
(විමුක්ති එස් රුද්‍රිගු)
දිට්වා සුළි කුණාටුවෙන් සිදුවූ හානිය අලුත්වැඩියා කිරීමට ලබාදෙන මුදල් ප්‍රදානයන් ලෙස ලබා දෙන්නැයි එක්සත් ජාතීන්ගේ සංවිධානය ජාත්‍යන්තර ප්‍රජාවගෙන් සහ හවුල්කරුවන්ගෙන් ඉල්ලා සිටින බවත් ශ්‍රී ලංකාව දැනටමත් ණය බරින් පීඩා විඳිමින් සිටින මේ අවස්ථාවේ තවත් ණය ලබාගැනීම අපහසු කාරණයක් වනු ඇති බවත් එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මෙරට නේවාසික නියෝජිත මාර්ක් ඇන්ඩ්‍රේ ෆ්‍රැන්චේ මහතා ප්‍රකාශ කළේය.
එක්සත් ජාතීන්ගේ සංවිධානය ශ්‍රී ලංකාව වෙනුවෙන් එකතු කිරීමට බලාපොරොත්තු වන රුපියල් කෝටි 1090 ක මුදලද ලබා දෙන්නේ ප්‍රදානයක් වශයෙන් බවත් එම මුදල මෙරට ණය බරට එකතු නොවන බවත් ඔහු පැවැසුවේය.
දිට්වා සුළි කුණාටුවෙන් පීඩාවට පත්ව සිටින ප්‍රජාවන්ට ඉදිරි මාස හතර සඳහා අවශ්‍ය කඩිනම් ජීවිතය පවත්වා ගැනීමට අවශ්‍ය සහාය සැලසීම සඳහා ඇමෙරිකානු ඩොලර් මිලියන 35.3 ක (ශ්‍රී ලංකා රුපියල් කෝටි 1090 ක් පමණ) මුදලක් අවශ්‍ය බව ඇස්තමේන්තු කර තිබෙන බව එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මෙරට නේවාසික නියෝජිත මාර්ක් ඇන්ඩ්‍රේ ෆ්‍රැන්චේ මහතා ප්‍රකාශ කළේය.
ඉන් ඇමෙරිකානු ඩොලර් මිලියන 9.5ක පමණ ( ශ්‍රී ලංකා රුපියල් කෝටි 300 ක් පමණ) මුදලක් දැනටමත් එක්සත් ජාතීන්ගේ සංවිධානයට ලැබී තිබෙන බවද ඔහු පැවැසුවේය. එයට එක්සත් ජාතීන්ගේ සංවිධානයේ හදිසි අරමුදලෙන් ලබාදුන් ඇමෙරිකානු ඩොලර් මිලියන 4.5 ක මුදලද ඇතුළත් වන බව ඔහු කීය .
මෙම මුදල එක්සත් ජාතීන්ගේ සංවිධානය එකතු කිරීමට බලාපොරොත්තු වන්නේ යටිතල පහසුකම් අලුත්වැඩියා කිරීමට නොවන බවත් එය යොදා ගනු ලබන්නේ පීඩාවට පත් ජනතාවට ඉදිරි මාස තුන හතර කාලය සඳහා ජීවිතය රැක ගැනීමට අවශ්‍ය කඩිනම් සහාය සැපයීමට බවත් ඔහු කීය.
එම ජනතාවට අවශ්‍ය ජීවිතාරක්ෂක සහාය ලබාදීම ප්‍රමාද වුවහොත් ජනතාවට රෝගවලට ගොදුරු වීමේ අවදානම ඉහළ යා හැකි බවත් ළමයින්ගේ අධ්‍යාපන කටයුතු ප්‍රමාද විය හැකි බවත් ඔහු ප්‍රකාශ කළේය. පසුව ඒවා ලබාදීමට යාමේදී රජයට මීට වැඩි මුදලක් දැරීමට සිදුවනු ඇති බවත් එය ඉතාමත් අපහසු වනු ඇති බවත් ඔහු පැවැසුවේය.
2025 දෙසැම්බර් මස 04
687
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
554
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
448
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
ලංකාවට තවත් ණය එපා:එය දරා ගන්න බෑ
ගුණරත්න Friday, 12 December 2025 07:28 AM
ලෝක බැංකු නියෝජිතයා ලංකාවේ සැබෑ තත්වය ලෝකය ඉස්සරහ පෙන්වලා දුන්න. ඒත් අපේ ඉන්නවා පචයෙක් වෙන රටවලට අවුරුදු දහයක් යන රට හදන වැඩේ උන්නැහේ එක අවුරුද්දෙන් තනියම කළා කියලා...
Frank Martin Friday, 12 December 2025 08:01 AM
තව ණය දෙන්න ඔහොම කරන්න එපා. ණය දෙන්න තව...
Bunny Preena Friday, 12 December 2025 09:12 AM
මීට පෙර අපට සිදුවුණු ආපදාවලදී ලැබුණු මුදල් ගැන අපගේ හිටපු නායකයෝ මාර්ක් මහතා වගේ හිතලා තිබුණා නම් වරින් වර පීඩාවට පත්වුණු ජනතාවගේ කතාව මීට වඩා වෙනස් වෙන්න තිබුණා.
Perera Friday, 12 December 2025 10:15 AM
වර්තමාන ලංකාවේ ආණ්ඩුව ගැන ජාත්‍යන්තර ප්‍රජාවට ඉහළ විශ්වාසයක් තියෙන බව පැහැදිලියි. ඉතාමත් සතුටුයි.
මංජුල Friday, 12 December 2025 12:02 PM
මේ වතාවේ අපි ගැන අපට වඩා හිතලා... ස්තූතියි
Hafeel Friday, 12 December 2025 01:40 PM
මේ ප්‍රවනෘත්තිය නම්, රනිල්ට හාට් ඇටෑක් හදන්න පුලුවන්... මාස තුනෙන් වැටෙනවා. මාස හයෙන් වැටෙනවා... විදේශ ආධාර ලබන්නේ නැහැ කිය කියා අවුරුදු 5ක් නොවේ..., අවුරුදු 10ක් ගත කරන්න වේවි...
Sharada Friday, 12 December 2025 07:58 PM
මෙතන ඩෝබිලා ඉන්නවා වගේ, අනුර වගේ මොලේ නැති කබ්බන්ගේ ගුණ වයන්න එපා...
Sajith Friday, 12 December 2025 08:00 PM
ස්වාභාවික විපත් නමින් වේලා තියෙන විනාශය පිටුපස I.MF එක හරහා කොළඹ සිට ත්‍රිකුණාමලය දක්වා තීරුව කරදරයකින් තොරව ගැනීම, අවු 2-3 තිස්සේ ක්‍රියාත්මක කරන ලද යටි අරමුණු සහිත ක්‍රියාවලියක විසදුමක්ද..? මේ ආකාරයට නායයාම් රටේ සිදුවන්නේ. සොයා බැලීම ජනතාව සතුයි.
Toni Saturday, 13 December 2025 05:12 AM
පචෝරිස් නොකියන තිත්ත ඇත්ත.