
(බී. ජී. චතුරංග)
අනුරාධපුර මිහින්තලේ පොලිස් වසමේ සීප්පුකුලම අඹගහවෙල ප්‍රදේශයේ සිදුවූ වන අලි හිංසන සිද්ධියක් හෙළිදරව් කිරීමට එය වීඩියෝගත කළ විශ්වවිද්‍යාල සිසුවකු මේ වන විට දැඩි අසාධාරණයකට මුහුණ දී සිටින බව අනාවරණය වෙයි.
සිද්ධිය වීඩියෝගත කිරීමට භාවිත කළ සිසුවාගේ ජංගම දුරකතනය වනජීවී නිලධාරීන් ඔවුන්ගේ භාරයට ගෙන ඇති අතර, එය මෙතෙක් සිසුවාට නැවත ලබා නොදීමෙන් ඔහුගේ අධ්‍යාපන කටයුතු පවා දැඩි අවදානමකට ලක්ව ඇතැයි ඥාතීහු පවසති.
ජනවාරි මාසයේ පැවැත්වීමට නියමිත විශ්වවිද්‍යාල විභාග සඳහා අවශ්‍ය විෂයය සටහන්, අධ්‍යයන දත්ත සහ පෞද්ගලික ලේඛන එම ජංගම දුරකතනය තුළ පවතින බව සිසුවා වනජීවී නිලධාරීන් ඉදිරියේ ප්‍රකාශ කර ඇත. එහෙත් එම දුරකතනය නැවත ලබා නොදීම හේතුවෙන් ඔහු දැඩි මානසික කම්පනයකට පත්ව සිටින බව ද සඳහන්වේ.
මෙම තත්ත්වයට පසුබිම වන්නේ, සීප්පුකුලම අඹගහවෙල ප්‍රදේශයේ දී කිසියම් පිරිසක් වන අලියකුට පන්දම්වලින් පුළුස්සා අමානුෂික ලෙස හිංසා කළ ඛේදජනක සිද්ධියකි.
2025 දෙසැම්බර් මස 18
427
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
237
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1029
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
අලියා පිළිස්සු වීඩියෝව දුන් සිසුවා අලි අමාරුවක
පන්සිළු Monday, 22 December 2025 07:56 PM
ඔය නිසා තමයි සාමාන්‍ය ජනතාව ඇතැම් නීති විරෝධී දේවල් දැක්කත් නොදැක්කා වගේ ඉන්නේ...
ගමේ එකාලා Tuesday, 23 December 2025 05:05 PM
වීඩියෝ ගත කරලා විතරක් ඉන්නේ නැතුව ඒ වෙලේ පොලිසියට දැනුම් නුදුන්නේ ඇයි.?