
(ඉන්දිකා රාමනායක)
ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ලලිත් පතිනායක මහතා පොලිස් පරිපාලන තනතුරෙන් ඉවත් කර ඇතැයි පොලිස් මූලස්ථාන ආරංචි මාර්ග සඳහන් කරයි.
පොලිස්පතිවරයාගෙන් පසු ඇති ඊළඟ උසස්ම තනතුර වනුයේ පොලිස් පරිපාලන ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති තනතුරයි.
ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති පතිනායක මහතා ඒ අනුව මධ්‍යම පළාත භාරව පමණක් කටයුතු කරනු ඇත.
බස්නාහිර පළාත් භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති සංජීව ධර්මරත්න මහතා පොලිස් පරිපාලන කටයුතු භාරව පත් කිරීමට නියමිතව ඇතැයි පොලිස් මූලස්‌ථානයේ උසස් නිලධාරියෙක් පැවසීය.
සජීව මැදවත්ත මහතා (පොලිස් විද්‍යාලය) බස්නාහිර පළාත් භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා ලෙස පත් කිරීමට නියමිතව සිටී.
මීට අමතරව උතුරු පළාත් බාරව සිටි ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති තිලක් ධනපාල මහතා උතුරු මැද පළාත් භාරවද , උතුරු මැද පළාත් භාරව සිටි ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති බුද්ධික සිරිවර්ධන මහතා උතුරු පළාත් භාරව ද පත් කිරීමට නියමිතව ඇතැයි පොලිස් මූලස්ථානයේ එම උසස් නිලධාරියා සඳහන් කළේය.
ජාතික පොලිස් කොමිෂන් සභාවේ අනුමැතිය ඇතිව සිදු කෙරෙන මෙම ස්ථාන මාරුවීම් සම්බන්ධයෙන් වූ විශේෂ පොලිස් පණිවිඩය පොලිස්පති නීතීඥ ප්‍රියන්ත වීරසූරිය මහතා විසින් නිකුත් කිරීමට නියමිතය.
2025 දෙසැම්බර් මස 04
736
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
563
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
453
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
ලලිත් පතිනායක පරිපාලන තනතුරින් ඉවතට?
පැරකුම් Saturday, 01 November 2025 12:57 AM
එහෙනම් මෙයා ගැන.පහුගිය දිනවල පලචූ පුවත් ඇත්ත වෙන්නැති.
සෙනෙවිරත්න Saturday, 01 November 2025 03:40 AM
පිටිපස්සෙන් ඉඳගෙන පිහියෙන් අනින උන් රටට සාපයක්, පොලිස් පති ඔය කියන වංච කාරයෙක්නම් ඒයාට චොදනා කරන්න තිබුණෙ මෙහෙම නොවෙයි, මේ තුට්ටු දෙකේ මිනිහෙක් අල්ලගෙන සරම කඩල මූණ වහංගන්ව වගේ නෙවෙයි, අර මාධ්‍යවේදියට සතුටු ඇති, වෙලාව ආවම තනතුරු ලැබෙයි, වයස තියෙනව, විපක්ෂ නායකතුමාට වගේ ඉවසිල්ල නැතිකම, මේ වෙලාවෙ විශාල ජාතික කාර්යක් තිබෙනවිට සහ පොලිස්පති ගැන විශාල පැහැදීමක් ඇති වෙලාවක එතුමට චෝදනා කර විපක්ෂයට අවිදීම නොසිදුවිය යුත්තක්.
nilu Saturday, 01 November 2025 06:46 AM
ඔහු හොද පුද්ගලයෙක්ද?
maalaka Saturday, 01 November 2025 07:32 AM
ඉතා සතුටුයි. රට ගැන පළමුව සිතන, විනීත, දක්ෂ නිලධාරීන් පමණක් ජ්‍යෙෂ්ඨ තනතුරු හෙබවිය යුතුයි.
ගුණරත්න Saturday, 01 November 2025 08:33 AM
මොකද හේතුව, කාගේ හෝ උදහසට ලක්වෙලාද?
Bunny Preena Saturday, 01 November 2025 09:01 AM
වස්තුව, නිලබලතල හින්දා... මිනිසා මිනිසාට දෙයි නින්දා...
සමන් විමල් Saturday, 01 November 2025 09:26 AM
වාස් ගුණවර්ධන මතක් වුණා...
අරුනි Saturday, 01 November 2025 03:11 PM
ආන්ඩුවේ දූශන එළිකරන කොට මිනිසුන්ට තනතුරිනුත් පහ වෙන්න සිදුවෙනවා. අපි බලමු දූශිත පච ආණ්ඩුවේ අනාගතය කොහොම වේවිද කියලා...
nimal Saturday, 01 November 2025 06:56 PM
පොලිස් නිලධාරිනේ ගැටළු විසදීමට පොලිස් කොමිසමක් හෝ ( ombudsman කෙනෙකු පත්කර සිටිනම් ) තිබියදී ඔවුන්ගේ ගැටළු සමජ මාධ්‍ය සමග සකජා කලයුතු නැත. එසේ සිදුවීමෙන් සමාජ මාධ්‍ය මගින් විවිද ප්‍රචාරණයන් සමාජ ගත කිරීම නිසා සමස්ත ශ්‍රී ලංකා පොලිසිය පිලිබදව මහජනයා වර්ධි වැටහීම් ඇතිකර ගනු ඇත
Rata Perata Sunday, 02 November 2025 02:25 PM
එළියට ආපු හඩපටය ඇත්ත නම් ලලිත්පතිනායක වහාම පොලිස් සේවයෙන් නෙරපිය යුතුයි. විනයක් නැති මේ වගේ මිනිස්සු එක්ක ආයතන හදන්න බෑ.