
(විමුක්ති එස් රුද්‍රිගු)
අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව මෙම වසරේ පළමු මාස 9දී සිදුකළ වැටලීම්වලදී අල්ලස් හෝ දූෂණ චෝදනා මත වැඩිම පිරිසක් අත් අඩංගුවට ගෙන ඇත්තේ ශ්‍රී ලංකා පොලිසියේ සේවය කරන්නන් බවත් එම කොමිසම නිකුත් කළ නවතම වාර්තාවේ දැක්වේ.
එහිදී පොලිස් නිලධාරීන් 20 දෙනකු අල්ලස් කොමිසම විසින් අත් අඩංගුවට ගනු ලැබ ඇති බවත් මෙම වසරේ පළමු මාස 9දී අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවට පැමිණිලි 5776 ක් ලැබී තිබෙන බවත් එහි සඳහන් වේ.
මාස 9දී ලැබූ පැමිණිලි මත වැටලීම් 94 ක් සිදුකර තිබෙන බවත් ඒ යටතේ පුද්ගලයන් 63 ක් අත් අඩංගුවට ගෙන ඇති බවත් එම වාර්තාවේ සඳහන් වේ.
සිදුකළ වැටලීම් 94 න් වැටලීම් 51 ක් ඵලදායි වූ බවත් තවත් වැටලීම් 37 ක් ඵලදායී නොවූ බවත් එහි දැක්වේ. එසේම සිදුකළ විමර්ශන මත තවත් පුද්ගලයන් 32 ක් අත් අඩංගුවට ගෙන තිබෙන බවද එම වාර්තාවේ සඳහන් වේ.
මෙම වසරේ පළමු මාස 9දී අල්ලස් හෝ දූෂණ චෝදනා සම්බන්ධව නඩු 71 ක් මහාධිකරණයේ ගොනු කර තිබෙන බවත් ඒ යටතේ චූදිතයන් 86 දෙනකුට එරෙහිව චෝදනා ගොනු කර තිබෙන බවත් අල්ලස් කොමිසමේ වාර්තාවේ සඳහන් වේ.
2025 දෙසැම්බර් මස 04
626
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
527
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
431
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
අල්ලසින් කප් එක පොලිසිය
කෞෂි Thursday, 06 November 2025 09:59 AM
අධිකරණ ක්‍රියාමාර්ග පුළුවන්තරම් ඉක්මනින් ඉවර කරන්න. නැත්තං ඔය නඩුවලින් පෝසත් වෙන්නේ නීතිඥයෝ විතරයි. ජනතාවට ඇති සෙතක් නෑ. වවාගෙන කන එක නතර කරන්න.
fairoos Thursday, 06 November 2025 11:49 AM
ජනපතිතුමා කිව්වා වගේ ඉස්සෙලා කිව්වා වගේ ඉස්සෙල්ලාම පොලිසිය සුද්ද කරන්න ඕනෑ