
(අංජුල මහික වීරරත්න)
වී අලෙවි මණ්ඩලය විසින් මිලදී ගෙන ඇති වී තොග සහල් කර වෙළෙඳපොළට මුදා හැරීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත.
2025 අයවැය මඟින් වෙන් කරන ලද රුපියල් මිලියන 6,000 ක පමණ අරමුදල් භාවිත කරමින් වී අලෙවි මණ්ඩලය විසින් පසුගිය යල කන්නයේදී මිලට ගත් වී තොග මේ වන විට වී අලෙවි මණ්ඩලයට අයත් ගබඩා වල ගබඩා කරනු ලැබ තිබේ. වෙළෙඳපොළේ අඛණ්ඩ සහල් සැපයුමක් තහවුරු කිරීම සඳහා එම වී තොග, 2025 වසර සඳහා වී අලෙවි මණ්ඩලයේ ලියාපදිංචි වී ඇති වී මෝල් හිමියන් මඟින් සහල් කර, ලක් සතොස සහ සමූපකාර ජාලය හරහා වෙළෙඳ පොළට නිකුත් කිරීම පිණිස අවශ්‍ය පියවර ගැනීම සඳහා කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් සහ වාරි මාර්ග අමාත්‍ය සහ වෙළෙඳ, වාණිජ, ආහාර සුරක්ෂිතතා සහ සමුපකාර සංවර්ධන අමාත්‍යවරයා ඉදිරිපත් කළ ඒකාබද්ධ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අනිවාර්යයෙන්ම වහාම කල යුතු වැඩක් , නැතිනම් වී ගුල්ලෝ ගහල , මියෝ කාල විනාශ වෙනවා , වී කිසිම කරුණක් උදෙසා මස 2-3 වැඩිය ගබඩා නොඅකල යුතුය , කරුණාකර අර හර්ෂ ද සිල්වා මහත්මය ආරම්භ කල කුඩා සහල් මෝල් ශක්තිමත් කර රට මහා මෝල් හිමියන්ගේ අධිපත්‍යයෙන් ගලවා ගැනීම සදහා සැලසුම් කල ශක්ති සහල් වැඩසටහන සහ ශීතාගාර භාවිත කර එළවලු පලතුරු කල් තබා ගැනීමේ වැඩසටහන දේශපාලන භේදයකින් තොරව ඉදිරියට ගෙන යන්න , කටයුතු කරන්න ,