
(චමිලා අල්විස්)
හොරණ නගර සභාවේ අයවැය දෙවන වර කියවීම නීති විරෝධී ලෙස සම්මත කර ඇතැයි කියමින් එහි විපක්ෂ මන්ත්‍රීවරුන් හත්දෙනා හොරණ මූලස්ථාන පොලිසියට පැමිණිල්ලක් ඉදිරිපත් කළ බව පොලිසිය කියයි.
පෙරවරු දහයට අයවැය විශේෂ මහ සභාව කැඳවා තිබූ අතර නියමිත වේලාව වන පෙරවරු දහයට විපක්ෂ මන්ත්‍රීවරු සභාගර්භයට පැමිණි ඇති අතර අයවැය සම්මත කොට අවසන් බව විපක්ෂ ආණ්ඩු පක්ෂ මන්ත්‍රීවරු දැන් වූ බව විපක්ෂ මන්ත්‍රීවරු පොලිසියට කළ පැමිණිල්ලේ සඳහන් වේ.
සභාගර්භයේ ඇති ඔරලෝසුවේ වේලාව වංචා සහගත ලෙස වෙනස් කර වෙලාව 10.05 ලෙස දක්වා මෙම වංචාව කර ඇතැයි ද පොලිසියට කළ පැමිණිල්ලේ වැඩිදුරටත් සඳහන් වේ.
හොරණ නගර සභාවේ බහුතරය නියෝජනය කරන මන්ත්‍රීවරු හත් දෙනා වන විපක්ෂ මන්ත්‍රීවරුන් මේ සම්බන්ධයෙන් බලවත් විරෝධය පළ කරන බවත් වංචා සහගත සිදු කළ මෙම සභා රැස්වීම නීති විරෝධී බවට ප්‍රකාශක් කර නැවත නියමිත අයවැය දෙවැනි වර ඉදිරිපත් කිරීම සඳහා මහ සභාව නැවත කැඳවීමට සභාපතිට හා ලේකම්ට අවශ්‍ය නියෝග ලබාදෙන ලෙස ඉල්ලා සිටින බව එම පැමිණිල්ලේ සඳහන් වේ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දන්න විදියට නම් ඔය වගේ තක්කඩි කම් පුරුදු පෙර හිටි හොරුන්ට
මාළිමාවේ ජවිපෙ සැබෑ ස්වරූපය මේක තමයි, ප්‍රජාතන්ත්‍රවාදය කියන්නේ මේ අයට විහිළුවක්. කාලෙකට කලින් බලය ගන්න මිනී මරාපු උදවිය නෙ, මේ ළඟදිත් ලොක්කෙක් කියා තිබුන ලක්ෂයක් මරලා හෝ බලයෙ ඉන්නවා කියල. ඉතින් පැහැදිළිවම තනිපක්ෂ ඒකාධිපතිවාදයක් හදාගන්න යන මාර්ගයේ වෙන දේවල් තමයි මේ. ඊළඟ මහමැතිවරණ ජනාධිපතිවරණ කාලයේදී මීටත් වඩා අන්ත සිදුවීම් අහන්න ලැබෙයි
රූපවාහිනීයේ කිව්වෙ නගරාධිපති හා නාගරික කොමසාරිස් කියල ඒත් නගර සභාවෙ එහෙම තනතුරු නැහැ කොහොම වුනත් ලේකම්වරිය වංචාවකට සම්බන්ධ බවක් රූපවාහිනීයේ පුවත්වලුන් පෙනුනා දෙවැන්න පිරිස වැඩිවුනත් විපක්ෂයේ උන්දැලා අපායට යතත් කල් ඇතුව යායුතු බව නොදන්න බව පේනවා දහයට කිව්වම විනාඩි කීපයකට කලින් ගියානම් නරකද තවත් එකක් පොලිසියට ඉල්ලූ නියෝගය දෙන්න බැහැනේ විපක්ෂයේ අය ඕනෑ කමින්ම පාලක පක්ෂය ජයග්‍රහණය කරවා ඇතිබව පැහැදිලියි
අත් ඔරලෝසුවේ වෙලාව හැටියට තිබ්බ ද?
මාලිමාව නොහොත් ජ.වි.පෙ. යනු දේශපාලන පක්ෂයක් නොවේ. එය මිථ්‍යාදෘෂ්ටික ආගමකි. එයට ඇලුම් කරන්නෝ අන්තවාදීව සහ අන්ධව එය අදහති. පොලිසි ගිහින් වැඩක් නැත. එය මාලිමාකරණය කර හමාරය. කිසිදාක රටේ නොවුණු දෑ කරමින් සිට මොවුන් නික්ම යනු ඇත. එදාට රට තුළ ප්‍රශ්න රාශියක් ගොඩ ගැසී තිබෙනු ඇත.
ලංකාවේ මෙතෙක් බිහිවූ, අදූෂිත ජනතාවට හිතැති හොදම රජය මේ මාලිමාව රජය.. මේ ආණ්ඩුව දෙස ඉරිසියාව ක්‍රෝධය මුසුව බලන්නේ ඇත්තෙන්ම කවදාවත් වෙනස් කරන්න බැරි වහල් ගති උපතින්ම පිහිටන මොංගල් කොටසකට විතරයි. ඒ වගේ කාලකන්නි ලෝකේ කොහෙත් ඉන්නවා.
ගෙවුනු අතීතේ හිටපු ඔයතරම් බාල, පහත් නිහීන වැඩ කලේ නැහැ.
අපේ මේ ගොන් විපක්ෂ දේශපාලනය කරන හැම වෙලාවේම හිතන්නේ අයවැය හොඳ හෝ නරක හෝ පරාජය කරන එක හොඳයි කියලා ඔවුන් හේතු පෙන්නලා..., අවශ්‍ය සංශෝධන කරන්න කියලා ජීවිතේට ඉල්ලලා නැහැ. මේ රට මෙහෙම තියෙනවා ඇති.