IMG-LOGO

2025 දෙසැම්බර් මස 30 වන අඟහරුවාදා


සේවයෙන් පහ කළ දුම්රිය රියැදුරා වසර 4ක් පඩිත් දී විශ්‍රාම ගන්වලා

(රෝෂන් තුෂාර)

කොළඹ - මහනුවර සීඝ්‍රගාමී දුම්රියක් ගණේමුල්ලේ දී අනතුරකට ලක්කර රජයට රුපියල් ලක්ෂ 93ක පාඩුවක් සිදු කළේ යැයි වසර හතක් විනය පරීක්ෂණ පවත්වා සේවයෙන් පහ කිරීමේ නිවේදනද නිකුත් කර ඇති දුම්රිය රියදුරු තවත් වසර හතරක් සේවයේ තබාගෙන වැටුප් අතිකාලද ගෙවා සුවසේ විශ්‍රාමගන්වා ඇති බව අල්ලස් කොමිසම කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ කරුණු දක්වමින් අද (03) පැවසීය.

දුම්රිය දෙපාර්තමේන්තුවට සිදුවූ අලාභය එලෙසම තිබියදී ,රජයට පාඩු කළ රියදුරකු තවදුරටත් සේවයේ යොදා ගනිමින් යළි යළිත් දුම්රියට පාඩු සිදු කිරීමෙන් දූෂණය නම් වරද සිදු කර ඇති බවට හිටපු දුම්රිය සාමාන්‍යධිකාරී එස්.එම්.අබේවික්‍රම සැකකරු අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරමින් අල්ලස් කොමිසම එසේ පැවසීය.

2008 සැප්තැම්බර් 29 වැනි දින කොළඹ මහනුවර සීඝ්‍රගාමී දුම්රිය ගනේමුල්ලේදී අනතුරට ලක් කර රජයට රුපියල් ලක්ෂ හැත්තෑ හතක සහ සේවය අත්හිටුවීමෙන් පසුව තවත් දුම්රිය අනතුරක් සිදුකර රුපියල් ලක්ෂ දාසයක පාඩුවක් සිදු කළේ යැයි විනය පරීක්ෂණ පවත්වා සේවයෙන් පහකළ දුම්රිය රියදුරු අයි. එක්.කේ දිසානායක සේවයේ තබා ගනිමින් දූෂණය නම් වරද සිදු කලේ යැයි කියන සිද්ධිය සම්බන්ධයෙන් කරුණු ඉදිරිපත් කරමින් අල්ලස් කොමිසම එසේ පැවසීය.

සැකකරු වෙනුවෙන් නීතිඥ සංජය ගමගේ මහතා කියා සිටියේ සැකකරු වසර 33 ක නිකැලැල් සේවයක් දුම්රිය දෙපාර්තමේන්තුවට සිදුකර විශ්‍රාම ගිය පුද්ගලයකු බවය.

හිටපු දුම්රිය සාමාන්‍යාධිකාරී පී.ඒ.බී ආරියරත්න මහතා සිදු කරන ලද විනය පරීක්‍ෂණයකට අනුව ප්‍රශ්න ගත රියැදුරු සේවයෙන් පහකර ඇති බවත්, එම හිටපු සාමාන්‍යාධිකාරීවරයා සේවයෙන් විශ්‍රාම ගැන්වීමට දිනයක් තිබියදී මෙම විනය තීන්දුව රියදුරට ලබා දී ඇතිි බවත්,හිටපු සාමාන්‍යාධිකාරීවරයාගේ එම විනය තීන්දුව මෙම සැකකරුට ක්‍රියාත්මක කිරීමට ගියේ නම් නීති ප්‍රශ්න මතුව වන්දි ගෙවීමට සිදුවන බැවින් එසේ කර නොමැති බවත් පැවසීය.

එහිදී නීතිඥවරයා වෙත ප්‍රශ්නයක් යොමු කළ ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා එවැනි නීතිමය ගැටලුවක් උද්ගත වූයේද යන්න විමසා සිටියේය. ඊට පිළිතුරු ලබා දුන් නීතිඥ සංජය ගමගේ මහතා කියා සිටියේ එවන් ප්‍රශ්නයක් උද්ගත නොවූ බවත්, අලාභය ගෙවීමට විනය පරීක්‍ෂණය මගින් නියෝග කොට නොතිබූ බවත්ය.

ඊට එය ප්‍රතිචාර දැක්වූ මහේස්ත්‍රාත්වරයා රජයට සිදුවූ අලාභය අයකරගෙන ඇත්තේ ද? යන්න සම්බන්ධයෙන් කරුණු විමසා සිටියේ තමන්ගේ දැනුවත් වීම සඳහා පමණක් බව ප්‍රකාශ කළේය .

නීතිඥ සංජය ගමගේ මහතා වැඩිදුරටත් කරුණු දක්වමින් සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශන අවසන්ව ඇති බැවින් තම සේවා දායකයාට ඕනෑම කොන්දේසියක් යටතේ ඇප ප්‍රධානය කරන ලෙසට ඉල්ලා සිටියේය.

දෙපාර්ශවයේ කරුණු සලකා බැලූ ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා සැකකරුට රුපියල් ලක්ෂ 10 බැගින් වූ ශරීර ඇප දෙකක් නියම කරමින් විදෙස් ගමන් තහනම් කිරීමටද නියෝග කළේය .විමර්ශන ප්‍රගතිය පෙබරවාර 20 දින අධිකරණයට ඉදිරිපත් කරන ලෙසට අල්ලස් කොමිසමට නියෝග කළේය.

 

 



අදහස් (5)

සේවයෙන් පහ කළ දුම්රිය රියැදුරා වසර 4ක් පඩිත් දී විශ්‍රාම ගන්වලා

අනිල් Tuesday, 04 November 2025 01:22 AM

හිටපු ගුරෝ හිටගෙන කරද්දී, ගෝලයෝ දුව දුව ... පුදුමෙ කියන්නේ උන්ට කඩේ යන චීත්ත කෑලි තාම ඉන්න එක.

:       0       7

Rasi Tuesday, 04 November 2025 06:54 AM

රාජ්‍ය සේවයේ එවුන්ගේ නිකලැල් බව බලන්න, රෙදි නැන්දලා 100ක් වත් ඕන.

:       0       4

අරවින්ද මොණරවිල Tuesday, 04 November 2025 08:50 AM

වෙන රටක නම් මුන්ව එල්ලලා මරනවා !

:       0       5

වෑල්ඩින් ආචාර්ය Tuesday, 04 November 2025 09:11 AM

අයියෝ ඕව මොනවාද. මාලිමාවේ ශුද්ධ වූ ඇමතිලා 4 දෙනෙක් ඉන්ධන දීමනාව තැන් දෙකකින් අරගෙන තිබුනේ. ඒවා ගැන කතාවක් වත් නෑ නේ

:       7       4

Jayasekara Tuesday, 04 November 2025 10:16 AM

ඉතින් රටක් දියුණු වෙන්නේ කොහොමද? මොකෙක් හරි කාලකන්නි ඇමැතියෙක් ඉන්න එහි පිටිපස්සේ

:       0       3

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 10 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 699 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 332 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site