
(යොහාන් භාසුර)
හිටපු අමාත්‍යවරයකු වන ජනාධිපති නීතිඥ විජයදාස රාජපක්ෂ මහතා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ජ්‍යෙෂ්ඨ උප සභාපති ධූරයකට ඇතුළු තනතුරු හතරකට පත්කළ බව එම පක්ෂය අද (12) පැවසීය.
විජයදාස රාජපක්ෂ මහතා එම තනතුරට අමතරව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපති නිමල් සිරිපාල ද සිල්වා මහතා විසින් මහරගම ආසන සංවිධායක, කොළඹ දිස්ත්‍රික් නායක සහ එම පක්ෂයේ දේශපාලන මණ්ඩල සාමාජික තනතුරුවලට ද පත්කළ බව ද එම පක්ෂය කීය.
විජයදාස රාජපක්ෂ වැනි ජ්‍යෙෂ්ඨ දේශපාලන චරිතයක් පක්ෂය සමග එකතු වීම ශක්තියක් බවත් පක්ෂයක් ලෙස දීර්ඝ ලෙස සාකච්ඡා කර මෙම තීරණය ගත් බවත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපති නිමල් සිරිපාල ද සිල්වා මහතා පැවසීය.
බෞද්ධ ආගම සමඟ සමීපව කටයුතු කරන විජේදාස රාජපක්ෂ මහතා ඉදිරි දේශපාලන ගමනක් ඇති ජනාධිපති නීතිඥවරයකු බව ද සභාපතිවරයා වැඩිදුරටත් සඳහන් කළේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සිරි ලංකාවේ සියලුම, උතුරේ හැර, පක්ෂ වලත් එක්ක ඉඳලා ඒ පක්ශ වලිනුත් නෝන්ඩි වෙච්චි පොරක් තමයි විජේදාස කියන්නේ... දැන් තවත් රවුමක් යන්න චාන්ස් එකක්...
මේ හොරු 4 දෙනාටම නඩු තියෙනවා. එකෙකුට ස්ත්‍රී දූෂණ චෝදනාවකුත්.. මොනවා කළත් මේ රටේ මිනිස්සු අති බහුතරයක් දැන් දන්නවා මුන්ගේ කෙරුවාවල්, ඒ නිසා ඡන්දේ නම් වානා...
ආ..මේ කවුද කියලා බැලුවා. මේ ෆේක් සමන්ත භද්‍ර පෙරකදෝරුවානේ. ඔයා මොන තර්ක දැම්මත් DNA පරීක්ෂණයට ළඟදීම යන්න වෙනවා.
ශ්‍රිලංනිප ට පොහොට්ටුව එක්ක ගියොත් ගමනක් තියෙවි නැත්නම් සොරි තමයි ඉදිරියේදී වැටුණු තැනින් නැගිටන පක්ෂය පොහොට්ටුවයි. ඒකට හේතුව ආණ්ඩුවේ නෑමයි, චාටර් වීමයි. අනුරව විනාශ කරන ජෝකර්ලා නිසා මල්වතු ඔය මඩකළපුවට හරවනවා පොලොන්නරුවෙන් රාජ්‍ය නායකයෙක් නාය යන එවගේ හිල් වහලා නවත්වනවා වගේ තව ඕන තරම් තියෙනවා වෙන ආණ්ඩු වගේ නොවේ ආව දවස සිට විහිළු සපයන අන්දරේලා පිරුණු ආණ්ඩුවක් කොහෙවත් නැහැ. ඒකයි පාපිසි ටික අනුර කිව්වා වගේ...
කොහොමත් ඉන්නේ ඉතින් ඕවගේ එක්කෙනයි, දෙන්නයිනේ.. බෙදලා දෙන්න මිනිස්සු ඉන්න එපෑයෑ. අනේ ගිය කලක්.
විජයදාස කියන්නේ මෛත්‍රී නායකත්වය දීපු කෙනා නේද? දැන් මොකද සිරිපාලගේ නායකත්වය යටතේ..
මම පොතක් ලියනවා කෙළෙහිගුණ නොදන්නා මිනිස්සු කියලා.
මංමුලාවී පාර හොයාගෙන, කතරක් අතරින් යන ගමනේ. මංමුලාවූ ගොබ්බයෙකුගෙනි, පාර අසා තිබුනේ.
කොහොමත් ඕකෙ ඉන්නෙත් හතර පස් දෙනයිනේ... ඔක්කොම නිලතල ඔය කට්ටිය තමයි.
ප්රාග් යුගයට අයත් පිංතූරයක් වගේමයි. සත්ව පරිණාමය විදහා දක්වන්න සුදුසුයි වගේ පින්තූරය බැලූ බැල්මට පෙනුනේ...
අමු සොහොනක කිරුළ දරා පළක් වේද බොලව්...?
ඔක්කොම අවලංගු කාසි...
තව ඩීල් කාරයෙකුට පත්වීම් ලිපිය දෙනවා බලාඉන්න තව හොර නාම්බෝ දෙන්නෙක්...
ඔක්කොම තනතුරු ටික පටන් ගන්නෙ "ඩීල්" වලින්ද?
බෞද්ධ ආගමට සමීපයි කියලා දාලා තිබ්බාටදැන් ලංකාවේ මිනිස්සු ඔය ආගම් වාදය හොදට දන්නවා.
අර එහාට මෙහාට පනින ගෙම්බන්ගේ සංසන්දනයක්...
මුල් කාලේ හිටියේ යූඇන්පීයේ... පස්සේ සාටකයෝ එක්ක එකතු වෙලා, කරපු දේවල් දන්නෝ හොන්දාකාරවම දන්නවා...
ව්ජේදාසටත් ලැජ්ජා නෑ.. අනිත් ගොබ්බයින්ටත් ලැජ්ජා නෑ..
මෙයා පක්ෂ කීයක හිටියාද?