
(යොහාන් භාසුර)
ආණ්ඩුවේ වැඩපිළිවෙළට විරෝධය දක්වමින් විපක්ෂයේ පක්ෂ රැසක සංවිධානයෙන් නුගේගොඩ ආනන්ද සමරකෝන් එළිමහන් රංග පීඨයේදී දැන් පැවැත්වෙන ‘මහා ජන හඬ’ ජන රැළිය පැවැත්වෙන භූමියෙන් පිටත තිබූ ශබ්ද විකාශන යන්ත්‍ර පොලිසිය රැළිය ආරම්භ වීමට පැය කීපයකට පෙර ඉවත් කළේය.
අධ්‍යාපන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගය පැවැත්වීම හේතුවෙන් සහ රැළිය පැවැත්වෙන ස්ථානයට සමීපව විභාග මධ්‍යස්ථාන පිහිටා ඇති බැවින්, ශබ්ද විකාශන යන්ත්‍ර භාවිතයෙන් එම මධ්‍යස්ථානවල සිසුන්ට බාධා ඇතිවිය හැකි යැයි පවසමින් රැළිය පැවැත්වෙන භූමිය තුළ පමණක් ශබ්ද විකාශන යන්ත්‍ර යෙදවීමටත් පොලිසිය කටයුතු කළේය.
එම රැලිය පැවැත්වෙන පරිශ්‍රය අවට පිහිටි විභාග මධ්‍යස්ථානවල අද (21) පෙරවරු 8.30 සිට පෙරවරු 11.40 දක්වාත් පස්වරු 2.00 සිට පස්වරු 5.00 දක්වා අපොස උසස් පෙළ විභාගය පැවැත්වෙන බැවින් ශබ්ද විකාශන යන්ත්‍ර භාවිතයේදී ඔවුන්ට බාධා එල්ල නොවිය යැයි පොලිසිය නිවේදනයක් නිකුත් කර තිබුණි.
එබැවින් ශබ්ද විකාශන යන්ත්‍ර භාවිතා කිරීමේදී එම පරිශ්‍රය තුළ පමණක් භාවිත කරන ලෙස පොලීසිය සංවිධායකයින්ගෙන් ඉල්ලා තිබුණි.
විභාග සඳහා සහභාගීවන හා විභාග කටයුතු අවසන් කර පිටව යන සිසුන්ට බාධා නොවන අයුරින් කටයුතු කරන ලෙසත් එම නිවේදනයෙන් වැඩිදුරටත් සඳහන් තර තිබුණි.
රැළිය පැවැත්වෙන ස්ථානයේ කොඩි ප්‍රදර්ශනය කිරීමට හෝ ඉඩ නොදුන් බව ද සංවිධායකයෝ පැවසූහ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පුළුවන් නම් මුළු රැස්වීමම තහනම් කරයි. එච්චරට බැරි ජෙප්පන්...
විභාගේ ලියන දරුවන් ගේ දෙමවුපියෝ එකතුවෙලා මුන්ට ගහලා එළවන්න ඕනේ....
මේ අය පුදුම බයක්නේ තියෙන්නේ... කයිතන් සහ ගෝලයෝ ටික මෙච්චර බය වෙලාද ආණ්ඩුවක් අරන් අවුරුද්දක් වෙද්දී? ඔහෙලාට අන්තිමට ඉතිරි වෙන්නේ 3% සහ ඩෝබිලා ටික විතරයි.
ඇයි නජිත්ගේ අශෝක ඊයේ තංගල්ලේ විභාග තිබුනේ නැද්ද?
මේ රැලිය සංවිධානය කරන අයට අමතක වුණාද විභාග මධ්‍යස්ථාන නොමැති ප්‍රදේශයක් තෝරාගෙන නැත්නම් විභාගය පැවැත්වෙන්නේ නැති දිනයක් තෝරාගන්න.
හරක්ට තේරෙනවා ඈ විභාගෙක වැදගත්කම. හොරට නීති විභාග ලියපු අයයි, කුඩු කාරයොයිනේ මුලසුන...
මේ හොර හැත්තට බයවෙන්න රටේ ජනතාවට පිස්සුද? බයවෙලා ඉන්නේ හොරු ටික... මොකද දන්නවා ඉදිරියේදී අත්වෙන ඉරණම. ඊළඟ මැතිවරණ වලදී යන එන මන් නැතිවෙනවා අනිවාර්යයෙන්ම...
නාමල්ට විභාගයේ අමාරුව තේරෙන්නේ. එයා සීතල කාමරය තුළ... පරිගණක තියාගෙන, නීතීඥ සහාය ඇතුවනේ විභාගයට පෙනී සිටින්නේ...
" රැස්වීමක් තියලා ආණ්ඩුව බයකරමු " කියලා දිරච්ච ලනුවක් දීපු ලොක්කා හීන් සැරේ ඉන්දියාවට පැනලා ගිහින් කියහන්කෝ. බීපු මිනිස්සුන්ට මාධ්‍යයට "වොයිස් කට්" දෙනකොට ගමයි, රටයි ආණ්ඩුවයි සේරම පැටලිලා. අයියෝ සල්ලි...
මේවට යන අය තෙල් පෝලිම් වල හිටපු නැති අය වෙන්න. පැය 16 විදුලි කප්පාදුවට පරිප්පු කාපු නැති අය වෙන්න. රට බංකොලොත් කරපු අය කවුද කියලා දන්නේ නැති අය වෙන්න. ඒ කාලෙත් හිටියාලුනේ, සුද්ද ලංකාව අල්ලාගෙන කියලා දන්නේ නැති ගම්මු ටිකක්. මේ වගේ බත් කන හරක් තවමත් ඉන්නවා. වෙන්න රජා ,රජ කරන්න බලාගෙන...
තංගල්ලේ රැස්වීම තියනකොට ඒ ලෙවෙල් විභාගය නැවැත්තුවාලු. පුදුම කතා. සෙනඟ නැතිව ත්‍රිවිධ හමුදාව ගෙනැල්ලා, ළමයින්ට ක්‍රිකට් ගහන්න කියන තැන කාලා දැම්මා..
රට බංකලොත් කරපු සෙට් එක එක මිටට බලාගන්න පුදුමේ කියනේ මොවුන් ආයේ රට ඉල්ලන්නේ රට හදන්නලු නාමල්, බැසිල් නම් භාණ්ඩාගාරේ රුපියල් ට්‍රිලියනයක් තියෙනවා දැකලා කෙල හලනවා.
මොනවද මේ වෙන්නේ කියල අදවත් රනිල්ලාට තේරුනේ නැද්ද?
රැලිය සංවිධානය කරේ මෝඩ රැළක්...
පච කොටාගේ කුඩු හින්දා නම් ළමයින්ට කිසිම කරදරයක් නැහැ.
පච කොටාගේ රැස්වීම් වලට මුකුත් ගැලෙව්වේ නැහැ නේද? හිරිකිතයි.