IMG-LOGO

2025 දෙසැම්බර් මස 14 වන ඉරිදා


සේවා දිගුවකින් ඇමැති - ලේකම් ගැටෙයි?

(රංජන් කස්තුරි)

විදුලිබල ක්ෂේත්‍රය ප්‍රතිසංස්කරණ ලේකම් කාර්යාලයේ අධ්‍යක්ෂ ජනරාල්වරයාගේ සේවා කාලය වසරකින් දීර්ඝ කිරීම සම්බන්ධයෙන් විෂය භාර අමාත්‍යවරයා සහ එම අමාත්‍යාංයේ ලේකම්වරයා අතර අර්බුදයක් හටගෙන ඇතැයි වාර්තාවේ.

බලශක්ති අමාත්‍ය කුමාර ජයකොඩි මහතා විදේශ ගතව සිටින කාලයේදී ඔහුට නොදන්වා ලේකම්වරයා  ප්‍රතිසංස්කරණ ලේකම් කාර්යාලයේ අධ්‍යක්ෂ ජනරාල්වරයා ලෙස කටයුතු කළ එච්.පී. නිරෝෂන් මහතාට සේවා දිගුවක් ලබාදී තිබේ.

ලේකම්වරයා එම සේවා දිගුව ලබාදෙමින් ලිපියේ සඳහන් කර ඇත්තේ බලශක්ති අමාත්‍යවරයාගේ උපදෙස් පරිදි එම පත්වීම සිදුකරන බවයි.

එහෙත් දිවයිනට පැමිණි පසු ඒ බව දැන ගත් බලශක්ති අමාත්‍යවරයා වහාම ක්‍රියාත්මක වන පරිදි එම පත්වීම අවලංගුකර තිබේ.

අමාත්‍යවරයා බලශක්ති අමාත්‍යාංශයේ ලේකම්වරයාට ලිඛිතව දන්වා ඇත්තේ තමාගේ කිසිදු අනුදැනුමකින් තොරව එවැනි සේවා දිගුවක් ලබාදීම ප්‍රතික්ෂේප කරන බවයි.

 



අදහස් (6)

සේවා දිගුවකින් ඇමැති - ලේකම් ගැටෙයි?

අරවින්ද මොණරවිල Saturday, 25 October 2025 08:45 AM

පසුගිය කාලයේ විදුලිබල වෘත්තිය සමිතිවල දැඩි විරෝධයට ලක්වූ පුද්ගලයෙක් තමයි මේ, ඒ වගේම විදුලි බල මණ්ඩලය ප්‍රතිසංස්කරණයට ලක් කෙරුවාට පසු තවදුරටත් ප්‍රතිසංස්කරණ ලේකම් කාර්යාලයක් අවශ්‍ය නැහැ නේද?

:       66       7

C.K.Lankaputhra Saturday, 25 October 2025 09:30 AM

බල්ලා විසින් වලිගය වනනවා මිසක් වලිගය විසින් බල්ලා වැනීමට ඉඩ දිය යුතු නෑ. හරි නම් ඒ ලිපිය නිකුත් කළ නිලධාරියාගෙන් කරුණු විමසා සුදුසු අයුරින් කටයුතු කළ යුතුයි.

:       44       7

වින්සන්ට් කජ්ජා Saturday, 25 October 2025 11:12 AM

තාමත් රට කන දූෂිත නිලධාරි හැත්ත අන්දන්න තමයි බලන්නේ.

:       33       11

Ishara Saturday, 25 October 2025 11:14 AM

මණ්ඩලේ කචල් නේද සහෝදරවරුනි. රටේ සූර්ය බල පද්ධති වලට කරපු විනාශෙට නම් හෙනම ගහන්න ඕන හැබැයි. ඩීසල් මා‍ෆියාවේ රජවරු තමයි මෙයාලා. අර ලක්ශයක් මරලා හරි බලය තියාගන්නවා කියපු එකත් මේ කල්ලියේ. මිනිස්සුන්ට වතුර නැති කාලේ ජලාශ වල වතුර නිකන් ඇරලා, ජල විදුලිය වෙනුවට හදිසි මිලදී ගැනීම් හරහා ඩීසල් බලාගාර වලින් විදුලිය අරන් කොමිස් ගහපු උන් දැන් ලොකු පු‍ටුවල...

:       0       52

Livera Saturday, 25 October 2025 11:17 AM

ඇමතිගේ හොර වැඩකට උදව් කරන්නෙ නැතුව ඇති. ඉතින් බැහැනෙ කරන්න. ඇමති නම් කලින් පෝර වලින් ගහලා මාට්‍ටු වෙලා වැඩ තහනම් වෙච්ච කෙනෙක්ලු නේද? මල් පැල කිව්ව අයගේ කෙරුවාවල්. මල් කිව්වාට මේවා කීඩාරම් වගේ. ගන්ධස්කාරේ බෑ...

:       6       40

Bunny Preena Saturday, 25 October 2025 12:34 PM

හිතුමතේ තමාට කැමැති පරිදි වැඩ කරනවා නම් ඒක හොද දෙයක් නොවේ.

:       8       7

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 676 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 551 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 446 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site