකෝරාළ, අනුර ප්‍රදර්ශන යාපා, පාරලිමේන්තු මනත්‍රී රෝහිත අබේගුණසේකර, ටිරාන් අලස්, දුමින්ද දිසානායක, වජිර අබේවර්ධන, මහින්ද අමරවීර, සංජීව එදිරිමාන්න සහ ලසන්ත අලගියවන්න යන මහත්ම මහත්මීන් ඇතුළු විශාල පිරිසක් මෙම අවස්ථාවට සහභාගි වූහ.





COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
වැලිකඩ ගමන ඉක්මනට වේයි වගේ ...
සමහර දේවල් තියෙනවා කියන මනුස්සයා දැක්කාම ඒ කතාවේ කිසිම වැදගත්කමක් නැති වෙන.. මේකත් ඒ වගේ දෙයක්...
හොරුන්ගේ නම් කාට හරි අමතක නම් මෙන්න කියවලා මතක්කර ගන්න....
ආන්ඩුව පෙරලන්න ඉස්සරවෙලා පවුල පිටින්ම වැලික්ඩ නොගිහින් බේරිලා ඉන්න ක්‍රමයක් හොයාගනින්....
ආණ්ඩුව පෙරලන්න... තමුන් කරපු අපරාධ, හොරකම්, වල්කම්, මැරකම්, මිනීමැරුම්... වලට ළඟදීම හිරේ යනවා !!! මේ ආණ්ඩුව පෙරලන්න තරම් මේ රටේ බහුතරයක් ජනතාවට මොලේ අමාරුවක් නැහැ !!! දැන් ඉතින් ජම්පර් දෙකතුනක් මහගෙන ලැහැස්තිවෙනවා හිරේ යන්න. ජම්පර් නැත්නම් ඔය බෙල්ලේ ඔතාගෙන ඉන්න මලජරා සාටකයෙන් තමයි අමුඩයක් ගහගෙන කුඩුවේ ඉන්නේ වෙන්නේ...
පලමු අවස්තාවක් එන්න එපැයි…
ඔච්චර බය කරන්න එපා නාමල්. දැනටමත් අනුරට මානසික රෝගී තත්ත්වයක් තිබෙනවා කියලා පේනවා. ඇවිදින මළමිනියක් වගේ. අවුරුදු පහ සම්පූර්ණ වෙන්න ඉස්සෙල්ලා ඔය මිනිහාව අංගොඩ නතර කරන්න වෙයි...
අනේ නාමලෝ, ආණ්ඩුව පෙරලන්න දඟලන්න ඉස්සෙල්ලා පොල්කට්ටක් පිරෙන්න හුජ්ජ කරන්න පුලුවන්ද කියලා බලපං.... රට වනසලා දැං එනවා රට හදන්න
ආන්ඬුව පෙරලමු... අයිස් රකිමු..
පැමිණි පිරිසට වැඩිය බොන්න දෙන්න එපා. නම් පටලවාගෙන ජරමරයක් වෙයි...
රටටම ආසියාවේ ආස්චර්‍ය පෙන්වපු දූශිත පවුල් පාලනේ අයගේ අදෝනාව. 1948 න් පසුව ලන්කාවේ බිහිවූ දූෂිතම ආණ්ඩුව රාජපක්ෂ පවුල් පාලන ආණ්ඩුව බවත්, තුනෙන් දෙකේ බලයක් තිබිලා, 69 ලක්ෂයක් ඡන්දේ ගත්තු ආණ්ඩුව ජනතා අරගලයකින් එළවලාම දාපු හැටිත් ඉතිහාස ගතවී හමාරයි.
හීනෙන් තමයි ඉතින්...
සභාවේ තදින් සිනා...
හිටපු සෙනගෙ පෙනුමේ හැටියට අද වුණත් පෙරලන්න තිබුණේ, නැද්ද?
ඇඬෙන්න හිනායනවා මේවා අහලා!
කෝ කොල්ලෝ සෙනග... අනේ පවු... මිනිස්සු දැන් ඉස්සර තරම් මෝඩ නෑ බන්.
මහින්ද චින්තනය 1,2 තාරුණ්‍යයට හෙටක්, ලන්කාව දැනුමේ කේන්ද්‍රස්ථානය, ආසියාවේ ආස්චර්‍ය සෞභාග්‍යයේ දැක්ම මෙකී නොකී බොරු බේගල් ගහලා ජනතාව රවට්ටලා බලය අරන් පව්ලේ අයව කිට්ටු කරගෙන රටම හොරාකාලා විනාශ කෙරුවේ කව්ද කියලා ලෝකෙම දන්නවා. දූශිත පවුල් පාලන ආණ්ඩුවක්ම. එළවලාම දාපු හැටි අපි නොදන්නවා නොවෙයි...
බස්වලින් රටේම ඉන්න මිනිස්සුන්ට කන්න බොන්න දීලා නුගේගොඩ කුඩා ස්ථානයකට සෙනග රැස්කිරීම සැබෑ ජන සහභාගිත්වය නොවේ...
නාමල්ලාට බලය දෙන්න අපි මැරිලා ඉපදෙන්න ඕනෑ. බලය තිබුණු කාලේ කරපු දේවල් අපිට හොදට මතකයි. ඕවාට කියන්නේ දවල් හීන කියලා.
සිහින දකින්නැති අහස උසට තනියම ...
රට වටෙන් ම හොයාගෙන තියන බයියෝ ටික දැක්කාම බය නැතිව කියන්න පුළුවන් නාමල් බේබිට ලබන සැරේත් ජාතික ලැයිස්තුවෙන් පාර්ලිමේන්තු සීට් එකක් ගන්න පුළුවන්...
ඡන්දෙ දෙන්න හොද කෙනෙක් නැත්තං නොදී ඉන්නවා. නාමල්ට නම් කීයටවත් දෙන්නේ නැහැ. ඒ ගොල්ලන්ගේ පැටිකිරිය අපි හොදටම දන්නවා...
පිරිමින්ට බත් පැකට් 1 යි රු.2000/- අර්ක්කු 1/2යි. ගෑනුන්ට රු.3000/- බත් පැකට් එකයි.
හොර පෙරකදෝරුවා නෑ මෝල්, ලිස්ට් එකෙන් පිනට පාර්ලිමේන්තුවට ඇවිල්ලා, දැන් කයිවාරු ගහනවා " ආණ්ඩුව පෙරලනවා " ලු. ආණ්ඩුව පෙරලුණත් ...ආයේ මේ කපේදී " රාජපක්ෂ " කියන හොර ,තක්කඩි , අශීලාචාර, ගෝත්‍රික ,වල් මිනීමරුවන්ට මේ ශ්‍රී ලංකාවේ අති බහුතරයක් ජනතාව ඡන්දය දෙන්නේ නැත...
අරක්කු බාගෙටයි, බත් මුලටයි, රුපියල් 1000ටයි විතරක් නොවෙයි... මේ සැරේ " කුඩු " පැකට් එකත් මෝඩ මිනිස්සුන්ව රැලියට ගෙන්න ගන්න පාවිච්චි කරලා...
කෝ සෙනග? එහෙන් මෙහෙන් අහුලාගත්තු බයියන්ව රැලිය ඉවරවුණාට පස්සේ කොළඹ අමතක කරලා දාලා ගිය කේස් දෙක තුනක් තියෙනවා...
මේ ආණ්ඩුව අපිට හොඳයි. පෙරලලා බලන්න.
මැදමුලන පොඩි හනුමෝ, ඔයාලා කට්ටිය එකතුවෙලා තාජුදීන්ව වදදීලා මරලා, වාහනේට දාලා ගිනි තියපු හැටි රෑට හීනෙන් පෙනෙනවාලු නේද? අපරාධය පසුපස දඬුවම එනවා කරත්ත රෝදය ගොනු පසුපස එනවා වගේ...
ක්‍රිස් එකෙන් ගත්ත අල්ලස් දිරවන්නේ නැතිව දැන් අජීර්ණයට ඇවිල්ලා කියලා ආරන්චියි. හිරේ යන්න ලැහැස්තිවෙයන්, හොරා.
මේ හොර මිනීමරු රැළද ආණ්ඩුව පෙරලන්න ලැහැස්ති වෙන්නේ ? මට "දත් නැති කටෙනුත් " හිනා..
ඔබලා කරපු දේ ඔබලාම කියවනවා. දැන් මිනිසුන් රැවටෙන්නේ නැහැ ඕවාට... දූෂිත පාලනයක් ගෙනිච්චේ ඕගොල්ලන්...
මොකක්ද ඔය ආණ්ඩුව පෙරලන පළමු අවස්ථාව? දැන් පෙරළන්නේ නැත්තේ ඇයි...?
කටෙන් බතල හිටවන එක කොච්චර ලේසිද කියලා දැන් තමයි තේරුනේ...
පොඩ්ඩක් කෙනිත්තුවාට කමක් නැහැ. හැබැයි ඔහෙලාට බලය නම් දෙන්නේ නෑ...
ගෝඨා වගේම අන් අයගේ උදව්වෙන් පිම්බිලා රටක් ආණ්ඩු කරන්න බෑ නේද? රාජපක්ෂ පවුල රටට කළ විනාශය මදිද.. ?
ඔව්. එහෙම කරන්න වෙනවා. නැතිනම් ඔය වේදිකාවට නැගපු අයගෙන් 90% කට වඩා හිරේ යන්න වෙනවානේ. දැනටමත් ඔතැන හිටපු වැඩි දෙනෙකුට අධි චෝදනා ලැබිලානේ තියෙන්නේ...
පෙරලන්න කට්ටිය හොයාගනින් නෑ මෝල්...
ඔය නුගේගොඩ ආපු කට්ටියගෙන්ද ආණ්ඩු පෙරළන්න හදන්නේ... දවල් හීන...
හත් අටදහකින් කොහොමෙයි ඕක කොරන්නේ! ආව අයගේ මූණවල්, හැසිරීම ප්‍රවෘත්තිවල දැක්කාම තේරෙනවා, ජාතිය ගොඩගන්නම තමයි ඇවිල්ලා තිබුණේ කියලා.
හිච්චි විරප්පන්ගේ ඩෝබි බලකාය හොදට ලියනවා... තුන්වැනි පාන්තික මන්ද මානසික ජෙප්පන්...
අම්මෝ හිටපු සෙනඟ. මෙහෙම සෙනඟක් මීට ඉස්සරනම් දැකල නැහැ. දැක්ක ගමන් බයත් හිතුනා. ලබන මැතිවරණයේදී රජකම තියා ඇපේ බේරෙන්නෙත් නැති සීන් එකක් තමයි තියෙන්නේ.
ෆයිරූස්, නම ගොඩක් දෙනෙකුට තියෙනවා. ඔය ෆයිරූස් ඩෝබියා කියලා අදහස් ලියන්න. එතකොට නම වෙනස් වෙනවා.
3% ඉදලා දෙපාරක් ගණන් කරලා බහුතරයක්වත් නැති අය හිතන උජාරුව...
මොන්ගල් බේබි හිතන් ඉන්නේ... ආන්ඩුව පෙරලනවා කියන්නේ... පොතක පිටුවක් පෙරලනවා වගේ කියලා හිතන් ඇති. වටේට හිටන් ඉන්නේ... පිටකොටුවේ එදිනෙදා කුලි වැඩ කරන. අසරන තරුණයින්. නූගත් තරුණයින් බේබි වගේ එහෙම අය තමයි නූගතුන් වටේ ඉන්නේ. අධ්‍යාපනය ගැන කතා කරනවා. වලි කුකුලන් තුන්දෙනාම නූගත් මෝඩයින්. නාකිමයිනා හොර පත්විම් හදලා දීලා. නූගත් පුත්තුන්ට. උගත් පිරිසට කියලා සැලියුට් ගහගත්තා. එකෙක් නම් රස්සාවත් දාලා ගියා. ලැජ්ජාවටම. මේ නූගත් බේබි. බෙල්ලෙ වැලක් දාගන... හරි උගතා වගේ කතා කරන්නේ. සෙවලයෙක් ලියලා දීලා කටපාඩම් කරවන්න ඇති මාසයක් විතර. ඒකනේ ගිරවා වගේ මයිනාගේ පුතා බෙරිහන් දෙන්නේ. පුලුවන්නම් ආන්ඩුව පෙරලලා බලමුද? මොකද වෙන්නේ කියලා. පාතාලේ කට්ටියගෙන් මැරුම් කන්න වෙන බයට... ආන්ඩුව පෙරලන්න එන්නේ... ගොබ්බයෝ මේ විදියට කුඩු කාරයෝ ඇල්ලුවාද? පගාව ගත්තා මිසක්. තොපිට වැහි නැති හෙන වදින්නේ. මොවුන්ගේ ඔලුවට කඩුගන්නාවේ වැටුණු ගල හෙලිකොප්ටරයෙන් ගෙනත් දාන්න ඕනේ...
ඔක්කොම ඩෝබිලා මෙතන වගේ