
(අංජුල මහික වීරරත්න)
කොළඹ ජාතික රෝහලේ නියෝජ්‍ය අධ්‍යක්ෂ වෛද්‍ය රුක්ෂාන් බෙල්ලන මහතාගේ වැඩ තහනම් තහනම් කර තිබේ.
සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශයේ වැඩ බලන ලේකම් විශේෂඥ වෛද්‍ය ඩබ්ලිව්.කේ වික්‍රමසිංහ මහතාගේ අත්සනින් ඊට අදාළ ලිපිය නිකුත් කර ඇත.
රටේ ආන්දෝලනාත්මක තත්ත්වයක් ඇති වන ආකාරයෙන් සහ මහජනතාව තුළ නොසන්සුන්තාවයක් ඇති වන ආකාරයෙන් කටයුතු කරමින් අනුමැතියකින් තොරව ජනමාධ්‍ය වෙත ප්‍රකාශ සිදු කිරීම නිසා අදාල වැඩ තහනම් කිරීම කරන බව එම ලිපියේ සඳහන් වේ.
මේ සම්බන්ධයෙන් විධිමත් විනය ක්‍රියාමාර්ගයන් ඉදිරියේදී ගනු ලබන බවද අදාල ලිපියේ දැක්වෙයි

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
හෙට අනිද්දාට විශ්‍රාම ගැනීමට සිටි රුක්‍ෂාන් බෙල්ලන මහතාට නලින්ද ජයතිස්ස ප්‍රමුඛ ඩෝබී කල්ලියේ ඇති බය අපට තේරුම් ගත හැකිව තිබියදී එය තව තවත් තහවුරු කිරීමට ක්‍රියා කල සෞඛ්‍යට සම් බන්ධ සට්ටැඹියන්ට හා නලින් ද ජයතිස්සට අපේ ස්තුතිය පිරි නැමිය යුතුයි. ඔවැනි බියගුලු ක්‍රියා මගින් බෙල්ලනලා මැඩලීම කෙසේ වෙතත් හෙට අනිද්දා වන විට හොම්බෙන් යාමට සිදුවීම නම් ඉතා පැහදිලිය. රජයේ සේවකයින්ට දේශපාලන තග දමා, දේශපාලන කරුණු මත පළි ගැනීම දැඩිව හෙලා දකිමු.
ආණ්ඩුව දැන් විවේචකයන් බය කරගෙන ප්‍රශ්න යටගහන්න හදන්නේ... තව ටික කාලෙකින් චීනයේ වගේ ආණ්ඩුවක් මේ රටේ හැදේවි. විවේචනය කළොත් බොරු චෝදනා එක්ක රහසිගත නඩු විභාග එක්ක අවුරුදු ගානකට හිරේ දමාවි...
මෙයා දන්න දේකුත් නෑ, නොදන්න දේකුත් නෑ. කළින්පාර ෆෙරාරි සීයාගේ මාද්‍ය ප්‍රකාශක වැඩේ කෙරුවා. දැන් සෞඛය අමාත්‍යංශයේ ලේකම් සහ මාද්‍ය ප්‍රකාශක වැඩේට බැහැලා. ඔයිට වැඩිය හොඳ නැද්ද තමුන්ට අයිති වාට්ටුවල ඉන්න අසරණ රෝගීන්ගේ ජීවිත බේරාගැනීමට ඔය කාලය වැය කෙරුවානම්, එහෙමත් නැත්නම් තමුන්ට පහළින් ඉන්න වෛද්‍යවරුන්ට සහය වුණා නම්. රටේ ඉන්න හැම කෙනාම මාද්‍ය ප්‍රකාශක වැඩේ කරන්න ගියාම, ඔය කරන ප්‍රකාශ අහන්න එකෙක්වත් නැතිවේවි.
මාධ්‍ය ප්‍රකාශක ඉන්න එක බොරු සමාජ ගත කරද්දී ඇත්ත දාන්න අයවත් හරි දේ කියන්න ඕනෑනේ. ඉන්දියන් බාල බෙහෙත් ගෙනත් මිනිස්සු එකා දෙන්න මැරෙද්දී තවත් අයටම කඩේ යන අමු හරක් ඉන්නවානේ. ගහපු එක ගිවිසුමක් වත් එළි කාලේ නැත්තේ ඕක තමයි. ඉන්දියන් පනකොපිය ඉහ මුදුනින් පිළිඅරගෙන අහිංසක මිනිස්සු මරණ එක තමා කරන්නේ දැන්...
ඉතා හොද තීරණයක්... සමහර වෘත්තීය සමිතිකාරයෝ හිතාගෙන ඉන්නේ නීතිය තමන් අතේ කියලා. දන්න දේකුත් නෑ. නොදන්න දේකුත් නෑ. වාචාලයෝ වගේ කියවනවා විතරයි.
රෝහලේ වාහන නැවතුමේ නවතාගෙන සිටින ටුක්ටුක්කො කේක් කපා ජයපැන් බොන්න පුලුවන් වැඩක් වෙලා තියෙන්නේ.
තනි ධමනියට බොරු වෛද්‍ය සහතික දුන්න එකේ විපාකේ...
ජේවීපී වසලයන්ගේ එක නොමනා ක්‍රියාවක්...
මාලිමාවට කඩේ නොගියොත් කාටත් මේක තමයි. කට්ටිය රෙදි අපුල්ලන්න හදයි. හැබැයි කිසිම දේශපාලන පක්ෂයකට නොතිබුණු අන්තවාදී , සහ ඒකාධිපතිත්වයක් තියෙනවා. කොහොමත් ජ.වි.පෙ. අන්තවාදීයි. අන්ධවාදීයි. එවැනි මානසිකත්වයක් තියෙන අය තමයි ඒක බදාගෙන ඉන්නේ..
මෙයා රනිල් හොස්පිටල් ඉන්න කොට කරපු වැඩේ කැතයි. වගකීමක් ඇති පුදගලයෙක් හැසිරෙන්න ඕනේ ඒ විදියට.... නැතිව තමන් කඩේ යන පක්ෂයට නොවෙයි.
ගොඩක් හොද නිව්ස් එකක්...?
මෝඩයා ඉල්ලන් කෑවා. දැන් බලාගෙන ඉඳපන් රනිල් හෝ සජිත් එයි කියලා ඔබව බේරාගෙන යන්න. යකෝ ඔවුන්ගේ වැඩේ කරගත්තාට පස්සේ ඔබගෙන් ඇති වැඩක් නැහැ .. ඔබත් එක්ක එකතුවෙලා රනිල් සීයාගේ ධමනි, කිඩ්නි, ලිවර් ..වැඩකරන්නේ නැහැ කියලා සහතික කරපු හොර දොස්තරලාටත් හෙට අනිද්දා සොරි ඩොට් කොම් තමයි!
පවතින ආන්ඩුවට විවේචන දරාගන්න බෑ.
රුක්ෂාන් බෙල්ලනගේ වැඩ තහනම්. නමුත් රටට බාල ඖෂධ ගෙන්වා ජනතාවට මරණ සහතිකය ලියා දී ඇති ඇමැත්තන් තවම කයිවාරු ගසමින් ලොකු පුටුවල.
පහුගිය කාලේ රගපු විදියට ඔහොම වෙන බව අපි දැනගෙන හිටියා...
වැඩ තහනමට අමතරව කරපු අවභාවිතා වලට නීතිය ක්‍රියාත්මක කළ යුතුයි.
ගොඩක් කමෙන්ට්ස් ඩෝබිලාගේ...
මේ බෙල්ලන ඉල්ලන් කෑවේ. මොකද රනිල් උන්නැහේ රාජ්‍ය මුදල් යොදවා පෞද්ගලික සංචාරයක් කිරීම මුදල් විශුද්ධිකරණයක් කියන වරදට හසුවෙනවා. ඉතින් හොරෙකූට හොර වෛද්‍ය සහතික දීම රාජ්‍ය සේවකයකුගේ වගකීම පැහැර හැරීමක්... දඬුවම දීම ඉතාම ආදර්ශමත්...
ඇයි මෙච්චර පරක්කු වුණේ... කළින්ම ගෙදර ඕන කෙනෙක්...