ආරක්ෂක නියෝජ්‍ය ඇමතිට ගෙනා විශ්වාසභංගය විසිවෙයි? ආරක්ෂක නියෝජ්‍ය අමාත්‍ය විශ්‍රාමික මේජර් ජෙනරාල් අරුණ ජයසේකර මහතාට එරෙහිව සමගි ජන බලවේගය ඇතුළු විපක්ෂයේ දේශපාලන පක්ෂ විසින් කතානායකවරයාට බාර දෙනු ලැබ ඇති විශ්වාසභංග යෝජනාව නීතිමය ගැටලුවක් හේතුවෙන් විවාදයට ගැනීමට නොහැකි වන පසුබිමක් නිර්මාණයවී ඇති බව පාර්ලිමේන්තු ආරංචි මාර්ග සඳහන් කළේය. 16 August 2025
මෙරට පවුල්වලින් සියයට 16ක් කුසගින්නේ ශ්‍රී ලංකාවේ පවුල්වලින් සියයට 16 කට ප්‍රමාණවත්, පෝෂ්‍යදායි ආහාර වේලක් නොලැබෙන බව ලෝක ආහාර වැඩසටහන පෙන්වා දී තිබෙන බවත් මානව හිමිකම් මහ කොමසාරිස් කාර්යාලය නිකුත් කළ නවතම වාර්තාවක සඳහන් වේ. 16 August 2025
ලොහාන් රත්වත්තේ දිවිසැරිය නිමා කරයි හිටපු අමාත්‍ය ජෙනරාල් අනුරුද්ධ රත්වත්තේ මහතාගේ වැඩිමහල් පුත් හිටපු රාජ්‍ය අමාත්‍ය ලොහාන් රත්වත්තේ මහතා කොළඹ පෞද්ගලික රෝහලක දී ප්‍රතිකාර ලබමින් සිටියදී අද(15) පෙරවරුවේ අභාවප්‍රාප්ත විය. 15 August 2025
එස්.එස්.පී සතිෂ් ගමගේ රිමාන්ඩ් ප්‍රබල පාතාල කල්ලි සාමාජිකයන්ගෙන් හා මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන්ගෙන් රුපියල් කෝටියකට අධික අල්ලස් ලබා ගත්තේ යැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් අත් අඩංගුවට ගත් ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී සතිෂ් ගමගේ ලබන 19 දින දක්වා රිමාන්ඩ් බාරයේ තබන ලෙස කොළඹ අතිරේක මහේස්ත්‍රාත් පවිත්‍රා සංජීවනී පතිරණ මහත්මිය අද නියෝග කළාය. 14 August 2025
මන්නාරමේ සුළං බලාගාර දෙකක ඉදිකිරීම් අත්හිටුවයි ටෙන්ඩර් කැඳවා කොන්ත්‍රාත් ප්රදානය කර මේ වනවිට ආරම්භ කර ඇති මන්නාරම මෙගාවොට් 20ක සහ මෙගාවොට් 50 ක සුළං විදුලි බලාගාර දෙකෙහි ඉදි කිරීම් කටයුතු තාවකාලිකව අත්හිටුවීමට ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් ජනාධිපති කාර්යාලයේ අද පැවති සාකච්ඡාවකදී තීරණය විය. 13 August 2025
විනය කඩන භික්ෂූන් නෙරපන නීති හැකි ඉක්මණින් විනය විරෝධී ක්‍රියාවන්හි යෙදෙන භික්ෂූන් වහන්සේලා ශාසනයෙන් නෙරපා හැරීමේ නීති අනපනත් ඉදිරියේදී පාර්ලිමේන්තුවේ සම්මත කොට ක්‍රියාත්මක කරන බව බුද්ධ ශාසන ආගමික කටයුතු සහ සංස්කෘතික අමාත්‍ය හිනිදුම සුනිල් සෙනෙවි මහතා මහනුවරදී පැවසීය. 13 August 2025
වෙඩි වැදුනු හිටපු ප්‍රා.මන්ත්‍රී මරුට මීගොඩ ප්‍රදේශයේ අද (12) දහවල් වෙඩිතැබීමකින් හිටපු ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයෙකු තුවාල ලබා රෝහල් ගත කරන අතර තුර මියගොස් ඇතැයි පොලීසිය පවසයි. 12 August 2025
ජනාධිපති අරමුදලෙන් ශිෂ්‍යත්ව ගත් ඇමැති දූ පුතුන්ට රතු නිවේදන දුප්පත් ජනතාවට සෞඛ්‍යාධාර ලබාදීම වෙනුවෙන් පිහිටුවන ලද ජනාධිපති අරමුදලෙන් විදේශ ශිෂ්‍යත්ව ලබාගත් බව කියන මැති ඇමතිවරුන් ඇතුළු දේශපාලඥයන්ගේ දරුවන් ඇතුළු ඥාතීන්ගෙන් එම මුදල් කඩිනමින් අය කරගැනීම සඳහා රතු නිවේදන ළඟදීම යැවීමට බලාපොරොත්තු වන බව රජයේ ආරංචි මාර්ග සඳහන් කළේය. 11 August 2025
ශ්‍රී ලංකාවේ ජනප්‍රියතම පුවත්පත ‘ලංකාදීප’ ‘ලන්ඩන් ව්‍යාපාරික උපදේශන ආයතනය’ සංවිධානය කළ ලෝක ව්‍යාපාරික විශිෂ්ඨතා සම්මාන උළෙලේදී ශ්‍රී ලංකාවේ ජනප්‍රියතම පුවත්පත ලෙස ‘ලංකාදීප’ පුවත්පතට සම්මාන හිමිවිය. 10 August 2025
එස් අයි වෙඩි වැදී මිය ගිහින් වීරගුල පොලිස්ථානය තුළදී උප පොලිස් පරීක්ෂකවරයකුට වෙඩි වැදී මියගොස් ඇතැයි පොලීසිය කියයි. 10 August 2025
අතුරලියේ රතන හිමි අල්ලන්න පොලිසිය යයි හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී අතුරලියේ රතන හිමියන් අත්අඩංගුවට ගැනීම සදහා හිමිනම වැඩවාසය කරනු ලබන බව කියන ඔබේසේකරපුර සදහම් සෙවණ විහාරස්ථානයකට පොලිස් කණ්ඩායම් කීපයක් ගියද එම හිමිනම එහි නොසිටි බව පොලිස් ආරංචි මාර්ග පවසයි. 09 August 2025
ඉන්දියාව - ඇමෙරිකාව අතර වෙළෙඳ සාකච්ඡා නවතී? තීරු බදු ගැටළුව විසඳා ගන්නා තෙක් ඇමෙරිකාව සහ ඉන්දියාව අතර වෙළෙඳ ගිවිසුමක් සඳහා වන සාකච්ඡා ඉදිරියට යා නොහැකි බව ඇමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පසුගියදා ප්‍රකාශ කළේය. 08 August 2025
පාවිච්චි කරලා ආපහු දෙන්න මන්ත්‍රීවරුන්ට වාහනයක් පාවිච්චි කර නැවත බාර දීම සඳහා මන්ත්‍රීවරුන්ට ලබන අයවැයෙන් වාහනයක් ලබාදීමට අපේක්ෂා කරන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පාර්ලිමේන්තුවේදී පැවසීය. 07 August 2025
ශෂීන්ද්‍ර 19 තෙක් රිමාන්ඩ් බාරයට මහවැලි අධිකාරියට අයත් රජයේ දේපළකට අරගල සමයේදී කළ අලාභයකට වන්දි මුදල් ලබා ගනිමින් රාජ්‍ය දේපළ සාපරාදී සාවද්‍ය පරිහරණය කරන ලදැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් හිටපු රාජ්‍ය අමාත්‍ය ශෂීන්ද්‍ර රාජපක්ෂ මෙම 19 වැනි දින දක්වා රිමාන්ඩ් බාරයේ තබන්නැයි කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් තනුජා ලක්මාලි මහත්මිය නියෝග කළාය. 06 August 2025
ශෂීන්ද්‍ර අධිකරණයට අරගල සමයේදී අලාභයක් කළ මහවැලි අධිකාරියට අයත් රජයේ දේපළකට වන්දි මුදල් ලබා ගනිමින් රාජ්‍ය දේපළ සාපරාදී සාවද්‍ය පරිහරණය කරන ලදැයි පොදු දේපළ පනත ප්‍රකාරව අත්අඩංගුවට ගත් හිටපු රාජ්‍ය අමාත්‍ය ශෂීන්ද්‍ර රාජපක්ෂ අල්ලස් කොමිසම මගින් කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයට රැගෙන එන ලදී. 06 August 2025
ශෂින්ද්‍ර අත්අඩංගුවට මොනරාගල දිස්ත්‍රික් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ශෂීන්ද්‍ර රාජපක්ෂ මහතා මීට සුළු මොහොතකට පෙරදී අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිසමේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන ඇතැයි එම ආරංචි මාර්ග සඳහන් කරයි. 06 August 2025
මැතිසබෙත් උණුසුම් වූ දේශබන්දු ගෙදර යැවූ විවාදය දේශබන්දු යනු රාජපක්ෂලාගේ අපරාධ රාජ්‍යයේ සිටි එක් ’’ගෝඩ් ෆාදර්’’ කෙනෙක් බව ප්‍රවාහන, මහා මාර්ග, වරාය හා සිවිල් ගුවන් සේවා අමාත්‍ය සභානායක බිමල් රත්නායක මහතා පාර්ලිමේන්තුවේදී අද පැවසීය. 06 August 2025
හරක් කටාගේ පෑන ගත්තයි SIට මරණ තර්ජන ’’උඹ නේද මගේ පෑන ගත්තේ ,උඹ ගැන මම එළියට ආවහම බලාගන්නම්’’ යනුවෙන් පරුෂ වචනයෙන් සංවිධානාත්මක අපරාධකරුවෙකු හා මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු වන නදුන් චින්තක වික්‍රමරත්න නොහොත් හරක් කටා නමැත්තා බැණ වැදි තර්ජනය කළ බව පවසමින් 05 August 2025
ප්‍රධාන පොලිස් පරීක්ෂක ලින්ටන් ද සිල්වාට මරණ තර්ජන ‘තමුසෙටත් දරුවෝ ඉන්නවා නේද? අපි මරණ වරෙන්තු අරගෙන ඉන්නේ. පවුල් පිටින් නැති කර දමනවා.‘යැයි සංවිධානාත්මක අපරාධ කල්ලි නායකයකු බව කියන මන්දිනු පත්මසිරි පෙරේරා නොහොත් කෙහෙල්බද්දර පත්මේ බස්නාහිර උතුර අපරාධ කොට්ඨාසයේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක ලින්ටන් ද සිල්වා මහතාට තර්ජනය කර ඇති බව පොලිසියේ උසස් නිලධාරියෙක් පැවැසීය. 04 August 2025
කළුතර රත් කළ යෞවන සමාජ සම්මේලනය කළුතර දිස්ත්‍රික් යෞවන සමාජ සම්මේලනය සහ නිළවරණය කළුතර දිස්ත්‍රික් ලේකම් කාර්යාලයීය ශ්‍රවණාගාරයේදී පැවැත්වුනු අතර එහිදී පිරිසක් කළබලකාරී ලෙස හැසිරීම නිසා නොසන්සුන් තාවයක් ඇති විය. 03 August 2025
මහින්ද කොළඹ ගෙදර අතහරී හිටපු ජනාධිපතිවරුන්ගේ හිමිකම් අහෝසි කිරීමේ පනත් කෙටුම්පත සම්මතවූ සැණින් තමන්ගේ පියා හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා කොළඹ නිල නිවසෙන් ඉවත්ව යන බව ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී නීතීඥ නාමල් රාජපක්ෂ මහතා පැවසීය. 03 August 2025
’’පෙන්ෂන් එක නැති කළොත් මරාගෙන මැරෙනවා’’ තමන් ජීවත් වන්නේ පාර්ලිමේන්තු මන්ත්‍රී විශ්‍රාම වැටුපෙන් බවත් එම වැටුප අහෝසි කළහොත් ඒ වෙනුවෙන් මරාගෙන මැරෙන්න හරි සූදානම් බවත් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී නන්දන ගුණතිලක මහතා සඳහන් කළේය 02 August 2025
වත්කම් නොදුන් මන්ත්‍රීන් 25 කට හිටපු මන්ත්‍රීන් 100 කට අවවාද ලිපි නියමිත කාලයේදී වත්කම් බැරකම් ප්‍රකාශ භාර නොදුන් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් 25 දෙනෙකුට සහ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සියයකට ආසන්න පිරිසකට අල්ලස් හෝ දුෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ දැනුම් දීම අනුව කතානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතා අවවාද ලිපි යවා ඇත. 01 August 2025
රෝහිතගේ දියණියට ඇප ආන්දෝලනයකට තුඩු දුන් එකලස් කරන ලද ලෑන්ඩ් කෲෂර් වර්ගයේ ජීප් රථයක් විකිණීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් මන්ත්‍රි දියණියක වූ රොෂෙල් මෙලනී අබේගුණවර්ධන රුපියල් ලක්ෂ 20 බැගින් වූ ශරීර ඇප දෙකක් මත මුදා හරින්නැයි මතුගම ප්‍රධාන මහේස්ත්‍රාත් ඒ. අයි .හෙට්ටිවත්ත මහත්මිය නියම කළාය. 31 July 2025
කොස්ගොඩ තරුණයකු වෙඩි තබා මරයි කොස්ගොඩ දූවේමෝදර අද (31)අලුයම සිදුවූ වෙඩි තැබීමකින් තරුණයකු මියගොස් ඇති බව කොස්ගොඩ පොලීසිය කියයි. 31 July 2025
මන්ත්‍රී පැන්ෂන් නැති කරන කෙටුම්පත එන කැබිනට්ටුවට පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ විශ්‍රාම වැටුප් අහෝසි කිරීමේ පනත් කෙටුම්පත ලබන සතියේ කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කරන බව මහජන ආරක්ෂක සහ පාර්ලිමේන්තු කටයුතු අමාත්‍යාංශය පවසයි. 30 July 2025
යටිනුවර ප්‍ර.ස. විපක්ෂ නායක-බිරිය-දියණිය අභිරහස් ලෙස මැරිලා යටිනුවර ප්‍රදේශීය සභාවේ විපක්ෂ නායක ( ස.ජ.බ) චම්පික විජෙරත්න( 53) , ඔහුගේ බිරිඳ සහ දියණිය ,ඔවුන් පදිංචි මුරුතලාව කම්බිඅඩිය නිවසේ අභිරහස් ලෙස මියගොස් සිටියදී සොයාගත් බව පේරාදෙණිය පොලීසිය කියයි. 29 July 2025
හිටපු ඩි.අයි.ජි ප්‍රියන්ත ජයකොඩි අත්අඩංගුවට විශ්‍රාමික ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ප්‍රියන්ත ජයකොඩි මහතා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අත්අඩංගුවට ගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක සහකාර පොලිස් අධිකාරී උදය කුමාර වුට්ලර් මහතා ‘ලංකාදීප’යට පැවසීය. 28 July 2025
හිටපු නාවික හමුදාපති උළුගේතැන්න අත්අඩංගුවට පොතුහැර ප්‍රදේශයේදී පුද්ගලයකු පැහැරගෙන යාමේ සිද්ධියක් සම්බන්ධයෙන් කරගෙන යනු ලබන විමර්ශනයකට අනුව හිටපු නාවික හමුදාපති අද්මිරාල් නිශාන්ත උළුගේතැන්න මහතා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් විසින් අද (28) අත්අඩංගුවට ගනු ලැබීය. 28 July 2025
හේමසිරිට - පූජිත්ට එරෙහි නඩුව යළි විභාගයට පාස්කු ඉරු දින ත්‍රස්ත ප්‍රහාරයක් එල්ල වීමට නියමිත බවට බුද්ධි තොරතුරු ලැබී තිබියදීත් එය වළක්වා ගැනීමට කටයුතු නොකිරීම තුළින් සාපරාධී ලෙස රාජකාරිය පැහැර හැරීම සම්බන්ධයෙන් හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු සහ හිටපු පොලිස්පති පූජිත් ජයසුන්දර යන මහත්වරුන්ට එරෙහිව ගොනුකර තිබෙන නඩුව සැප්තැම්බර් 18 වැනිදා යළි කැඳවීමට කොළඹ ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ල අද දින නියම කළා. 28 July 2025
ඉබ්බන් කටුව වැවේ පාවෙන විදුලි බලාගාරය විවෘත කරයි පුනර්ජනනීය බලශක්තිය උපයෝගීකර ගනිමින් විදුලිය උත්පාදනය කිරීමේ රජයේ ජාතික වැඩසටහන යටතේ දඹුල්ල, ඉබ්බන්කටුව වැව මත ඉදිකරන ලද මෙගාවොට් 05ක ධාරිතාවකින් යුත් “දිය ජනනි” පාවෙන සූර්ය විදුලි බලාගා.. 18 September 2026