
(බී. ජී. චතුරංග)
අනුරාධපුර මිහින්තලේ පොලිස් වසමේ සීප්පුකුලම අඹගහවෙල ප්‍රදේශයේ සිදුවූ වන අලි හිංසන සිද්ධියක් හෙළිදරව් කිරීමට එය වීඩියෝගත කළ විශ්වවිද්‍යාල සිසුවකු මේ වන විට දැඩි අසාධාරණයකට මුහුණ දී සිටින බව අනාවරණය වෙයි.
සිද්ධිය වීඩියෝගත කිරීමට භාවිත කළ සිසුවාගේ ජංගම දුරකතනය වනජීවී නිලධාරීන් ඔවුන්ගේ භාරයට ගෙන ඇති අතර, එය මෙතෙක් සිසුවාට නැවත ලබා නොදීමෙන් ඔහුගේ අධ්‍යාපන කටයුතු පවා දැඩි අවදානමකට ලක්ව ඇතැයි ඥාතීහු පවසති.
ජනවාරි මාසයේ පැවැත්වීමට නියමිත විශ්වවිද්‍යාල විභාග සඳහා අවශ්‍ය විෂයය සටහන්, අධ්‍යයන දත්ත සහ පෞද්ගලික ලේඛන එම ජංගම දුරකතනය තුළ පවතින බව සිසුවා වනජීවී නිලධාරීන් ඉදිරියේ ප්‍රකාශ කර ඇත. එහෙත් එම දුරකතනය නැවත ලබා නොදීම හේතුවෙන් ඔහු දැඩි මානසික කම්පනයකට පත්ව සිටින බව ද සඳහන්වේ.
මෙම තත්ත්වයට පසුබිම වන්නේ, සීප්පුකුලම අඹගහවෙල ප්‍රදේශයේ දී කිසියම් පිරිසක් වන අලියකුට පන්දම්වලින් පුළුස්සා අමානුෂික ලෙස හිංසා කළ ඛේදජනක සිද්ධියකි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔය නිසා තමයි සාමාන්‍ය ජනතාව ඇතැම් නීති විරෝධී දේවල් දැක්කත් නොදැක්කා වගේ ඉන්නේ...
නීතිය හමුවට ගොස් අදාළ අයට දඩුවම් පැමිණවිය හැක. සිසුවකුගේ ජංගම දුකථනයක් පවරාගැනීමට පොලිසියට, උසාවියට හැර කිසිම නිලධාරියෙකුට නොහැකිය. තමුන්ට සිදුවුණු පාඩුවද අයකරගත හැකිය. මේ සදහා නීති උපදෙස් ලබාගැනීමට අවශ්‍ය මුදල් අප සපයා දෙන්නෙමු.
මේක වීඩියෝ නොකළේ නම් අපරාධකරුවන් අල්ලන්නේ කොහොමද? වනජීවී එක කළයුත්තේ මේ ළමයාට හිරිහැර කිරීම නොව අපරාධ කරුවන් අල්ලා නීතිය හමුවට පැමිණවීමයි...
මේ අසාධාරණය පිළිබඳව වහාම ජනාධිපතිතුමාට කෙලින්ම (හෝ ජනාධිපති ලේකම් වරයාට ) දන්වන්න. මේවා මහා අසාධාරණ ජරා වැඩ. මේ වගේ අසික්කිත බලු වැඩ කරන හීනමාන නිලධාරීන් සිටින තාක්කල් මේ රට හදන්න බැහැ . මම නම් මීට පස්සේ අලියෙක් නොවෙයි මිනිහෙක් මරනවා දැක්කත් අහක බලාගෙන යනවා මිසක් ඒ අසාධාරණය සමාජයට යොමු කරන්නේ නැහැ. නිකම් ඉඳලා " ටින් කිරි " ගාගන්නේ මොකටද?
වනජීවී නිලධාරීන් අලියා පිච්චුව එක හෙලිවුණාට විරුද්ධ වගේද?
පැලවත්තේ කෙනෙක් යාලු කරගන්න.ඵතකොට ෆෝන් ඵක ගෙදරටම ගෙනත් දෙයි නේද?නඩුත් නැ බඩුත් නැ ඵහෙනම්.
සිසුවාගෙන් ජරාවක් බලාපොරොත්තු වෙනවා වත් ද? ඔළුව කරකවලා කීය හරි දීලා ජංගම දුරකථනය ගන්න බලන්න . එක එකාට කිව්වත් වැඩක් වෙන්නේ නෑ.
අලියා වකුගඩු රෝගයෙන් මැරුනු බවක් කියල තිබුනා ඉතින් කියපු අයට මේ වීඩියෝව ගැටලුවක් වෙන්න පුලුවන් ඒක නිසා ඔහොම කලාද කියල සොයන්න වේවි
වීඩියෝ ගත කරලා විතරක් ඉන්නේ නැතුව ඒ වෙලේ පොලිසියට දැනුම් නුදුන්නේ ඇයි.?