
(අංජුල මහික වීරරත්න)
ප්‍රතිගාමීන්ට තමන්ට අවශ්‍ය දේ කරමින් රඟන්නට ඉඩ දෙන්නේ නැතැයි ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා 36 වැනි ඉල්මහ විරු සමරුව අමතමින් අද (13)පැවසීය.
විරුද්ධ පක්ෂ දේශපාලනයට එරෙහිව ආණ්ඩු බලය පාවිච්චි කරන්නේ නැති බව කී ජනාධිපතිවරයා නමුත් ප්‍රතිගාමීත්වයට එරෙහිව මහජන බලය එළඹෙන වසරේදී පෙළ ගස්වන බව කීය.
"අපේ ඔලුවට ඔටුන්නක් වැටුනේ කුණු කානුවක් දිගේ ගහගෙන ඇවිත් නොවේ" යැයිද ජනාධිපතිවරයා කීය.
ජනතා විමුක්ති පෙරමුණේ නිර්මාතෘ රෝහණ විජේවීර මහතා ඇතුළු අරගලයේදී මිය ගිය ජවිපෙ සාමාජිකයන් සැමරීම සඳහා වන ඉල්මහ විරු සමරුව කොළඹ විහාරමහාදේවී එළිමහන් රංග පීඨයේ දී පැවැත්විණි.
ජනතා විමුක්ති පෙරමුණේ නායක ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ඇතුළු දේශපාලන මණ්ඩල සභිකයන් සහ සාමාජිකයන් විසින් මල් කළඹ තබා ජවිපෙ නිර්මාතෘ රෝහණ විජේවීර ඇතුළු විරුවන්ට පුෂ්පෝපහාර පුද කිරීම සහ විරු පිළිරුව අසල පහන් දල්වා ආචාර පැවැත්වීමද මෙහිදී සිදුු කෙරිණි.
විරුවන් වෙනුවෙන් විමුක්ති ගී ගායනයක්ද පැවැත්විණි.
එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා:-
මීට වසර 36 කට පෙර අප පක්ෂය ගොඩ නගන ලද ,පක්ෂයට ජීවය අධ්‍යාත්මය කැටි කරන ලද, කැප කිරීම පිළිබඳව මහා පාඩම් උගන්වන ලද රෝහණ විජේවීර සහෝදරයා ඇතුළු දස දහස් ගණනක් සහෝදරයන් අනුස්මරණය කිරීමට අද අප මෙහි රැස්ව සිටිනවා.1986න් පසු අවුරුදු 36 පුරාම අප ඔවුන් අනුස්මරණය කර තිබෙනවා.ඒ හැම අවස්ථාවකටම වඩා ඔවුන් සමරන මේ අවස්ථාව වෙනස්. බලය අත්පත් කර ගැනීමේ ව්‍යාපාරයක් ලෙස අප ඔවුන් ගැන මීට පෙර කතා කළා.දැන් බලය ලබාගෙන අප ඔවුන් ගැන කතා කරනවා.
මේ රට ගොඩ නැගීම සඳහා මෙන්ම ජීවිත උසස් කිරීම සඳහා අපේ විරුවන් අපට මහඟු මග පෙන්වීමක් කරනවා.තිබුණු ආණ්ඩු සහ අපේ ආණ්ඩු ගැන බොහෝ අය සංසන්දනය කරනවා.කවදාවත් තිබුණු ආණ්ඩු සහ අපේ ආණ්ඩු සංසන්දනය කරන්නට බැහැ.පැරණි ආණ්ඩු වලට ඒ වර්ගයේම ආණ්ඩුවක් ආවාම හොඳ නරක මනින්න පුළුවන්.ඉතා ශක්තිමත් ප්‍රමිතිගත කරන ලද ආණ්ඩුවක් අප ගොඩ නගා තිබෙනවා.
අප බලය ලබා ගන්නට නිස්සරණාධ්‍යාශයෙන් පොර බැදුවා. දැන් හොඳ රටක් බිහිකිරීම සඳහා පොර බදිමින් සිටිනවා.වෙනස් වී ඇත්තේ අපේ අරමුණ පමණයි. මේ අප සැමගේ තනි තනි පොර බැදීමේ ප්‍රතිඵල නොවේ.
මීට අවුරුදු 36 කට පෙර රෝහණ විජේවීර සහෝදරයා ඇතුළු දස දහස් ගණනක ජීවිත අපට ඉතිරි කළ උත්තුංග ගුණාංග මොනවාද? කුමන දුෂ්කරතා මධ්‍යයේ වුවද තම අරමුණ අත්හැර නොදා ඕනෑම දුෂ්කරතාවයක් මධ්‍යයේ සටන් වදින ගුණාංගය ඔවුන් අපට ලබා දී තිබෙනවා.
තනි තනිව සහ සාමූහිකව ඒ ගුණයන් ආරක්ෂා කරන්න අපට වගකීමක් තියෙනවා.බලය අත්පත් කර ගන්නට පෙරට වඩා බලය අත්පත් කර ගත් පසු අප දෙස එල්ල වෙලා තිබෙන ටෝච් ප්‍රමාණය වැඩි බව තේරුම් ගත යුතුයි.
ලෝකයේ හැම තැනම සීයට තුන හතරක විරෝධාකල්ප ව්‍යාපාර තියෙන බවත් ඒවා හැමදාම පවතින බවත් ඔවුන්ගේ එක් ප්‍රධාන නායකයෙක් මා සමග එදා කිව්වා.කවදාවත් අප බලය අත්පත් කර නොගනු ඇතැයි ඔවුන් සිතුවා.ඔවුන් කවදාවත් අපේක්ෂා නොකළ පරිදි බලය අත්පත් කරගෙන තියෙනවා.එයින් ඔවුන වියරු බවට පත්ව තිබෙනවා.
දැන් ඔවුන් අපි කරන්නේ කුමක්දැයි අන් කවරදාටත් වඩා සොයමින් සිටිනවා.බලය කිසිසේත්ම මහජනයා පීඩාවට කරන මෙවලමක් ලෙස පාවිච්චි කළ යුතු නැහැ.බලය උද්දච්ච හිස උදුම්මවා ගත් මානසිකත්වයක් නිර්මාණය නොකිරීමට අපට වගකීමක් තියෙනවා. බලය හැම විටම පොදු ජනයා වෙනුවෙන් බව තේරුම් ගත යුතුයි. බලය අත්පත් කර ගැනීමේ මාවත සරල මාවතක් නොවේ. ඔවුන් මුළුමනින්ම අපි පාරේ කඳ විනාශ කළා.ඔවුන්ගේ ඝාතන ඉදිරියේ, වධකයන් ඉදිරියේ අපේ ව්‍යාපාරයේ සාරය රැක්කා.1994 දී මේ පක්ෂය නැගිට්ටවන්න ජීවය දුන්නේ ඒ සාරයයි. අද අප සමඟ නැතත් ඒ වෙනුවෙන් දායකත්වය දුන් අයට ස්තුතිවන්ත වෙනවා. එක කෑම පිගාන බෙදා ගෙන එක කාමරේ උන් අය මොහොතකින් සතුරාගේ ඔඩොක්කුවට වැටී අවලාද නැගුවා.අද වන විට අවලාද වලට වගේම ඔවුන්ටත් පණ නැහැ.මියගිය සිරුරු බවට පත්වී තිබෙනවා. අපිට මග පෙන්නපු මිනිස්සු අප දාල ගියා.අපට තිබුණු මහජන අවධානය ගිලිහුණු අවස්ථා තිබුණා.මිනිසුන්ට ඕන නැත්නම් උඹලටත් ඕන නෑ, උඹලා ගිහින් වැඩක් කරගනින් යැයි අපේ මිතුරන් කතා කරලා කිව්වා.නමුත් මිය යන තෙක් පොර බදනවා යන අධිෂ්ඨානය අපට තිබුණා.අපේ සහෝදරයන් අඛණ්ඩව අප සමග අත්වැල් හිටියා.සියයට තුන බලය දක්වා වර්ධනය වන්න නම් සීයට දහස් ගණනින් වර්ධනය විය යුතු යැයි ගණිතඥයන් තර්ක කළා. සියලු අසුභවාදයන් ගැන කතා කළා. නමුත් අපි කියන්න හැම විටම සුබ සිහිනයක් දුටුවා.අප ඔබ දුටු සුබ සිහිනයේ පළමු අවස්ථාව ජයග්‍රහණය කර තිබෙනවා.
මේ සහෝදර සහෝදරියන් අලුත් මාවතක් සඳහා ගම් ගානේ ඇවිද්දා. ඊළඟ වතාවේ බලය මාරු වන්නේ අපේ අතට යන අධිෂ්ඨානය අපට තිබුණා.
අවසානයේ අපේ උවමනාව සහ ජනතාවගේ වුවමනාව සමපාත වුණා. අප දැන් ස්ථාවරයත්වය කරා ළඟා වෙමින් තිබෙනවා.දේශපාලනය ඉතාමත් ස්ථාවරයි.අපට ඡන්දේ නුදුන් අය පවා අප ගැන බලාපොරොත්තුවෙන් ඉන්නවා.
සියල්ලටම කලින් ආර්ථික ස්ථාවරත්වය නිර්මාණය කර ගත යුතුව තියෙනවා.හෙට ආර්ථිකයේ වෙන දේ ගැන පුරෝකථනය කිරීමේ හැකියාව තිබිය යුතුයි.
හෙට වෙන්නේ කුමක්දැයි පුරෝකතනය කරන්න හැකි ආර්ථිකයක් සහ දේශපාලනයක් වසරක් ඇතුළත නිර්මාණය කරන්නට අපට හැකියාව ලැබුණා.2028 දී ණය ගෙවන්න හැකි ආර්ථිකයක් හදන බවට අප පුරෝකථනය කරනවා.
භාණ්ඩාගාරයට ධනය එන්න කලිනුත් ආවට පසුවත් විනාශ කළ යුගයක් තිබුණා. බදු සහන හරහා ධනය විනාශ කළා. ඇමතිවරුන්ගේ ගෙවල් වලට ධනය ලැබෙන විදියට පාරවල් කැපුවා.ධනය හිතූ පරිදි විනාශ කළා. අද අපභාණ්ඩාගාරයේ ධනය ඇවිධිමත් පාලනයකට යටත් කර තිබෙනවා. ඒ නිසා අපිට මූල්‍ය වෙළඳපොළ පාලනය කිරීමේ හැකියාව තිබෙනවා.භාණ්ඩාගාරය හිඳිලා නම් රජය සතු මූල්‍ය පාලනය ගිලිහී යනවා.
අප හැකි තරම් සහන දෙනවා. තව දෙනවා මතක තියාගන්න. අල-ලූනු ප්‍රශ්නයක් ඇති වී තියෙනවා.සතොස උපයෝගී කරගෙන අල-ලූනු මිලදී ගන්න යාන්ත්‍රණයක් හදනවා.මේ නිසා ආණ්ඩුවත් අලු ලූනු මිලදී ගැනීමට මැදිහත් වෙනවා.
නීතියේ විධානයේ ආධිපත්‍ය සම්පූර්ණ කර තිබෙනවා.නීතියට ලඟා වෙන්න බැරි කිසිවෙක් යළි ලංකාවේ නොසිටින බව අප ඔප්පු කර පෙන්වා තිබෙනවා. අද කවුරුත් සාමාන්‍ය කෙනා යන දොරටුවෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට යා යුතුව තියෙනවා.
මත්ද්‍රව්‍ය සමග ගොඩනැගුණු අපරාධ රාජ්‍යයක් තියෙනවා.නිල රාජ්‍යයේ වැදගත් මරමස්ථාන ඒ අපරාධ රාජ්‍යයත් නියෝජනය කරනවා.මේ කළු අපරාධ රාජ්‍ය අප විනාශ කරනවා. අප රටේ ජාතික සමගිය විනාශ වූ ඉතිහාසයක් තිබුණා.
ආණ්ඩු වලින් එකම එකවුන්ට් එකෙන් සිංහල ජාතිවාදයට මෙන්ම මුස්ලිම් ජාතිවාදයටත් පඩි ගෙවූ ඉතිහාසයක් මේ රටේ තියෙනවා.දැන් කිසි තැනක ජාතිවාදී ප්‍රවණතාවයක් හෝ ජාතිවාදී ගැටුමක් ඇතිවන්නේ නැහැ.අප කිසිසේත්ම ජාතිවාදයට යළිත් ඉඩ දෙන්නේ නැහැ. පාදම දිරපු රටක් අප ශක්තිමත් අත්තිවාරමක් මත යළි ගොඩ නඟා තිබෙනවා.අප ආයෝජකයන්ට කර්මාන්තකරුවන්ට ඒ පාදමේ ආයෝජනය කරන ලෙස ආරාධනා කරනවා.
අපට එරෙහිව තැන තැන සුන්බුන් කොටස් එකතු වෙමින් තිබෙනවා.දොන් ජුවන් ධර්මපාලලා සහ කැප්පෙටිපොළලා එකට එකතු වී සිටිනවා.
ඒ වගේම දේශප්‍රේමීන් සහ දේශද්‍රෝහීන් යැයි කියා ගත් අය එකට එකතු වී සිටිනවා.මේ දේශපාලන විපර්යාසය මොකක්ද? මේ සහවාසයට හේතුව කුමක්ද? මොවුන් එකට හොරකමේ ගිය අය. එකට අපරාධ කරපු අය. ජනතා උවමනා සහ ආණ්ඩුවේ උවමනා සමපාත වූ ආණ්ඩුවක් දැන් හැදිලා තියෙනවා.දැන් බේදකින් තොරව දොන් ජුවන්ලගේ වගේම කැප්පෙටිපොළලාගේ උදවිය හිරේ ඉන්නවා.භේදයකින් තොරව හැම නඩුවකදීම ඔක්කොටම එක වගේ ලෙඩ හැදෙනවා.
ඔවුන් මුහුණ දුන් ප්‍රශ්න සඳහා ඔවුන් එකතු වෙලා තියෙනවා. මේවා ජනතාවගේ ප්‍රශ්න නොවේ.
ආණ්ඩුකරණය කරන ගමන්ම ප්‍රතිගාමීත්වයට තමන්ට අවශ්‍ය දේ කරමින් රඟන්නට ඉඩ දෙන්නේ නැහැ.අපට අත්හරින්න බැරි අමතක කරන්නට බැරි බැඳීම තිබෙන්නේ ජනතාව සමඟයි.ඒ වග වීම ඉටුකිරීම සඳහා අප හැම දෙනාම වෙහෙස නොබලා වැඩ කරනවා. වොයිස් කට් දේශපාලනය මහජන මතය යැයි ඇතැමුන් සිතනවා. විරුද්ධ පක්ෂ දේශපාලනයට එරෙහිව අපේ ආණ්ඩු බලය පාවිච්චි කරන්නේ නැහැ.ප්‍රතිගාමීත්වයට එරෙහිව අප මහජන බලය ගොඩනගනවා. විරුද්ධ පාක්ෂිකයා මැඩලන්න අල්ලස් කොමිසම ,රාජ්‍ය බලය පාවිච්චි කරන්නේ නැහැ.අප සතු මහජන බලය තුළින් කුඩා කුඩා කෙඳිරිලි මුළුමනින්ම යටපත් කරන්නට යොදා ගන්නවා.එළඹෙන වසරේදී මේ ප්‍රතිගාමීත්වයට එරෙහිව විශාලතම මහජන බලය පෙළ ගස්වනවා. නීතියේදී ආණ්ඩුකරණයේදී අපට හැම දෙනාම සමානයි.
ප්‍රතිගාමී දේශපාලනයට එරෙහිව බලය ආරක්ෂා කර ගැනීමේ විශාලතම මහජන ව්‍යාපාරය අප ගොඩ නැගිය යුතුයි.එතකොට වොයිස් කට් දේශපාලනයට වෙන දේ බලමු.අපි පාවෙලා ඔහේ අසුනක වාඩිවෙච්ච මිනිස්සු නොවේ.අපේ ඔලුවට ඔටුන්නක් වැටුනේ කුණු කානුවක් දිගේ ගහගෙන ඇවිත් නොවේ.
අපි ගැන බොරලු කැටයක්වත් තරම් ශක්තිමත් විවේචනයක් එල්ල කර ගන්න බැරි තරමට ඔවුන් අසරණ වෙලා.
අපිට තියෙන්නේ සාමූහික පොර බැඳීමක්.ඒ වෙනුවෙන් අප සියලු දෙනාම එකතු වෙමු යැයි ජනාධිපතිවරයා පැවසීය.
ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා මහතා:- රෝහණ විජේවීර සහෝදරයා ඇතුළු අපේ සහෝදරයන් නිර්මාණය කළ පක්ෂය විශේෂ එකක්.අපේ සතුරන් වරද්දා ගන්නේ ඔතනින් .ඒ අය හිතන්නේ අපත් නිකන්ම පක්ෂයක් කියලා.පක්ෂ කාට හදන්න බැරිද?අතේ සල්ලි කීයක් හරි තියෙනවා නම් පක්ෂ හදන්න පුළුවන්.නම් නමුත් ඒවා පවතින්නේ නැහැ.සාමාජිකයන් ඝාතනය කලත් නවතන්නට බැරි බාධා කරන්න බැරි මහජන ව්‍යාපාරයක පදනම රෝහණ විජේවීර සහෝදරයා බිහි කර තිබෙනවා.
(සුමුදු හේවාපතිරණ)

2025 නොවැම්බර් මස 04
761
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2405
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1760
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
ප්‍රතිගාමීන්ට රඟන්න ඉඩ දෙන්නේ නෑ
Nishan Friday, 14 November 2025 03:49 AM
ඔයාගේ රැඟිලිත් අපි බලන් ඉන්නේ නෑ හැමදාම...
pj Friday, 14 November 2025 06:39 AM
රංගනය 160 දෙනාම හරි හරියට කරන නිසා ප්‍රතිගාමින්ට රගන්න දෙයක් ඉතරි වී නැත...
Damith Friday, 14 November 2025 08:21 AM
ඒකනේ කතා කරන අය ඇතුළට දාන්නේ... අමුතුවෙන් කියන්න දෙයක් නෑ.
Krishna Friday, 14 November 2025 09:00 AM
ජනයාට රඟන්න ප්‍රතීගාමී කතා වැඩක්නෑ
රනේ Friday, 14 November 2025 09:55 AM
සදා සමරමු සොහොයුරෝ..!
w.w.perera Friday, 14 November 2025 10:18 AM
ගොඩක් හොදයි...
Gamini Friday, 14 November 2025 10:25 AM
ඉල් මහ මරු වන්ගේ දවස...
sene Friday, 14 November 2025 10:26 AM
තමන්ගේ ගෙදරින් පටන්ගන්න, ජනාධිපති ලෙසින් හැසිරෙන්න, දැන්වත් රස්තියාදු කතා බොරු රැවටිලි නවත්වන්න...
ගුණරත්න Friday, 14 November 2025 10:46 AM
ප්‍රගතිගාමීන්? බුහ හා ඔන්න කටින්ම පැන්නා යටි හිතේ තියෙන අදහස. ප්‍රජාතන්ත්‍රවාදය කියන්නේ පක්ෂ විපක්ෂ දෙපිරිස යම් මතයක් ගැන විරුද්ධ අදහස් මිනිසුන්ට ඉදිරිපත් කරලා බහුතර ඡන්ද බලය දිනාගෙන ඇති පක්ෂයේ ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කිරීම, එහෙම නැතිව විපක්ෂය ප්‍රතිගාමීන් කියා මර්දනය කරන්න හදන්නේ ඒකාධිපති ෆැසිස්ට් ආණ්ඩු, ආණ්ඩුවට ඕනත් ඒකාධිපති ආණ්ඩුවක් හදාගෙන සදා කාලයටම බලයේ ඉන්න කියලා අපට තේරෙනවා.
ගුනදාස Friday, 14 November 2025 10:51 AM
ඔබ මේ රට නිවැරැදි දිසාවට රැගෙන යන බව ජනතාවට විස්වාසයි...
Wanniarachchi Friday, 14 November 2025 11:07 AM
හරි එහෙනම් ඔයා විතරක් රඟන්න. අපි බලන් ඉන්නම්...
Gavin Friday, 14 November 2025 12:10 PM
නූතන හිට්ලර්...
සෙනෙවිරත්න Friday, 14 November 2025 02:06 PM
ඕනවට වඩා ඉදිමෙන්න ගිහින් දවසක හොම්බෙන් යන්න වෙන මිනිහෙක්. ඔක්කෝටම ඉස්සෙල්ලා සංවරව කතා කරන්න පුරුදු වෙන්න ඕනෑ. පොල්පිත්තක් වුණත් රටේ ජනාධිපතිනේ...
de silva Friday, 14 November 2025 02:18 PM
ටිරාන් අලස් රගන්නේ නැහැ.... නිහඩව ඉන්නේ එමනිසා ඔහු වීසා මගඩියට සම්බන්ධ වුණත් ප්‍රගතිගාමියෙක් නොවේ. එමනිසා ඔහුට විරුධව පරීක්ෂණ ආරම්භ කරන්න අවශ්‍ය නැහැ... සජින් වාස්, ශ්‍රී ලන්කන් එකේ එයාර් බස් ගනු දෙනුවේදී ඩොලර් මිලියනයක් අල්ලස් අරගත්තු බවට එංගලන්තේ උසාවියකින් වැරදිකරු වුන කපිල වැනි පුද්ගලයනුත් මේ ගණයට වැටෙනවා... ඔය ගොල්ලට රග පාන්න දැන් අවසර නැහැ. ඉස්සර ඔය ගොල්ලා රඟපානවා අපි බලන් හිටියා... දැන් අපි රගපාන ඒවා බලාගෙන හිටපල්ලා...
Asela Friday, 14 November 2025 03:26 PM
කවුද කතා කරන්නේ කියලා බැලුවා. අනුර තමයි.
Ranuka Friday, 14 November 2025 03:48 PM
පිස්සු වැටිලා...
සපුමල් Friday, 14 November 2025 06:28 PM
හා හොඳයි... කවුද රඟපාන්නේ, කවුද කුඩු කාරයෝ එක්ක ටෙලි ඩ්‍රාමා වගේ කතා ගොතලා මිනිස්සු ඉස්සරහා රඟපාන්නේ කියලා බලමු. හැබැයි රඟපානකොට නටන්න එපා. ඔයිට වඩා නළුවෝ හිටියා. අන්තිමේදී හොම්බෙන් ගියේ...