IMG-LOGO

2025 දෙසැම්බර් මස 19 වන සිකුරාදා


අලි - ඇත් සටන අස්සේ පාරේ ගිය බසයටත් අලි ප්‍රහාරයක්

(හේමන්ත රණසූරිය සහ එස්.ජී.උබේපාල)

කැබිතිගොල්ලෑව සිංහයා උල්පත වනගත මාර්ගයේදී වන අලියකු සහ ඇතකු අතර පැවැති ද්වන්ද සටන උත්සන්න වෙමින් පැවැති අවස්ථාවේ ඒ අසලින් ගමන් ගත් ඇගළුම් සේවිකාවන් රැගත් බසයට  පහරදීමෙන් එම බස් රථය මාර්ගයෙන් ඉවතට පැණ තිබූ අතර පසුව පොලිසිය සහ වනජීවි නිලධාරීන් පැමණි එම බසයේ සිටි ඇඟළුම් සේවාකාවන් අනතුරක් වන්නට ඉඩ නොදී බේරාගෙන ඇත.

මෙලෙස වන අලි ප්‍රහාරයට ලක් වී ඇත්තේ වැලිඔය ඇඟලුම් කම්හලක සේවය කරන සේවිකාවන් රැගෙන ගිය පෞද්ගලික බස් රථයකි. සිද්ධිය වන අවස්ථාවේ බස් රථයේ ඇඟළුම් සේවක සේවිකාවන් 20 පමණ සිට ඇතැයි පොලිසිය සඳහන් කරයි.

යකාවැව ගම්මානයේ සිට කැබිතිගොල්ලෑව පදවිය ප්‍රධාන මාර්ගයට ඇඟලුම් කම්හල් සේවිකාවන් රැගෙන එන කුඩා වාහනයට මෙම වන අලියා සහ ඇත් සටන හේතුවෙන් බාධා එල්ල වී ඇත.

එම වාහනයට බාධාවීම නිසා කුඩා වාහනයේ සාහායට ආ ඇඟලුම් කම්හලේ ලොකු බස් රථයට අලි පොරය පැවැති ස්ථානය පසු කරනවාත් සමග වන අලි ප්‍රහාරයට ලක්වී ඇතැයි පොලිසිය කියයි.

 



අදහස් (4)

අලි - ඇත් සටන අස්සේ පාරේ ගිය බසයටත් අලි ප්‍රහාරයක්

වින්සන්ට් කජ්ජා Wednesday, 17 December 2025 05:21 PM

පහරදීමට විරුද්ධව දොස්තරලා වර්ජනය කරයිද? විපක්ෂයේ විවාදයක් ඉල්ලයිද?

:       6       36

අසෝකWednesday, 17 December 2025 06:15 PM

අලියට සහ ඇතින්නට රංවල පන්නයේ ඩෝප් ටෙස්ට් එකක් කළොත් නරකද?

:       8       13

ඇන්ඩෘ සෙබඩවිල Wednesday, 17 December 2025 06:20 PM

අලින්ට රණ්ඩු වෙන්නත් කාපට් පාරවල් හදලා මහින්ද රාජපක්ෂලා රටේ මුදල් නාස්ති කර ඇති අයුරු සෝචනීයයි...

:       23       7

උදිතජේWednesday, 17 December 2025 09:01 PM

මෙතන එක පැත්තක ලේන් දෙකේ පාර එකට හදල වගේ. දකුණේ හයිවේ එකේ එක පැත්තක ලෙන් තුනෙන් එකක් සමහරුන්ගේ බැංකුවල.

:       0       1

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 33 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 123 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 925 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site