
(සිරිසේන ගමගේ)
කැළණි ගගේ දිය කිදුරිය වශයෙන් කිරුළු පැළඳි දක්ෂ පිහිනුම් ශුරියක වූ සේදවත්තේ,කොටුවිල පදිංචිව සිටි ඕෂධි වියාමා තරුණිය හදිසි අනතුරක් හේතුවෙන් මරණයට පත්ව ඇතැයි පොලිසිය කියයි.
කොළඹ විශාඛා විද්‍යාලයෙන් අධ්‍යාපනය ලැබු ඇය 19 වන වියේ පසු වුවාය. පසුගිය ගංවතුර අවධියේ අවතැන් වු තම අසල් වාසින් බේරා ගැනිමටත්,ඔවුනට ආහාර පාන රැගෙන යාමටත් බෝට්ටුවක නැගි රැ දහවල නොබලමින් අති විශාල කැප කිරිමක් සිදු කළ බව ප්‍රදේශවාසිහු පවසති.
ඕෂධි කැංළණි ගඟ තරණය කරමින් මිටර් 1000ක දුරක් විනාඩි 14 යි තත්පර 41 ක කාලයක් තුළ පිහිනමින් ගිනස් වාර්තා පොතට එක් වුවාය. ඒ වන විය 7 හැවිරිදි වියේ පසුවිය.
ඒ සඳහා එවකට ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා නාවික බෝට්ටු සහ නාවික භටයන්ගේ සහය ද ලබා දි තිබුණි. එදින පට්ටිය හන්දිය ආසන්නයෙන් කැළණි ගගට පැන්න ඕෂධි දැරිය කලු පාලම අසළින් ගොඩට පැමිණියේ අඩි 1000 හේ සිමාව විනාඩි 14 යි තත්පර 41 ක් තුළ සම්පුර්ණ කරමිනි.
එදිනම ඇය හිටපු ජනාධිපතිවරයාගේ ඇගයිමට ලක්ව තිබුණි. ඕෂධි මැතක සිට රෝගි තත්වයෙන් පෙළි සිට ඇති බවද වාර්තා වේ.

2025 දෙසැම්බර් මස 04
687
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
554
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
448
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
කැලණි නදියේ කිඳුරිය මිය ගිහින්
C.K.Lankaputhra Thursday, 11 December 2025 02:02 PM
අනේ පවු. දියණිය ඔබට නිවන් සුව අත්වේවා. මමත් කැළනියේ...
shaminda Thursday, 11 December 2025 03:06 PM
නිවන් සුව ලැබේවා දුවේ
beau Thursday, 11 December 2025 03:29 PM
නිවන් සුව ලැබේවා දුවේ
කෞෂි Thursday, 11 December 2025 04:12 PM
හදිසි අනතුරක්? අනුන්ගැන හිතන, හිත උණුවෙන කෙනෙක්. ගිය තැනක හොඳින් ඉන්න ලැබේවා...