IMG-LOGO

2025 දෙසැම්බර් මස 30 වන අඟහරුවාදා


විභාග මධ්‍යස්ථන තෙමහල් ගොඩනැගිල්ලෙන් සිසුවියක් වැටිලා

(බිමල් ශ්‍යාමන් ජයසිංහ)

මෙවර උසස් පෙළ විභාගයට පෙනී සිටි බම්බලපිටිය කාන්තා විද්‍යාලයක  සිසුවියක අද දහවල් විද්‍යාලයේ තෙමහල් ගොඩනැගිල්ලකින් පහළට වැටීමෙන් බරපතල තුවාල ලබා රෝහල් ගත කර ඇතැයි බම්බලපිටිය පොලිසිය කියයි.

එම අනතුරින් ඇයගේ පාද දෙකට  තුවාල සිදුවී ඇයගේ දිවි බේරීම ආශ්චර්යයක් යැයි ඇසින් දුටුවන් පවසා ඇත. 

එම සිසුවිය මෙවර උසස් පෙළ විභාගයට දෙවන වරපෙනී සිටින තැනැත්තියක බව අනාවරණය වී ඇත.

ජීව විද්‍යා ප්‍රශ්න පත්‍රය ලබාදීමට විනාඩි පහළොවකට පමණ පෙරදී මෙම අනතුර සිදුව ඇතැයි පොලිසිය කියයි. 

පහළට වැටුණු සිසුවිය පතිත වී ඇත්තේ කාපට් අතුරන ලද මාර්ගයකට බව එම ආරංචි මාර්ග සඳහන් කරයි.

ඇය විභාගයට පෙනී සිටීමට යම් බියකින් පසු වීම නිසා ඉහළ මහළයෙන් පැන්නේ  දැයි පොලිසිය සැකකරයි.  

බරපතල තුවාල ලද 19 හැවිරිදි සිසුවිය මොරටුව පදිංචිකාරියකි.

 



අදහස් (5)

විභාග මධ්‍යස්ථන තෙමහල් ගොඩනැගිල්ලෙන් සිසුවියක් වැටිලා

tissa Tuesday, 11 November 2025 05:45 PM

මේ තමා අද උසස් පෙළ දරුවන් "විභාග පීඩනය" නිසා විඳින දුක.

:       0       0

පන්සිළු Tuesday, 11 November 2025 07:13 PM

ලංකාවේ උසස් පෙළ මාරාන්ත්කයි. එය ළමයාගේ මුළු ජීවිතයම වෙනස් කරනවා. නමුත් දෙමාපියන් දරුවන්ට අනවශ්‍ය ලෙස පීඩනය නොදිය යුතුයි. ලොව ජය ගන්නේ උසස්පෙළ සමතුන් පමණක් නොවේ.

:       0       0

vis8 Wednesday, 12 November 2025 07:19 AM

ලංකාවේ පමණක් නොව දියුණු රට වල පවා දැන් පවතින තත්වය නම් කෙසේ හෝ ඉහලම විධියට ඉගෙනගන්න ලමියිනට බල කිරීම. මෙය දෙමාපියන්ගේ බලාපොරොත්තු ඉටු කරගැනීමට මුල්වූ දෙයකි.මෙවැනි මානසික පීඩන සමහර මුර්දු සිත් ඇති ලමියින්ට ධරාගන්න බැහැ. අනිත් අයගේ ලමියින්ව සංසන්දනය කරගෙන තමන්ගේම දරුවන්ට අපමණ අසාධාරණයෙන් සලකන ආත්මාර්ථකාමී රෝගයක් දැන් ලොව තුරා පැතිරෙමින් පවතිනවා. තමන්ගේ ළමයාගේ හැකියාවන් හඳුනාගෙන ඒවා දියුණු කිරීමට දැන් ස්ටෙම් අධ්‍යාපනය මගින් පුළුවන් .... මේ ගැන සිතීමට කාලය එලබී ඇත.

:       0       5

Bunny Preena Wednesday, 12 November 2025 09:15 AM

කිසිම හිතක් පපුවක් නැති සමහර මෝඩ දෙමාපියෝ “ A එකක් ගන්න බලපන් ", යනුවෙන් කරන දැඩි මානසික පීඩන වලට මුහුණ දෙන්න බැරි නිසා ඒ අහිංසක දරුවා දිවි නසා ගන්න අදහසින් පැන්නා වත්ද ?

:       1       5

නාමල් Wednesday, 12 November 2025 07:38 PM

මේ අර මීට කලින් දිවිනසාගත්තු කොටහේනේ දැරිය ගිය ඉස්කෝලේමද?

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 9 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 699 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 332 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site