
සුජිත් හේවාජුලිගේ සහ අංජුල මහික වීරරත්න
කොළඹ ජාතික රෝහලේ ‘බයිපාස්’ හෘද සැත්කම් සඳහා 9600කගේ දිගු පෝලිමක් පවතින බව සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා පාර්ලිමේන්තුවේදී පැවැසීය.
මේ අනුව එම සත්කමක් කර ගැනීමට අයකුට වසර පහක් බලා සිටීමට සිදුවන බව ද ඔහු ප්‍රකාශ කළේය.
එසේම එන්ජියෝග්‍රෑම් පරීක්ෂාව සඳහා පන්දහසක පෝලිමක් පවතින බව පැවැසූ අමාත්‍යවරයා අයකුට එම පරීක්ෂාව කරගැනීමට මාස හතක් බලා සිටීමට සිදුවන බව ද සඳහන් කළේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පුරංස්ථි ග්‍රන්ථි සැත්කම්වලට ගම්පහ රෝහලේ අවුරුදු දෙකක පෝලිමක් තියෙන බව කියනව. ජයවර්ධනපුර රෝහලේ මේ යන්ත්‍රය අබලන්ව මාස තුනකට අධික බව කියනව. සරල සැත්කම්වත් කරන්න බැරිතරමට අපේ සෞඛ්‍ය සේවය පිරිහීම කණගාටුවට කාරණයක් නේද?