IMG-LOGO

2025 දෙසැම්බර් මස 19 වන සිකුරාදා


ඛනිජ තෙල් හිටපු සභාපති ධම්මික අත්අඩංගුවට

(ගයාන් සූරියආරච්චි)

ඛනිජ තෙල් නීතිගත සංස්ථාවට රුපියල් මිලියන 800 කට ආසන්න පාඩුවක් කිරීමේ චෝදනා යටතේ ලංකා ඛනිජ තෙල් නීති ගත සංෂ්ථාවේ හිටපු සභාපති ධම්මික රණතුංග මහතා අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ නිලධාරීන් විසින් අද (15) අත්අඩංගුවට ගනු ලැබීය.

ධමිමික රණතුංග මහතා 2017 සහ 2018 වර්ෂයේ ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ සභාපතිවරයා වශයෙන් කටයුතු කරමින් සිටියදී දිගු කාලීන ටෙන්ඩර් 3 ක් අවලංගු කර වැඩි මිල ගණන් යටතේ ස්ථානීය ටෙන්ඩර් ක්‍රියාත්මක කළ බව කියන සිද්ධියකට මෙසේ අත්අඩංගුවට ගෙන ඇත.

එම ක්‍රියාවලියෙන් ඛනිජතෙල් නීතිගත සංස්ථාවට රුපියල් මිලියන 800 කට ආසන්න මුදලක් පාඩු කර ඇති බව ද අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව කියයි.

 



අදහස් (4)

ඛනිජ තෙල් හිටපු සභාපති ධම්මික අත්අඩංගුවට

wedage Monday, 15 December 2025 03:16 PM

මෙයා ප්‍රසන්න රණතුංගගේ නෑයෙක්ද?

:       0       14

HafeelMonday, 15 December 2025 03:54 PM

වෙදගේ... ප්‍රසන්න සහ අර්ජුන රණතුංගගේ සහෝදරයෙක්...

:       0       8

ගමේ එකාලා Monday, 15 December 2025 03:33 PM

මෙයාගේ තාත්තත් දේසපාලනයෙන් හොරාකාලා බඩවඩා ගත්තු කෙනෙක්.ඒ පුරුද්දම දරුවන්ටත් තියෙනවා.

:       2       16

කාලිංග Monday, 15 December 2025 03:53 PM

ටික ටික විජලන මුත්තාගේ හිටපු ගෝලයෝ ඔක්කොම හිරේ යනවා

:       2       9

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 62 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 134 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 933 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site