
(සුජිත් හේවාජුලිගේ සහ අංජුල මහික වීරරත්න)
වැලිගම ප්‍රාදේශීය සභාවේ ඝාතනයට ලක්වූ සභාපති ලසන්ත වික්‍රමසේකර මහතා පාතාල අපරාධකරුවකු බව මහජන ආරක්ෂක සහ පාර්ලිමේන්තු කටයුතු අමාත්‍ය ආනන්ද විජේපාල මහතා පාර්ලිමේන්තුවේ දී අද පැවැසීය.
විවිධ අපරාධ සම්බන්ධයෙන් ඔහුට එරෙහිව ගාල්ල කුරුණෑගල සහ මාතර අධිකරණවල නඩු හයක් පවතින බව ද හෙතෙම සඳහන් කළේය.
ඔහු මෙසේ පැවැසුවේ වැලිගම ප්‍රාදේශීය සභාවේ සභාපතිවරයාගේ ඝාතනය සම්බන්ධයෙන් විශේෂ ප්‍රකාශයක් කරමිනි.
ආනන්ද විජේපාල මහතා මෙසේ ද පැවැසීය.
වැලිගම ප්‍රාදේශීය සභාවේ සභාපති අද ඝාතනයට ලක්වුණා. පසුගිය කාලයේ සිදුවූ වෙඩි තැබීම්වලින් මහජන ආරක්ෂාවට කිසිදු ආකාරයේ තර්ජනයක් මතුවී නැහැ. අපි දන්නා විදියට මේ රටේ සංවිධානාත්මක අපරාධකරුවන් ඉන්නවා. ඔවුන් කල්ලි හැටියට බෙදිලා ඉන්නවා. ඒ අය සතුව අවි ආයුධ තියෙනවා. ඔවුන් අතර ගැටුමක් තියෙනවා. ඒ ගැන විවාදයක් නෑ. මම මීට පෙරත් මේ ගැන කරුණු පැහැදිලි කළා. වැලිගම සභාපති මහජන නියෝජිතයකු බවට පත් වුණාට ඔහු පාතාල අපරාධකරුවෙක්. නඩු හයක් තියෙනවා. මාතර කුරුණෑගල ගාල්ල අධිකරණවල. ඒ වගේම අත්හිට වූ සිරදඬුවම් ලබල තියෙනවා. පාතාල ක්‍රියාකාරකම්වලට සම්බන්ධයි.
ඉන්දුනීසියාවෙන් අත්අඩංගුවට ගත් අපරාධකරුවන් පිරිසක් මෙරටට ගෙනාවා. ඔවුන් සම්බන්ධයෙන් කරන විමර්ශනවල දී මොහු ළඟ අවි ආයුධ තියෙන බව අනාවරණය වෙලා තියෙනවා. එම පරීක්ෂණ දිගටම පැවැත්වෙනවා. මත්ද්‍රව්‍ය ජාවාරම්වලින් මුදල් උපයා ගැනීම පිළිබඳවත් නඩුවක් තියෙනවා.
පාතාල අපරාධකරුවන් අතර ගැටුම් පසුගිය කාලයේ ඇති වුණා. ඒ වගේ සිද්ධියක් තමයි මේක. මේ ආරවුල් මිනිස් ඝාතන බවට පත්වෙනවා. සමගි ජන බලවේගය කියනවා එතුමාලගේ පක්ෂයේ එවැනි අය නැහැ කියලා. මීට කලිනුත් මම නම් ගම් කිව්වා. මේ පුද්ගලයාත් ඒ වගේ අයෙක්. පාතාල හෝ වෙන කවුරුන් හෝ මිය යෑම අප අනුමත කරන්නේ නැහැ. මිනිස් ජීවිත වටිනවා. මේක මිනිස් ජීවිත අගයන ආණ්ඩුවක්. විධිමත් විමර්ශනයක් කරනවා. මේ ඝාතනයත් අනුමත කරන්නේ නැහැ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඇමතිගේ කතාවෙන් පේන්නේ ආණ්ඩුව පැත්තෙන්ම වැඩේ දීලා තියෙන්නේ කියලා...
ඇත්තට බය කට්ටිය බැනගෙන, බැනගෙන යන්නෝ....
අන්තර්ජාලයේ තියෙන තොරතුරු අනුව නම් හොඳ කෙනෙක් නොවෙයි කියලා හිතෙනවා. නමුත් ඒක විතරක් දිහා බලාගෙන කෙනෙක් මරණයට පත්වීම රජය විසින් අවතක්සේරු කරනවා කියන්නෙත් බාල වැඩක්. දැන් අවුරුද්දක් තිස්සේ බලයේ ඉන්න නිසාත් අපි ඇවිත් පැය 24න් එක පෑන් පාරෙන් ප්‍රශ්න විසඳනවා කියපු එක විශ්වාස කරපු අපි වගේ මෝඩයින්ට පවා තේරෙනවා ඇමැති කෙනෙක් මීට වඩා වගකීමකින් යුතුව ප්‍රකාශ නිකුත් කරන්න ඕනෑ කියලා. පාතාලය තාම එහාට මෙහාට වනලා කාව හරි මරා දමන තත්ත්වයක් තියෙනවා කියන්නේ ඇමතිගේ පාතාල මර්ධන ප්‍රතිපත්තියේ මොනවා හරි අඩුවක් තියෙනවා නේද? ඒක වහගන්න කියලා මැරුණු කෙනාගේ පැටිකිරිය කියලා හරි යන්නේ නෑ...
වැලිගම සභාපති පාතාලයෙක් කියන්නේ මේ මිනී මැරුම සාධාරණයි කියලා පෙන්නන්නද?
විපක්ශ නායකයා වුනාට පෙරකරුමෙට පත්වුන නායකයින් මේ. මුන්ට නායකියින් කියන්නත් බැහැ කතා කෙරුවොත්. මෝඩ කතාවක් කියන්නෙ. කතානායකයට කියලා හොරනඩේ පක්දවල ඉන්න ගොබ්බයින්ගෙ පොලිස් වාර්තාව අරගන. නඩු තියෙන ගොබ්බයි.න් සේරම අයින් කරන්න ඕන. නාමල් බේබි නමගිය ලෝක මිනිමරු හොර දුශිතයෙක්. මේ වගෙ උන් කොහොමද පාර්ලිමේන්තුවේ ඉන්නෙ. ජනතාව ඒ තරම් මෝඩද. මේවගේ. මීහරක් ට නොමිලේ යැපෙන්න දෙන්න. පොලිසියයි හමුදාවයි අරගෙන මොවුන් සියලුම දෙනාවම අත්අඩංගුවට අරන් සේරමගෙ නඩු අහන්න සලස්වලා. මුන්ගෙ පට්ටම් සදහටම අයින් කරන්න ඕන
කුහක ජෙප්පෝ කියන්නේ ඒකනේ
නුඹලා නම් මිනිස්සු වෙන්න බැහැ
එහෙනම් කමක් නෑ කියලද අපි කියන්න ඕනී?
රටේ පොලිස් ඇමති නේද මේ. ආපහු සැරයක් බලන්න උනා මූ රෙද්දක් ඇඳගෙනද මේ කතාව කිව්වේ කියලා.
නඩු නම් උඹලත් දැම්මනේ විපක්ශේ හැම එකාටම. උඹලට විතරයි නඩු නැත්තේ මොන වැරැද්ද කරත්. නීතියේ උඩ ඉඳන්ම විනාශ කරලා තියෙන්නේ. මෙයාගේ කතාවෙන් හොඳටම පෙනුනා මුන් තමයි සැලසුම් කරලා ඒ මිනිහව මැරුවේ කියලා. ඔය විපක්ශෙන් ඡන්දෙ ඉල්ලන හැමෝටම දුන්න දැනුම් දීම තමයි. ඕක තමයි මෙයාලගේ සමාජවාදේ.
කොමෙන්ට් දානවට මට මේ මාසේ රුපියල් 500 දුන්නෙ නෑ මේ යකා. ආයෙ කඩෙ යන්නෙ නෑ මම.
අපිත් මාලිමාවට ඡන්දෙ දුන්නා තමයි. ඒත් මේක නම් කිසිසේත්ම අනුමත කරන්න බැහැ. අධිකරණයේ තවම කිසිම නඩුවකින් චූදිතයෙක් කරල නැති, ඒත් නඩු විතරක් තියෙන එකෙක්ව චූදිතයෙක් විදියට කතා කරන්න බැහැ. ඒක අධිකරණයට කරන අපහාසයක්. නඩු වලට කරන අයුතු බලපෑමක්.
පාතාලයෙක්ද නැද්ද කියලා අධිකරණය තිරණය කරයි.... කවුරු ඌනත් මනුෂයෙක් මැරිමට කාටත් අයිතියක් නැත. ආණ්ඩුවක් තියෙන්නේ මනුශායන් ආරක්ශා කිරිමට මිස තමන්ට ප්‍රතිවිරුද්ධ අයට ලෙබල් ගසා මරා දැමිමට නොවේ....
හූම් එතකොට මරණ තර්ජන තිබෙනවා කියත්දිත් ආරක්ෂාව සැපයුවේ නැත්තේ ඇයි ?
2008 ඉදන්ම නඩු වැටිච්චි කෙනෙක්ට ඇයි සභාපතිකම දුන්නේ?
නඩු තියනවනම් මැරුවට කමක් නැද්ද?. එහෙනම් ජෙප්පෝ සෑහෙන පිරිසක් මරන්න පුළුවන් නේ.
එතකොට ඔයා... කවුද..?
මාර ඇමති කෙනෙක්... එහමනම් ටිල්වින් සිල්වා මහත්තයත් හිරේගිය කෙනෙක්නේ... දැන් රට පාලනයට දායක වෙන්නේ...
අවිගත්තෝ නම් අවියෙන්ම නසීවි. ඒකට ප්‍රශ්නයක් නෑ. නමුත් සිංහල බෞද්ධ රටේ නියෝජ්‍ය අරක්ෂක ඇමැති දෙමළ, නිායා්ජ්‍ය බුද්ධ සාසන ඇමැති මුස්ලිම්. මෙන්න චෝල ආක්‍රමණයක මූලික ලක්ෂණ. ජ.වි.පේ. කියන්නේ චෝලයින්ගෙන් පවතින අය කියලා දැනුයි දන්නේ... වහලුන් ඇවිස්සේවි. කුණුහරුපෙන් බනීවි. ඊට වඩා දෙයක් ඔවුන්ගෙන් බලාපොරොත්තු වෙන්න බෑ...
හොරාට කලින් කැන වැට පැනලා වගෙයි. අපි නොදන්න 87-89 ජෙප්පෝ.
මේ වගේ ඇමතිලා පොල් පිත්තකින් වුවත් කපා ගන්න පුලුවන්. මරා දැමුවාට පස්සෙ කියනවා. මෙයා "පාතාලයෙක්" කියලා. නඩුත් හාමුදුරුවන්ගෙ බඩුත් හාමුදුරුවන්ගෙ. පාතාලයා උනා නැතා, ඒ මනුස්සය තමන්ට ජීවිත තර්ජන තියෙනවා කියලා පොලිස්පතිට දැනුම් දීලත් එයා සද්ද නැතුව ඉඳල තියෙන්න මෙයා විරුද්ධ පක්ෂෙ නිසාද? මාලිමාව හදන ජාතික ආරක්ෂාව මේකද? තමුන්ට දේෂපාලන වශයෙන් ව්රුද්ධ අයට "ජාතික ආරක්ෂාව" ඕන නැද්ද? ලැජ්ජයි ඇමතිතුමා!
විජේපාලයෝ බයිලා කියන්නේ වගකීමෙන් පැනලා යන්නද?ඔයාට දැන්ද ඵයා පාතාලයකට සම්බන්ධ කරන්න හිතුනේ. ඵහෙම නම් ඔය අනිත් අය වගේ ඩුබායි, ඉන්දුනීසියා නේපාලයට පැනලා යනකන් ඉන්නේ නැතිව ලංකාවේදීම අත් අඩංගුවට ගන්න තිබුණානේ...
ඇයිද මේ අය මැරුනම අඩන්නේ...?
තම නම වසන් කරන් සිටින ඔබතුමා අයිති වන්නේ කුමන පාතාලයටද?
87-89 කාලේ බෝම්බ හදලා ඇඟිලි නැති අයත් අද ඇමැතිකම් කරන එකේ නගර සභාවක පාතාලයෙක් ඉන්න එක ගැන පුදුම වෙන්න දෙයක් නෑ. ඒ බෝම්බ කාරයින් ගැණත් මේ ඇමැතිට මුකුත් කියන්න බැරිද? තමන්ට සහ පොලිස්පතිට තියන බැරිකම් වහගන්න අනික් අයට ඇඟිලි දික්කරලා වැඩක් නෑ. ඔහු පාතාලයෙක් නම් කරන්න තිබුණේ එක්කෝ ඔහුව අල්ලලා හිරේ දාන එක... නැත්නම් පාතාලය මර්ධනය කරන එක. දෙකම බෑ...
ඔහු පාතාලයෙක් නම් ඔහු වටා සිටින, ඔහුට අතහිත දෙන අය අන්ගාමිකයින්. ඔහු යම් දේශපාලනයක් කරයිද එම පක්ෂයම සැක කටයුතුයි. ඔහු කිනම් අයුරකින් එම අධිකාරියට උදව් කරන්නට හෝ බලපෑම් කරන්නට ඇත්දැයි සොයා බැලීමද වටී...
ලැජ්ජයි හලෝ... අපේ මහජන ආරක්ෂක ඇමති කියලා කියන්න. බැංකුවක් අරන් වැඩිවන ෆොන්සේකා එක්ක... කියලා දේවි. මෝඩයින්... රටටත් ලැජ්ජයි.
දැන් සජබ පොහොට්ටු කසළ ශෝධක කණ්ඩායම හිතාගෙන ඉන්නේ එවුන්ගේ පළාත් පාලන ආයතන තුළ හා පාර්ලිමේන්තුව තුළ ඉන්න පාතාල මැරයන්ට පොලිස් ආරක්ෂාව ලබා දෙන්න ඕන, ඒකයි ජාතික ආරක්ෂාව කියලා වෙන්න ඇති. පොලිසිය තියෙන්නේ මේ රටේ නීතිය සාමය ආරක්ෂා කරන්න එහෙම නැතුව ප්‍රසිද්ධියේ හා අප්‍රසිද්ධියේ නීතිය කඩන සාමය නැති කරන අපරාධකරුවන් මිනීමරුවන් හා පාතාලයන් ආරක්ෂක කරන්න නොවෙයි. ඒ කාට හරි තමන්ගේ ජීවිත වලට තර්ජනයක් තියෙනවා නම් ඒ පිළිබඳව තමන් පදිංචි ස්ථානයට අදාල පොලිසියට ගිහිල්ලා සත්‍යය තොරතුරු එනම් තමන්ට කාගෙන්ද තර්ජනය තියෙන්නේ ඇයි තර්ජනය කරන්නේ කියලා සත්‍යය තොරතුරු පවසා පැමිණිල්ලක් දාන එකයි කරන්න තියෙන්නේ, එවිට පොලිසිය අවශ්‍ය ක්‍රියාමාර්ග ගනිවි, අවශ්‍ය නම් උසාවියටත් කරුණු වාර්තා කරලා. එහෙම නැතුව පොලිස්පතිට ලියුම් ලියලා හරි යන්නේ නැහැ. පාතාලයෝ ගහ මරාගන්න විට උන්ට ආරක්ෂාව දෙන පොලිසි නම් ලොවෙත් නැහැ.
සමහරුන්ගේ කොමෙන්ට්ස් දැක්කාම පුදුම හිතෙනවා. රටට හොන්දක් වෙනවා නම් පාතාලය මර්දනය කිරීමයි කරන්න ඕනේ. නීතිගරුක සිෂ්ට සම්පන්න පුද්ගලයෙක් වෙලා ජීවත් නොවීමේ ප්‍රතිඵළ තමයි...
අර හඳුන්ගෙ ඇඟිලි ගැන අමානුෂික සටහන් තබන මනුෂ්‍යත්වයේ විරුද්ධ කාරයෝ තමයි මේ වගේ පාතාලයෝ රකින්නේ, හඳුන් ඇමතිගේ උපතින් ආපු විකලත්වයක්... ඒ ගැන සුනඛ කතා ගොතන මොවුන් මිනිස්සුද?
පාතාලයො රකින සජබෙ, මේ යකා පොලිසියෙන් ආරක්ෂාව ඉල්ලුවාලු, ඒ ලියුමේ තියෙනවාලු රත්නපුරේ පතල් බහින නිසා ආරක්ෂාව ඕනෑ කියලා, පතල් බහින්නේ කලු සල්ලි සුදු කරන්න බව ඕනෑම කෙනෙක් දන්නවා. මෙයා ළඟ කුඩු සල්ලි සුදුකරන්න. මෙම සභාපති ලියාපදිංචි අයි ආර් සී කාරයෙක් ඔහුගේ ලියාපදිංචි අංකය 1305/2025 බී ශ්‍රේණියේ අපරාධ කරුවෙක්. සජබෙ ගොං පස් අල්ලන උන් තව හෝදපල්ලා, රජයකට ඕවා කරන්න බැහැ...
මෙයාගෙ අපරාධ ලැයිස්තුව නොදන්නා හරක් රජයට දොස් කියනවා, ඔය දොස් සජිත්ට හරවන්න.
හරි 89 දි ඔහේලා බස් ගිනි තියපුවා ට්‍රාන්ස්ෆෝමර් ගිනි තියපුවා. මිනීමරපුවා. අතවල් කටවල් කපපුවා... කප්පම් ගත්තු ඒවා අපි නොදන්නවාද? දළදා මාලිගාවට තුවක්කු අරන් ගියේ කව්ද? මොකෙක් හරි මේ සබාපතිව මැරුවා. ඒ මිනිහා ලෝකයේ දරුණුම පාතාලයෙක් කියමු. ඒත් මිනිස්සුගෙ වැඩි ඡන්දෙන් දිනලා, ඒ සබාපතිකම ගන්න මාලිමාව ආන්ඩුවම එතෙන්ට ගිහිල්ලත් දිනුවේ ඔය ඊයේ මරපු කෙනා. ඔහෙලා පරාදයි එතැනදි. ඒ මිනිහා දිනුම්... මහජන දිනයේදී සභාව අස්සෙදී වෙඩි තියලා මරද්දී මහජන ආරක්ෂක ඇමැති කොහොමද මේවා කියන්නේ? මිනිස්සුන්ගේ ඡන්දෙන් බලේට ආව සබාපතිව මරපු එක සදාචාරාත්මක කරන්න හදන්නේ මොවුන් මහ කාලකන්නි ජන්මයක් තියන එවුන් නිසාද? ඒ මැරුවේ ඡන්දෙන් දිනපු මහජන නියෝජිතයෙක්. ඒකට පරීක්ෂණ නොකර මගුල් කියවනවා. තුහ් නොදකින්... මෙහෙමත් කාලකන්නි
දැන්වත් අපරාධකරුවන්ට දේශපාලන පක්ෂ වලින් නාම යෝජනා දීම නවත්වන්ට... ඡන්ද දායකයින්ගේ වගකීම නම් මෙවැනි පුද්ගලයින්ට ඡන්දය නොදීමයි...
කුම්මැහි ජෙප්පෝ හිතන්නේ විරුද්ධ මත තියන අය එලොව යවා හරි බලය රැකගන්න.
සෙනවිරත්න දැන් අවුරුදු ගාණක් හෝදනවා. තවම කුණු ගිහිල්ලා නෑ.
මේ තරම් චෝදනාවක් ඒ පුද්ගලයාට තිබුණත් තවමත් සජබය ඔහුට නාමයෝජනා දෙනවා. දැන් ඔවුන්ගේ දාසයෝ තමන් නෙළාගත් දේ ගැන හඬා වැලපෙති..
ලක්‍ෂයක් මරලා හරි අපි බලයේ ඉන්නවා.
ආණ්ඩුව යන්නේ හරි මග... මහ ලොකු පණ්ඩිතයෝ වෙන්නේ නැතුව බලන් හිටහන්...
රටේ සාමාන්‍ය ජනතාවට ජීවිත තර්ජන නැහැ. කවුරුහරි කෙනෙකුට ජීවිත තර්ජනයක් තියෙනවා නම් සත්‍ය කාරණා පොලිසියට ඉදිරිපත් කර ආරක්ෂාව ඉල්ලා ගන්න. කුඩු කාරයින්ටයි පාතාල කාරයින්ටයි... පොලිස් ආරක්ෂාව සපයන්න ඔල්මාදේද? මේකේ කමෙන්ට් දිහා බැලුවාම පේනවා එහෙම ඔල්මාද බඩු එමටයි කියලා....
මේ මෝඩ ත්‍රස්තවාදියා නෙරපා හැරිය යුතුයි. මේක අන්තවාදී මානව හිමිකම් උල්ලංඝනයක්. මීට වසර 20 කට පෙර ඇමරිකා එක්සත් ජනපදයේ එක් ප්‍රාන්තයකත් මේ දේම සිදු වුණා. පොලිස් ප්‍රධානියා නෙරපා හැර පසුව සිරගත කළා. මේ ත්‍රස්තවාදියෙක්.
මේ පුද්ගලයා ආණ්ඩුවක කිසිම තනතුරකට සුදුසු වෙන්නේ නෑ. ටයි කෝට් අඳගෙන වහන්නේ තමුන්ගේ නූගත්කම සහ වනචාරීකම. ආණ්ඩුවේ ඉහල ඉඳන් පහලටම ටයි කෝට් ගහන අයගේ කෙරුවාව මේ වගේම තමයි. මේ වනචාරීන්ගේ ආණ්ඩුව රටට ලෝකෙන් අපහාස ගේනවා.