
(සුජිත් හේවාජුලිගේ)
පාතාල කල්ලි නායක ගනේ මුල්ල සංජීව නැමැත්තා ඝාතනය කිරීමට නීතිඥ වෙස් ගෙන පැමිණි ඉෂාරා සෙව්වන්දි නමැත්තියට දණ්ඩ නීති සංග්‍රහයේ පිටපතක් ලබා දුන් බව පැවසෙන නීතිඥවරියක් ඊයේ (28) පොලිසිය විසින් අත්අඩංගුවට ගනු ලැබුවාය.
මෙම නීතිඥවරිය කඩවත ප්‍රදේශයේදී අත්අඩංගුවට ගත් බව පොලිසිය පවසයි.
ඉෂාරා සෙව්වාන්දි නමැති සැකකාරිය එම ඝාතනය සඳහා රැගෙන ආ පිස්තෝලය සඟවා ගෙන පැමිණියේ දණ්ඩ නීති සංග්‍රහයේ පිටුපතක මැද කපා තනාගෙන තිබූ රහස් කුටීරයකය.
සැකකාරිය එම පිස්තෝලය සැඟවූ දණ්ඩ නීති සංග්‍රහයේ පිටපත නීතිඥයෙකු ලෙස වෙස් ගෙන පැමිණි වෙඩික්කරුට ලබා දී තිබූ බව විමර්ශනවලදී හෙළි විය.
අත්අඩංගුවට ගනු ලැබූ නීතිඥවරිය සම්බන්ධයෙන් ඊයේ රාත්‍රියේම පරීක්ෂණ ආරම්භ කළ බව පොලිසිය සඳහන් කරයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඕක කියවලවත් හැදියන් කියලා දුන්නා වෙන්න බැරිද .
දණ්ඩ නීති සංග්‍රහයේ පිටපතක් කාරණය නොදැන පිට කෙනෙකුට අරන් දෙන්න පුළුවන්ද>
මතුගම ෂාන්ව තාම ඈල්ලුවෙ නෑත්තෙ මොකද?
දැන් උගත් නීතිඥ නොනාවරුන් සහ මහත්වරුන් දස දහසක් එතුමියගේ අයිතිවාසිකම් වෙනුවෙන් උසාවියත් ඉන් පිටත් පෙනී සිටිමින් නීතිඥවරුන්ට පාතාල ප්‍රජාව වෙනුවෙන් පෙනී සිටින්නට හා උදව් කරන්න ඇති අයිතිය වෙනුවෙන් සටන් කරණු ඇත.
සදාචාරයට වැඩ මුදලට ප්‍රමුඛත්වය දෙන වෘත්තිකයින්ගෙන් මෙයට වඩා යම් දෙයක් අපට බලා පොරොත්තු විය හැකිදයි ප්‍රශ්නයක්. නිවරදි පුද්ගලයෙකු දඬුවම් ලබනවාට වඩා වැරදි කළ අපරාධකරුන් දඬුවම් නොලබා නිදොස් කොට නිදහස් වීම බොහොම භයානකයි.
නීති විභාගයකට හෝ වෙනත් අධ්‍යයන කටයුතුකට නීති පොත ඉල්ලුවා ඒ නිසා දුන්න කියලා කියයි. එහෙම වෙන්නත් පුළුවන්.
උබලා දැන ගනින්, උබලා අත තිබ්බේ නීතිඥයකුට, උබලව දැන්ම ඉන්ටර්ඩික් කෙරුව් නැත්නම් මම හෙට ඉදලා ටොයිලට් යන්නේ නැහැ. ප්‍රියන්ත කියපං මට කෝල් එකක් ගන්න කියලා, ප්‍රියන්ත කියන්නේ මගේ ජුනියර් බැච් මේට්, මුන් මොන පොලිස් කාරයෝද
කලු කබා කාරයෝ සල්ලි වලට තමා හම්බ කරගෙන කන දේ වුණත් උකස් කරනවා. පේනවා නේද...? දෙමව්පියන් වත් ශුවර් නෑ.
නීතීඥ, කැලෑනායක... කට වහගන්න. උසාවි යන්නේ නැහැනේ ඔයා කියපු විදිහට. සෙව්වන්දි ලෝ ඉගෙන ගත්තාම පාන්ද?
සල්ලි කොතැනද... එතැන නීතිය ඇත.
කවුරුත් කලබල වෙන්නවත් පුදුම වෙන්නවත් එපා. මේක ඒ වෘත්තියේ ස්වභාවයයි. ඕනෑම අපරාධ කරුවෙක් නිදහස් කරගැනීමට කටයුතු කිරීමට ඔවුන් පසුබට වන්නේ නැත.
ඔන්න රජිව් අමරසූරියට තව වැඩක්. මෙයාවත් කාර් එකේ දාගෙන උසාවි ගෙනියන්න. නැතිනම් ගෙදර ගෙනිහිල්ලා ආරක්ෂා කරන්න.
පොල් කට්ටක් ගැන සාගරයක් වගේ කථා දාන අර අහවල් පක්ශේ ලේකම්වත් මතක් වෙනවා..
මේ විදිහට ගත්තාම සේවන්දි එදා සැරසිලා හිටිය සාරිය සහ හැට්ටේ විකුණපු කඩේ මුදලාලිවත් අත්අඩංගුවට ගන්න පුළුවන් නේද? මිනීමරුවා ඇදලා හිටිය පෙරකදෝරු කබාය විකුණපු කඩේ මුදලාලිත්, අත්අඩංගුවට ගන්න පුළුවන් නේද? මේක දැන් විහිළුවක් වෙලා, වෙඩි තියපු පුද්ගලයා ඉන්නවා නම්, ආයුධය තිබෙනවා නම්, CCTV සහ පුද්ගල සාක්ෂි තිබෙනවා නම්, අණ දීපු පත්මෙත් රිමාන්ඩ් එකේ ඉන්නවා නම්, ඒක ක්‍රියාත්මක කරපු සේවන්දිත් රිමාන්ඩ් එකේ ඉන්නවා නම්, චෝදනා ගොනු කරලා නඩුව අහලා ඉවරයක් කරන්න පුළුවන්, දැන් මේ විදිහට රටේම ඉන්න මිනිස්සු අල්ලා මේ නඩුවට පටලවාගෙන , සාක්ෂි විමසමින් තර්ක විතරක් කරමින්, මේ නඩුව වසර ගණනක් ඇදගෙන යන්න පිඹුරුපත් සකස් කරන බවක් තමා මට නම් පේන්නේ.
ඔය හොර පෙරකදෝරු නෝනා නිකන්ම නිදහස් වෙනවා. පෙරකදෝරු නෝනා කියාවි කෙනෙකුට නීති පොතක් විකුණන එක හෝ තාවකාලික පරිහරණය සදහා දීම නීති විරෝධී නොවන බව, නමුත් මෙතැන සිදුවෙන්නේ මේ නාඩගම නිසා නඩුව සැසි කිහිපයක් ඇදෙන එක... මේවා පොලිසිය සහ අපරාධකාරයෝ එකතුවෙලා ඩීල් දමලා අපිව අන්දන්න කරන නාඩගම්... මහා පරිමාණ කුඩු කාරයෝ, මිනීමරුවෝ බේරා ගන්නත් පෙරකදෝරුවෝ ප්‍රසිද්ධියේ ඉදිරිපත් වෙනවා. එහෙම නම් ඔවුනුත් හිරේ යන්න ඕනේ නේද?
මිනි කාක්කියෙක් වෙන්ඩැති.සමහර කලු කෝටි කාරයෝ ඉන්නවා වවාගෙන කන උන්.