
(ජයරත්න වික්‍රමාරච්චි)
කරුවලගස්වැව ප්‍රාදේශිය ලේකම් එස්.මාතරාරච්චි මහත්මිය ජලගැලීම් හා ගංවතුර හේතුවෙන් හානිය පිළිබඳව නීලබැම්ම ව්‍යාපාරයේ ගෙයින්ගෙට ගොස් තොරතුරු එකතු කරමින් ගෘහ උපකරණ වෙනුවෙන් රජය ලබාදීමට නියමිත රුපියල් 50,000 සහන දීමනාවට අදාළ ඉල්ලුම් පත්‍ර ලබාදීමේ වැඩසටහනක් අද ක්‍රියාත්මක කළේය
එම ගමනේ දී ප්‍රාදේශීය ලේකම්වරියට ගංවතුරෙන් විනාශ වූ මංමාවත් පමණක් නොව නීල බැම්ම ව්‍යාපාරයේ ප්‍රධාන වාරි ඇල තරණය කිරීමට සිදු වූ යේ පුවක් කොටයක් සහ යාන්තම් සවිලක ඇත් වැටක ආධාරයෙනි.
මෙහිදී ප්‍රාදේශිය ලේකම් කාර්යාලයට සම්බන්ධ නිලධාරීන් කණ්ඩායම් කිහිපයක් මේ සඳහා සහභාගිවී සිටින අයුරු දැකගත හැකිවිය.
නීලබැම්ම ව්‍යාපාරයේ ප්‍රධාන වාරි ඇළ හරහා තාවකාලිකව පුවක් ගහක් යොදා සකස්කර ඇති ඒදණ්ඩකින් අවදානම පවා නොතකා ප්‍රාදේශීය ලේකම්වරිය එගොඩවන අයුරු



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පහුගිය දවස්වල දේශපාලුවොත් මේ ආකාරයට ගිහිල්ලා වෙන්නැති තොරතුරු රැස්කළේ...
මැරෙන්න බය නැතුව වුණාට නොදන්න සර්කස් කරන්න එපා. ඔක්කොටම ඉස්සර තමන් ආරක්ෂා වෙලා ඉන්න. ඕකෙන් වැටිලා කොන්ද හරි උකුල් අස්ථි හරි කැඩිලා එක් තැන් වුණොත් විඳවන්න වෙන්නේ තමන්ට සහ පවුලේ උදවියටයි. ඔලුව වැදිලා මැරෙන්නත් ඉඩ තියෙනවා.
මෙහෙම වැඩ කරන නිලධාරීන්ට නේද කල්පිටිය පැත්තේ සහන ඉල්ලන සමහර නරුමයෝ පහර දී හිරිහැර කරලා තියෙන්නේ...
ඒ දණ්ඩේ යන්න හැම කෙනෙකුටම බැහැ හොද ඉවසීමක් අවශ්‍ය වෙනවා අත්වැල දෑතින්ම අල්ලාගෙන යන්නත් අමාරුයි.
ඔබතුමියගේ උත්සාහය සහ උපකාර අවශ්‍ය මිනිසුන් වෙත ළගාවීම ගැන ස්තුතිය.. ඔබ මෙන්ම අනෙකුත් නිලධාරීන්ට ධෛර්යය උත්සාහය නුවණ පහළ වේවා...
අති විශිෂ්ට සේවයක්...
අනේ ඉතිං ගංවතුර ආව හින්දනේ මෙහෙම පොටෝ ඔපචුනිටි එකක් ආවේ. ස්වභාවික විපත්වලට ජයවේවා!
ඉතා විශිෂ්ඨ ජනතා සේවයක්. මේ වගේ ජනතාවක් තමයි අපේ රටේ ඉන්නේ. එකිනෙකාට උදව් කරගන්න. එකිනෙකා වෙනුවෙන් කැපවෙන මිනිස්සු. ඒත් අපේ රටේ හිටපු දේශපාලකයෝ මේ මිනිස්සුන්ගේ හිත් දූෂණය කළා... තණ්හාව, බෙදීම් ඇති කළ දේශපාලන බලය වෙනුවෙන්...
ඉස්සර ඔය තනතුර හැදින්නුවේ උප දිසාපති කියලා රාජකාරි තනතුර සහකාර ආණ්ඩුවේ ඒජන්ත නමින් තිබුණා. රත්නපුර දිස්ත්‍රික්කයේ මට මතක කාලයේ උප දිසාපති කොට්ඨාස අටක් තිබුන කාලයේ කොලොන්න උප දිසාපති (දැනට කොලොන්න හා ඇඹිලිපිටිය හා ගොඩකවෙල කොටසක් ) කොට්ඨාසයට අයත්ව තිබුන කාලයේ උප දිසාපති හැටියට විමලදාස කියල ජාතික ඇදුම ඇන්ද කෙනෙක් උප දිසාපතිව හිටියා මාර්ග පහසුකම් නොවූ එහි එතුමා බස් වලිනුත් වැඩි ප්‍රමාණයක් පාගමනෙනුත් ගිහිල්ලා රාජකාරි කලාලු නිළ මුද්‍රාව සාක්කුවේ දමාගෙන ගියාලු සේවාලාභීන්ට ඔවුන්ගේම පිටේ තියලා මහමගදී ලිපි අත්සන්කර දුන්නලු... දැන්නම් ක්ෂේත්‍ර නිලධාරින්වත් එහෙම කරයිද කියලා සැකයි. මෙතුමියත් එවැනි මානව හිතවාදි අයෙක් කියලා හිතෙනවා..
රජයේ සේවකයන්ට ඒ වගේ ගැම්මක් එන්නේ පාලකයන් පොලවේ පය ගහලා මිනිස්සු එක්ක වැඩකරන තබයක් හොරකම් නොකරන තමුන්ගේ විශ්‍රාම සහ අනිකුත් වරප්‍රසාද ස්වේච්චාවෙන් අහිමි කරගෙන හදවතින්ම රටේ මිනිස්සු වෙනුවෙන් කැපවෙච්චි සාමාන්‍ය පන්තියේ උගත් කොටසක් නිසා... කලින් රට විනාශ කරපු පාහර ද්‍රෝහී ජඩයන්ගේ ක්‍රියාකාලාපය දකිද්දී ජනතාවට රට පිළිබද මෙලෝ රහක් නැතිවෙලා තිබුනේ... දැන් මිනිස්සු කිසිම වරප්‍රසාද මොකුත් නැතිව ස්වේච්චාවෙන් රට වෙනුවෙන් වැඩ කරන්න ඉබේම එළබෙනවා