
(විමුක්ති එස් රුද්රිගු)
වෙනිසියුලාවෙන් ගමන් ඇරැඹු තවත් ඉන්ධන ප්රවාහන නෞකාව ඇමෙරිකානු හමුදා සිය බාරයට ගෙන ඇත.
මෙය ඇමෙරිකානු හමුදාව බාරයට ගත් වෙනිසියුලාවෙන් ගමන් ඇරැඹු දෙවැනි ඉන්ධන ප්රවාහන නෞකාව වේ.
එරටින් ගමන් අරඹන සම්බාධක පැනවූ ඉන්ධන ප්රවාහන නෞකාවලට යාත්රා කිරීම අවහිර කරමින් බාධක යොදවන ලෙස පසුගිය 16 වැනිදා නියෝග කිරීමෙන් පසුව මෙලෙස වෙනිසියුලානු වෙරළෙන් ගමන් ඇරැඹී තවත් ඉන්ධන ප්රවාහන නෞකාවක් ඇමෙරිකානු හමුදා බාරයට ගෙන ඇත. වෙනිසියුලානු රජය මෙම ක්රියාව හෙළා දැක ඇති අතර එය පැහැර ගැනීමක් සහ හොරකමක් ලෙස අර්ථකථනය කර තිබේ.
එසේම මෙලෙස ඉන්ධන ප්රවාහන නෞකා ඇමෙරිකාව සිය බාරයට ගැනීම සම්බන්ධයෙන් අනිවාර්යයෙන්ම දඬුවම් විඳීමට ඇමෙරිකාව සිදුවනු ඇතැයි වෙනිසියුලානු රජය අනතුරු අඟවා ඇත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මුහුදු මංකොල්ල කෑමක්...
රුසියානු මිනීමරු, ඒකාධිපති පාලක පූටින්, අසරණ නිරායුධ යුක්රේනය, යුද බලයෙන් ආක්රමණය කර සිදු කල දැවැන්ත මිනිස් සංහාරය සහ විශාල දෙපල විනාශය, තමන් බලයට පැමින පැය 24 ක් තුළ නිමාවට පත් කරන බවට වහසිබස් දෙඩවූ ට්රම්ප් මුත්තාට පූටින් දුන් අමතක නොවන කම්මුල් පහර මුළු ලෝකයම ට්රම්ප් හතර විලි ලැජ්ජාවට පත් කල අති ප්රබල පුවතක් විය... මෙමගින් ඇතිවූ ලජ්ජාව මකා ගැනීමට "ලොක පොලිස් කාරයා" යන විරුදාවලිය ලත් ඇමරිකාවේ ට්රම්ප්, සිය රුසියානු මිනීමරු පූටින් සගයාගෙ අඩිපාරේ යමින් වෙනිසියුලාව ආක්රමණය කිරීමට තටමන බව පෙනේ. මුහුදු මංකොල්ලා කරුවන් මෙන්, ඉන්ධන ප්රවාහන නෞකා බලහත්කාරයෙන් අල්ලාගෙන ඇමරිකානු වරායන් වෙත ගෙන යන ට්රම්ප් ගෙ මෙම "තුට්ටු දෙකේ" ගේම වැඩි කාලයක් කර ගෙන යාමට වෙනිසියුලාවේ මිත්ර රටවල් ඉඩ නොදෙනු ඇත. රුසියාව ඉන් එක් රටක් බව ට්රම්ප් මුත්තාට අමතකවී ඇති හැඩයි. මොහු නව යුද්ධයක් ඇමරිකාවේ එළිපත්ත අසලටම ගෙනාවාද ???
කොමියුනිස්ට් එකාධිපතියෝ රටවල් වනසලා තව කියනවා රට බටහිර අධිරාජ්යවාදෙන් බේරාගන්න මේම කරේ ගගා. අන්තිමට හොඳට තිබ්බ රටවල් බංකොලොත් වෙලා විනාශ වෙලා යනවා. අපරාදේ මේ මැදපෙරදිගටත් වඩා තෙල් තියන රටක් හිඟමන් යදින තැනට වැටිලා තියෙන්නේ...