IMG-LOGO

2025 දෙසැම්බර් මස 30 වන අඟහරුවාදා


කිරින්දේ කුඩු සමග වාහන හයක්, සැකකරුවන් හතක් මාට්ටු

(අමිල සම්පත් ශ්‍රී,චන්ද්‍රසේන ගමගේ සහ ගයාන් සූරියආරච්චි)

තිස්සමහාරාම අඳගලවැල්ල ප්‍රදේශයේ මුහුදේ සිට වෙරළට මත්ද්‍රව්‍ය රැගෙන එමින් සිටියදී අද අලූයම එකයි තිහට පමණ අත්අඩංගුවට ගත් බව බස්නාහිර පළාත් උතුරු අපරාධ කොට්ඨාස ඒකකය කියයි.

ගැඹුරු මුහුදේ සිට බහුතර යාත්‍රාවකින් රැගෙන මත්ද්‍රව්‍ය කුඩා බෝට්ටුවකට මාරු කර එම යාත්‍රාව මගින් අඳගල වැල්ල ප්‍රදේශයේ වෙරළට කඹයක ආධාරයෙන් පාවෙනසේ දමා ගොස් තිබූ අතර එය සැකකරුවන් විසින් ගොඩබිමට රැගෙන එන අවස්ථාවේ අත්අඩංගුවට ගැනීම සිදුකර ඇත.

පොලිසිය සඳහන් කරන පරිදි මත්ද්‍රව්‍ය පුරවන ලද කිලෝ පනහේ පොහොර කවර 19 තිබූ තිබූ අතර මත්ද්‍රව්‍ය හෙරොයින් මත්ද්‍රව්‍ය කිලෝ 400කට ආසන්න ප්‍රමාණයක් ඇතැයි පොලිසිය කියයි.

ගැටගසා තිබූ මත්ද්‍රව්‍යය සැකකරුවන් සමග පොලිසියට රැගෙන ආ බව පොලිසිය කීය.

මෙම වැටලීමේදී සැකකරුවන් හත් දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති අතර මත්ද්‍රව්‍ය ප්‍රවාහනය කිරීම සඳහා පැමිණි රථ වාහන හයක් පොලිස් භාරයට ගෙන ඇති බව පොලිසිය කීය.

අත්අඩංගුවට ගත් මත්ද්‍රව්‍යය මහා ටැක්ටරයක් ආදාරයෙන් අඳගල වැල්ලේ සිට කිරිඳ පොලිසියට රැගෙන ගියේය.

මත්ද්‍රව්‍ය රැගෙන යාමට ආ සැකකරුවන් හික්කඩුව සහ කඩුවිල රන්න ප්‍රදේශවල පදිංචි අයවරුන් බව පොලිසිය කියයි.

(ඡායා අමිල සම්පත් ශ්‍රී)

 

 

-------------------------------------------------

තිස්සමහාරාම කිරින්දෙන් මත්ද්‍රව්‍ය තොගයක් අත්අඩංගුවට

පෙරවරු 6.44

(චන්ද්‍රසේන ගමගේ)

මුහුද හරහා ගෙන එන ලද බවට සැක කෙරෙන මත්ද්‍රව්‍ය අඩංගු පොහොර උර 18 ක් පමණ තිස්සමහාරාම කිරින්ද නිදන්ගල ප්‍රදේශයේ සඟවා තිබියදී බස්නාහිර උතුර අපරාධ විමර්ශන කොට්ඨාසයේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

බස්නාහිර උතුර අපරාධ විමර්ශන කොට්ඨාසයට ලැබී තිබූ තොරතුරකට අනුව මෙම මත්ද්‍රව්‍ය තොගය අත්අඩංගුවට ගෙන ඇති අතර මේ වන විට ඔවුන් විසින් වැඩිදුණු විමර්ශන ආරම්භ කොට තිබේ.

 



අදහස් (13)

කිරින්දේ කුඩු සමග වාහන හයක්, සැකකරුවන් හතක් මාට්ටු

දෙහිබාලේ ගම්බට්ටා Wednesday, 12 November 2025 07:38 AM

මේක කරගෙන යන්න මුං දෙන්නෑ.

:       10       65

අන්_ර Wednesday, 12 November 2025 10:23 AM

යකෝ උඹලට කුඩු කන්ටේනර් සිය ගණනක් පන්නල දීලත් තව මදිද?

:       103       24

නා.රාපස්සWednesday, 12 November 2025 12:11 PM

ඔය කියන්නේ දාහතරවෙනි වතාවට පන්නපු එක ගැන විතරයිනේ. අපි තමයි හොඳටම කෙරුවේ.

:       0       0

සංඛ Wednesday, 12 November 2025 11:25 AM

මේවා නාමල් රාජපක්ෂලාගේ ගෝලයෝ කුඩු රටට ගෙනාපු බලකොටු.මොනයම් හේතුවක් නිසා හෝ දෙවියෝ බලලා විසාල ජන ප්‍රසාදයකින් මාලිමා රජයක් යටතේ ජනහිතකාමී ආණ්ඩුවක් හදල අද කුඩු මහා පරිමාණයෙන් කුඩු රටට එන එක මහත් පරිශ්‍රමයක් යොදලා අල්ලලා දඬුවම් දෙනවා.රටේ සමස්ත අනාගත දරු පරපුර බේරාගන්න මාලිමා රජය මේ කරන විශ්මිත මෙහෙවරට අපි හිස නමා ආචාර කරනවා.අද මොනතරම් වටිනවාද අපි දුන්න ඡන්දය.

:       0       0

Neel Wednesday, 12 November 2025 11:46 AM

මේ යන විදියට ගියොත් ලංකාවේ කුඩු වසංගතය නැත්තටම නැතිවෙයි .ලංකාවේ ආර්ථිකය ගොඩ දාපු මේ ආණ්ඩුවට මේ ප්‍රශ්නය විසඳන්න ශක්තිය ධෛර්යය ලැබෙන්න ඕනේ කියල අපි හැමදාම ප්‍රාර්ථනය කරන්න ඕනේ...

:       0       0

tero Wednesday, 12 November 2025 01:01 PM

දවල් බඩු ටික ගන්න ගිහින් තියෙන්නේ...

:       0       0

සෙනෙවිරත්න Wednesday, 12 November 2025 02:50 PM

බල්ලො බුරනවා මේ මෙහෙයුමට එරෙහිව ඒකනේ මෙතන කන්ටෙනර් කතාව කියන්නෙ, ඒකෙ ඇත්ත සජිත්ගෙ ශ්‍රී මුඛයෙන්ම කිව්වොත් පිළිගන්න හරක් ඉන්නවා.

:       11       54

සෙනෙවිරත්න Wednesday, 12 November 2025 02:52 PM

දැන් ජාවාරම් කාරයන්ට එකදිගටම පාඩු නිසා මුන්ට වෙන්නෙ වහ කන්න. ඔහොම යං මුන්ට මේක නතරකරන්නම වෙනව, එදාට රට කිරිබත්

:       5       57

Bunny PreenaThursday, 13 November 2025 11:43 AM

ඔව් සෙනවිරත්න, ඔබ හරි. රටට කිරි බත්. මත් කුඩු ජාවාරම් කරුවන්ට හිර බත්.

:       3       2

ගමේ එකාලා Wednesday, 12 November 2025 04:56 PM

මේ තමා දූෂිත පව්ල් පාලනේ එකාලා අපිට පෙන්වපු ආසියාවේ ආශ්චර්යයක තරම. කුඩු අල්ලනකොට දූෂිත දේසපාලුවෝ කුලප්පු වෙනවා?

:       0       0

BBC Wednesday, 12 November 2025 05:04 PM

මට තියෙන ප්‍රශ්නේ, ඇයි මේවා ගේ ලොකු තොග අහු වුණාම, ඒවා ළඟ තියාගෙන ඉන්න අයට දවසින් මරණ දඬුවම දෙන්නේ නැත්තේ කියලා. පොලිසිය අල්ලන වෙලාවේ වීඩියෝ කරලා, සාක්ෂි පෙන්නුවත්, නඩු ඇදෙන්නේ ඇයි? මේ අල්ලන කුඩු... දවසින් දෙකින් විනාශ කරනවා පෙන්වන්නේ නැත්තේ ඇයි, ඒවා අයෙත් එලියට යනවාද? නඩු භාණ්ඩ කියලා මේවා අවුරුදු ගණන් තියාගන්න ඕනේ නැහැ, අද ඇල්ලුවා ,හෙට රස පරික්ෂාව කරා, කිලෝ ගැන මැන්න , සාක්ෂි ටික අධිකරණයට පෙන්නුවා ඊළඟ දවසේ ගිනි තිබ්බා !!!

:       0       0

Anura Wednesday, 12 November 2025 06:36 PM

මෙතෙක් කලක් කුඩු අල්ලනවා කියලා කරේ ලොකු බොරුවක් කියලා දැන් තේරෙනවනේ? මාලිමාව ඇරෙන්න අනිත් ප්‍රධාන පක්ෂ කුඩු මුදලින් තමයි යැපුණේ, ඡන්දෙ කාලෙට ඔවුන්ගේ ඡන්ද යාන්ත්‍රණය කරේ ඒ ගොල්ලෝ ඒක හින්දා කවදාවත් ගෙන්නන අයට අත තිබ්බේ නැහැ...

:       0       0

Bunny Preena Thursday, 13 November 2025 08:50 AM

මෙවැනි මෙහෙයුම් දිගටම දිනපතාම සාාර්ථකව කරගෙන යාමට ධෛර්යය, ශක්තිය සහ දෙවියන්ගේ ආරක්ෂාව හා ආශීර්වාදය ලැබේවා . දරුවන්ට ආදරය කරන සියලු දෙනාගේ එකම ප්‍රාර්ථනාවයි.

:       3       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 9 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 699 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 332 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site