IMG-LOGO

2025 දෙසැම්බර් මස 14 වන ඉරිදා


වැලිගම ඝාතනයේ වෙඩික්කරු මාට්ටු

(ගයාන් සූරිය ආරච්චි,ක්‍රිෂාන් ජීවක ජයරුක්)

වැලිගම ප්‍රාදේශීය සභාවේ සභාපති ලසන්ත වික්‍රමසේකර මහතා වෙඩි තබා ඝාතනය කළ බව කියන වෙඩික්කරු මහරගම ප්‍රදේශයේදී අද සවස අත්අඩංගුවට ගත් බව පොලිස් විශේෂ කාර්ය බළකාය පවසයි.

වැලිගම ප්‍රාදේශීය සභාවේ සභාපති ඝාතන සිද්ධිය සම්බන්ධයෙන් අද අලුයම කාන්තාවක් සහ තවත් පුද්ගලයන් දෙදෙනකු කැකෙනාව ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබූ අතර එහිදී එම ඝාතනයේ වෙඩික්කතු බව කියන මෙම සැකකරු පොලිස් අත්අඩංගුවෙන් මිදී පලා ගොස් තිබුණු බව පොලිසිය පවසයි.

කෙසේ වෙතත් පොලිස් කණ්ඩායම් කීපයක් සිදුකළ විමර්ශන වලදී පැය කීපයක් ඇතුළත එම සැකකරු මහරගම ප්‍රදේශයේ ප්‍රසිද්ධ ඇඳුම් අලෙවි සලක් අසලදී පොලිස් විශේෂ කාර්ය බළකායේ කළුබෝවිල කඳවුරේ නිලධාරීන් කණ්ඩායමක් විසින් අත්අඩංගුවට ගෙන ඇත.

අත්අඩංගුවට ගත් සැකකරු ගාල්ල, ඉමදූව, අඟුලු ගහ ප්‍රදේශයේ පදිංචි 34 හැවිරිදි පුද්ගලයෙකි.

අත්අඩංගුවට ගත් සැකකරු වැඩිදුර විමර්ශනන සඳහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ මූල්‍යය අපරාධ කොට්ඨාශයට භාරදී ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක සහකර පොලිස්් අධිකාරි උදය කුමාර වුට්ලර් මහතා කීය.

වැලිගම ප්‍රාදේශීය සභාවේ සභාපතිවරයා වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් කාන්තාවක ඇතුළු සැකකරුවන් හතර දෙනෙක් ගාල්ල සහ අනුරාධපුර කැකිරාව ප්‍රදේශයේ ගෙවල් 50 ප්‍රදේශයේ කමතක අත් හැර දැමූ කුඩා නිවෙසකදී ඊයේ (26) අත්අඩංගුවට ගෙන තිබුණි.

සැකකරුවන් අපරාධය සඳහා භාවිත කළ යතුරුපැදියක්, රුපියල් ලක්ෂ දොළහක මුදලක්, අයිස් මත්ද්‍රව භාවිත කිරීම් සඳහා යොදා ගන්නා උපකරණයක් පොලිසිය සොයාගෙන තිබුණි.

එහිදී එම සැකකරුවන් අත්අඩංගුවට ගැනීමට යාමේදී එහි සිටි පිරිසක් පොලිසිය සමඟ පොර බැඳීමේදී එක් සැකකරුවෙකු පලා ගොස් තිබුණි.

අනතුරුව පොලිස් කණ්ඩායම් කිහිපයක් සීසි ටීවී දර්ශන පරීක්ෂා කරමින් සැකකරු සම්බන්ධයෙන් විමර්ශන ආරම්භ කර තිබුණි.

වැලිගම ප්‍රාදේශීය සභාවේ සභාපති ලසන්ත වික්‍රමසේකර මහතා මහජන දිනය පැවති අවස්ථාවේදී සභාපතිවරයා හමුවීමට පැමිණි පුද්ගලයකු ලෙස වෙඩික්කරු සභාපතිවරයාගෙන් නිල කාමරයට පැමිණ වෙඩි තබා යතුරු පැදියකින් පලා ගොස් තිබූ අතරමඟදි යතුරු පැදිය මාරු කර වෙඩික්කරු සහ යතුරු පැදිකරු තවත් යතුරු පැදි දෙකක නැගී යන ආකාරය සීසී ටීවී කැමරා දර්ශනවල සටහන්ව තිබුණි.



අදහස් (11)

වැලිගම ඝාතනයේ වෙඩික්කරු මාට්ටු

පිටරැටියා Sunday, 26 October 2025 09:42 PM

පොලිසිය දූෂිත දේශපාලුවන්ගේ ඇගිළි ගැසීම් වලින් තොරව නීතීය හරියට ක්‍රියාත්මක කරනවා. පොහොට්ටුවේ දූෂිත දේශපාලුවෝ හැදුවේ ඔවුන් ඇතිකරපුවා... ආණ්ඩුව පිටින් යවන්න. පොලිසියට අපගේ උත්තමාචාරය...!

:       75       36

කෞෂි Sunday, 26 October 2025 11:21 PM

ඔය වගේම කජ්ජා, තාජුදීන්, ලසන්තගේ අයවත් අල්ලන්න. කට්ටියට දැන් උණ විකාරේ හැදෙයි.

:       60       33

Don perea Monday, 27 October 2025 12:38 AM

ශ්‍රී ලංකා පොලීසිය ගැන ආඩම්බරයි.

:       3       35

Nishan Monday, 27 October 2025 04:00 AM

මෙච්චර ඉක්මනින් හොයා ගත්තේ දන්න කියන තැනකින් කෙනෙක්ව එක්කගෙන ආවා වගේ නේ. මූණ බැලුවාම නම් සැකකරු කියලා ප්‍රසිද්ධ කරපු ෆොටෝ එකට වඩා වෙනස්. අනික අල්ලපු මොහොතේම සාක්කිත් අරන් නඩුවත් විසඳලා. අනේ මන්දා මෙහෙම රවට්ටන්නේ අපි මොක්කු කියලා හිතාගෙනද කියලා.

:       53       109

KawshikaMonday, 27 October 2025 11:14 AM

ශ්‍රී ලංකා පොලිසියට ගෞරව දැක්විය යුතුයි.

:       3       27

ප්‍රියන්තMonday, 27 October 2025 12:15 PM

නිශාන්ත, අමුතුවෙන් හිතාගන්න දෙයක් නෑ. ඔයාලා මොංගල් බව හැමෝම දන්නවා...

:       6       18

RasiMonday, 27 October 2025 12:30 PM

හරියට වැඩේ කෙරෙන කොට පුදුමයි තමයි. ඔයාලාගේ මහා අයියලා ඒ කාලේ කියලා පෙන්නලා තිබ්බේ ඕවා බැහැ කියලා තමයි. ඒ කරලා, තමන්ට සහ තමන්ගේ ගෝල බාල සහ කුඩු හිතවතුන්ගේ ජාවරම්කාරයින්ගේ විරුද්ධ වාදීන්ව ආයුධ බලන්න එක්ක ගිහින් සියල්ල වහලා දැම්මා. ඒ මීහරක් සංස්කෘතිය අවශ්‍ය අය තාමත් ඉන්නවා...

:       27       18

රනේ Monday, 27 October 2025 06:18 AM

හොරු ගැලවෙනවා දැන් නම් බොරු.. නියමයි. ජයවේවා!

:       48       40

සෙනෙවිරත්න Monday, 27 October 2025 11:00 AM

නිශාන්, සැකයක් තියෙනවා නම් පොලිසිය විමසන්න. සමහරවිට පුදුම ඇති, ඔයාලාගේ කාලේ නොවෙයි මේ... ඔයා හිතනවාද වෙඩි තියපු විදියටම ඉඳී කියලා, සජිත් වගේම ගොන් කතා කියනවා...

:       59       38

සෙනෙවිරත්න Monday, 27 October 2025 12:22 PM

මෙයාට ගෙව්වේ කවුද කොහෙන්ද කියලා හොයලා බලන්න ඕනෑ. පැලවත්තේ කලු සල්ලි වෙන්න පුළුවන්...

:       23       40

pradeep Monday, 27 October 2025 01:49 PM

කීප දෙනෙකුට මේ වගේ දේවල් දරාගන්න අමාරුයි කියලා පේනවා... පව් ඉතින්.

:       3       8

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 688 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 554 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 448 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site