
(සුමිත් පොතුපිටිය)
මත්ද්‍රව්‍ය නිවාරණ කමිටු පිහිටුවිමට සියලු රාජ්‍ය ආයතන වෙත චක්‍රලේඛයක් නිකුත් කරන බව ම මහජන ආරක්ෂක සහ පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ අමාත්‍ය ආනන්ද විජේපාල මහතා අද කළුතර දී පැවසිය.
සියලු ආයතන ප්‍රධානින් සිය ආයතන මත්ද්‍රව්‍ය වලින් තොර කලාප බවට පත්කිරීමට කටයුතු කළ යුතුය . එය ඔවුන්ගේ වගකිම වාර්තා වෙලා තියෙනවා ඇතැම් රාජ්‍ය ආයතනවල මත්ද්‍රව්‍යවලට ගොදුරු වූ පිරිස් ඉන්නවා කියල.
මත්ද්‍රව්‍ය වලට ගොදුරු වූ පිරිස් ඉන්නවා නම් ඔවුන් පුනරුත්ථාපන කිරිම මෙන්ම ජාවාරම් කරුවන් සිටීනම් විනය ක්‍රියාමාර්ග ගෙන පොලිසියට භාරදිය යුතුයි.
හෙට දිනයේ අධ්‍යාපන ලේකම්වරයා හරහා සියලු පාසල් විශ්ව විද්‍යාල සහ සියලු අධ්‍යාපන ආයතනවලට මෙවැනි මත්ද්‍රව්‍ය නිවාරණ කමිටු පිහිටුවන්න කියල චක්‍රලේඛයක් නිකුත් කරනවා.
මේවා සම්ප්‍රදායික කමිටුවෙන්න බෑ විදුහල්පති හෝ ආයතන ප්‍රධානියා වගබලා ගන්න ඕන තමන්ගේ ආයතනය මත්ද්‍රව්‍ය වලින් තොර කලාපයක් බවට.
උදෑසන රැස්වීමේ මේ ගැන කතාකරන්න ඕන . කමිටු හදන්න ඕන. ගුරුවරුන් ශිෂ්‍ය නායක නායිකාවන් එක්ව සක්‍රීය කමිටු හදල පාසල තුල ස්ථාපිත කරන්න අවශ්‍යයි.
පාසල් දරුවන් මත්ද්‍රව්‍ය භාවිතයට ඇබ්බැහි වෙලා තියෙනවා. ඉහලම පාසලේ සිට ගම්බද පාසල් වල දක්වා දරුවන් මේ මත්ද්‍රව්‍යවලට ඇබ්බැහිවී ඇති බවට තොරතුරු වාර්තා වෙලා තියෙනවා .
අපි පාසල් වල මේ වනතුරු වැටලීම් කරල නෑ. පොලිස්පති වරයාට කියන්න ඕන අවශ්‍ය නම් පොලිස් සුනඛයන් දෙන්නම් පාසල්වලට මත්ද්‍රව්‍ය පැමිණෙන මාර්ග වල වැටලීම් කරන්න කියල.ඒ නිසා ජනාධිපති ලේකම් වරයාට උපදෙස් දුන්නා චක්‍රලේඛයක් නිකුත් කරන්න කියලා සමාජ සවිබල ගැන්වීමේ ලේකම් වරයා වෙත මේ වනවිට ලියාපදිංචි වී ඇති රාජ්‍ය නොවන සංවිධාන 1200 ක් වෙත මේ උපදෙස් දෙන්න කියල.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පක්ෂෙ හදාගෙන හිටියොත් මොකද?
බොරු කතා. මතට තිත තියන්න ඇත්තටම ඕනේ නම් කොන්ටේනර් පිටින් මත ගෙන්වන රජය ඉල්ලා අස්වෙන්න ඕනේ.
යුක්තිය මෙහෙයුමෙන් මේ වැඩේ ඉතා ක්‍රමවත් විදියට කරගෙන යනකොට ඒකට විරුද්ධව බාල්දි පෙරලපු අය, අවසානයේදී ඒක නවත්තන්න උසාවි ගිය අයට දැන් ආයේ එතනටම යන්න වෙලා. ඔහොම වෙනවා වගකීමකින් තොරව දේශපාලනය කරනකොට...
වැඩේ හොදා , පාරිභෝගික භාණ්ඩ වල මිල අඩු කරන්න බලන්න, මිනිස්සුන්ට ආණ්ඩුව එපා වෙලා තියෙන්නේ ඒ අතින්.
රජයේ තනතුරක් දරණ කෙනෙක් මත්ද්‍රව්‍ය පාවිච්චි කර තිබේනම් සේවයෙන් පහකිරීමට ප්‍රතිපාදන තියෙනවා එම නීති අනාගතයේවත් පත්වීම් ලිපියේම ඇතුළත් කරන්න මත්ද්‍රව්‍ය පාවිච්චි කර තිබේද ලේ පරීක්ෂාකර වෛද්‍ය සහතිකයක් මගින් තහවුරු වුණොත් සේවයෙන් පහකිරීම කරන්න කමිටුවට පරීක්ෂණ බලතල දෙන්න...
ඉතිහාසය නැවත නැවත ලියවෙන බවයි. රජයේ සේවකයන්ගේ ආයතන සංග්‍රහය කියවා බලන්න .
පෝය දෙකයි කිව්වේ... එක චක්‍රලේඛයකට වෙන්න ඕනේ...
ලංකාවේ මත් ද්‍රව්‍ය භාවිතය නැවැත්විය හැක්කේ රටේ මත් ද්‍රව්‍ය සැපයුම් ජාලය විනාශ කිරීමෙන් පමණයි.