IMG-LOGO

2025 නොවැම්බර් මස 02 වන ඉරිදා


ශ්‍රමදානයට ආ රැඳවියා අධිකරණ ගබඩාවෙන් ගිනි අවියක් උස්සලා

(බී.ජානක)

ගල්කිස්ස අධිකරණයේ ඉල්ලීම මත ප්‍රජා විශෝධන කාර්යයන් සඳහා අද (29) දින ගල්කිස්ස මහේස්ත්‍රාත් අධිකරණයේ ගබඩාව පිරිසිදු කිරීම සදහා පැමිණි රැඳවියකු  අධිකරණයේ නඩු භාණ්ඩාවෙන් මිලිමිටර් 9  වර්ගයේ උණ්ඩ රහිත ගිනි අවියක් සොරාගෙන ඇතැයි පොලිසිය කියය.

ශ්‍රමදානය සඳහා රැඳවියන් තිදෙනකු පැමිණ ඇති අතර ඉන් එක් රැඳවියකු මෙම ගිනි අවිය සොරාගෙන ඇතැයි බන්ධනාගාර නිලධාරීහු පවසති.

ශ්‍රාමදානය අවසන් කර රැදවියන් ද සමග බන්ධනාගාරයට පිටත් වීම සඳහා අධිකරණ භූමියෙන් පිටත්ව ගොස් ඇති අතර නඩු කටයුත්තක් සඳහා ගල්කිස්ස මහේස්ත්‍රාත් අධිකරණයට  රැගෙන ආ රැඳවියකු  හිද සිටි අසුනට පිටුපස අසුනේ පිස්තෝලය සොරාගත් පුද්ගලයා ඉඳගෙන ඇති අතර ඉහත පුද්ගලයා යම් පාර්සලයක් අත තිබෙන බව බන්ධනාගාර බස් රථයේ සිටි බන්ධනාගාර නිලධාරීන් දැක එය පරීක්ෂා කිරීමේදී ඉහත ගිනි අවිය හමුවී ඇත.

ඉන් පසුව නැවත බන්ධනාගාර බස් රථය අධිකරණය වෙත පැමිණ අධිකරණයේ පොලිස් නිලධාරීන් දැනුවත් කර ඇත.

 



අදහස් (7)

ශ්‍රමදානයට ආ රැඳවියා අධිකරණ ගබඩාවෙන් ගිනි අවියක් උස්සලා

අරවින්ද මොණරවිල Thursday, 30 October 2025 09:24 AM

නඩු භාණ්ඩ ගබඩාවේ භාන්ඩ අනාරක්ෂිතවද තබා තිබෙන්නේ, එයට භාරකරුවෙක් නැතිද ඕකට කියන්නේ තියෙන්නේ පුදුමයි ශ්‍රිලංකා කියලා තමයි.

:       0       18

hemantha Thursday, 30 October 2025 11:48 AM

ඒ තරම් හොඳ ආරක්ෂාවක් අපේ ලංකාවේ ඕවා සෙල්ලම් කරන ගානටද තියලා තිබ්බේ ? බැංකු ඕනත් නැහැ ,බිම ඉඳගෙන හරි ආරක්ෂා කරපල්ලා අපේ රට

:       0       9

මංජුල Thursday, 30 October 2025 12:13 PM

ඉබ්බා දියට දැම්මා වගේ වෑඩක්නේ

:       0       10

Bunny Preena Thursday, 30 October 2025 12:20 PM

බඩු ගබඩාව භාරව ඉන්න එකාට මොලයක් නැතිදැයි දන්නේ නැහැ. අවි ආයුධ වගේ දේවල් අගුලු දමා ආරක්ෂිතව තබා ගත යුතුයි කියලා. ඔහුට දැනුවත් ව සිදුඋන දෙයක්දැයි සැකයි. සල්ලිවලට ඉතින් පෙන්ශන් එක නැති උනත් කමක් නැහැ .ඕනෑම ජරා වැඩක් කරන්න සූදානම් බත් කන හරක් ටිකක්ත් ඉන්නවානේ අපේ රාජ්‍ය සේවයේ.

:       0       12

fairoos Thursday, 30 October 2025 01:24 PM

ලංකාවේ පොලිසිය නම් හදන්නම බෑ. ඔතැන ඉන්න අය හැදෙනකන් මොන ආණ්ඩු ඇවිල්ලත් වැඩක් නෑ.

:       6       6

de silva Thursday, 30 October 2025 03:55 PM

උසාවියේ බඩු ගබඩාව භාරව ඉන්න එකාට බැරිද එක සුද්ද පවිත්‍රව තබාගන්න..., ඒ හිර කරයෝම ගෙන එන්න ඕනෙද? දැන් ඔය පිස්තෝල නඩුවේ චුදිතයාට විශාල වාසියක් වෙනවා නේද?

:       0       8

R.T sarath Friday, 31 October 2025 01:01 AM

මේක යම්කිසි අපරාධයක් කිරීම සදහා සිතා මතාම හිරකරයට දුන්න වෙන්න බැරිද ඇතුලේ ආධාර උපකාර මත , ප්ලැන් එකේ මොකක් හරි අවුලක් වෙලා මේක මට්ටු වුන වෙන්න බැරිද ? ගිනිඅවියක් සාමාන්‍යයෙන් උසාවියක නඩු භාණ්ඩ ගබඩාවේ මේසයක් හෝ රක්කයක් මත ගබඩාකර තබන්නේ නැහැ තබන්නේ අගුලු දමා ආරක්ෂිතව නේද ? අච්චු කරපු සිරකාරයෙක් යනු යම්කිසි අපරාදයකට සම්බන්ධ පුද්ගලයෙක් , හිතා මතාම මෙවැනි කෙනෙකුට කියල මෙවැනි ස්ථානයක් පිරිසිදු කරවනවද ? ක්ලිනීන් සේර්විස් එකකට කියල මේවා කරවන්න බැරිද ? රජයේ බොහෝ ගොඩනැගිලි පිරිසිදු කරන්නේ පුද්ගලික ක්ලීනින් සේර්විස් වලින් , මේකට හිරකාරයෝ භාරව සිටින ජේලර්ල සහ නඩුභාන්ද ගබඩාවේ භාරකරු ඇතුළු සියලුදෙනාම අත්අඩංගුවට අරන් පරීක්ෂණයක් කරන්න ඕනේ නේද ?

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 1847 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1491 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී. 2025 සැප්තැම්බර් මස 23 528 0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී.

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන

Our Group Site