IMG-LOGO

2025 දෙසැම්බර් මස 26 වන සිකුරාදා


විදුහල්පති - පුතා කෝටි දෙකක මත් කුඩු සමග මාට්ටු

(බී ජී චතුරංග)

එප්පාවල ප්‍රදේශයේ සිදු කළ වැටලීමකදී, එප්පාවල ඇඳගල ප්‍රදේශයේ හෝටලයක සඟවා තිබියදී රුපියල් කෝටි දෙකකට වැඩි හෙරොයින් මත්කුඩු තොගයක් සමග එප්පාවල ප්‍රදේශයේ පාසලක විදුහල්පතිවරයකු සහ ඔහුගේ පුත්‍රයා අනුරාධපුර කොට්ඨාස අපරාධ විමර්ශන අංශය මගින් අත්අඩංගුවට ගෙන තිබේ.

මෙම සැකකරුවන් දෙදෙනා එප්පාවල ප්‍රදේශයම පදිංචි 54 හා 22 වයසේ පසුවන පුද්ගලයන් දෙදෙනෙකි.

මෙසේ අත්අඩංගුවට පත් විදුහල්පතිවරයාගේ බිරිඳ පෑලියගොඩ පළාත් පාලන ආයතනයක ජාතික ජන බලවේගයේ මන්ත්‍රීවරියක බව පොලිස් ආරංචි මාර්ග සඳහන් කළේය.

මෙරට විෂ මත්ද්‍රව්‍ය උවදුර මුලිනුපුටා දැමීම සඳහා වන රජයේ නව වැඩපිළිවෙල “රටම එකට – ජාතික මෙහෙයුම” තේමාව යටතේ ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් ජාතික වැඩසටහනට සමගාමීව මෙම වැටලීම සිදු කර තිබුණි.

මෙම සැකකරුවන් දීර්ඝ කාලයක් පුරා මෙම මත්ද්‍රව්‍ය ජාවාරම සිද කර ගෙන ගොස් ඇති බවට තොරතුරු ලැබී ඇති බවත් ඒ සම්බන්ධයෙන් පුළුල් විමර්ශනයක් සිදු කෙරෙන බවද පොලිසිය සඳහන් කළේය.

 

 



අදහස් (12)

විදුහල්පති - පුතා කෝටි දෙකක මත් කුඩු සමග මාට්ටු

ලයන් Wednesday, 05 November 2025 05:18 PM

ජා ජ බ වේගයෙ සාමාජිකාවක් යයි කියන විදුහල්පතිගේ බිරිද මෙය දැනුවත්ව කළ දෙයක්ද යන්න පරික්ෂා කළ යුතුයි, ඇය මෙය දැනුවත්ව කළා නම් ඇය වහාම විදුහල්පති, ඔහුගේ පුතා සමගම අත් අඩංගුවට ගත යුතුයි.

:       0       3

Pradeep Kumara Wednesday, 05 November 2025 05:29 PM

ගුරුවරුන්, විදුහල්පතිවරුන් කිව්වාම අපේ හිත්වල තාමත් තියෙන්නේ බොහෝම ගරු සරු බවක්, ඒ මොකද අපි මනසින් යනවා අපේ ළමා කාලයේ සිටි ගුරුවරුන් ළඟට... ඒ කාලයේ ගුරුවරුන් තමන්ගේ කෑම එක පවා කෑම නැති දරුවන්ට දුන්නා. ආර්ථික අපහසුතා ඇති දරුවන්ට පොත්, පෑන් පවා අරන් දුන්නා. ඔන්න ඒකට දැන්. හොඳ අයත් ඇති, නමුත් බහුතරය... සමහරු ටියුෂන් මාෆියාවක, සමහරුන්ට අපයෝජන චෝදනා, සමහරු මත් වෙළඳාමේ...

:       0       2

C.K.Lankaputhra Wednesday, 05 November 2025 05:38 PM

මොනවා ජාජබයේ මංත්‍රීවරියක්, වෙන්න බෑ වෙන්න බෑ. ජාජබේ කුඩු කාරයෝ කාරියෝ නෑ නැ නෑමයි. කාට හරි වැරැදිලා. ඒ පක්සේ ඉන්නේ රැස් විහිදෙන බෝ පැලනේ....

:       3       5

Lakmal Wednesday, 05 November 2025 05:53 PM

මේක තමයි අපි බලාපොරොත්තු වූ වෙනස... කලින් නම් ජනාධිපතිතුමා ගිහින් ඔහුව බදාගෙන නිදහස් කරනවා.

:       6       4

ගුණරත්න Wednesday, 05 November 2025 07:14 PM

බලාගෙන යනකොට ටිකෙන් ටික මාලිමා අහුකොන් එහෙමත් කුඩු ජාවාරම් වලට ගෑවිලා!

:       0       8

ජගත් ලියනගේ Wednesday, 05 November 2025 08:36 PM

මදැයි කොලා.

:       0       4

BBC Wednesday, 05 November 2025 10:05 PM

දැන් නම් ලංකාවේ දරුවෙක් තියාගන්නත් බයයි,යකෝ විදුහල්පතිලා , පැවිදි අය සියල්ල අහුවෙනවා. රට වට කරලා නෙවි එක දාල ධීවර බෝට්ටු සියල්ල චෙක් කරන වැඩපිළිවෙලක් දාන්න වෙනවා. බෝට්ටු වලට ජිපිඑස් අනිවාර්යය කරන්න ඕනේ. මේක මෙතනින් හරි කැඩුවේ නැතිනම් රටම ඉවරයි. රජයට ඔය ප්‍රශ්නේ දේශපාලන පක්ෂ වලට දාන්නේ නැතිව, කෙලින්ම අදාළ අය ඉවත් කරන එක තමයි තියෙන්නේ

:       0       3

සෙනෙවිරත්න Thursday, 06 November 2025 10:13 AM

නීතිය සැමට සමානයි කියලා පෙන්නන්න මේ වගේ කුඩු ජාවාරම්කාර මාලිමා හාල්කෑල්ලක් දෙකක් ඉඳහිට අල්ලනවා. හොර දූෂිත ජේවීපී ඇමැතිලා සෙට් එකම නීතියට උඩින්...

:       3       7

සමන් - ඕමානය Thursday, 06 November 2025 12:16 PM

මාලිමාවේ මන්ත්‍රීවරියකගේ සැමියා? බුදු අප්පොච්චියෝ, මම හිතාගෙන උන්නේ මාලිමාවේ උදවිය අති පාරිශුද්ධ නිකැළැල් අය කියලා නොවැ. මම හිතන්නේ පුවත්පතට වැරදිලා වද්ද? පොහොට්ටුවේ මන්ත්‍රී වරියක් වෙන්ඩ ඇති. රාජපක්ෂලාට සම්බන්ධයක් ඇති. කෝ මේ රහස් පොලිසිය? කෝ මේ මාලිමාවේ ඩොබි හමුදාව?

:       3       10

SIRI Thursday, 06 November 2025 02:43 PM

හෙලිකොප්ටර් නැත්තන් බරකරත්තයකින් හරි ගිහින් බදාගන්න කෙනෙක් නැද්ද අප්පා...?

:       1       6

Jothi Thursday, 06 November 2025 03:33 PM

වල් පැල ගලවලා හිටවපු මල් පැල...

:       1       5

Bunny Preena Friday, 07 November 2025 09:42 AM

21 වැනිදාට පට්ට ගහන්න හොඳ මාතෘකාවක්

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 537 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 271 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1068 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site