
(බී. ජී. චතුරංග,දයාරත්න ඇඹෝගම සහ උපුල් හේරත්)
මිහින්තලේ සීප්පුකුලම අඹගහවෙල හන්දිය ප්‍රදේශයේ ගෙවත්තක පිළිස්සුම් තුවාල සහිතව අසාධ්‍ය තත්ත්වයෙන් වැටී සිටි වන අලියකු ප්‍රතිකාර ලබමින් සිටියදී අද සවස අවාසනාවන්ත ලෙස ජීවිතක්ෂයට පත්වූ බව වනජීවී දෙපාර්තමේන්තුව පවසයි.
වෙඩි වැදීමට ලක්ව ඉදිරි පාදයේ තුවාල සහිතව ආහාර ගැනීමට අපහසුවෙන් අසාධ්‍ය තත්ත්වයෙන් වැටී සිටි මෙම වන අලියාට කිසියම් පිරිසක් ඉකුත්දා රාත්‍රියක ගිනි පන්දම් දල්වා පුළුස්සන බව දැක්වෙන වීඩියෝවක් පසුගියදා සමාජ මාධ්‍යවල සංසරණය විය.
මෙම වන අලියාගේ ශරීරයේ ස්ථාන කිහිපයක් පිලිස්සීමට ලක්ව ඇති බවට සැක කරන බවද වනජීවී නිලධාරියෙක් මෙහිදී පැවසීය.
වනජීවී අංශ නිලධාරීන් පශු වෛද්‍ය කණ්ඩායම් එක්ව වන අලියාගේ ජීවිතය බේරා ගැනීම සඳහා දැඩි පරිශ්‍රමයක් දරමින් සිටි අතර ප්‍රතිකාර ලබමින් සිටියදී එම අලියා මෙලෙස ජීවිතක්ෂයට පත්විය.
අසාධ්‍ය තත්ත්වය තත්ත්වයේ ගිලන්ව සිටි මෙම වන අලියාගේ මරණයට නිශ්චිත හේතුව දැන ගැනීම සඳහා පශ්චාත් මරණ පරීක්ෂණය සිදු කිරීමට නියමිතව තිබූ බවද වනජීවී දෙපාර්තමේන්තුවේ ප්‍රකාශකයෙක් මෙහිදී සදහන් කළේය.


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔවුන් තමයි ආපදාවෙන් නැතිවෙන්න ඕනේ කාලකන්නි හැත්ත...
පන්දමෙන් පුළුස්සපු අලියා කිව්වම මට මතක් වුනේ එක්තරා යුගයක්, ඝාතක සංස්කෘතියක් තිබ්බ යුගයක්, ඒ කාලේ මිනිස්සු තමයි එහෙම මැරුවේ. අන්න ඒ කාලේ ඝාතන සංකෘතිය පටන් ගත්ත උදවියම තමයි මේ ආණ්ඩුවේ ඉන්නෙත්. ඉතින් මේ අහන්න ලැබෙන අධම වැඩ ගැන අහන්න ලැබීම පුදුමයක් නෙවෙයි.
අලි–මිනිස් ගැටුම විසඳන්න කාටවත් අවංක උවමනාවක් තියෙන බවක් මට නම් පේන්නේ නෑ. අලි–මිනිස් ගැටුම වළක්වන්න පුළුවන් අලුත් නිර්මාණ ගැන ලොකු ලොකු අය එකතුවෙලා කරන මාධ්‍ය සංදර්ශන නම් ඕන තරම් තිබුණා. අපරාධේ මිනිසුන්ගේත් අලින්ගේ ජීවිත ජීවත් වෙන්න කරන අරගලය නිසාම විනාශ වෙනවා
තිරිසනුන්ටත් වඩා අමු තිරිසන්නු ඔකොන්ට සංසාරේ විපාක දෙන්නත් ඔය විදියටම තමයි
මොන ගැටුම තිබ්බත් , සතෙක් පණපිටින් පුච්චලා මරන්න තරම්... මේ මිනිස්සු උන්ගේ කැලේ අල්ලාගෙන දැන් උන්ව මරනවා. 80 ගණන්වල මිනිස්සුන් දන්නවා ඔයපැත්තේ අලි වලස්සු, කොටි, හම්බාවෝ, නරි කොච්චර මේ මිනිස්සු විසින් මරලා දැම්මාද කියලා එහෙම මරලා තමයි ඔය පැති ජනාවාස වුනේ. ඒ තිරිසන්කම තවම තියෙනවා.
මෙච්චර ස්වභාවික විපතක් වෙලාවත් මිනිස්සුන්ට මේ වගේ තිරිසන් වැඩ කරන එක නවත්වන්න බෑ කියන්නේ ඉතින් අනේ මන්දා ලංකාවට දෙවියන්ගේ පිහිටයි
සිද්ධියට අදාල අයට නීතිය ක්‍රියාත්මක කරන්න
මේවගෙ කාලකන්නි ඉන්න එකම රට ලන්කාව. ඒකනේ පස් කදු පිටින් ඇවිත් යටකරන් යන්නේ. ඒත් කාලකණ්ණි බේරෙනවා කිසි වරදක් නැති අහින්සකයින්. මෙවැනි විපත් වලින්... මියයනවා... පව්කාරයින්ගෙන් මිදිලා. මොවුන්ව හොයාගන ගමේ කට්ටිය. පුලුවන්නම් මේ අයුරින්ම පුලුස්සන්න...
කාලකන්නි මිනිස්සු . මුන්ව පුළුස්සල පෙන්නන්න ඕන මේ සතා කොච්චර වේදනාවක් විඳින්න ඇත්ද කියල .